Watch Trailer

Snipers AKA Ju ji shou (2022) Sinhala Subtitles | ඇමරිකානුවන් භීතියට පත්කල ස්නයිපර් මරුවා.. [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් ක්‍රියාදාම සපිරි සුපිරි චිත්‍රපටියක් අරගෙන එන්නයි මේ සූදානම. IMDB 6.3 ක් ලබා ගෙන ඇති මෙම චිත්‍රපටිය නිර්මානය වෙලා තියෙන්නෙ කොරියානු යුද්ධයේදී ඇමරිකානු සෙබලුන්ට විරුද්ධව සටන් වැදුණු චීන හමුදාවේ 5 වෙනි බළකායේ Zhang Taofang නම් චීන ඉතිහාසයේ විශිෂ්ඨතම ස්නයිපර් සෙබළාගේ මෙහෙයුමක් වටායි. 1950…

ඔන්න එහෙනම් ක්‍රියාදාම සපිරි සුපිරි චිත්‍රපටියක් අරගෙන එන්නයි මේ සූදානම. IMDB 6.3 ක් ලබා ගෙන ඇති මෙම චිත්‍රපටිය නිර්මානය වෙලා තියෙන්නෙ කොරියානු යුද්ධයේදී ඇමරිකානු සෙබලුන්ට විරුද්ධව සටන් වැදුණු චීන හමුදාවේ 5 වෙනි බළකායේ Zhang Taofang නම් චීන ඉතිහාසයේ විශිෂ්ඨතම ස්නයිපර් සෙබළාගේ මෙහෙයුමක් වටායි.

1950 සිට 1953 දක්වා කාල වකවාණුවේදී පැවති කොරියානු යුද්ධය, දකුණු කොරියාව හා
උතුරු කොරියාව අතර පැවති අතර මෙහිදී උතුරු කොරියාවට චීනය හා රුසියාවත්, දකුණු කොරියාවට ඇමරිකාවත් සහයෝගය ලබා දෙනවා. වයස අවුරුදු 22 දී චීන හමුදාවට බැදෙන Zhang Taofang කොරියානු යුද්ධයේදී දවස් 32ක් තුල වෙඩිතැබීම් වාර 435 කදී ඇමරිකානු සෙබළුන් 214 ක් ඝාතනය කර හෝ මාරාන්තික තුවාල සිදුකර තිබෙනවා. ඔහුගේ මෙම දක්ෂතාවය උදෙසා චීනයෙන් හා උතුරු කොරියාවෙන් විශේෂ පිළිගැනීමක් ලැබුනු අතර යුධ වීරයකු ලෙසද නම් කර තිබෙනවා.

චිත්‍රපටය පිළිබදව කෙටි හැදින්වීමක් කලහොත්, චීන හමුදාවේ 5 වෙනි බළකායේ සේවය කරන සැරයන් ලූ වෙන්වූ චීන හමුදාව පුරා ජනප්‍රිය වුයේ ඔහුගේ Mosin Nagant රයිෆලය භාවිතයෙන් ඇමරිකානුවන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කල ස්නයිපර් වෙඩික්කරුවක් ලෙසිනි. ඔහු නිසා විශාල ඇමරිකානුවන් පිරිසකට දිවි අහිමිවන අතර එයට පළිගැනීමක් වශයෙන් ඇමරිකානු භට කණ්ඩායමක් ජෝන් නම් අතිවිශිෂ්ඨ ස්නයිපර් සෙබළාගේ නායකත්වයෙන් සැරයන් ලූ සොයා පැමිණෙනවා. එහිදී ඔවුන් විසින් සැරයන් ලූ අල්වා ගැනීම උදෙසා සැරයන් ලූගෙ ලගම හිතවතකු වන ලියෑන්ග් නම් බුද්ධි අංශ සෙබළා යොදාගන්නවා. මේ කිසිත් නොදත් සැරයන් ලූ ඇතුළු 5 වෙනි බළකායේ ස්නයිපර් සෙබළුන්, අනතුරට පත්වූ ලියෑන්ග් සොයා එන අතර ඔවුන් මෙය ජෝන් ගේ උගුලක් බව නොදැන එම උගුලට හසුවෙනවා. සැරයන් ලූ මෙය උගුලක් බව වටහා ගන්නා විට ඔහුට, ඔහුගේ සෙබලුන් කිහිප දෙනෙකු අහිමි වී අවසන්. ඉන් පසු මුහුණට මුහුණ දරුණු ද්වන්ද සටන් ඇතිවන අතර, ස්නයිපර්වරුන් භාවිතා කරන උපාය හා උපක්‍රම යොදාගනිමින් චීන හා ඇමරිකානු හමුදා එකිනෙකා පරයා යෑමට දරණ උත්සහයන් Snipers 2022 චිත්‍රපටයෙන් මනාව පෙන්වා දී තිබෙනවා.

උපසිරසිය සෑදීමේදී එහි භාවිතාවන හමුදාමය වචන සදහා නිවැරදි සිංහල පරිවර්තන ගෙන ඒමට මා උපරිම උත්සහ කල අතර උපසිරසියේ තිබූ කාලරාමු ගැටළු මගහරවා ගනිමින් උපසිරයට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කිරීමට මා හට විශාල වෙහෙසක් දැරීමට සිදුවූවා… මා විසින් Sniper චිත්‍රපට දෙකක් සදහා උපසිරසි ලබා දී ඇති අතර ඒ Sniper The White raven 2022 හා The Sniper 2009 චිත්‍රපටයි. ඔබ Sniper චිත්‍රපට රසිකයකු නම් එම චිත්‍රපටත් නොවරදවාම නරඹන ලෙස ඔබට ආරාධනා කරනවා.

ඒ වගේම අවසාන වශයෙන් කියන්න ඕනා, ඔයාල අපිව දිරිමත් කරල දාපු කමෙන්ට් නිසයි අපි මෙච්චර වෙහෙස මහන්සියක් කාලයක් වැය කරලා ඔයාල වෙනුවෙන් සිංහල උපසිරසි අරගෙන එන්නෙ. ඉතින් ළගදි ලබාදුන්න බොහෝ උපසිරසි වලට කමෙන්ට් වැටෙන්නෙ නෑ කියලා පේනවා. ඉතින් මටත් මේ නිසා සිංහල උපසිරසි නිර්මාණය කිරීමට ඇති ආසාව කෙමෙන් කෙමෙන් නැතිවී යන බව දැනෙනවා. ගොඩක් මහන්සි වෙලා සබ් කලාට අපිට ලැබෙන එකම සතුට ඔයාලගෙ කමෙන්ට් එක විතරයි. ඉතින් තව තව සුපිරි ෆිල්ම්ස් වලට සබ් ඕන නම් කමෙන්ට් වැඩිපුර වැටෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම Sniper හා ක්‍රියාදාම චිතරපට රසිකයන්ගෙන්. ඊළගට බිහිසුණු දෙවන ලෝක යුද්ධයේ අතිබිහිසුණු සිදුවීමක් රැගත් චිත්‍රපට නිර්මානයක් ඔබ වෙත රැගෙන ඒමට අදහස් කර තිබෙනවා. ඉතින් ඒ සදහා අවශ්‍යය ශක්තිය කමෙන්ට් වලින් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

එහෙනම් අපි ආයෙ දවසක තවත් චිතරපටයකින් හමුවෙමු. එතෙක් ඔබට සුභ දවසක්..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා පමණක් ලබා දි ඇත.

7,301 downloadsDownload Snipers-2022.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,301 downloadsDownload Subtitles29 KB

48 comments

  1. Buddhika Lakmal

    ස්නයිපර් මූවි එකක්නං අතෑරල කොහොමද බ්‍රෝ..........
    ස්තූතියි කිසිම ලාබප්‍රෙයා්ජනයක් නැති වැඩකට ඔයාගේ වටිනා කාලය වැයකරලා මේකට සබ් දුන්නට............
    බොහෝම ස්තූතියි මචං උපසිරැසියට....
    ජයවේවා.....

  2. Anonymous

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤️

  3. Gagan pabasara

    සුපිරි ආ❤️

  4. Anonymous

    Elaa❤️

    1. Anonymous

      Thank you so much Bro Keep it up

  5. නුවන් අසේල

    තැන්ක්ස් මචෝ උපසිරැසියට බලන්න ඕනේ ෆිල්ම් එකක්

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ඉෂූ ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    1. Anonymous

      බොහොම ස්තුතිය මේ කරන දේට.❤️

  7. jazz

    බොහෝම ස්තුතියි සහෝදරයා

    1. Ggh

      Link

  8. Chamil

    බොහොම ස්තුතියි, ඔබේ වෙහෙසට හා කැපකිරීමට තුති....

  9. Kavindu Nethmina

    Sub ekata thanks bro

  10. Anonymous

    thanka bro

  11. Bimsara Yashan(ඔලිව)

    මේ වගේ කට්ටියට මගහැරුණු සුපිරිම නිර්මාණ වලට උපසිරැසි ගේනවට බොහොම ස්තුතියි සහෝ. දිගටම මේ වගේ ෆිල්ම් වලට උපසිරැසි ගෙනෙයි කියල බලාපොරොත්තු වෙනවා. ජයවේවා!

  12. Malith samarawickrama

    thanks bro sub ekata

  13. Heveez

    Thanks a bundle .️ we are waiting for your next subtitle of another great movie

  14. KALANA

    Thanks Brother.......

  15. nirosha

    thanks sub ekata. digatama karanna

  16. Buddhika

    Thanks bro

  17. anuradha

    Thanks bro

  18. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  19. Kps

    එල එල thankz..

  20. S Elvitigala.

    Thank you very much bro!

  21. Tharindu

    Niyi bro thawath me wagema sub denna jaya wewa

  22. Udara Damith

    සුපිරි

  23. Damith niwanthaka Ranasingha

    Thanks saho. Jaya wewa........!!!

    1. Anonymous

      මේක මරූ මචං ..Thanks Sub එකට..

  24. Anonymous

    thanks godaaaaak

  25. Tharindu

    Thanks a lot machooo....!!!

  26. Amila Prasanna

    ජයවේවා බ්‍රෝ

  27. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  28. nirmana

    superb

  29. buddy

    keep it up bro. Thanks for the sub.

  30. Yash

    Thank you very much Brother for your time and effort. U did great job

  31. Anonymous

    Thanks brooo

  32. Hashan

    බොහෝම ස්තුතයි උපසිරැසියට...!!!

  33. Anonymous

    ❤

  34. Anonymous

    සබ් එක ගත්ත
    ස්තුතියි

  35. Anonymous

    Thanks

  36. Anonymous

    Thank you very much bro...keep it up.good job.

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Dhanushka

    Thank you very much

  39. Anonymous

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤️

  40. Anonymous

    thnx mchn sub ekata

  41. thusitha kanchana

    ස්තූතියි

  42. lahiru priyankara

    ස්තූතියි

  43. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  44. Dulan

    Thankzz brother me karana meheyataa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.