Watch Trailer

Ratcatcher (1999) Sinhala Subtitles | කසල මැද ජීවිතය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

තවත් අතිශය වෙනස් කතාවක් තමයි ඔබ වෙත අරගෙන එන්න මේ සුදානම. මුලින්ම කියන්න ඕන මේක හැමෝටම නෙමෙයි, නමුත් වෙනස් චිත්‍රපට බලන්න කැමති කෙනෙක්ට නම් මේක අගනා නිර්මාණයක් වේවි. ඒ වගේමයි මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක්. පෝස්ටරය කොහොම වුනත්, කතාව දිව යන්නේ ළමයෙක් ප්‍රධාන කරගෙන වුනත් මෙහි ඇතැම් දර්ශන ප…

තවත් අතිශය වෙනස් කතාවක් තමයි ඔබ වෙත අරගෙන එන්න මේ සුදානම. මුලින්ම කියන්න ඕන මේක හැමෝටම නෙමෙයි, නමුත් වෙනස් චිත්‍රපට බලන්න කැමති කෙනෙක්ට නම් මේක අගනා නිර්මාණයක් වේවි. ඒ වගේමයි මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක්. පෝස්ටරය කොහොම වුනත්, කතාව දිව යන්නේ ළමයෙක් ප්‍රධාන කරගෙන වුනත් මෙහි ඇතැම් දර්ශන පොඩිහිටියන්ට නෙමෙයි. කොටින්ම කියනවා නම් අර කාලෙකට පෙර ලංකාවේ කිසියම් ආන්දෝලනයක් ඇතිකළ “අක්ෂරය” සිනමා නිර්මාණය වගේ කොටස් කිහිපයක් තියන එක තමයි ඊට හේතු වන්නේ.

මේ චිත්‍රපටය මගේ ඇස ගැටුනේ ලගක දී ඔබ වෙත අරගෙන ආව You Were Never Really Here (2017) ගැන හොයා බලන වෙලාවේ. ඒ චිත්‍රපටයේ කතාව ඔබට වැටහෙන්න ඇති කියල හිතනව, සමහරුන් නම් බැනලත් තියනව මම දැක්ක, සතුටුයි ඒක නොතේරුන පිරිසකුත් තවමත් අපි අතරේ ඉන්න එක ගැන. Lynne Ramsay මුල්ම චිත්‍රපටය. 1999 වසරේ දී Cannes සිනමා උළෙලේ එළිදැක්වුණ මේ නිර්මාණය IMDB මීටරයේ 7.5 ක අගයකුත්, රෝටන් ටෝමටෝ මීටරයේ 84% අගයකුත් දිනාගෙන බොහොම විචාරක පැසසුමට ලක්වුණ එකක්. ඒ වගේම මේ නිර්මාණය වෙනුවෙන් අධ්‍යක්ෂිකාවට ඒ වසරේ BAFTA සම්මාන උළෙලේ දී බ්‍රිතාන්‍ය සිනමාවට අලුතෙන් ප්‍රවේශ වූ හොඳම අධ්‍යක්ෂණයට හිමි කාර්ල් ෆොර්මන් සම්මානයත් දිනා දෙන්න තරම් සාර්ථක වුනා. Tommy Flanagan, Mandy Matthews, William Eadie වගේ පිරිසකගේ රංගනයෙන් හැඩවෙන මේ කතාව කොහොමද කියල බලමු එහෙනම්…

මෙහි කතාව ගලාගෙන යන්නේ 1970 වසරේ ස්කොට්ලන්තයේ කුණුකසල එකතු කරන්නන්ගේ වැඩ වර්ජනය පැවති කල සිමාවේ. ග්ලාස්ගෝ නගරයේ අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙන පවුලක ජේම්ස් නම් කොලුගැටයෙක් කේන්ද්‍ර කරගෙන තමයි මේ කතාව ගලා යන්නෙ. ඒ සමාජය ඇතුලේ ළමා ලෝකය කොයිතරම් කටුක ද? සමාන්‍යන් අපි වැරදි ලෙස දකින කොතරම් දේ ඔවුන්ට එදිනෙද දකින්නට ලැබෙනවද කියන දේ එහෙම හොඳින් දකින්නට ලැබෙයි. විශේෂයෙන්ම ඔහුට මාග්‍රට් හදුනා ගන්න ලැබීමත් එකක් තමයි ඒ කතා තේමාව ගලා යන්නෙ, ජේම්ස්ට වඩා වයසින් ටිකක් වැඩි ඇය නිතිපත ප්‍රදේශයේ වැඩිමහලු පිරිමි ළමුන්ගේ ගොදුරක් බවට පත් වෙන මුත් එය ඔවුනට සාමාන්‍ය දෙයක්… ඉතින් කවර කතා ද? නමුත් මේ සියල්ල අතරේ දුරින් ආලෝකයක් පෙනෙන නිසා තමයි මෙහෙම හෝ ඔවුන්ගේ ජීවිතය ගෙන යන්නේ, ඒ හොඳ නිවසක් ලැබෙන බලාපොරොත්තු…

ඉතින් එහෙනම් මේ වෙනස්ම විදිහ කතාව ඔබට බාරයි… ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු එතෙක්, ඔබට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Ratcatcher.1999.iNTERNAL.Criterion.DVDRip.XviD-RiTALiX පිටපත සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

24 comments

  1. Bandaramudiyansi

    බොරු කියන්න ඔනෙ නැ නෙ ඔයා එ ඉහත සදහන් කල චිත්‍රපටය මම බලළ කල්පනා කල එකම දෙයනම් ඇයි මෙකට මෙච්චර රෙටින් එකක් ආවෙ කියල . එක ඔබ මතක්කල හින්ද , මටත් කියන්න හිතුන. එ ලමය එතකොට ඔය බෙරගන්න ගියපු මනුෂ්‍යගෙද??. ගොඩක් චිත්‍රපට බලලා රස විදල තියෙනව එක පොඩ්ඩක් අවුල්සහගත චිත්‍රපටයක් උනා .ඔබ කැමති නම් එක පොඩි ඉගියක් දෙන්න බලන්න මොකක්ද තෙරුම කියල බලන්න.

    ______උපසිරැසියට බොහොම ස්තුතියි මෙවගෙ චිත්‍රපට නම් බලනව සතුටුයි _____

  2. naveendya

    Sub ekata thakz...

  3. Bandaramudiyansi

    10×10 එකත් මරු ෆිලුම හැබැයි

  4. Pradeep Pasqual

    Thanks...!!!

  5. Udara Damith Dissanayaka

    .................උපසිරැසියට බොහොම ස්තුතියි ................

  6. Wicki

    උපසිරැසියට බොහොම ස්තුතියි

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. Suranjan

    Thanks bro.........jayawewa.......>>!

  11. akalankagayan

    Thnx.......

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. upulcmiller

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
    දිගට මේ වගේ සබ් දෙන්න යාළුවා.
    ජය වේවා !!!

  14. ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි

  15. Prabashjayawardane

    තැංකූ සමීර සහෝ උපසිරසියට .

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. LimeGreenSoda

    ThanksBro

  18. රොයිලි

    බොහොම ස්තූතියි සමීර මලෙ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Athula

    Thanks ..

  20. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.......

  21. jagath55

    Thanks

  22. AsithaDilruwan

    ela ela saho thanks

  23. Nandana Pathiraja

    Thank You.

  24. Kp harshana

    thnks