Watch Trailer

Tremors 4: The Legend Begins (2004) with Sinhala Subtitles | බින්කුන්ඩෝ 4 – භිෂකයන්ගේ ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

මගේ පස්වන උපසිරසි නිර්මාණය ලෙස කියපු විදියටම Tremors චිත්‍රපට මාලාවේ හතරවන කොටස අරගෙන ආව.දෙයක් කියන්න ඕන මේකේ ලයින් 1047 තිබුන. ඒ ගාන තුන් ගුණයක් වගේ දැනුන මේකේ තියන ඉංග්‍රීසි බාසාව නිසා . ඒ කියන්නේ මේ චිත්‍රපටියේ තියෙන්නේ සුද්දගේ ආච්චිගේ ඉංග්‍රීසි නොහොත් අර පොතේ ඉංග්‍රීසි කියන එක. ඉතින් වචන හොයල ,…

Tremors 4-The Legend Begins (2004)

මගේ පස්වන උපසිරසි නිර්මාණය ලෙස  කියපු විදියටම Tremors චිත්‍රපට මාලාවේ හතරවන කොටස අරගෙන ආව.දෙයක් කියන්න ඕන මේකේ ලයින් 1047 තිබුන. ඒ ගාන තුන් ගුණයක් වගේ දැනුන මේකේ තියන ඉංග්‍රීසි බාසාව නිසා . ඒ කියන්නේ මේ චිත්‍රපටියේ තියෙන්නේ සුද්දගේ ආච්චිගේ ඉංග්‍රීසි නොහොත් අර පොතේ ඉංග්‍රීසි කියන එක. ඉතින් වචන හොයල , තේරුම හොයල සිංහල කතා කරන බාසාවේ ආසන්නතම වචනේ හොයල ටයිප් කරන්න සැහෙන වෙලාවක් ගියා. ඒ උනාට පාඩු නැ. නියම කතාවක් තියෙන්නේ.

කතාව මොකක්ද කියල කියනවනම් මේක සිද්දවෙන්නේ Tremors පළමු චිත්‍රපටයේ කතාව සිද්දවෙන්න අවුරුදු සියකට කලින් කතාවක් විදියට . ඉතින් හතරවෙනි එක උනත් කතාවේ හැටියට එක . නෙවාඩා වල තියන පොඩි ටවුමක තමා මේක වෙන්නේ . පස්සේ කාලේ මේ ටවුමේ තමා ඔය ෆ්‍රෙඩ් ලා , වැල් ලා , එරල් ලා ජිවත් වෙන්නේ . කවුද කියල මුල් ඒවා බැලුවනම් දන්නවා ඇතිනේ . ඉතින් මේ ටවුමේ තියන පතලේ පොඩි ප්‍රස්නයක් ඇතිවෙනවා . වැඩකරන අය එක පාරටම මරලා දානවා . ඉතින් පතල වහල දානවා . මේක බලන්න එනවා ගමර් මහත්තයා . ඔයාල දන්න කෙනා නෙවි. එයාගේ මි මුත්තා හියුම් ගමර් . ඉතින් එයා ඇවිත් බලනකොට තමා දැනගන්නේ අමුතු සත්තු ජාතියක් පතලේ සිදුඋන අත්වැරදීමකින් මතුවෙලා කියල. උන් දරුණු ඒ වගේම මොලේ තියන උන් වගයක්, මේ වෙන කවුරුවත් නෙවි ඒ අපේ බින්කුන්ඩෝ ටික . ඉතින් උන් පරද්දල දිනන එක තමා කතාවේ තියෙන්නේ. IMDB 5.4 ක් අරන් තියනවා. බලන්නකෝ.

මේකත් එක්ක Tremors චිත්‍රපට මාලාව අවසන් වෙනවා. මොකද පස්වෙනි කොටස මම කලින්ම දුන්නනේ. මම ඊළඟට ගේන්න හිතන් ඉන්නෙත් සත්තු ගැන කතාවක්. මොකක්ද කියල කියන්නේ නැ. එත් කියන්න පුළුවන් ඉක්මනටම ඒක දෙනවා කියල.

ඔයාල දාන කමෙන්ට්ස් මම අසාවෙන් කියවනවා. සමහර යාලුවෝ චිත්‍රපටිවල නම් දාල ඒවායේ සබ් ඉල්ලනවා . යාලුවනේ මම ඒ ඔක්කොම නම් ටික ලියා ගන්නවා. ඉස්සරහට පුළුපුළුවන් විදියට හදන්න බලන්නම්. ටි වී සිරියල් නම් මට කරන්න අදහසක් නැ. කොටින්ම මම සිරියල් බලන්නේ නැ. බයස්කෝප් එකේ ඉන්න අනිත් යාලුවෝ ඒවා කරනවනේ . මට චිත්‍රපටි විතරක් ඇති. ඉතින් ඔන්න මම යනවා . කියුව විදියට අලුත් කතාවකින් හෙට අනිද්දම එනවා . එතකම් බුදු සරණයි ඔක්කොටම.

 

 

 

 

The Wrestler (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Tremors 4: The Legend Begins (2004) 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,040 downloadsDownload Tremors.4.The_.Legend.Begins.2004.Baiscopelk.com_.rar61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

1,040 downloadsDownload Subtitles61 KB

31 comments

  1. Asitha

    එල තෑන්ක්ස්
    ජයම වේවා!!!!
    ඔයා නිසා collection එකම බැලුවා

    1. nilantha

      බොහොම ස්තූතියි

  2. deleepa

    පුලුවන් නම් මේ ටිකත් සබ් කරලා දෙන්න
    below(2002)
    the fog(2005)
    mr.right(2016)

  3. dilan deshapriya

    satthunge movie witharakma denna..ewa denawa godak aduy..godak dena asay satthunge movie balanna..supirima wadak karanne oua..good luck

  4. dilan deshapriya

    rogue (2007) පුලුවන්නම් මෙී ෆිලුමට සබ් දෙන්න පට්ටම animal ෆිල්ම් එකක්...

  5. Dharshana Kasun

    Thanks bro..

  6. Jagath Arandara

    ශැම කොටසක්ම ගත්තා වෙච්ච මහන්සියට ස්ූතියි

  7. Dhanushka

    Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  8. DCD Weerawardhana

    Thank you very much :-)

  9. Haritha Dayanga

    නියමයි සහෝ
    කලෙක්ශන් එකම බැලුවා ඔයාට පීන් සිද්ද වෙන්න
    එලම
    ජයේන් ජය

  10. Vikum08

    මං නිකන්ද කිව්වේ සහෝ...! ඔයා ලෙසට බුලට් එකක් කියලා..!
    බලන්නකෝ 3 දීලා බලන්නත් කලින් 4 දීලා සුපිරියි සහෝ..!
    ඔබේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..!

    පුලුවන්නම් X-Men days of future past movie eke "ROUGE CUT" එකට සබ් දෙන්න බලන්න.
    මුල් ෆිල්ම් එකේ නැති ගොඩක් ඒවා තියෙනවා කියලයි ආරන්චි..! marvel ෆිලුමකට සබ් කරන්න හොඳ අවස්ථාවක් ඔන්න.
    bluray පිටපතුත් තියෙනවා..!

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Chaminda madusanka

    Congratulations Bro

    Puluwannam Viy 2014 Sub denawada

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Arshad Anas

    tancx machan sub aketa mata genration iron movie akata sub denna puluwnada

  16. kasun

    ela machn..saththu gana ewa nm maru.godak thanxxx..

  17. Sajith Anthony

    සබ් එකට බොහෝම ස්තුතියි
    ජය වේවා...!!!

  18. Chamara diaz

    Niyama Film Serios Ekak Tamai Meka, Sub Walata Boma Pin... B.S.

  19. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.

  20. Jack

    නියමයි මචෝ..
    ඉක්මනටම සෙට් එකටම සබ් දුන්නනේ...
    දිගටම ඔහොම්ම යමු මචන්...
    ස්තුතියි සබ් එකට.
    ජය...

  21. tikiri

    maru ban me film tika..mama okkoma baluwa ...ubata pin kollo

  22. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. pcvenom

    suppa

  24. nilantha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  25. Amila Mudalige

    Thanks Saho

  26. Lochananelum

    නියමයි මම මුල ඉදන්ම බැලුව උපසිරස ලබාදුන්නට ගොඩක් ස්තූතියි.

  27. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  28. Dewadithya

    Thanks for Sub

  29. Hashan M. Priyadarshana

    Thank you bro

  30. Supun M. Hettigoda

    තෑන්ක්ස් වේවා!!