Watch Trailer

Pyaar Ke Side Effects (2006) | ආදරයේ අතුරු-ඵලයන්!! [සිංහල උපසිරැසි සමඟ]

01. ආදරයේ මුල්ම අතුරු-ඵලය :- girl:- ඔයා මට ආදරෙයිද? { පෙම්වතියන් මේ ප්‍රශ්නය නිතරම වගේ අසනුයේ ඉන්දියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයක් අතරතුරයි. ඒකත් ශ්‍රී ලංකාව දිනමින් සිටින තරගයකදී } 02. ආදරයේ දෙවන අතුරු-ඵලය :- girl:- කොච්චරක්ද? { ආදරය කරන එක විතරක් ප්‍රමාණවත් නැහැ, ඒක කිරල මැනලා කියන්නත් වෙනවා } 03.…

Pyaar Ke Side Effects (2006)

01. ආදරයේ මුල්ම අතුරු-ඵලය :-
girl:- ඔයා මට ආදරෙයිද?
{ පෙම්වතියන් මේ ප්‍රශ්නය නිතරම වගේ අසනුයේ ඉන්දියා-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයක් අතරතුරයි. ඒකත් ශ්‍රී ලංකාව දිනමින් සිටින තරගයකදී }

02. ආදරයේ දෙවන අතුරු-ඵලය :-
girl:- කොච්චරක්ද?
{ ආදරය කරන එක විතරක් ප්‍රමාණවත් නැහැ, ඒක කිරල මැනලා කියන්නත් වෙනවා }

03. ආදරයේ තුන්වන අතුරු-ඵලය :-
girl:- අපි දෙන්නා “අපිගැන” කතා කරමුද?
{ කෙල්ලට “අපිගැන” කතා කරන්න ඕනේ උණා කියන්නේ කෙලවුණා වගේ තමයි. ඒ කියන්නේ මට මොනාහරි අමතක වෙලා. හරියට, මුලින්ම මුණගැහීමේ, මුල්ම හමුවේ, මුල්ම හාදුවේ සංවත්සරය. මේ වගේ මොනාම හරි සංවත්සරයක්, පැහැදිලිවම කෙලවුණා වගේ තමයි}

04. ආදරයේ සිව්වන අතුරු-ඵලය :-
ඔයාට ගැලවෙන්නම බැ වගේ නම් කියන්න..”මම ඔයාට ආදරෙයි” කියලා.

05. ආදරයේ ලොකුම අතුරු-ඵලය :-
“කසාදය”

—————————————————————————————————————————————————————-

01. ගිවිස ගැනීමේ පළමු අතුරු-ඵලය :-
පෙම්වතිය නිතර නිතර කියනු ලබයි යම් යම් දේවල් ගැන තීරණ ගන්න, ගන්න, ගන්න කියා. ඒත් තීරණයක් ගත් සැණින් එය වෙනස් කරයි.

02. ගිවිස ගැනීමේ දෙවන අතුරු-ඵලය :-
ගිවිස ගැනීමට පසු, ඔයා ගොඩාරියක් ෂොපින් කරන්න යන්න සිදු වෙනවා. අනවශ්‍ය, වැඩකටම නැති දේවල් මිලදී ගැනීමට.

03. ගිවිස ගැනීමේ තුන්වන අතුරු-ඵලය :-
කසාදය ගැන ගැන කතාබහ ඉවර වූ සැණින්, තවත් අලුත් මාතෘකාවක් පටන් ගන්නවා…”දරුවන්”.

04.ගිවිස ගැනීමේ සිව්වන අතුරු-ඵලය :-
ගිවිස ගැනීමෙන් පසු, ලෝකෙම ඉන්න සරාගිම කෙල්ලන් ඔයා එක්ක කතා කරන්න, වැඩ කරන්න කැමති වෙනවා. කලින් කිසිදා නොවූ දේවල්.

05. ගිවිස ගැනීමේ පස්වන අතුරු-ඵලය :-
“මාමණ්ඩි සහ නැන්දම්මා”

—————————————————————————————————————————————————————-

01. වෙන්වීමේ මුල්ම අතුරු-ඵලය:-
ගොඩක් අඩන්න වෙනවා. මොකද අඩන තරමට වෙන්වීම දරාගන්න පුළුවන් වෙනවා. ගොඩක් දුරට අපි අඩන්න නොදන්නා නිසා ගොඩාරියක් දුක්බර ගීත අහන්න වෙනවා.

02. වෙන්වීමේ දෙවන අතුරු-ඵලය :-
කලින් පෙම්වතිය අමතක කිරීමට ඔයාට ගොඩාක් ෂොපින් කරන්න වෙනවා. ඒක ඇත්තටම උදව්වක් වෙනවා.

03. වෙන්වීමේ තුන්වන අතුරු-ඵලය :-
වෙන්වීමෙන් පසු ඔයා නිතරම වගේ යාළුවො සමග ඇවිදින්න, බොන්න, සාද පවත්වනවා.

04. වෙන්වීමේ සිව්වන අතුරු-ඵලය :-
වෙන්වීමෙන් පසු හදිස්සියේම ඔයාට වෙන කෙල්ලන් ගැන ආශාවන් ඇති වෙනවා.මොකද කෙල්ලෙක් දුන් වේදනාව නැති කරන්න පුළුවන් කෙල්ලෙක්ටමයි.(මමනම් නෙවි මෙහෙම කියන්නේ හොදේ).

05. වෙන්වීමේ පස්වන අතුරු-ඵලය :-
වෙන්වීමට පසු කලින් අමතක වූ සියලු සංවත්සර මතකයට එනවා.

—————————————————————————————————————————————————————-

ඉතිං ඔන්න කාලෙකට පස්සේ ආයේ අපි කාටත් මග ඇරුණු ලස්සනම ෆිල්ම් එකක් අරගෙන ආවා මම. ඇත්තටම මම මේ ෆිල්ම් එක ගැන හෙව්වේ, මොකද මේ අවුරුද්දේ මේකේ දෙවැනි ෆිල්ම් එක නිකුත් උණා “Shadi ke Side Effect” (කසාදයේ අතුරු-ඵලයන්) නමින්.

ඒක නිසා තමයි මම මේක බලන්න යොමු උණේ. මොකද දෙවැනි ෆිල්ම් එකක් හදන්න තරම් මේකේ මොනා හරි දෙයක් තියෙන්නම එපයි. ඒ නිසා ඔන්න දෙවැනි එකේ හොද කොපියක් එන්න කලින් කස්ටිය මේක බලල ඉන්න. මම මේ උඩින් ලියල තියෙන දේවල් දැක්කම ඔයාලට පිස්සු වගේ ඇති, ගණන් ගන්න එපා ෆිල්ම් එක බලද්දී ඔයාලටම තේරිලා ඔයාලටත් පිස්සු හැදෙයි. ඇත්ත නොවැ මේ කියල තියෙන්නේ කියලා. මොකද මේ තියෙන එක් එක් අතුරු-ඵලයන් ගෙන් පස්සේ වෙන දේවල් ඇත්තටම අපිටත් වෙලා තියේ. ඒ මොනාද කියලා අරගෙනම බලන්න. අනික බලන්නකෝ අපි දේවල් ගැන(විශේෂයෙන් කෙල්ලන් ගැන) හිතන හැටි කොච්චර හරිද වැරදිද කියලත්.

චිත්‍රපටය ගැන කෙටියෙන් සදහන් කළහොත්, සීඩ් සහ ට්‍රිෂා කියන්නේ අවුරුදු තුනක් ආදරය කරමින් සිටින පෙම්වතුන් දෙදෙනෙක්. චිත්‍රපටය පටන් ගැන්මෙන්ම ට්‍රිෂා විසින් සීඩ් හට අපි කසාද බදිමුයි යැයි යෝජනා කරනවා. නමුත් සීඩ් තවමත් කසාදයට සූදානම් නැහැ. ඉන්පසු වෙන අතුරු-ඵලයන් ඔස්සේ කතාව ගලාගෙන යනවා. එව්වා ඔයාල බලන්න. ඒ වගේම සීඩ් ට ඉන්නවා නානු කියලා නොනාන යාළුවෙකුත්, අපි හැමෝටම ඉන්නව වගේ. එයාගෙත් පිස්සු වැඩ බලාකියාගන්න පුළුවන්. imdb වල 6.7 ක අගයක් අරගෙන තියේ. චිත්‍රපටයේ ඉන්න නළුවා නම් ඒ තරම් හුරුපුරුදු නැති උණත් නිළියට ඉන්නේ කවුරුත් දන්න සරාගී මල්ලිකා ශෙරාවත්.

එහෙනම් කස්ටිය පුළුවන් නම් චිත්‍රපටිය බලල හොදයි කියල හිතෙනවා නම් පොඩි අදහසකුත් දාගෙන යන්න කරදරයක් නෙවි නම්. ඒ වගේම මම මේ චිත්‍රපටය අප බයිස්කෝප් සාමාජිකයෙක් වෙන ළඟදි කසාද දිවියට පා තැබූ කැලුම් ගුණසේකර මහතාට විශේෂයෙන් පිරිනමනවා. (අනේ පොර බදින්න කලින් මේක බැළුවනම්!!!)

ෆර්හාන් අක්තාර් සහ විද්‍යා බාලන් රඟන මෙහි නවතම චිත්‍රපටය වන Shadi ke Side Effect හි හොද කොපියක් ආ සැණින් කවුරුන් හෝ උපසිරසි ලබා දෙයි ඔයාලට.. එහෙනම් අපි ගිහින් එන්නම්..ජය වේවා…

Pyaar Ke Side Effects (2006) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

7714624ee0bc4770a24f6f069802933fca52c384 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,076 downloadsDownload Pyar.Ke_.Side_.Effects.2006.baiscopelk.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හේවා ලුණුවිලගේ

Subtitles

2,076 downloadsDownload Subtitles65 KB

49 comments

  1. chami

    patta patta machan

  2. eranga

    thanks lot :D

  3. wass

    සුපිරිම තමා අලුත් එකත් ආවහම දෙන්න මචං

  4. ccnp

    Thanks

  5. vee

    maxxxa hode hewa thawath hoda awa denna

  6. amilatk

    jayen jaya~!!!!

  7. nipuna prasad

    super film aka meyka

  8. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  9. Shan Vimukthi

    මාර වෙනසක්නේ බන් හෙවෝ බොලාගේ වෙලා තියෙන්නේ
    සබේ ලයින් 300ක් විතර සොරි වෙලා ගියා ඒත් ඉක්මනටම දීලා
    ලිපියත් සුපිරි ඈ
    හොදම සිද්දිය තමා
    "බයිස්කෝප් සාමාජිකයෙක් වෙන ළඟදි කසාද දිවියට පා තැබූ කැලුම් ගුණසේකර මහතාට විශේෂයෙන් පිරිනමනවා. (අනේ පොර බදින්න කලින් මේක බැළුවනම්!!!)" :p
    බොරු නැතුව අලුත් එක ආවහම බොලාම දිහන්
    සබට බොහොම ස්තුතියි ඈ

  10. Ishara

    loweth na patta filme ekak wage
    thank brooo

  11. ගයාන් රූකාන්ත (ජෝනා)

    මේක ගැනද FB එකේ මේ දවස් ටිකේ කියා කියා හිටියේ
    ඔන්න ගත්තා "විමා" කිව වගේ බොරුව නොදා දෙවැනි එකත්
    ආපු ගමන් දෙන්න හොදේ .....

  12. Tharindu Perera

    Kolla idala idala supiri ekakma aran avith thiyenneee.....
    aniva bamak thama mekaa......
    danma blnvooo....
    thanks machan sub ekatahhh....
    hoda experience ekak gaththahaki vageeee.....

  13. හර්ෂ ලහිරු

    හේවාත් ඉදලා ඉදලා මාර ඒවනේ දෙන්නෙ
    මේටික කියවලා මඤ්ඤන් වගේ :D
    ස්තුතියි සහො :D ජය

  14. චතුර මදුසංක

    ela ela meka nam balanawamai.................................

  15. jack

    නියමයි සහෝ.
    අනෙක් එකත් ආපු ගමන්ම සබ් දෙන්න.

  16. Sanjaya

    Thanks Saho...

  17. lakmal

    lassana movie eka..... thx frnd......... :)

  18. යසිරු මල්ලවආරච්චි

    නියමයි නියමයි.. දෙවැනි එකත් ඔයාම දෙන්නකෝ.. :D

  19. La හිරු

    thankz bn

  20. yeshu

    thankZ

  21. yeshu

    ස්තූතියි

  22. කේ.යූ.ජී. උදාර

    නියමයි කොල්ලො...........
    සබට තුති

  23. me

    Thanks

  24. Saman Prasad ( Black Panther )

    thanq wewa. Asiriya dunnoth ithin elama sub ekakne. onna bawa.

  25. කැලුම් ගුණසේකර

    උඹ මේක දුන්න එහෙම නම් නේ? මට පේන්නේ මේ ගැන හොද අත්දැකීම් උඹටත් තියනවා වගේ. ;) . මාවත් මතක් කලා ට උඹට බොහොම පිං. ළගදි ම අලුත් උපසිරැසියකින් හමුවෙමු. (y)

    ( ආසිරියා ඔය කියලා තියන කැලුම් ගුණසේකර මං තමයි. :D)

    1. “චූටී මල්ලි”

      ඒ ඔයා බැන්දද ආ
      එහෙනම්
      සුභ මන්ගලම්
      සාර්තක යුග දිවියකට
      ආසිරි පතනවා මන් හොදේ

    2. කැලුම් ගුණසේකර

      ඔව් චූටි මල්ලියා. බොහෝ ම ස්තුතියි හොදේ? :)

    3. Kulanjana Maduranga

      KALUM GUNASEKARA sahota SUBA MANGALAM.......... subama suba anagathayak labewa kyla hadawathin prarthana krnwa.

  26. නලින්

    හේවාගේන් අළුත්ම භාන්ඩයක් නේ ඇවිල්ලා තියෙන්නෙ

    ස්තුතියි මචං

    ජය වේවා!

  27. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ... එකෙන්ම බෑවිල්ලක් තමයි මේකනම්
    ජයෙන් ජය.... එලස්ස්ස්ස්.....

  28. දමිත්

    බාගන්න කලින් කමෙන්ට් කරන්නේ. නියම වැඩක්.

  29. “චූටී මල්ලි”

    2ක් එන්නෙ 1නි එක හොද නිසානෙ
    ඒකනිසා
    මේක බලන්ඩ ඔනි 2 බලන්ඩ කලියෙන්
    ලිපියත් අමුතුයි
    ‍ෆිල්ම් එකත් එහෙම්ම ඇති කියලා හිතනවා
    සබට තුති
    ඔබට ජය හේවා.............

  30. ruwan

    elakiri bays cop

  31. Lakmal

    නියමයි ඔන්න බදින්න කලින් බලන්න ඕනේ නිසා අපිත් ගත්තා මචෝ

  32. රොයිලි

    බොහොම ස්තූතියි ආසිරියෝ සිංහල උපසිරැසියට. සෑහෙන දිග කතාවක් වගේ. බලමුකො බලන්න එහෙනම්. මෙන්න බානවා. ජය෴෴ :P :P

  33. Kulanjana Maduranga

    patta film 1k wge.ela ela.ainiwa banawa.subata thanks HEWA saho.digatama sub denn.jaya wewa.....

  34. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියම ලිපිය සහෝ, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  35. දිනිඳු සම්පත්

    ඇත්තම තමයි මචං...
    කසාදේ අතුරු ප්‍රතිඵල බොහෝමයි..
    වැඩිපුරම ඒවා නරක ප්‍රතිඵල..
    බොහොම ස්තූතියි ආසිරියෝ සිංහල උපසිරැසියට.
    ඔන්න මමත් බාගත්තා.. ජයවේවා!!!

  36. kanchana

    balanna asawen hitiya film ekak stutiy

  37. Menu

    Nice movie :) Thank you!!

  38. Shan Vimukthi

    අඩූ
    බොලා කිවුවා වගේම මේ දේවල් මෙහෙමම තමානේ බන්
    දෙක නිකුත් උනාම උපසිරසි අරන් වරෙන් ඈ

  39. නවීන් ලක්ෂිත

    ඔන්න මමත් කාලෙකින් ෆිල්ම් එකක් බලන්න කියල හිතාගෙන සයිට් එක පැත්තේ ආවේ මේක කියෙවුවම බලන්නම හිතුනා තැන්ක්ස් සබ් එකට

  40. gihan

    ගොඩක් ස්තුතියි උපසිරසියට

  41. yenu

    thanks sub dunnata...........

  42. eranga

    matath hitha geya mamath downlod damma thanks

  43. sisiya

    මෙහි දෙවැන්න නැරඹීමට ඇති ආශාව නිසා මෙය නරඹන්නට පෙළඹුණේය... රාහුල් බෝස් වෙනදා නොදකින ආකාරයේ චරිත නිරූපණයක යෙදෙන අතර මල්ලිකා වුණත් එලෙසමයි... කතාව ඉදිරිපත් කරන ආකාරයේ වෙනසක් ඇති අතර එය මා සිත් ගත්තා... මෙහි දෙවැන්න නැරඹීමට මා නොඉවසිල්ලෙන් පසුවෙනවා...
    ආසිරිගේ සබ් ගැන ඉතින් කියන්න ඕනේ නැහැනේ............

  44. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  45. P.K

    Thanx saho...

  46. මයිකි

    පට්ට මෙක නම්