Watch Trailer

Dreamkatcher (2020) Sinhala Subtitles | සිහිනයක රැඳී අභිරහසක් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවේවා බයිස්කෝප්වාසීනි, මේ කොරෝනා ජරමර අස්සේ පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්නවා නේද ? ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේ පාර ගෙනාවේ මේ අවුරුද්දේ නිකුත් උන අළුත්ම හොල්මන් ෆිලුමක්. මේකේ වගතුග හොයලා බැලුවොත් අප්‍රේල් 27 තමයි චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරලා තියෙන්නේ ඒ වගේම 4.1ක IMDb අගයක් ලබගන්න…

ආයුබෝවේවා බයිස්කෝප්වාසීනි, මේ කොරෝනා ජරමර අස්සේ පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්නවා නේද ? ඔන්න එහෙනම් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේ පාර ගෙනාවේ මේ අවුරුද්දේ නිකුත් උන අළුත්ම හොල්මන් ෆිලුමක්. මේකේ වගතුග හොයලා බැලුවොත් අප්‍රේල් 27 තමයි චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරලා තියෙන්නේ ඒ වගේම 4.1ක IMDb අගයක් ලබගන්නත්, 74%ක් කුණු තක්කාලි මීටරේ කරකවන්නත්, 62%ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් මේ ෆිලුම සමත් වෙලා තියෙනවා. Horror/Thriller යන කාණ්ඩ වලට තමයි මේ ෆිලුම වර්ග කරලා තියෙන්නේ. චිත්‍රපටිය අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නේ Kerry Harris. ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ, Rogue (2007) , Olympus Has Fallen (2013), London Has Fallen (2016) යන චිත්‍රපටවල රඟ පෑ Radha Mitchell ගේල් ලෙසත්, The Grudge (2020) සහ Insidious චිත්‍රපට පෙලෙහි එලිස්ගේ චරිතය රඟ පෑ Lin Shaye රූත් ලෙසත්, Henry Thomas ලුක් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.

අපි හැමෝම හීන දකිනවා නේද ? නින්දෙදිත් දකිනවා, හැබැහිනුත් දකිනවා. සමහර ඒව සැබෑ කරගන්න උත්සහ කරනවා. සමහර ඒවට අපි බය වෙනවා. ඇත්තටම මේ සිහින කියන්නේ මොනවද ? විද්‍යාඥයොනම් සිහිනයක් කියලා හදුන්වන්නේ නින්දේ ඇතැම් අවධිවලදී සාමාන්‍යයෙන් මනස තුළ අනවශ්‍ය ලෙස සිදුවන රූප, අදහස්, හැඟීම් සහ සංවේදනයන්වල එකතුවක් විදියට තමයි. තවමත් මේ සිහින වල අන්තර්ගතය සහ අරමුණ සම්පූර්ණයෙන් වටහාගෙන නැති උනත් ඒවා වාර්තාගත ඉතිහාසය පුරාම විද්‍යාත්මක, දාර්ශනික හා ආගමික උනන්දුවක් දක්වන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. සමහර අය මේ සිහින වලට අර්ථ නිරූපණයක් එහෙමත් නැත්තම් මේ සිහින වල යම් තේරුමක් ඇති බව විශ්වාස කරනවා වගේම ඒ අර්ථය උකහා ගැනීමටත් ඊට යටින් පවතින පණිවිඩ සෙවීමටත් උත්සාහ කරනවා. මේ හීන වල හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. ගොඩක් අය හීනෙන් බය වෙනවා කියලා ඔයාලා අහලා, දැකලා ඇතිනේ. ඉතිං මේ නරක හීන දකින එකෙන් බේරෙන්න කියලා ඉස්සර කාලේ බටහිර හිටපු හදි හූනියම් කරන අය අපූරූ දෙයක් නිර්මාණය කරලා තියෙනවා. ඒක තමයි ඩ්‍රීම් කැචර් (Dreamcatcher) කියන්නේ. මේක අශ්ව වලිගයේ කෙදි අරගෙන කුරුළු පිහාටු එක්ක එකට ගැට ගහලා ලස්සන සැරසිල්ලක් වගේ හදපු දෙයක්. මෙයින් එකක් අරගෙන තමන් නිදා ගන්න ඇඳ ළග එල්ල ගත්තම එයාට නපුරු හීන පේන්නේ නැතුව සුභ සිහිනම පේනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉතිං ජෝශ් කියන්නේ තමන්ගේ අම්මගේ හදිසි අභාවයෙන් ගොඩක් කලකිරිලා ඉන්න පුංචි ළමයෙක්. ජොශ්ගේ තාත්තා, එයාගේ පෙම්වතියත් එක්ක නිවාඩුවකට ජොශ්ගේ අම්මා ජීවත් වෙලා හිටපු ගෙදරට එක්කගෙන යනවා. ජොශ්ටත් අම්මා මැරුණ දවසේ ඉදලා හැමදාම නරක හීන දැකලා හීනෙන් බය වෙන තත්වයක් ඇති වෙලා තියෙන්නේ. දවසක් ජොශ්ට ඒ පැත්තේ ඉන්න පරණ බඩු විකුණන කඩයක තිබිලා ඩ්‍රීම් කැචර් එකක් හම්බෙනවා මෙයා ඒක හොරෙන්ම ගෙදර අරන් ඇවිත් තියාගන්නේ ඒක නිසාවත් නරක් හීන පේන එක නැති වෙයි කියලයි. ඉතිං ඊට පස්සේ ජොශ්ට නරක හීන පේන එක නතර වෙයිද ? ජොශ්ගේ අම්මා ඇත්තටම මැරුනේ කොහොමද ? මේ අරන් ආපු ඩ්‍රීම් කැචර් එකේ ඉතිහාසය මොකක්ද ? ජොශ්ගේ පවුලට මොනවා වෙයිද ? ඒවට උත්තර මේක බලලම හොයාගන්නකෝ.

හැමදාම වගේ මේ සිනමාපටයත් උපසිරැසි ගැන්වීමට අවසර දුන්න හසන්ත අයියටත් ස්තූතිවෙන ගමන් ෆිලුමේ තිබුන පැරණි, නොදන්න වචන හොයලා පැහැදිලි කරලා දුන්න රිෆ්කා සහෝදරියවත් ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම උපසිරැසි නැති ෆිල්ම් ගැන මුහුණු පොතෙන් මාව දැනුවත් කරන යාළුවන්ටත් ස්තූතිවන්ත වෙනවා. වෙනදා වගේම අදත් කියන්න තියෙන්නෙ ඔයාලා ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න ගමන් ලංකාවේ අංක 1 විනෝදාත්මක වෙබ අඩවියත් එක්ක දිගටම රැදිලා ඉන්න. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා. . . තෙරුවන් සරණයි !!!

#STAY SAFE #STAY HOME

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,103 downloadsDownload Dreamkatcher-2020.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යුරාන් ධනුක

Subtitles

3,103 downloadsDownload Subtitles30 KB

11 comments

  1. Mike Leroy

    Thanks sub ekata supiri ela pluwanman DC Lego Shazam magic and master sub dennko please 2020

  2. Dushan Niranga

    Bro...Me film eka download karana eka podi awlak wage. Page not found kiyala danawa.

    1. Dushan Niranga

      Dan hari... Thank you.

  3. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. indika75

    thanks..

  6. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට...

  7. suranuwan

    thanks......

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. pinky

    Such a good article.. gonna watch..thnx for the subtitle..and keep up the good work.. good luck bro..❤

  10. Dewadithya

    Thanks for sub!