රාජ්වීර් සිං, ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වාසය කරන ඉන්දියානුවෙක්. රැකියාව විදිහට කරන්නේ ධාවන තරඟවලදී රේසිං කාර්වල ටයර් මාරු කරනවා. දවසක් රාජ්වීර් සිං ගොඩක් කලබලයෙන් ගමනක් යන්න ලෑස්ති වෙනවා. ඔහුට එකපාරම ටැක්සියක් හම්බවෙනවා. ඉතින් ඒ ටැක්සි රියදුරත් ඉන්දියානුවෙක්. ඔහුත් එක්ක වාද කරමින් ඉන්න කොට අහම්බෙන් ව…

රාජ්වීර් සිං, ඇමරිකාවේ නිව්යෝක් නගරයේ වාසය කරන ඉන්දියානුවෙක්. රැකියාව විදිහට කරන්නේ ධාවන තරඟවලදී රේසිං කාර්වල ටයර් මාරු කරනවා. දවසක් රාජ්වීර් සිං ගොඩක් කලබලයෙන් ගමනක් යන්න ලෑස්ති වෙනවා. ඔහුට එකපාරම ටැක්සියක් හම්බවෙනවා. ඉතින් ඒ ටැක්සි රියදුරත් ඉන්දියානුවෙක්. ඔහුත් එක්ක වාද කරමින් ඉන්න කොට අහම්බෙන් වගේ තවත් ඉන්දියානුවෙක් මුණගැහෙනවා. ඒ ලස්සනම ලස්සන ගෑණු ළමයෙක්. ඉතින් මේ ටැක්සියේදි රාජ්වීර් සිංගේ ජීවිතය වෙනස් කරනවා. ඔහුගේ සිහින, ආදරය සැබෑවක් වෙන්න පටන් ගන්නවා.
ඒත් මේ ලස්සන ගෑණු ළමයගේ තාත්තා මේ ආදරයට කැමති වෙන්නේ නෑ. ඒත් ඒවා ගණන් ගන්නේ නැතුව මේ දෙන්නා විවාහ වෙනවා. මේ දෙන්නගේ පවුලට ලස්සනම ලස්සන හුරතල් දෙන්නෙකුත් එකතු වෙනවා. ඒත් කාලයත් එක්කම මේ පවුලට විවිධ ගැටළුවලට මුහුණ දෙන්න වෙනවා. ඒ ගැටළුවලට මුහුණ දෙන ආකාරය මේ චිත්‍රපටයෙන් ලස්සනට පෙන්නුම් කරනවා.
මේ චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක් කළොත්, ඉන්දියාවේ විශාලතම චිත්‍රපට නිෂ්පාදනය කරන ආයතන අතරින් යාශ් රාජ් චිත්‍රපට ආයතනය විසින් ඉතාමත් විචිත්‍රවත්ව නිර්මාණය කළ චිත්‍රපටයක් ලෙස මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරලා තියෙන්නේ 2007 අප්‍රේල් 27 වෙනිදා. ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව මිලියන 377 ක් පමණ උපයලා තියෙනවා. IMDB දර්ශකයේ 5.5 ක් පමණ ලැබී තිබුණත් මේ චිත්‍රපටයට ඊටත් වඩා හිමිවිය යුතුයි කියලයි මට හිතෙන්නේ. සයිෆ් අලී කාන්, රාජ්වීර් සිං නැත්නම් RV ලෙසත් රාණි මුඛර්ජි, රාධිකා ශේකර් රායි බැනර්ජි නැත්නම් ශෝනා ලෙසත් ප්‍රධාන චරිත වලට පණ පොවනවා.
ඇත්තෙන්ම කිව්වොත් මේ චිත්‍රපටය පවුලේ සැමට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. ආදරය, සෙනෙහස, දුක, සතුට සියල්ල සමඟින් පවුලක් ගැටළුවලට මුහුණ දෙන ආකාරය මේ චිත්‍රපටයෙන් දකින්න පුළුවන්. මේ මම හින්දි චිත්‍රපටයක් සඳහා නිර්මාණය කළ පළමු සිංහල උපසිරැසිය. ඉතින් අඩු පාඩු තියෙන්න පුළුවන්. කොහොම හරි මේ චිත්‍රපටයේ ඉතාමත් රසවත් ගීත කිහිපයක් ඇතුළත් වෙනවා. ඒ සියල්ලටම සිංහල උපසිරැසි දාලා දුන්නේ අපේ හින්දි විශේෂඥ හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත සොහොයුරා. ඉතින් ඔහුටත් විශේෂයෙන් ස්තූති කරනවා. ඒ උදව්ව මම ඉල්ලපු වෙලාවේ “හරි කරලා දෙන්නම් කියලා“ එක පයින්ම කැමති උනා. ඒ වගේම නරඹන ඔයාලගේ අදහසත් පල කරන ලෙස ඉල්ලා සිටිනවා. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටයකින් නැවත හමුවෙමු. ජය වේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
Tara Rum Pum 2007 Hindi DvDRip 720p x264 DTS…Hon3y
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,427 downloadsDownload Ta.Ra.Rum_.Pum_.2007.Baiscopelk.com_.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LahiruChanaka1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
26 comments
kaviya
Gayan
Sub ekata godaak thank's saho. me film eke sub eka heuwa heuwa hambune ne. eth me film ekata asa nisama 3 gb tiyana me copy ekama download karala thiyagana hitiye kawada hari sub eka deine kiyala. ithin dunna den. thank's. Jayawewaa!
Prabuddha Kulatunga
thank u sub ekata machan.. :D puluwan nam miita wada size adu copy ekakuth daahanko.4.37GB kiyanne size loku wadi bn.1GB ta kittu size ekak wath dahan puluwan nam.
K.N.N
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා!Dinisuru Darkstar
sinhala sub aka upload karanne kohhamada?basicope akata
දමිත්
සබට තුති සහෝ. පුලුවන් නම් පොඩි rip එකක් දෙන්න.
4.37GB ලොකු වැඩියි සහෝ..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
බොහොම ස්තූතියි......
එල්.සී. දමැල්
ඉස්සර බලල තිබුණු එකක්...
මේකෙ නේද අර ලස්සන සිංදු වගයක් තිබුණෙ... අරංම බලමුකො...
දැන් ඉතින් ඔයා මට මේක නොබාන්න කිව්වත් ගන්නව ;)
තෑන්ක්ස් සහෝ...Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි...
Gayan
Saho puluwan nam me film ekata sub eka dennako loku udauwak. (Om Shanti Om 2007 Hindi BRRip 720p x264 AAC 5.1...Hon3y)
Lasantha
tNx Bro
Chamal Buddhika
Tnx.suppa bro
Chamal Buddhika
puluwannam me film ekatath sub dannako loku udawwak.Baar Baar Dekho (2016) DVDRip 720p
Dilip Prasanna
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashan Lakshitha
මේකට Sub දෙනකන් ගොඩක් කල් බලන් හිටියා. තෑන්ක්ස් සහෝ. ජය වේවා...!!
Kasun Dondeenu
Video file eka nane.
Arunagunathilaka
Thanks............
දසිත චාමික
බොහොම ස්තූතියි උපසිරැසි ගැන්වීමට! ජය වේවා!
Yomal3333
elz thanx mchn
SPY
download karaganne kohomada video eka..?
thusa indeera
thank you for subtitles.
thanula
thnqqqq bros
Anonymous
Not support sub
Advertisement

sub ekata tq keep it up ✌✌✌