Watch Trailer

Raaz: The Mystery Continues (2009) Sinhala Subtitles | මරණයට අත වනන රහසක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දෙයියනේ කියලා මගේ පළවෙනි උපසිරසිය හදලා බයිස්කෝප් සිංහලෙන් එකට ගොඩ වැදුණා. පළවෙනි එක හින්දමද කොහේදෝ මට සැලකියයුතු කාලයක් ගියා මේකට. මං හොල්මන් ෆිල්ම් වලට ගොඩක් ආස හින්දා ඔන්න හොල්මන් එකකින්ම වැඩේ පටන් ගත්තා. අඩුපාඩු නම් එමටයි. ඒවා ඉතින් මට දැනගන්න ඉඩ අරින්න. හා හා පම්පෝරි කියෙව්වා ඇති නොවැ. ෆිල…

Raaz The Mystery Continues (2009)

ඔන්න දෙයියනේ කියලා මගේ පළවෙනි උපසිරසිය හදලා බයිස්කෝප් සිංහලෙන් එකට ගොඩ වැදුණා. පළවෙනි එක හින්දමද කොහේදෝ මට සැලකියයුතු කාලයක් ගියා මේකට. මං හොල්මන් ෆිල්ම් වලට ගොඩක් ආස හින්දා ඔන්න හොල්මන් එකකින්ම වැඩේ පටන් ගත්තා. අඩුපාඩු නම් එමටයි. ඒවා ඉතින් මට දැනගන්න ඉඩ අරින්න. හා හා පම්පෝරි කියෙව්වා ඇති නොවැ. ෆිල්ම් එක ගැන කියන්නම්.

ෆිල්ම් එක ගැන වැඩිය කියන්න ඕනෙත් නෑ.මෙතන හොඳ විස්තරයක් දීල තියෙනවා. හරි. මේ RAAZ 2වන කොටස. ප්‍රධාන චරිත රංග දක්වන්නේ ඉම්රාන් හෂ්මි එක්ක කන්ගනා. හොඳ ෆිල්ම් එකක් කියන්න පුළුවන්. IMDB දර්ශකයේ 5.6ක අගයක් අරන් තියෙනවා. හැබැයි එකක් කියන්න ඕනා. මේක RAAZ 1වන කොටස තරම් බය හිතෙන්නේ නෑ. ඇත්තටම මට නම් RAAZ පළවෙනි කොටස තරම් බය හිතෙන ෆිල්ම් එකක් තවමත් බොලිවුඩයෙන් ආවේ නෑ කියලා තමා හිතෙන්නේ. ඒ කාලේ ඒ ෆිල්ම් ඒක බලලා තනියෙන් එළියටවත් බැස්සේ නෑ 😛 ඉන්පස්සේ ආපු HAUNTED ෆිල්ම් එකත් හුගාක් හොඳ මට්ටමක තිබ්බා.

එහෙනම් දැන් අවස්ථාව ඔයාලට. කමෙන්ට් එකක් දාලා පොඩි සප් එකක් දෙන්න. එහෙනම් ජය වේවා ! තව මෙව්වා එකකින් හම්බු වෙමු 🙂

කලින් පලකළ ලිපිය.

ඔන්න හොල්මන් කතාවක් බැලුව කාලෙකින්..හිතාගන්න බෑ මොනව කියන්නද කියල..සාමන්‍යයෙන් හොද කතාවක් කියන්න පුලුවන්..ඒත් ගොඩක් කතා වල එකතුවක් බව නම් මට මුල ඉදලම පෙනුන..සාමන්‍යයෙන් ෆිල්ම් ගොඩක් බලන කෙනෙකුට එක තෙරෙයි..(හීරෝස්,ද රින්ග්,මිරර්ස් වගේ කතා වලින් කොටස් අරන් තියෙනව ) අහ් ප්‍රධාන දේ තමයි බය හිතෙනවද නැද්ද කියල..හ්ම්ම්ම්..ගොඩක්ම බය හිතෙන්නෙත් නෑ,ඒ උනාට නැත්තෙමත් නෑ.. :ඩී
දැන් මම කියන්නම්කො කතාවෙන් ටිකක්..පටන් ගන්නෙ මෙහෙමයි..එක් පුද්ගලයෙක් තවත් කෙනෙකුට කියනව ඔහු මැරෙන්න නියමිත බව..එහෙම කියන පුශ්ගලය එවලේම බෙල්ල කපාගෙන මැරෙනව..මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ..දැන් වෙන පැත්තක..එක්තරා මෝස්තට නිරූපණ ශිල්පිණියක් ඉන්නව,ඇයට දවසක් කඩයකදී දකින්නට ලැබෙනව එක්තරා පුද්ගලයෙක් තමා දිහා තදින්ම බලාගෙන ඉන්න බව..මේ බව ඇගේ පෙම්වතාට කීවත් ඔහු ගනන් ගන්නෙ නෑ..දියක් ඇයව හමු වී මෙම පුද්ගලයා පවසන්නෙ තමා චිත්‍ර ශිලිපියෙකු වන අතර ඇයගේ අනාගතය පිළිබද චිත්‍ර ඔහුට ඇදිය හැකි බවත්,ඒ අනුව ඇයට අනාගතයේදී ලොකු කරදරයකට මුහුණ දීමට සිදුවන බවත්ය..නමුත් මේ කිසිවක් පිළිනොගන්න ඇය නාන කාමරයේ ටබ් එකේ සිටියදී අත්භූත යමක් සිද්ද වෙනව..මෙතනින් පස්සෙ මේ හැමෝගෙම ජීවිත වෙනස් වෙනව..ෆිල්ම් එක බැලුවට පාඩු නම් නෑ..ඔයාලම බලල කියන්නකො කොහොම්ද කියල..හැබැයි මම මුලදි කිව්ව වගේ ඔයත් වැඩියෙන් ෆිල්ම් බලන කෙනෙක් නම් තේරෙයි මේක එහෙන් මෙහෙන් කෑලි අරන් හදපු ෆිල්ම් එකක් කියල..ඒ උනත් අන්තිමට මේ සිද්දි ඔක්කොම එකතු කරල තියෙන්නෙ ස්වාධීන විදියකට…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

3,439 downloadsDownload Raaz.2.2009.baiscopelk.zip41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

3,439 downloadsDownload Subtitles41 KB

34 comments

  1. Ashantha

    tikak hodai habai baya hitenne nam naha

  2. keba

    ela ela machan

  3. Joka

    THX ,..නියමඊ

  4. Ramraj

    අප්පේ කමෙන්වියක් නෑනේ.හුරේ මම හතර වෙනියා.

  5. Madhuhansa

    Real Work.............

  6. waruna

    supiriyatma wade wenawa.........

  7. uda

    යුක්තිය සොයා හඹා යන ආත්මයක් ගැන කතාවක් නේ....
    හැබැයි මේක පළවෙනි එක තරම් බය හිතෙන්නෙ නම් නෑ තමා.
    දැන් ඔන්න 3කුත් ඇවිත්! ඒ කිඅය්න්නේ මේ තුනම සිංහල කරන්න වේවි...
    කව්වුරුහරි හිතුවොත් හොදා ඒ ගැන!

  8. Uraj Deemantha

    හ්ම්ම්ම්...... :)

  9. sameera

    hodai

  10. සමීර චතුරංග

    මේකේ සබ් එක නැහැනේද?

  11. kolla

    saba dandako.. saba oni.. ela kollo saba damu saba damu

  12. Chathura Madusanka

    palaweni ekata suba paetum.digatama yamau

  13. ගයාන් රූකාන්ත ( ජෝනා )

    තවත් අලුත් කොල්ලෙක් ජය වේවා සහෝ සබට
    සුබ පතනවා දිගටම දෙමු එහෙනම්

  14. isuru samarasinghe

    thanks sahota

  15. asiri

    palamu akata suba pathum!

  16. vee

    maxxa bro

  17. සපු

    බොහොම ස්තුතියි සහෝ...දිගටම කරගෙන යමු නේද...

  18. “චූටී මල්ලි”

    බැලුවද මන්දා බන්
    මතකත් නෑ
    තව සබ් කරමු මචන්
    සබට තුති
    ඔබට ජය.....

  19. Kulanjana Maduranga

    1st sub 1ta suba pathum MAURA saho.digatama sub karamu.jaya wewa....

  20. තරිඳූ පෙරේරා

    niyamai sahoo....palamu vadeta jaya.......

  21. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  22. කේ.යූ.ජී. උදාර

    මුල්ම වැඩේට සුබ පැතුම් සහෝ..........
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.
    බොහොම ස්තූතියි.

  23. mudiya / මුදියා

    පළවෙනි එකට මගෙන් උණුසුම් සුභ පැතුම් මයුර සහෝ.
    බලල නම් නෑ.
    බලන්න ඕනි වෙලාවක් ලැබුන ගමන්.
    තවත් සබ් අරගෙන එමුකො ඉස්සරහට.
    ජයවේවා.බොහෝ.................................................................................................ම ස්තූතියි...!

  24. Denis

    Raaz 3 ekath danna..

  25. lalith

    raaz 1 dennako

  26. නිපුන්

    සුපිරි සුපිරි...
    මචෝ උබම ඔය කියලා තියෙන්නේ Raaz 1 පට්ට කියලා...
    එකටත් කොහොම හරි සබ් දාමු හොදේ...

  27. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ.පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,මේකේ පලවෙනි එකත් දෙයි කියල හිතනවා,ජයවේවා.

  29. Sameera

    raaz 1 ekath dendo....

  30. වරුණ රංගජිත්

    නියමයි සහෝ දිගටම සබ් දාමු

  31. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  32. Thisara Neo

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  33. තරිඳු මදුෂාන්

    එල ෆිල්ම් එකක් වගේ බලමුකෝ තව මේ වගේ හොද ෆිල්ම් දාපන් මචෝ

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    ජයවේවා හැමෝටම..! 👍