Watch Trailer

Thadam (2019) Sinhala Subtitles | විද්‍යාවෙන් සාක්ෂි වසන් කිරිම.! [සිංහල උපසිරසි සමඟ]

කාලයාගේ ඇවෑමෙන් අද ලෝකයේ බොහොමයක් ද‍ේවල් කරුණු කාරණා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. නැතිනම් කණපිට හැරිලා තියෙනවා කිව්වත් හරි.! ඒ කිව්වේ මීට අවුරුදු පහකට කලින් අපි දෙයක් දැනගෙන හිටියනම් අද මේ වර්තමානය වෙනකොට ඒවා සෑහෙන්න වෙනස් වෙලා විශේෂයෙන් විද්‍යාව කියන දේ පවා මේකට අයිතිවෙනවා. ඒවගෙන් සමහර දේවල්…

කාලයාගේ ඇවෑමෙන් අද ලෝකයේ බොහොමයක් ද‍ේවල් කරුණු කාරණා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. නැතිනම් කණපිට හැරිලා තියෙනවා කිව්වත් හරි.! ඒ කිව්වේ මීට අවුරුදු පහකට කලින් අපි දෙයක් දැනගෙන හිටියනම් අද මේ වර්තමානය වෙනකොට ඒවා සෑහෙන්න වෙනස් වෙලා විශේෂයෙන් විද්‍යාව කියන දේ පවා මේකට අයිතිවෙනවා. ඒවගෙන් සමහර දේවල් අපිටම පිලිගන්නත් අමාරු වෙන අවස්ථාවනුත් එමටයි.! ඉතින් අපි විද්‍යාගාර විද්‍යාඥයෝ පරික්ෂණ කියන දේවල් පොඩ්ඩකට අමතක කරලා අපේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන සමාජය පැත්ත බැලුවම පේන දෙයක් තමයි දිනෙන් දින සිදුවන අපරාධයන්.! ඉතින් මීට අවුරුදු පහකට දහයකට සිද්දවෙලා තිබුණ විදියට නෙවෙයි වර්තමා‍න ලෝකයේ අපරාධයන් දේවල් සිද්ධ වෙන්නේ. තාක්ෂණ‍ය කියන දේ කාලය ගෙවෙනවා වගේම පරිණාමනය වෙලා තව තවත් දියුණු වෙනවා. ඉතින් අනිත් දේවලුත් ඒ වගේම තමයි අපරාධයන් කරන ක්‍රමයන්, අපරාධයක් කිරිමට සැලසුම් කරන ආකාරයන්.! යම් කිසි අපරාධයක් සිදුවුනාම සූක්ෂම ලෙසින් සාක්ෂි විනාශ කිරිමේ කටයුතු මේ හැමදේම වෙනස් වීමට හේතුව විදියට පරිනාමනය කියන සාධකය පොදුවෙනවා.

ඉහත ඡේදයේ සඳහන් කරලා තියෙන විදියට අද කාලේ සිනමා කර්මාන්තය පවා වෙනස්ම මඟකට පැමිණ තිබෙනවා. බොහොමයක් වර්තමානයේ නිර්මාණය වෙන සිනමා නිර්මාණවල වැඩි වශයෙන් දකින්න තිබෙන දෙයක් තමයි සත්‍ය කතා සිදුවීම් පාදක කරගෙන වගේම නව තාක්ෂණය ගැන, නවීන විද්‍යාවේ පවා තවමත් සොයාගැනීම් සිඳුකරමින් පවතින විෂයන් පිළිබඳව හා සාමාන්‍ය කෙනෙකුට සිතීමට පවා අපහසු කාරණාවන් උදාහරණයක් විදිහට කාලය හරහා ගමන් කිරීමේ න්‍යායන්, අධිඅස්වාභාවික දේවල්, අතී නවීන තාක්ෂණික දේවල් ගැන කෙසේ නමුත් මේ දේවල් බොහොම රසවත් ලෙසින් ප්‍රේක්ෂකයින්ට ඉදිරිපත් කරන්නට වර්තමාන සිනමා නිර්මාණකරුවන් හටද තිබෙන්නේ මහත් උද්යෝගයක් බව මනාව පැහැදිලි වෙන කරුණක්.!

Should Be Considered :- Based On True Story

අද කියන්න යන්නේ අන්න ඒ වගේ තවත් අප දන්නා කියනා දෙයක අපි නොදන්නා පැතිකඩක් ගැන. Action,Crime,Thriller,Mystery වර්ගීකරණය යටතේ නිර්මාණය වූ මේ චිත්‍රපටය 2019 මාර්තු මාසේ 01 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කර ඉතා සූක්ෂම විදිහට ප්‍රේක්ශක සිත් පැහැරගනිමින් අවසානයේ බ්ලොක්බස්ටර් හිට් ලේබලය අලවාගන්නට සමත් වුනු සිනමා පටයක්.! චිත්‍රපටය මේ වන විට ජාත්‍යන්තර චිත්‍රපට සංචිත දර්ශකයේ 10/8.7 ක අගයක් වාර්තා කරන අතර මෙම චිත්‍රපටය Magizh Thirumeni නම්වු අධ්‍යෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් හා රචනයෙන් හැඩුවූවන සත්‍ය සිදුවීම් පාදක කරගෙනද නිර්මාණය වුවක්..! දමිළ සිනමා රසිකයින්ට මතක ඇති මෙම අධ්‍යක්ෂකවරයාගේම මීටත් පෙර සිදුවු නිර්මාණ කීපයක් එවා නම් Thadaiyara Thaakka (2012), Meaghamann (2014) යන සිනමාපට ද්විත්වය. මෙම සිනමා පටයේ ප්‍රධාන රංගනයන් Arun Vijay සමඟින් කන්නඩ සිනමා නිලි Tanya Hope ( මේ ඇයගේ ප්‍රථම දමිළ සිනමාපටය) නවක නිලියක වන Smruthi Venkat ද සපයනවා. Kuttram 23 (2017), Chekka Chivantha Vaanam (2018) වැනි සිනමාපටද රඟ පෑ Arun Vijay ගේ රංගන ප්‍රතිභාව ගැන යමක් පැවසුවහොත් Yennai Arindhaal (2015) දමිළ සිනමා පටය එහිදි මොහු සාම්ප්‍රදායික වීරයාගේ චරිතයෙන් මිදි ප්‍රතිවීර චරිතයක් රඟ දැක්වුවා ඔබට මතක ඇති. එහිදි ඔහුට තම රංගන හැකියාවේ තවත් හැරවුම් ලක්ෂයක් ප්‍රේක්ෂකයින් හට ඉදිරිපත් කිරිමට හැකිවුවා නොඅනුමානයි.


– අරුන් විජේ, ඉන්දර් කුමාර් (නිෂ්පාදක), මගීල් තිරුමුණී (අධ්‍යක්ෂක) –

ඉතින් මං මුලින්ම කිව්වා වගේ හැමදේම පරිනාමනය වන මේ කාලෙදි උපසිරැසිකරුවන් වන අපද එසේ විය යුතු බව මා සිතනවා. අද කාලේ ඉල්ලුම එහෙමත් නැතිනම් Trend එකට අනුව ලිපි සැකසීමට පවා අප බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩා‍යමේ සහෝදර උපසිරැසිකරුවන්ද පෙලඹි තිබෙනවා. එහෙනම් සිනමාපටයේ තිබෙන කතාව ගැන නම් නෙවෙයි මේ කියන්න සූදානම් වන්නේ.! කතාව මොකක්ද කියලා අහන්නත් එපා..! එහෙමනම් ලෑස්තිවෙන්න චිත්‍රපටයක් බලන්න නෙවෙයි අපරාධ පරික්ෂණයක් කරන විදිය පැත්තකින් වාඩි වෙලා බලා ඉන්නට.!

බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායම කියන්නේ ප්‍රේක්ෂක ඔබ සැමට නිරන්තරයෙන්ම විදේශ සිනමාපට සඳහා උපසිරැසි ලබාදෙමින් විනෝදාස්වාදය ලබාදෙන අතරම දැනුමින්ද නිතර නිතර පෝෂණය කිරීමට ඇප කැපවී වෙහෙසෙන පිරිසක් බව ප්‍රේක්ෂක ඔබ සියලු දෙනා හොඳින් දන්නා කරුණක්.! ඒ කාරණාව විවාදයකින් තොරවම කිසිම සැකයක් නැතුව කියන්නත් පුලුවන් දෙයක්.! එය තවත් සනාථ කරමින් චිත්‍රපටය‍ට අදාල වන තවත් විද්‍යාත්මක කාරණාවක් ඔබ හමුවේ දිග හැරිමට අවසරයි…

මේ කියන්න යන්නේ චිත්‍රපටයට පාදක උන පොදු කරුණක් ගැන ඇතැම් අය මේ ගැන දන්නවත් ඇති. සමහර අය දැනගෙන හිටියත් අමතක වෙලත් ඇති.කොහොමින් හරි ඔබ කවුරුත් හොඳින් අහලා තියෙන වචනයක් තමයි D.N.A කියන අකුරු තුන ඇත්තටම මේක වචනයක් නෙවෙයි කෙටි යෙදුමක් Deoxyribo Nucleic Acid ( සිංහල තේරුම- ජිවීන්ගේ ප්‍රවේණි කේත සහිත අණුව) යන වචනය කෙටි කරලා තමයි D.N.A කියලා කියන්නේ.! ජිවියෙකුගේ වර්ධනය,ප්‍රජනනය,විකාසනය,ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍යය වන ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරිමට තිබෙන එකිනෙක වටවු ද්විත්ව හෙලික්සීය හැඩයකින් එතුණු දාම දෙකකින් සමන්විත යුක්ත අණුවක්.! කෙටියෙන් විස්තර කරොත් ‍ඒවිදියට දක්වන්න පුලුවන් එසෙනම් D.N.A කියන දේ පිලිබඳව මම සඳහන් කරන්න යන්නේ නෑ අවශ්‍යය නම් වෙනත් අදාලම තැනකදි ඒ ගැන සාකච්චා කරමු.

ඒ වගේම කවුරුත් දන්න දෙයක් තමයි D.N.A කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කියන කාරණාව.බහුලව අපරාධ පරික්ෂණ සිදු කිරිමේදි පුද්ගලයෙකුගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරිමට යොදාගන්නා ප්‍රභල සාක්ෂි අතරට D.N.A පරික්ෂණ වාර්ථාවද ගන්නේ ප්‍රමුඛ ස්ථානයක්.!

  • ලොව ප්‍රථම වරට අපරාධකරුවන් හඳුනාගැනීමට D.N.A සාක්ෂි භාවිතා කිරිම ආරම්භ කලේ 1980 වර්ශයේ ඒ D.N.A ඇඟිලි සලකුණු තාක්ෂණයේ ආධාරයෙන්.!

අපි කවුරුත් දන්නා කරුණ තමයි D.N.A කෙනාගෙන් කෙනාට වෙනස් ඒක කවදාවත් සමාන වෙන්නේ නෑ කියන කාරණාව හැබැයි මේ සිනමා පටයෙන් කියන්නේ ඔය සම්මතයෙන් එහාට ගියපු කාරණාවක් ගැන. කවුරු හරි කිව්වොත් පුද්ගලයින් දෙදෙනෙකුගේ D.N.A එක සමාන බව ඔබ පිලිගන්නවද.? අනිවාර්යයෙන් ඔබ කියයි ඒක වෙන්න බෑ කියලා එහෙනම් ඒ වගේ දේවලුත් මේ ලොකේ වෙනවා කියල දැනගන්න. ඔබ අහලා තියෙනවා නිවුන්නු ගැන.? අහලා ඇති හැබැයි නිවුන්නුන්ගේ ප්‍රභේද වර්ග දෙකක් තියෙනවා ඒවා නම්..

1 . එකාකාර (සර්වසම) නිවුන්නු (identical twins)
2 . දෙ ආකාර (විසම) නිවුන්නු (nonidentical twins)

නිවුන් දරුවන් හටගන්නා ආකාරයන්

01.සර්වසම                              02.දෙආකාර

1. ඉහත රූප සටහනෙ අංක එක රූපයේ දැක්වෙන සර්වසම නිවුන්නු. (Identical Monozygotic)
සර්වසම නිවුන්නුද උපදින්නේ සාමාන්‍යය ලෙසින් ඩිම්බයක් සංසේචනය වී යුක්තාණුවක් හටගෙන දෙකට බෙදීමෙන් එකිනෙක වෙන්වී එය යුක්තාණු දෙකක් ලෙසින් ගර්භාෂයට සම්බන්ධ වී කලලයන් දෙකක් සෑදේ. මේ කලලයන් දෙකෙහිම එකසමාන වර්ණදේහයන් තිබෙන නිසා එයින් උපදින දරුවන් සර්වසම නිවුන්නු කාණ්ඩයට අයත් වේ.

2. රූප සටහනේ දෙවෙනි කොටස අනුව විසම/දෙආකාර නිවුන්නු. ( Fraternal Dizygotic)
එම උපත් සිදුවන්නේ ඩිම්බ කෝෂ වලින් එකවර ඩිම්බ දෙකක් මුක්ත වීමෙනි. එවිට මේ ඩිම්බයන් දෙක වෙන වෙනම සංසේචනය වී යුක්තාණු දෙකක් සෑදීමෙන් දරුවන් දෙනෙකු උපදි එම දරුවන් දෙආකාර නිවුන්නු කාණ්ඩයට අයත්වේ.

*මෙහිදි අපේ කතාවට වැදගත්ම වන්නේ පලවෙනි වර්ගයේ සර්වසම නිවුන්නුය.
ඔවුන්ගේ ගති ලක්ෂණ :- DNA එක සමාන වීම.
                                        එකම පෙනුම.
                                        අසමසම ඇඟිලි සලකුණු.

එහෙනම් මෙසේ ඔබ වෙත පුද කර සිටිනවා වසරේ තවත් සුපිරිම සිනමා අද්දැකීමක් සිංහල උපසිරැසි සමගින්ම. ත්‍රාසය, භීතිය, අපරාධ, අභිරහස්, වලින් සපිරි මේ සිනමා අද්දැකීම ඔබ මවිත කරනවා සැකයක් නැහැ. මග හැරගන්න එපා කියලා අවසාන වශයෙන් ඉල්ලා සිටින ගමන් අදට මා ඔබගෙන් සමුගන්නවා ඒ වගේම මාගේ කාර්ය්‍යබහුලත්වය වගේම විදුලි බලය,දුරකථන ග්‍රාහක සංඥා වැනි ගැටලු නිසා අසාලිවීමක් ලෙසින් කල මෙම සිනමාපටයේ සිංහල උපසිරැසිය ගුණාත්මක පිටපතක් අන්තර්ජාලයට නිකුත්වු විගස අප අඩවියේම සහෝදර උපසිරැසිකරුවකු වන තාරක නුවන් දිල්හාර මල්ලි විසින් ඔබ වෙත ගෙන එනවා ඇති. එමෙන්ම උපසිරැසිය බාගෙන යමින් ගමන් පහලින් ඔබගේ අදහස් උදහස්ද සඳහන් කර යන ලෙසද ඉල්ලා සිටිනවා. මොකද තවත් මෙවන් කටයුත්තක් කිරීම සඳහා අපට ඔබෙන් ලැබෙන එකම ඉන්ධනය, ඔබ වචනයකින් හෝ එකතු කරනා ඒ වටිනා අදහසයි. එහෙනම් තවත් දමිළ චිත්‍රපටයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.

33,796 downloadsDownload Thadam-2019.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

33,796 downloadsDownload Subtitles65 KB

144 comments

  1. avishka6675

    Thanks broh dapu gmn gatta on

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata. Jaya wewa...!

  3. චානක ඉඳුනිල්

    ස්තූතියි තරිඳු අයියේ සබ් එකට,
    ආව සැනින් දුන්නනෙ?

  4. Nimesh633

    Thank u bro

  5. Ayesh Prashan

    Thank You Sub Ekata

  6. Eranda Malith 2.0

    ගොඩක් ස්තූතියි මචන්. සුපිරි ජයමවේවා

  7. Chokzi

    Thanks...

  8. indika75

    thanks..

  9. Mastang

    ෆිල්ම් එක කෙසේ වෙතත් දීලා තියෙන විස්තර ටික නම් පට්ට
    ගොඩක් ස්තුතියි. ෆිල්ම් එක බලලා ඉවර වෙලා ඉතුරු ටික කියන්නම්.

  10. Mokshaya

    thanks bro....

  11. Dilshan Kelum

    Thanks.....

  12. gihan perera

    පට්ට සහෝ. ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....මේ දවස් වල විදුලිය නම් දෙන්නෙ පට්ටම ආතල් එකක්....

  13. Rumesh dhanushka

    Thanks brother

  14. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා

  15. යුරාන් ධනුක (ධනූ)

    උපසිරැසියට බොහෝම ස්තූතියි තරිඳු අයියේ !!!

  16. rehani

    thank you....

  17. Malithsank

    සහෝල ගෙනපු අලුත් ප්‍රොපගැන්ඩා ලිපි ට්‍රෙන්ඩ් එක හිට් වෙලා ආ සුපිරි තරුඳු සහෝ....
    හෙන ගැම්මක් තියෙනවා ෆිලුම සම්බන්ධ අමතර කාරණා මගින් දැනුමටත් යමක් එකතු වෙනවා
    මේකනම් සුපිරි ට්‍රෙන්ඩ් එකක්
    මෙහෙම තමයි වෙන්න ඕනේ
    අර වයිස් ෆිලුම
    වගේ එහෙක විස්තරාත්මක ලිපියකින් වටින් ගොඩින් එන්ටර් වෙද්දි ෆිලුම බලද්දි ගානට සෙට් වෙද්දි මල්හතයි ආ....
    සුපිරි ෆිලුමකට එස්ට්‍රා වැලීඩ් එකක් එන්නේ
    ජය තරිඳු සහෝ

  18. පැතුම් ඉෂාර

    සබ් එකක් ගන්න ඇවිත් විද්‍යාව පාඩමක් ඉගෙනගන්න ලැබුන...ඇත්තටම චිත්‍රපටියට සිංහල උපසිරැසිය පමණක් නොව චිත්‍රපටිය හා සම්බන්ධ විද්‍යත්මක පසුබිමත් දැන ගැනීමට හැකි වීම ගැන බයිස්කෝප් ප්‍රෙක්ශකයෙක් ලෙස ඉතාමත් සතුටු වන අතර දිනෙන් දින අලුත් වන ලෝකයේ මිනිසාගේ දැනුමට යමක් දීමට උත්සහ කිරීම ගැන මුලු හදවතින්ම බයිස්කෝප්වාසි සහෝදර කැලට මාගෙ හදපිරි පුද කරනවා.... පටන් ගත්තු වැඩේ දිගටම කරන් යමු! ජය ✌

  19. chandika1975

    thank you and good worked.

  20. Djharan

    ජයෙන් ජය වෙවා.........

  21. chamila walakulu arachchi

    Good

  22. Bandarajbandara

    ජයවේවා ස්තුතියි

  23. Gathsara Umesh

    mata ai bio igena gaththu kale mathk una scl ekee..
    bohoom sathuthiyi ayyhee..oyag mov nm superr...b

  24. රොෂාන් අබේවීර

    ස්තුතියි සහෝ සබි එකට. සියලුම දෙනාට ජයෙන් ජය !!!

  25. dusmantha

    thanks

  26. subodha

    Thanks

  27. santhusha319

    thanks saho!!!!

  28. kelumchathuranga

    thanks

  29. Udaya Saman

    බොහොම ස්තූතියි තරිදු අයියෙ උපසිරසියට..ආයෙත් ෆට්ටම එකකට සබ් දීල..ලිපියටත් බොහොම ස්තූතියි. හොදට ලියල තියෙනවා.

  30. Chathura ranawaka

    Film එක කෙසේ වෙතත් discription එකම හිතට වැදුනා....ෆිලුම බාන ගමන්......
    ඔබට ජය

    1. shaminda91

      download link eka ewnna

  31. Kasun Madhusanka max

    ස්තූතියි

  32. kodagoda

    tnx macho subata jayawewa

  33. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  34. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  35. Nuwandika Dil

    Elah tnks

  36. ඔෂද ධනංජය

    elakiri.... sahoo...thanxx

  37. rangika Kariyawasam

    සුපිරියක් .. තැන්කු සබ දුන්නට ..ජයවේවා

  38. NuwanK

    Thank u bro...

  39. vas0303

    thank you bro

  40. D.Chamara

    අනිවාර්යෙන් බලන්න ඕනි සහෝ උපසිරැසියට බොහෝම ස්තුතියි

  41. Hemantha De Silva

    ස්තුතියි තරිඳු......
    වැදගත් සටහනකුත් එක්ක...

  42. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  43. Lalani Maduwanthi

    MALAYALAM MOVIES dennako

  44. Menaka Herath

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි මිත්‍රයා......!!!!!!!!!!!!
    ඔබට ජය..........!!!!!!!!!!!!!!!!!!

  45. Priyamalmaduranga

    Thank you much for the sub and valuable details.

    Wish you all the best.

  46. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...කතාව අනුවනම් හොදම ෆිල්ම් එකක් තමා..ඒක නිසා ටිකක් හොද කොපියක් එනකම් ඉවසන් ඉන්නවා..බුදුසරණයි..ජය වේවා!

    1. තාරක නුවන් දිල්හාර ©T

      මීට වඩා මොන හොඳ කොපිද සහෝ..
      Proper HD කොපියටයි ඔය සබ් එක දීලා තියෙන්නෙ.
      අරගෙන බලන්න. අවුලක් ඇත්තෙම නෑ.

    2. Suse

      Tama original link eka awilla nadda saho

    3. isuru srinath sjs

      Original thamai awith thiyenne.

    4. Prabath2020

      film downlaod link eka denna puluwanda

  47. P.Lakshan

    Thanks

  48. Hasantha_Sajeewan

    Thanks for the sub & article.

  49. Nuwan-milinda

    Thanks Thanks Thanks bro

  50. Dragonwhite

    patta bn kathawa sub eka hinda balanawa

Load more comments