කොහොමද කට්ටියට, මේ ටිකේම මම ඔයාලට දුන්නේ ජපන් හොල්මං චිත්‍රපටිනේ. අදත් අරන් අවේ ජපන් එකක්ම තමයි. ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ කලින් දුන්න Ringu චිත්‍රපටයේ දෙවෙනි කොටස. පළවෙනි එක කට්ටිය බලන්න ඇතිනේ නේද? මේකත් අධ්‍යක්ෂණය කරල තියෙන්නේ පළවෙනි එක නිර්මාණය කරපු Hideo Nakata කියන අධ්‍යක්ෂකවරයා විසින්ම තමය…
කොහොමද කට්ටියට, මේ ටිකේම මම ඔයාලට දුන්නේ ජපන් හොල්මං චිත්‍රපටිනේ. අදත් අරන් අවේ ජපන් එකක්ම තමයි. ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ කලින් දුන්න Ringu චිත්‍රපටයේ දෙවෙනි කොටස. පළවෙනි එක කට්ටිය බලන්න ඇතිනේ නේද? මේකත් අධ්‍යක්ෂණය කරල තියෙන්නේ පළවෙනි එක නිර්මාණය කරපු Hideo Nakata කියන අධ්‍යක්ෂකවරයා විසින්ම තමයි. පැයකුත් විනාඩි තිස් පහක් පුරා දිව යන මෙම චිත්‍රපටය අයත් වෙන්නේ Horror | Mystery | Sci-Fi කියන කාණ්ඩ වලට. Imdb දර්ශකයේ 5.9 ක ප්‍රේක්ෂක මනාපයක් සහ Google පරිශීලකයන්ගේ 84% මනාපයක් හිමිකර ගැනීමට මෙම චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා. මුල් නිර්මාණය වගේම මේකත් මුළ සිට අවසානය දක්වාම භීතියෙන්, කුතුහලයෙන් යුතුව බලන්න පුළුවන් නිර්මාණයක්. කලින් කොටස නොබලපු කෙනෙක් ඉන්නවනම් පළමු කොටස බලලම මේක බලන්න.
පළවෙනි කොටස බලපු අය දකින්න ඇතිනේ සදාකෝගේ ශාපයෙන් බේරෙන්න අසකාවා සහ එයාගේ කලින් සැමියා ටකයාමා එකතු වෙලා කරපු දේ. මේක පටන් ගන්නේ කලින් සිද්දියෙන් සති දෙකකට පස්සේ වෙන සිදුවීම් මාලාවක් සම්බන්ධව. මේ පාර පොලිසියත් මේකට මැදිහත් වෙලා තියෙනවා. කලින් පාර මේ දෙන්න එකතු වෙලා ඇත්තටම ශාපය ඉවත් කලාද? අසකාවාගේ දරුවා යොයිචිට සහ තාත්තාට මොකද වුණේ? මේවට උත්තර හොයා ගන්නත් එක්කම ඔයාලම බලන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියල.
හරි එහෙනම් මම ගිහිල්ල එන්නම්. නැවතත් උපසිරසියකින් හමුවෙනතුරු හැමෝටම ජය.
බුදු සරණයි !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,854 downloadsDownload Ringu-2-1999.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
9 comments
Nishadha Anuradha
Shamal manojan
බොහෝම ස්තූතියි
ඉතිරි ටිකත් දෙන්න
ගොඩාක් ස්තූතියිHashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
මේ Ringu japanese film ටික නම් සුපිරි බ්‍රෝ ඈ බොහොම ස්තුතියි සිංහල සබ් එක්ක බලන්න අවස්ථාව සැලසුවට :) ...
මේ Ringu japanese film series එකේ තව film තියනවා නේද ඒවටත් පුළුවන් විදිහට සබ් දෙන්න..
ජය වේවා.!Ishan Madusha
නියමයි සහෝ.ඉතුරු ෆිල්ම් වලටත් සබ් දෙනකම් බලන් ඉන්නව එහෙනම්
බොහොම ස්තූතියි.ජය වේවා!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Very Good job man... I need more super old horror movies.....