Watch Trailer

Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | දුෂ්ට අධිරාජ්‍යකට එරෙහි විප්ලවයක ආරම්භය [සිංහල උපසිරැසි] (200*)

Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වේවා කියන ගමන්ම දහස් වාරයක් සමාව ඉල්ලනවා මේ උපසිරසිය ගේන්න පරක්කු උනාට. තවත් වසරක අවසානය කිට්ටු වේගෙන එන නිසා වැඩ රාජකාරි වලින්නම් අඩුවක් වෙලා නෑ. කොහොමත් 2023 වසරට කරන අවසාන උපසිරසිය මේක කියලනම් හරියටම කියන්න පුළුවන්.…

Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles

හැමෝටම සුබ දවසක් වේවා කියන ගමන්ම දහස් වාරයක් සමාව ඉල්ලනවා මේ උපසිරසිය ගේන්න පරක්කු උනාට. තවත් වසරක අවසානය කිට්ටු වේගෙන එන නිසා වැඩ රාජකාරි වලින්නම් අඩුවක් වෙලා නෑ. කොහොමත් 2023 වසරට කරන අවසාන උපසිරසිය මේක කියලනම් හරියටම කියන්න පුළුවන්. ඉතිං වසර අවසාන උපසිරසියට නිකන්ම එකක් දීලත් බෑනේ නේද. ඒ නිසා ගොඩක්ම සතුටින් කියන්න දෙයක් තියෙනවා ඔයාලා උඩ දැක්ක විදියටම මේක තමයි බයිස්කෝප් කණ්ඩායම එක්ක මගේ උපසිරසි දිවියේ හතරවෙනි කඩයිම නොහොත් 200* වෙනි උපසිරසිය. ආපහු හැරිලා බැළුවොත් මම වැඩියෙන්ම උපසිරසි කරලා තියෙන්නේ මේ වසර වෙන්න ඕන. මොකද මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කඩයිම් දෙකකටම ළඟා වෙන්න අවස්ථාව හිමිවුනා. 2018 අගෝස්තු 05 පටන් ගත්ත මේ ගමන දිහා හැරිලා බැළුවම හරිම රසවත් මතයක් රැසක් තියෙනවා. නම් වශයෙන් නොකිව්වට අපේ බයිස්කෝප් අඩවියේ සහෝදර සහෝදරියන් හැමෝටම මම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා මේ කාලය ඇතුලත මට දුන්න සහයෝගයට. ස්තූති කරන්න ඕන අනිත් අය තමයි වෙබ් අඩවිය ආරම්භයේ පටන් අපිත් එක්ක ඉන්න රසික ඔයාලා. ඔයාලගේ පුංචි කොමෙන්ට් එකක් නිසා තමයි අද වෙද්දි මාත් ඇතුළු අපේ උපසිරසිකරුවෝ බොහෝමයක්ම අදටත් ක්‍රියාකාරිව ඉන්නේ.

කඩයිම් උපසිරසියක් උනාට වැඩි දේවල් ලියලා ඔයාලව වෙහෙසට පත් කරන්නේ නෑ. ඊට කලින් දෙයක් කියන්න ඕන. කඩයිමට ෆිලුමක් නැතුව සහ කොටින්ම කඩයිම මතකවත් නැතුව ඉද්දි ඒකත් මතක කරලා මට මේ සලරුව දුන්නේ අපි කාගෙත් හිතවතා වෙන විමා සහෝ තමයි. ඒ නිසා විමාට බෙහෙවින් ස්තූති වෙනවා. එහෙනම් අපි ඉක්මනටම ෆිල්ම් එකට පැත්තට යමු. හොලිවුඩයේ නිර්මාණ ගත්තම සමහර රසිකයෝ තමන්ගේ ප්‍රියතම නළුවා සහ නිළිය මත පදනම් වෙලා චිත්‍රපට නැරඹුවත් සමහර අය බලාගෙන ඉන්නේ තමන්ගේ ප්‍රියතම අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ නරඹන්න තමයි. Zack Snyder කියන්නෙත් අන්න ඒ වගේ විශාල රසිකයෝ රැසක් ඉන්න අධ්‍යක්ෂවරයෙක් තමයි. Rebel Moon කියන්නේ ඔහුගේ නවතම ඒ වගේම ගොඩක් කතා බහකට ලක්වුන නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද චිත්‍රපටය නිකුත් උන දවසේ ඉඳන්ම මේ චිත්‍රපටය දැඩි විචාරක අප්‍රසාදයකට ලක්වුනත් ගොඩක් රසිකයොනම් ස්නයිඩර් මහත්මයගේ පැත්ත ගන්න බව දකින්න ලැබුනා.

Rebel Moon චිත්‍රපටය මේ වෙද්දි 77%ක ගූගල් පරිශීලක කැමත්ත සහ 5.8ක  IMDb අගයකුත් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය වර්ගීකරණය කරලා තිබෙන්නේ Action / Fantacy / Adventure යන කාණ්ඩයන්ට තමයි. රංගනයෙන් දායක වෙන නළු නිළි කැළනම් අපිට බොහොම හුරුපුරුදුයි. Sofia Boutella, Mitchel Huisman, Charlie Hunnam, Djimon Hounsou, Ed Skrein, Ray Fisher වගේ සුප්‍රසිද්ධ රංගන ශීල්පීන් වගේම ඔස්කාර් සම්මානලාභී Anthony Hopkins මහත්මයත් රොබෝ යන්ත්‍රයකට තම හඬ දායකත්වය ලබා දීලා තියෙනවා. චිත්‍රපටයේ අන්තර්ගතය ගැනනම් මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද ආරම්භයේදීම ඔයාලට ඒ ගැන දළ අදහසක් ගන්න පුළුවන් හැඳින්වීමක් තියෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම තවත් කොටසක් එයි කියලත් මතක් කරන්න ඕන.  එහෙනම් තවත් විස්තර කියන්න යන්නේ නෑ ආපහු වතාවක් බයිස්කෝප් සෙට් එකට සහ අපේ රසික ප්‍රජාවට බෙහෙවින්ම ස්තුතීවන්ත වෙනවා. වෙලාවක් හම්බුනාම ලබන වසරෙත් මේ වගේම උපසිරසියකින් හම්බෙමු.

ලබන්නාවූ 2024 නව වසර සියළු දෙනාටම සාමය, සතුට පිරී ප්‍රීතීමත් නව වසරක් වේවා!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

36,705 downloadsDownload Rebel-Moon-Part-One-A-Child-of-Fire-2023.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

36,705 downloadsDownload Subtitles40 KB

43 comments

  1. Harshana Dissanayaka

    Congratulations ...!!! Oyage Double Century Ekata....
    Thank You Sub ekata...

  2. Asanga kb

    page eke notification eka apu gaman kelinma awe site ekata..ehenam thank you wewa bosa..

  3. Anonymous

    Thank you for the subtitle

  4. Praneeth Gunasekara

    Congratulation For your 200 Subtitle

  5. Anonymous

    Gammk thamai bosa

  6. Hemal

    Ado Supiriyak. Thank you for your service

  7. Kantha_DLA

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි ධනු ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  8. Buddhika Lakmal

    200වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ....
    කිසිම ලාබ ප්‍රෙයා්ජනයක් නැතිව තමුන්ගේ පෞද්ගලික කාලය කැපකරල මේ කරන වැඩේට බොහෝම ස්තූතියි මචං...
    කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා.....
    200වෙනි උපසිරැසියටත් බොහෝම ස්තූතියි මචං...

  9. Nayana Buddhika

    200* වෙනි උපසිරැසියට සුභ පැතුම්❤️ සබ් එකටත් තෑන්ක්ස්

  10. Shashi Gayashan

    200 වෙනි උපසිරැසියට සුභ ගැතුම්.. ස්තූතීයි..

  11. sachintha

    THANKS FOR SUB....
    congratulations for your 200 subtitles....

  12. Hiran Ganepalla

    200 වැනි උපසිරසිය වෙනුවෙන් උනුසුම් සුබපැතුම් යුරාන් සහෝ. ඊලග කඩයිමටත් ඉක්මනින් ලගාවීමට හැකියාව ලැබේවා කියලා වගේම පෞද්ගලික ජීවිතයේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. උපසිරසියටත් බොහොම ස්තූතියි. තවත් උපසිරසියකින් හමුවෙමු. ජයෙන් ජය!

  13. Bimsara Yashan(ඔලිව)

    සුපිරීනෙ.. මේ අවුරුද්දෙම හතරවෙනි කඩයිමටත් ආව එහෙනම්. 200 වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් යුරාන් සහෝ. සබ් එකක් කරන්න උදව් ඉල්ලපු ගමන් කොයිම වෙලාවකවත් බැහැයි නොකියා ඒ වැඩේට සහභාගී වෙන බයිස්කෝප් කන්ඩායමේ ඉන්න එකම උපසිරැසිකරුව වෙන්න ඕනෙ ඔයා, ඒකට විශේශයෙන් ස්තූති කරනව සහෝ. ඒවගේම ඔයා දුන්න උපසිරැසිත් සෑහෙන්න බලලා තියෙනවා මම, ඒව ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ සුපිරියටම ඒ වැඩෙත් කරන කෙනෙක් තමා. එහෙනම් ඉදිරියටත් උපසිරැසි කරන්න කාලය හැකියාව ලැබෙන්න කියලා වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථකත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!

  14. JonDoe297

    200ට සුබ පැතුම්

  15. baiscopelk ishu

    200 ක් ගැහුව නේද කොල්ලා.. සුපිරි වැඩක්. සබ් එකක් නම් ආයෙ ඉතින් සුපීරියක් තමා

  16. Ruchira

    Thanks for the sub

  17. nishu

    200 වෙනි උපසිරැසියට සුබ පැතුම්

    1. Janata satharasinghe

      CONGRATULATIONS BRO.Good luck. Well played

  18. Anonymous

    congratulations brother! thanks for the sub!

  19. Buddhi

    Congratulations brother! Thanks for the sub!

  20. Anonymous

    Thanks Brother, Congratulation on your achievement.

  21. ශසිත් සඳරුවන්

    දෙවැනි කඩඉම වෙනුවෙන් සුබපැතුම් සහෝ....
    පෞද්ගලික ජීවිතේ කටයුතුත් කරගන්න ගමන් තවත් සබ් කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  22. Danushka

    Good Work Bro. Congratulation for your milestone and Wish you a Happy New Year 2024.

  23. දහරා මුතු අමා

    200 කඩයිමට උණුසුම් සුබ පැතුම් මල්ලි. ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින්ම ලගා වෙන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්නයි ප්‍රාර්ථනා කරනවා.

  24. එල්. සී. ‎දමැල්

    සමාවෙන්න ඕණ කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුණාට...
    200වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් යුරාන් සහෝ! :)
    250ත් ඉක්මනින් ගහන්න වගේම අනිත් සියලු කටයුතුත් සාර්ථකව කරගන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  25. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  26. Damith niwanthaka Ranasingha

    තෑන්ක්ස් සහෝ. ජය වේවා...

  27. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  28. anuradha

    Spitfire Over Berlin (2022) sub eka dennako bro

  29. Tharindu

    Thank you..keep it up

  30. Tharindu

    Thank you...keep it up

  31. Sandeep Madushan

    Thanx and best of luck brother

  32. Roshan

    Thnx bro.Great job.Good luck.

  33. Prasad

    Thank you ❤️

  34. chinthaka chathuranga

    thanks machan

  35. Sahan Gayantha

    thanks a lot Yuran saho sub ekata

  36. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  37. විමා

    මුලින්ම මේ කඩයිම වෙනුවෙන් සුබපැතුම් එකතු කරන්න කැමැතියි, ඒ වගේම මේ උපසිරසි දෙසිය වෙනුවෙන් දහස් වාරයක් බොහොම ස්තුතියි!

    ආයේ කියන්න දෙයක් නැහැ අපිට ඉන්න සබ් මැෂින් එකක් ඉතිං උඹ. කරන කියන වැඩ කටයුතු සාර්ථක වෙලා, ජයෙන් ජයම අත්වෙන්න ඕනා!

  38. SUNI

    THANKS

  39. Tharusha

    Godak sthuthi well done

  40. Anonymous

    Thank you

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Harshana

    Thanks for sub brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.