Watch Trailer

The Killing of a Sacred Deer (2017) Sinhala Subtitles | වැරදුනු සැත්කම [සිංහල උපසිරැසි සමඟ] (18+)

හායි යාලුවනේ ගියා වගේ ඉක්මනටම මගේ දෙවැනි උපසිරුසියත් අරන් අවා. මතක ඇතිනේ මගේ පලවෙනි උපසිරුසිය Re: Born ෆිල්ම් එකට සබ් දුන්නේ මම. අද ඔයාලට ගෙනාවේ පට්ටම ස්ටොරියක්. මේක ඇත්තටම මන් කරන්න හිතාගෙන හිටිය එකක් නෙමේ. බයිස්කෝප් සයිට් එකේ දාලා තියෙනවා දැකල සුපිරිම ස්ටොරියක් නිසා කරන්න හිතුනා. පට්ටම ස්ටොරියක්,…

හායි යාලුවනේ ගියා වගේ ඉක්මනටම මගේ දෙවැනි උපසිරුසියත් අරන් අවා. මතක ඇතිනේ මගේ පලවෙනි උපසිරුසිය Re: Born ෆිල්ම් එකට සබ් දුන්නේ මම. අද ඔයාලට ගෙනාවේ පට්ටම ස්ටොරියක්. මේක ඇත්තටම මන් කරන්න හිතාගෙන හිටිය එකක් නෙමේ. බයිස්කෝප් සයිට් එකේ දාලා තියෙනවා දැකල සුපිරිම ස්ටොරියක් නිසා කරන්න හිතුනා. පට්ටම ස්ටොරියක්, ඇත්තටම මේක ගොඩක් සංවේදී කතාවක්. එහෙම කියන්නේ ඇයි කියල ඔයාලට මේක බලල ඉවර උනාම තේරෙයි. මේ ෆිල්ම් එක ගැන කියනවනං මේක Drama, Mystery, Thriller ගණයට අයත් වන ෆිල්ම් එකක්. තව මෙහි ධාවන කාලය පැය 02 ක් පමණ වනවා.

ඒවගේම මේක IMDB දර්ශකයේ 7.1 වගේ ඉහල අගයක් ලබාගෙන තියෙනවා. Rotten Tomatoes වල 80% වගේ ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. එකෙන්ම තේරෙනවා ඇතිනේ ෆිල්ම් එක ගැන. මේ ෆිල්ම් එක ඇමෙරිකානු ඩොලර් මිලියන 4.7 වගේ box office වාර්තාවක් තියල තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එක European Film Awards 2017 හොදම තිර රචනයට හිමි සම්මානය, හා හොදම යුරෝපිය නළුවා, හොදම යුරෝපිය අද්යක්ෂකවරයා වැනි සම්මාන රාශියක් දිනාගැනීමට සමත් වෙලා තියෙනවා. Sitges Film Festival එකේ 2017 වසරේ හොදම චිත්‍රපටය සම්මානයට NOMINATE වෙලා තියෙනවා.

Dunkirk ෆිල්ම් එක ඔයාල ගොඩක් අය දැනටමත් බලලා ඇතිනේ. එකේ George ගේ චරිතය රගදක්වන Barry Keoghan කියන නළුවා තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ හෙවත් මාටින් ලෙස රගදක්වන්නේ. ඒ වගේම Raffey Cassidy කිම් ලෙසටත්, Colin Farrell ස්ටීවන් ලෙසටත්, Nicole Kidman ඇනා ලෙසටත් රගදක්වනවා. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Yorgos Lanthimos කියන අධ්‍යක්ෂකවරය. මෙයාගේ තව සුපිරි ෆිල්ම් එකක් වෙන The Lobster ෆිල්ම් එකට ඉදිරියේදී උපසිරුසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනං මේකේ ප්‍රදාන චරිතය මාටින්. මටින්ගේ තාත්තා නැතිවෙන්නේ සැත්කමකට මුහුණ දෙන අතරතුර. මාටින් තාත්තා නැති උනාට පස්සේ තාත්තගේ සැත්කම කරපු වයිද්‍යවරය නිතර නිතර හම්බෙන්න යනවා. වයිද්‍යවරයා සැත්කමෙන් පස්සේ මාටින් ගැන දුක හිතිලා එයාට උදව් කරනවා. මටින්ව එයා ගෙදර එක්ක ගිහින් ගෙදර අයට හදුන්වල දෙනවා. මාටින් කියන්නේ ටිකක් අමුතු මානසික ප්‍රශ්නයක් තියෙන ළමයෙක්. ඉතින් මාටින් ගෙදර යන එන අතර වයිද්යවරයාගේ දුව එක්ක සම්බන්ද කමක් පටන් ගන්නවා. වයිද්යවරයට ළමයි දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නට එකපාරම සුව කරන්න බැරි ලෙඩක් හැදෙනවා. ඩොක්ටර්ස්ලා කොච්චර හෙව්වත් ලෙඩේට හෙතුවවත් ලේඩේ වත් හොයාගන්න බැරි වෙනවා. හැමෝම හිතන්නේ මෙයාලා බොරු කරන්නේ කියලයි.

ඔක්කොම කිව්වොත් එපා වෙනවනේ. ඒ හින්ද මෙතනින් නවත්තන්නම්. මේ ලෙඩේ මොකක්ද? ඒක පිටිපස්සේ ඉන්නේ කව්ද? මේවා දැනගන්න ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනවා.

ෆිල්ම් එක ගැන සබ් එක ගැන කමෙන්ට් එකක් දාගෙන ගෙන යන්න. අඩුපාඩු තියෙනවන් කියන්න. ඉතින් යාලුවනේ ඉඩ තියෙන වෙලාවට තවත් උපසිරුසියක් අරන් ඉක්මනින් එන්නන්. බායි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

5,328 downloadsDownload The-Killing-of-a-Sacred-Deer-2017.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රියදර්ශන දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,328 downloadsDownload Subtitles48 KB

50 comments

  1. විදුෂාන් සජිත්

    :-) බොහෝම ස්තූතියි සහෝ දෙවෙනි උපසිරසියට!!.. ලිපිය කියෙව්වම බලන්නම හිතෙනවා.. ලස්සන වැඩක්.. දිගටම කරගෙන යමු සහෝ... ජය වේවා!!.. :-)

    1. mdarshana1997

      thanx

  2. Anuu

    Thkz a lot......

  3. dagi1

    menna films patta puluwan taram thriller films denna

  4. upulcmiller

    බොහෝම ස්තුතියි මිත්‍රයා සබ් එකට
    දිගටම මේ වගේ සබ් දෙන්න
    ජය වේවා !!!

  5. kusal lakindu

    ස්තූතියි.

  6. Sadasa

    sabu pen nane yaluwa tikak balanna

  7. Arrow T

    Thank you so much

  8. gihan perera

    Wow bro superb....good job and god bless you...keep continue it..good luck....

  9. Prabodha Madhusankha Hettiarachchi

    Supiri bro thank sub ekata....

  10. YADDDY

    subtitle wada karanne na..

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. Suranjan

    Thanks machan......jayawewa.....!

  14. LimeGreenSoda

    ThanksBroski

  15. jstar

    brilliant work bro thanks a lot

  16. Hinniyaka

    පට්ට බ්‍රෝ ස්තුතිය සබ් එකට

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. malith

    Ela ela

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. Bandaramudiyansi

    Thank malli .......

  21. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  22. hackerfoz

    මචන් sub දැම්මාම Symbols වැටෙනවා. අකුරු display වෙන්නේ නෑ. plz help

  23. menuli11

    Sub eka dammama symbol watenne why ??????????????????

  24. rspkaggoda

    sub eke symbolsne wetenne

  25. baiscopepodda

    sub eka symbol watenne eka kohomada hadaganne

    1. baiscopepodda

      වෙන Sub file එකකට පස්ටෙ කරන්න මේ sub file එක Notepad වලින් open කරල

  26. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.......

  27. Yohan_Darshana

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  28. Chanmatara

    Thank s සහෝ ..

  29. DhanushkaAASL

    THANKS

  30. chaithika

    Thanks saho

  31. yeshu

    tnx

  32. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රියදර්ශන සහෝ.
    ජයෙන් ජය.

  33. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  34. jagath55

    Thanks

  35. sudesh8828

    mekata dala thiyena font eka mokadda?

  36. benaji

    malli meke sub eke sinhala penwanne naha.wena akuru yanne.sinhalen hadaganne kohomada?

  37. wathilak

    ස්තුතියි උපසිරසියට

  38. rajj

    thnks

  39. Mc manaru

    Page 1 load wenne na please help

  40. Saranga J. Liyanagama

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ෴෴ජය වේවා෴෴

  41. Virajperera

    tnx bro

  42. suchroxx

    Thanks Bro

  43. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  44. Lakshansilva18

    Balala kiyanne matanam meka tikak boring. frailty (2001), twisted (2004), primal fear (1996) mewatath sub dennako

  45. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  46. Kaveen Gayath

    Ela bro .. godak pin

  47. sasanka

    thanks for the sub

  48. Yashashsri

    Thanks brother thank you very much

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.