මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන, ශම්මි කපූර් සහ සහිරා භානු ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 7.4 ක අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. කඩවුණු ආදර සම්බන්ධතාවයක් ගැන කියවෙන, ශම්මි කපූර් සහ සහිරා භානු ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.
මෙම සිනමාපටයේ ප්‍රධාන චරිත වන්නේ ශේකර් සහ රාජ් කුමාරි ය. පියා නොමැති පවුලේ එකම පිරිමි දරුවා “ශේකර්” විය. ඔහු විදෙස් අධ්‍යාපනය ලබා, සිය පියාගේ ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා තම මවු රටට පැමිණේ. ශේකර්ගේ මව ඉතාමත් දරදඬු ගතිගුණ ඇති කාන්තාවකි. ඇගේ අණ පරිදි ශේකර් ක්‍රියා කළ යුතු විය. මේ අතර තම පෙම්වතා නිසා ශේකර්ගේ නැඟනිය ගැබ් ගනී. මෙම සම්බන්ධතාවයට ඇගේ පවුලේ අය ඉතාමත් විරුද්ධ වීම නිසා දරු ප්‍රසුතිය රහසේ සිදු කළ යුතු විය. “රාජ් කුමාරි” නැමති රූමත් තරුණිය මෙයට විසඳුමක් ලබාදීමට ඉදිරිපත් වේ. ඒ අතරතුර ඇය ශේකර්ගේ පෙම්වතිය බවටද පත්වේ. දරුවා ලැබීම වෙනත් පළාතක දී රසිගතව සිදුවුවත් එතැන් සිට ඔවුන්ට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවේ. මෙම ගැටළු කෙසේ විසඳේද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” “මෙරා නාම් ජෝකර්“, “අනාරි“, “දේව්දාස්“, “ආහ්“, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ“, හම් හින්දුස්ථානි“, “හම්රාස්” “සුරාජ්” , “ගීත්” “අප්නා දේශ්” “අර්සු” “කැරවෑන්“,”අල්බේලා” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි. එමෙන්ම මෙය මා විසින් අප්ලෝඩ් කළ වීඩියෝවකි. ඒ නිසා මා දක්වා ඇති මෙම https://drive.google.com/file/d/0B3BxOq2-_xCDeFBCQmRPc3UxckE ලින්ක් එක කොපිකර ගූගල් සර්ච් බාර් එකේ පේස්ට්කර සර්ච් කිරීමෙන් මෙම සිංහල උපසිරසියට අදාළ වීඩියෝව බාගත කිරීම සිදුකර ගත හැකිය.
ඒ වගේම විශේෂ කරුණක් උපුටා දැක්වීමට මා තීරණය කළා. ඒ මන්ද මෙරට “ඩීවීඩී නිෂ්පාදනය කරන වෙළඳ ආයතන”, මෙම වෙබ් අඩවිය තුළින් ලබාගන්නා සිංහල උපසිරසි යොදා බොහෝ සිනමාපට අලෙවිය සඳහා බෙදාහරිනු ලබනවා. පසුගිය දිනෙක මා විසින්ම සිංහල උපසිරසි යෙදූ පැරණි හින්දි සිනමාපට හතරක් අඩංගු කර තිබූ එක් ඩීවීඩී තැටියක් මිලදී ගෙන එය නැරඹුවා. ඇත්තෙන්ම කියන්නට ඉතාම කනගාටුදායකයි. එම සිනමාපට එකක්වත් නරඹන්නට හැකි පැහැදිලි තත්වයේ නැහැ. සියල්ල බොඳවෙලා වගේ පෙනෙන්නේ. එයට හේතුව 4.7 GB අඩංගු කළ හැකි තැටියට මෙම සිනමාපට හතරේ ධාරිතාවය ඉතා අඩුකර ඇතුළත් කර ඇති නිසා. අළුත් සිනමාපට සඳහා එසේ ධාරිතාවය අඩුකළත් එහි රූප පැහැදිලි තත්වයේ පවතිනවා, පැරණි සිනමාපටවල තත්වය එසේ නොවෙයි. එම නිසා කරුණාකර එම හානිය කරන්නට එපා! පැරණි සිනමාපට රසිකයන් මේ සිනමාපටවලට ඉතාමත්ම ආදරෙයි. නරඹා ඉවත විසි කරන්නේ නැහැ. නැවත නැවත නරඹන්නට ඒවා සුරක්ෂිතව තබාගන්නවා. ඒ නිසා එක තැටියකට සිනමාපට දෙකකට වඩා ඇතුළත් කරන්න එපා. එය එසේ නොවුණහොත් මෙම තත්වය එම සිනමාපටවලට කරන ලොකු හානියක්. මෙයට දායක වන්නන්ට, ඉදිරියේදීවත් එම කරුණ වෙත අවධානය යොමු කරන්න කියා මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි!
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන විසි දෙවෙනි සිංහල උපසිරසිකරණයයි. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
1,723 downloadsDownload Junglee-1961-WEB-DL.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
21 comments
Sisira Hegoda
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…great work..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Shaun Maximus Dissanayake
ඔබ වැන්නෙක් හා නිහඩ වී සිටීමට මට නොහැක. සොයුර ඔබ කරන මේ විශිෂ්ඨ සේවය, මා නම් හැම මොහොතකම සිහි කරමින් අගය කරනවා. මෙම චිත්‍රපට ගැන මතකයේ රදවා ගන්න. "ජන්වර්" "ටි ශ්‍රි මන්සිල්" " වක්ත්" "ෆරාස්" "ඉන්ටර්ඛාම්" "එක් පූල් දෝ මාලි"" හරේ රාමා හරෙ ක්‍රිෂ්නා" "සෆර්" "ලීඩර්" "දස්තාන්" "ෂර්මලි" "ශෝලේ" "අන්දාස්"
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!“එක් පූල් දෝ මාලි””
Chami.S
Thanks...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Yukthi Sudheera
ඔබගේ අහිංසක උත්සහය සාර්තක වන්නට ශක්තිය දිරිය තව තවත් ලැබේවා.....
කසුන් හර්ෂණ
පැරණි හින්දි සිනමාවේ තවත් විශිෂ්ටතම චිත්‍රපටයක්.කොහොමත් ඔබේ උපසිරැසි නිර්මාණ පිළිබඳ මට නම් විවේචන නෑ.අති විශිෂ්ටයි.මා මෙයත් අනිවාර්යයෙන්ම නරඹනවා.මමත් පුළුවන් විදියට උපසිරැසිකරණයෙන් ඔබට සහය වෙන්නම්.ජය වේවා!
Deex
Janwar
Kashmir Ki Kali
Ajnabee
Kati Patang
Kudrat
Prem Kahani
thanks...........................
Deepananda Kulasoriya
මේ වන විට මේ පිටුවෙන් දීලා තිබෙන සිනමාපට පනස් ගණනෙන් තිස් දෙකක් මා සතු ව තිබෙනවා. ඒ් සියල්ලේම සිංහල උපසිරැසි, බයිස්කෝප් අඩවියේ සොයුරන්ගේ උත්සාහයට පින් සිදුවන්නට මා ලබා ගත්තා. විතානගේ ප්‍රියන්ත දයාකීර්ති සොයුර, මෙවන් පැරණි වටිනා සිනමාපට මෙසේ ඒක් තැනකට ගැනීම අතිශය වටිනා කටයුත්තක්. පැරණි සිනමාපට ගැන උනන්දු වන මා දන්නා හදුනන අය ද මෙම පිටුව වෙත යොමු කරන්නම්. පැරණි සිනමාපට (විශේෂයෙන් පැරණි හින්දි) ගැන උනන්දු ඔබගේ මේ උත්සාහය මා අගය කරන අතර, මාගේ හෘදයාංගම ස්තුතිය මෙසේ ඔබට පිරිනමන්නෙමි.
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
පැරණි සිනමාපට රසිකයන් හට තවත් උපසිරැසි ලබා දෙන්න කාලය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය! :Psaranga
Bohoma sthootiy
Amanda
Thank you very much for the subtitles and the movie link. My parents and I love these films so much.
දහරා මුතු අමා
මේක නම් නියමයි.
සිංදු ටිකත් ඒ වගේම තමයි.
බොහොම ස්තූතියි උපසිරැසියට.Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Emviraj
ara tamil film ekk thibuna mathakada kolla hadawatha dan dena. e film eke name eka hoyagaththahekida
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) ....
ජය වේවා.!Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට...ඒ වගේම web dl update කලාට බොහෝම ස්තුතියි..දැන් පහසුවෙන් ෆිලුම බලන්න පුළුවන්...ජයවේවා දයා සහෝ...!""""""
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මෙවැනි චිත්‍රපට අප වෙත ලබා දීම /ැන හද පිරි ස්තූතිය