Watch Trailer

Return to Sender (2015) with Sinhala Subtitles | ප්‍රේමයට මුවාවී පැමිනි බාඳුරාවක පලිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, කාලක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියේ චිත්‍රපට බලපු මට හිතුනා සබ්ටයිට්ල් එකක් කරන්න. ඔන්න ඒ උත්සහාය මල් ඵල ගන්වමින් මගේ පලමු සබ්ටයිට්ල් නිර්මාණය තමයි මේ. මුලින්ම වින්දනාත්මක සිනමා පට වගේම රූපවාහිනී මාලා නාටක අප වෙත දෙන බයිස්කෝප් වෙබ් අඩවිය ආරම්බ කරන්න යෙදුනු සහ පවත්වාගෙන යන ස…

Return to Sender (2015)

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි,

කාලක ඉඳන් බයිස්කෝප් වෙබ් අඩවියේ චිත්‍රපට බලපු මට හිතුනා සබ්ටයිට්ල් එකක් කරන්න. ඔන්න ඒ උත්සහාය මල් ඵල ගන්වමින් මගේ පලමු සබ්ටයිට්ල් නිර්මාණය තමයි මේ. මුලින්ම වින්දනාත්මක සිනමා පට වගේම රූපවාහිනී මාලා නාටක අප වෙත දෙන බයිස්කෝප් වෙබ් අඩවිය ආරම්බ කරන්න යෙදුනු සහ පවත්වාගෙන යන සියලුම සහෝදර සහෝදරියන්ට හදපිරි ස්තූතිය පුදකර සිටිනවා. ආසාවට පටන්ගත්තට මොකද වැඩේ හිතපු තරම් ලේසි වුනේ නෑ.කොහොමහරි ඔන්න ලස්සනට වැඩේ අවසන් කරල තියෙනවා. 2015 දී  නිකුත්  වුන මේ සිනමා පටය Thriller ගනයට අයත් වන එකක්. යාලුවො බලල තියෙනව නේද 2014 දී නිකුත් වුනු Gone girl චිත්‍රපටය. ඒකෙ ප්‍රධාන චරිතයට පන පොවන නිලිය Rosamund Pike  තමයි මේකෙත් ඉන්නෙ.

කතාව ගැන කිව්වොත්, මිරැන්ඩා වේල්ස් කියන්නෙ කුඩා නගරයක රෝහලක නර්ස් කෙනෙක්.මෙයා ගතකරන තනිකඩ ජීවිතේට පිලියමක් විදිහට සහකරුවෙක් හොයනවා. ඉතින් දවසක් යාලුවෙක්ගෙ මාර්ගයෙන් අඳුන ගත්ත කෙනෙක් මෙයාව බලන්න එනවා.ඒ එන කෙනාව මිරැන්ඩා මීට  කලින් දැකලා නෑ. ඉතින්… මිරැන්ඩට එයාව හම්බවුනාද?…  එදා සිදු වන අනපේක්ෂිත සිදුවීමකට පස්සෙ මිරැන්ඩගේ ජීවිතේ සම්පූර්නයෙන්ම වෙනස් වෙනවා. එයාගෙ ජීවිතේ අමාරු වෙනවා. පස්සෙ එයා කෙනෙක් එක්ක  එක්ක සම්බන්දයක් හදා ගන්නවා… ඒ කෙනා ඒ කියන්නෙ විලියම්, එයා ඒ වෙනකොට ඉන්නෙ හිරේ, මිරැන්ඩා විලියම්ව බලන්න හිරේට යනවා. විලියම් නිදහස් වුනාම මොකද වෙන්නෙ?  දෙන්න එකතු වෙයිද නැත්නම්…. මේක මොන විදිහෙ සම්බන්දයක්ද? මේ සම්බන්දයට මිරැන්ඩගේ තාත්තා කැමති වෙයිද? අවසානයේ මොකද වෙන්නෙ? මේව දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. කතාවෙ අන්තිම ටික ටිකක් සැලකිල්ලෙන් බලන්න ඕනා. ටිකක් වෙනස් විදිහෙ අවසානයක් තියෙන්නෙ.

අප සමග ගැටෙන ස්පර්ෂ වන අප සමග කටයුතු කරන චරිත වල සැබෑ ස්වරූපය අපි හිතන් ඉන්නවට වඩා කොතරම් වෙනස් වෙන්න පුලුවන්ද… සුන්දරත්වය පිටුපස කොතරම් අද්භූත බවක් තියන්න පුලුවන්ද.. සුදු මූනයි හුරතලයයි හරි අවදානම් කියනවනේ… හැමෝටම බලන්න ආරාධනා කරමින්… තවත් උපසිරැසියකින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා…

ඔයාලට ජය!!

 

 

 

The Wrestler (2008) on IMDb

 

 

750 MB (BluRay 720p) කොපිය මෙතනින් බාගන්න

1F66ACEB81104B0BD1C2D885947ED436F2DEF69C

1.4 GB (BluRay 1080p) කොපිය මෙතනින් බාගන්න

22DC2C25110B2593E6B127FF123E7B10C419339D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,964 downloadsDownload Return.to_.Sender.2015.Baiscopelk.com_.rar56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/Ishara-Sampath.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,964 downloadsDownload Subtitles56 KB

32 comments

  1. nilantha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  2. rukka

    sthuthiiiiiiiiiiiiiiiiiiiiiiii

  3. rukka

    godaaaak sthuthi saho baiscope eke idam digatama sub denna labewa kila parthana karanawa... ewagena aluthen apu nisa lassana film ekak kyanam ekata sub dunnoth man dahas warayak sthuthiwantha wenawa
    puluwannam (CUCKO 2014 ) tamil film eke sub denna as pennathi kollekge lassanama lassaa film ekak bro oyama serch karala balanna oyatama karsnna hithei eka ikmanata karala dunnoth godak pin bro

  4. ප්‍රදීප් මධුසංඛ

    පළවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ
    වැඩේ දිගටම කරගෙන් යන්න.
    ජය වේවා...
    :D

  5. Jack

    නියමයි මචෝ.
    පලමු වැඩේට සුබ පැතුම්.
    වැඩේ දිගටම කරමු..
    ස්තුතියි සබ් එකට.
    ජය...

  6. Tharaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි. ජය....

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  8. චාරු

    පළවෙනි උපසිරැසියට සුබපැතුම්

  9. mithun

    තැනක්ස් බ්‍රෝ . මමත් මෙක බලන්න උන්නු චිත්‍රපටක් .
    උපසිරැසි ගැන්නුවට බොහොම තුති .සතුටුයි . පලවෙනි උපසිරැසියට සුභ පැතුම්. හොදම තෙරිමක්. ඉදිරියටත් උපසිරැසි දෙමු සහො..ජය

    1. H G A Dayan

      මගේ samsung galaxy s7 edge එකේ sub එක open වෙන්නෑනේ මොකද්ද කරන්න ඕන help me

  10. Asitha

    පළවෙනි උපසිරසියට සුබ පැතුම් සහෝ
    ජය වේවා!!!!

  11. Kumara

    Thank You bro...

  12. Vikum08

    කවුරුහරි kindergarten cop 2 එකට සබ් දෙන්නකෝ..!

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. Dilshan Kainga

    පළමු උපසිරසියට සුබ පැතුම්...
    දිගටම කරගෙන යන්න ලැබෙන්න ඕනේ.

  15. Prasad Kandamulla

    සිංහල 'සබ්' එකට බොහොම ස්තුතියි සහෝ..............

  16. දිල්ශාන් සචින්ත(සචී)

    පලමු උපසිරසියට සුබපැතුම් සහෝදරයා...
    ඒවගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා ..
    ඉදිරියටත් අපිත් එක්ක එකතුවෙලා ලොකු ගමනක් යමු.
    ජය වේවා.෴

  17. Tharindu Dilshan

    සුභ පැතුම් සහෝ :)

  18. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  19. Sajith Anthony

    පළවෙනි උපසිරසියට සුබ පැතුම්
    ජය වේවා…

  20. asan

    ස්තුතියි!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  22. Shyan Rhydmika

    godaak thanks ishara..oyage first sub ekama patta film ekak genath thiyenne gone girl balala thiyenawa eke akkine meketh inne aniwa okiwa marankanna hithena tharam triller film ekak wennethi thanks..issarahata thawa thawa sub karanna puluwanwewa...!!

  23. indika

    බොහෝම ස්තුතියි,… !!!

  24. Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

  25. Wayantha Sandaruwan

    පළමු උත්සහයට සුභ පැතුම් සහෝ,
    සුපිරි ෆිලුමක් වගේ අරං ඇවිල්ල තියෙන්නෙ,
    ගොඩක් ස්තූතියි සහෝ sub එකට,
    ජයව් වේවා!

  26. nidi

    thanks Ishara, oyage palamu weyamata issella mama "1983" bagena beluwa! mekatath thanks! uthsahaya sarthakai. diga kalayak apa wenuwen , site eke rasikayan wenuwen mehewaraka yedennata oyata awasthawa lebewa! karana kiyana siyalu katayuthu sapala wewa!

  27. Bandara76

    සුදු මූනයි හුරතලයයි හරි අවදානම්

  28. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    1. Chaminda Lakruwan

      ගොඩක් ස්තූති සබ් එකට

  29. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට

  30. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H