Watch Trailer

Justice League Dark: Apokolips War (2020) Sinhala Subtitles | අවසන් මහා සටනක ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

පුරා වසර හතක්, සිනමාපට පහළොවක්. තවත් එක සිනමා විශ්වයක අවසානයක්. 1934 වසරේදී DC (Detective Comics) පිහිටුවලා, ලෝකේ මුල්ම සුපිරි වීර චරිතය විදිහට 1938 වසරේදී සුපර්මෑන්ව හදුන්වලා දීපු ගමනෙ මේ වෙද්දී සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. කොමික්, ඇනිමේෂන් චිත්‍රපට, ලයිව්-ඇක්ෂන් චිත්‍රපට, රුපවාහිනී කතාමාලා, ක්‍රී…


පුරා වසර හතක්,
සිනමාපට පහළොවක්.
තවත් එක සිනමා විශ්වයක අවසානයක්.

1934 වසරේදී DC (Detective Comics) පිහිටුවලා, ලෝකේ මුල්ම සුපිරි වීර චරිතය විදිහට 1938 වසරේදී සුපර්මෑන්ව හදුන්වලා දීපු ගමනෙ මේ වෙද්දී සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. කොමික්, ඇනිමේෂන් චිත්‍රපට, ලයිව්-ඇක්ෂන් චිත්‍රපට, රුපවාහිනී කතාමාලා, ක්‍රීඩා, සෙල්ලම් බඩු ඔය වගෙ බොහොමයක් දේවල් හරහා තමන්ගෙ සන්නම් නාමය මිනිස්සු අතරට යවන්න DC වලට හැකියාවක් ලැබුනා. හැබැයි ඉතිං පුද්ගලිකවම දැනට පවත්වන් යන DCEU එක ගැන නම් සතුටු වෙන්න බැහැ. මම ඉතිං ඒ ගැන කියන්න ඕන නැහැනෙ. ඒ ගැන කියන්න ගියොත් මේ මාතෘකාව වෙනින් දිහාවකට හැරෙනවා. DCEU එක ෆේල් වෙද්දී තමන්ගෙ වැරදි වහගන්න Warner Bros. සමාගම එක එක්කෙනාට ඇගිල්ල දික් කලත්, එයාලා හැමදාමත් වගේම හොදටම කරන දෙයක් තිබුනා. ඒ තමයි Warner Bros. Animation යටතෙ නිර්මාණය වෙන ඇනිමේෂන් චිත්‍රපට හා කතාමාලා. මේ දේම DC ඇනිමේෂන් චිත්‍රපට වලටත් හරිම අපූරු විදිහට සිද්දවුණා. DCEU එක්ක බැලුවම අති සාර්ථක වෙන්න මේ චිත්‍රපට වලට හැකියාව ලැබෙනවා, ඒ ප්‍රේක්ෂක පැසසුම් වගේම චිත්‍රපට ශ්‍රේණිගත කිරීම් සිදු කරන IMDb හා Rotten Tomatoes වැනි වෙබ්අඩවි තුල ඉහල මට්ටමේ අගයන් ලබා ගනිමින්.

මේ වෙද්දී සම්පුර්ණ DC යුනිවර්ස් ඇනිමේෂන් යටතෙ සම්පුර්ණ චිත්‍රපට 38 ක් බිහිවෙලා තියෙනවා. මේ නිකුත් වෙන චිත්‍රපට වෙන් කරගෙනම තවත් එක යුනිවර්ස් එකක් හැදුවා DC Animated Movie Universe (DCAMU) ලෙසින්. Jay Oliva අධ්‍යක්ෂණය යටතෙ මුල්ම චිත්‍රපටය ඒ කිව්වේ, Justice League: The Flashpoint Paradox (2013) චිත්‍රපටයෙන් තමයි ආරම්භය සිද්දවුනෙ. එදා ඉදන් මේ දක්වාම බිහිවුන ඇනිමේෂන් සිනමා විශ්වය නිකුත් වුන හැම සිනමා නිර්මානයකම වෙනස් විදිහකට, කතාවේ අන්තර්ගත වෙන දේවල් එකිනෙකට සම්බන්ධ වෙමින් හැඩ ගැහුණු මේ ඇනිමේෂන් සිනමා විශ්වය කොයි තරම් අපූරුද කියලා රසික ඔබ නම් දන්නවා ඇති.

DC Animated Movie Universe (DCAMU)  

අලුත්ම චිත්‍රපටය ගැන කතා කරන්න කලින් මෙතෙක් පැමිණි චිත්‍රපට ටික මතක් කරගෙනම ඉමු.

  1. Justice League: The Flashpoint Paradox (2013)
  2. Justice League: War (2014)
  3. Son of Batman (2014)
  4. Justice League: Throne of Atlantis (2015)
  5. Batman vs. Robin (2015)
  6. Batman: Bad Blood (2016)
  7. Justice League vs. Teen Titans (2016)
  8. Justice League Dark (2017)
  9. Teen Titans: The Judas Contract (2017)
  10. Suicide Squad: Hell to Pay (2018)
  11. The Death of Superman (2018)
  12. Reign of the Supermen (2019)
  13. Batman: Hush (2019)
  14. Wonder Woman: Bloodlines (2019)
  15. Justice League Dark: Apokolips War (2020) 

මේ කාලය පුරාවටම DCU එහෙමත් නැත්තම් ඩිසි කොමික් යුනිවර්ස් එක නිකුත් වුනෙ ප්‍රධාන කාණ්ඩ (ටයිම්ලයින්) තුනක් යටතේ. 

    1. The 52
    2. The New 52 (2011 – 2015)
    3. DC Rebirth (2015-)

ඉතිං 2013 වසරේ නිකුත් වුන Justice League: The Flashpoint Paradox චිත්‍රපටයෙ ඉදලා අද උපසිරැසි අරගෙන ආව Justice League Dark: Apokolips War චිත්‍රපට නිර්මාණයට පාදක වුනෙ The New 52 ටයිම්ලයින් එකෙන් වගේම Justice League Dark: Apokolips War කියන්නෙ මෙතෙක් නිකුත් වූ ඇනිමේෂන් චිත්‍රපටවල තියෙන ප්‍රධාන සිදුවීම් ඇතුලත් වෙන චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. මේ අලුත් ඇනිමේෂන් චිත්‍රපටය සදහා පාදක වෙන්නෙත් 2015 වසරේදී සම්පුර්ණ මුද්‍රණ 19ක් පුරාවට නිකුත් වුන Justice League: Darkseid War කොමික් කලාපයයි. 

Justice League Darkseid War කොමික් කලාපය

Justice League Darkseid War කොමික් කලාපය

වර්තමානයෙ බිහිවෙන කොමික් අයත් වෙන්නෙ DC Rebirth ටයිම්ලයින් එකට නිසාත්, Darkseid War වගේ ලොකු සිදුවීමකින් පස්සෙ DC Revirth වගෙ ටයිම්ලයින් එකකට යන්න නම් අනිවාර්යෙන්ම මේ DC Animated Movie Universe (DCAMU) එක රීබූට් වෙන්නම ඕනා. තවම මේ ගැන කිසිම විදිහක තොරතුරු නම් නිකුත් කිරීමක් DC Comics හෝ Warner Bros. සමාගම් විසින් සිදු කරලා නැහැ. නමුත් Justice League Dark: Apokolips War චිත්‍රපටයෙන්  DC Animated Movie Universe (DCAMU) එක අවසන් වෙනවා කිව්වම බොහෝ දෙනාගෙ මතය වුණේ රීබූට් එකක් කරලා, ඉදිරි ඇනිමේෂන් සිනමා නිර්මාණ DC Rebirth ටයිම්ලයින් එකට සමාන වෙන විදිහට නිර්මාණය කිරීමයි. 

හැබැයි 2019 වසරට අදාල සැන් ඩියෑගෝ කොමික් කොන් සමුළුවේදී 2020 වසරට අදාල ඇනිමේෂන් චිත්‍රපට ගැන සදහන් කරද්දී Justice League Dark: Apokolips War චිත්‍රපටයෙන් පසුව ලබාදෙන මීලග චිත්‍රපටය ලෙස සදහන් කලේ “Superman: Man of Tomorrow” නම් සුපර්මෑන්ගෙ චිත්‍රපටයක්. බොහෝවිට මේක Rebirth එකේ ස්ටෝරි ටයිම්ලයින් එකකට ගෙනියන්න ලබා දීපු ඉගියක් වෙන්න පුලුවන්. රීබූට් එකක් සිද්ද වුනොත් ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ෆ;ෆ්ලෑෂ්පොයින්ට් එකේදී මැකිලා ගිය වොලී වෙස්ට්, ඩොක්ටර්. මෑන්හැට්න් වගේ තවත් ප්‍රධානම චරිත ඉදිරි ඇනිමේෂන් චිත්‍රපට ඔස්සෙ දැකගන්න ලැබේවි. 

අවසාන වශයෙන් Justice League Dark: Apokolips War චිත්‍රපටයෙ ගැන කිව්වොත් 2017 වසරේදී නිකුත් වූ Justice League Dark චිත්‍රපටයෙ දෙවැනි (සීක්වල්) නිර්මාණය විදිහට තමයි මේ අලුත් චිත්‍රපටයෙ නිර්මාණ කටයුතු සිදු වෙලා තියෙන්නෙ. අධ්‍යක්ෂණ කටයුතු සිදු වෙන්නෙ Christina Sotta, Matt Peters දෙදෙනා විසිනුත්, James Tucker යටතේ නිෂ්පාදන කටයුතුත්, තිර රචනය Mairghread Scott යටතේත් සිදුවෙලා තියෙනවා. නිෂ්පාදන සමාගම් විදිහට Warner Bros. Animation, DC Entertainment දෙගොල්ලන්ගෙ එකතුවෙන් සිදුවෙලා තියෙනවා. IMDB දර්ශකය තුල 8.3/10 ක අගයකුත්, Rotten Tomatoes වෙබ්අඩවිය තුල 100% ප්‍රතිශතයකුත් ලැබිලා තියෙනවා. පැය 01, විනාඩි 30 ක් පුරාවට ධාවන කාලයක් සටහන් වෙලා තියෙන මේ චිත්‍රපටය rated R විදිහට සැලකෙනවා.

යුනිවර්ස් එක මීට කලින් පිළිවෙලකට බලලා නැත්තම්, මීට කලින් බලලත් සිද්දවුන කිසිම දෙයක් මතක නැත්තම් මුල ඉදලම බලලා අද අරගෙන ආව චිත්‍රපටය බලන්න. කිසිම එකක් නොබලා මේක විතරක් නම් බලන්න එපා. තේරුමක් නැහැ.

ගිහින් එන්නම්. ජය!!

 

මේ ලිපියෙ තැන් කිහිපයකම ඩාක්සයිඩ් ගැන කාතා වුන එකේ දෙයක් කියන්නම්. Man of Steel වලින් ආරම්හ වුන DCEU එකේ BvS චිත්‍රපටය හරහා අපිට ඩාක්සයිඩ් ගැන ඕන තරම් ඉගි ලබා දුන්නා. මතක ඇතිනෙ බෲස් දකින හිනෙ? එතන තිබුණු ඔමේගා සලකුණ එහෙම?

මේ දේවල් වලින් පටන් අරන් Zack Snyder යටතෙ නිර්මාණය වෙන්න තිබුන Justice League චිත්‍රපට තුනට අනුව ලයිව් ඇක්ෂන් සිනමා විශ්වයක් හරහා ඩාක්සයීඩ් කෙනෙක්ව දැකගන්න අවස්තාව තිබුනා Ray Porter රංගධරයාගේ සහභාගීත්වයෙන්. මේ හැමදේම Zack Snyder ලැස්ති කරලයි තිබුණේ. අද අරගෙන ආව ඇනිමේෂන් චිත්‍රපටයෙ ඇතුලත් වෙන බොහොමයක් සිදුවීම් වලට සමාන දේවල් ජස්ටිස් ලීග් චිත්‍රපට ත්‍රිත්වයක් ඔස්සෙ ප්‍රේක්ෂකයන් වෙත ලබා දෙන්නයි ස්නයිඩර් ලැස්තිවුනෙ. නමුත් ඒ අවස්ථාවත් අන්තිමට නැතුව ගියා. ඒ වෙනුවට ලැබුනෙ Joss Whedon හදපු කාටුන් එකක් විතරයි. Krypton කතාමාලාවේ දෙවැනි කතාසමයෙ අවසානය මතක් කරලා බලන්න. ඒකේදිත් අවසානයට ඩාක්සයිඩ්ගෙ ඔමේගා සලකුණ පෙන්නුවා.

මේ නිසාම වෝනර් බ්‍රදර්ස්ලා ඒ කතාවත් දෙවැනි කතාසමයෙන් නවත්තලා දැම්මා. මේ හැමදේම ප්‍රතික්ෂේප කරලා WB ලට ඕන වුණේ New Gods චිත්‍රපටය හරහාම ඩාක්සයිඩ් කෙනෙක්ව රිදී තිරයට ගේන්න. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය සිදු කරන Ava DuVernay පවා Twitter ඔස්සෙ කියලා තිබුනා එයාගෙ චිත්‍රපටයට ඩාක්සයිඩ්ව ඇතුලත් කරන බවට. නමුත් දැන් ඒ චිත්‍රපටය ගැනත් කිසිම ආරංචියක් නැහැ. බොහෝදුරට ඒ චිත්‍රපටයත් WB ලා ප්‍රතික්ෂේප කරන්න ඇති. ලයිව්-ඇක්ෂන් චිත්‍රපට පැත්තෙන් අවාසනාවන්තම ෆෑන්බේස් එකක් තියෙන DC ලට කවදාවත් ඩාක්සයිඩ් කෙනෙක්ව දැකගන්න නොලැබීම යන්නත් බැරි නෑ. ඒ නිසා ඇනිමේෂන් ටිකක් බලාගෙන හිත හදාගෙන ඉන්නයි තියෙන්නෙ.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

16,159 downloadsDownload Justice-League-Dark-Apokolips-War-2020-Blu-Ray.zip121 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

16,159 downloadsDownload Subtitles121 KB

51 comments

  1. ravindu rukshan

    Thx

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. sasindunipun

    Thanks bro

  4. Anonymous

    sub 1ta tnq

  5. Anonymous

    download kala.
    thanks sub ekata

  6. Luthar

    Ooooo niyamai thanks sub ekata supiri ela pluwanman Lego DC Shazam magic and master film sub dennko please thama Looney tunes TV show season 1 sub dennko please

  7. Hiran Eranda

    thank you

  8. Ayesh Prashan

    Thank You

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  10. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  12. Nilupul Madukapriya Perera

    උපසිරසියට බොහොම ස්තුතියි චම්මු...

  13. සනිඳු ලක්ඛිත

    බෝම ස්තූති චාමර සහෝ උපසිරසට...එනකම් ඇගිලි ගැන ගැන හිටියේ...අර කිව්වත් වගේ සේරම ටික ආයේ බලලා මේක බලන්න ඕනි. මොකද JL කතා ටික මතක තිබුනට අනිත් ටික මීටර් නෑ. කෝම උනත් අර සිනමැටික් යුනිවර්ස් එක ගැන කියපු කතාවනම් සහතික ඇත්ත. හැබැයි WB DCEU එකක් නොහදා වැඩේ අතාරී කියලානම් මං හිතන්නෙ නෑ. ගොඩක් දුරට ඊලග අවුරුදු 5 වගේ ඇතුලත DCEU ආයේ රීබූට් වෙයි. සමහරවිට ඒකේ ආරම්බය පැටින්සන්ගෙ බැට්මෑන් ෆිලුම වෙන්නත් පුලුවන්...!

  14. indika75

    thanks..

  15. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata. Jaya

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

    1. Tharusha

      Me sub valata movie eka ganna puluwan site ekaka link eka dannako please

    2. Hashan M. Priyadarshana

      baiscopedownloads . co එකේ තියනව බ්‍රෝ

    3. Anonymous

      tnx bro

  17. shehan125

    Patta

  18. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  19. සචී

    Thank you for the subtitles

  20. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..!!

  21. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    එනකම් බලන් හිටපු එකක්....

  22. Slesnar

    thank u for the sub. DC comic wala thiyana gathiya kawadawth WB la DCEU ekata nm aran ena ekak na awasanawa thama. kiwwath wage animation tika balala hitha hadaganna thama wenne :-D

  23. prasanga

    thanks....

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Anonymous

    PLZ PULUWNNAM "YOUNG JUSTICE SEASON 3" EKTA SUB HADLA DENNA AIYE!!!

  26. bat1234

    plz puluwannm "YOUNG JUSTICE SEASON 3" ekta sub hadala dannaco,loku udawwak!!!!!!!!!!!

  27. Sajithlakshan

    thanks .....................

  28. SupunTharaka

    Thanks.......

  29. instant

    ස්තුතියි සහෝ...

  30. Anonymous

    හැමදාම ෆිල්ම්ස් බලන්න තියෙන කලබලේට මේකට කමෙන්ට් කරන්න අමතක වෙනවා. සමාවෙන්න.
    බයිස්කෝප් ටීම් එක කරන්නේ විශාල සමාජ සේවයක්. වර්තමානයේ ඉන්න බොහෝ කලාකරුවන්ට, කලා බලධාරීන්ට වඩා සේවයක් බයිස්කෝප් ටීම් එකෙන් වෙනවා. භාශා ප්‍රශ්නය නිසා මේ රටේ මිනිසුන්ගෙන් ඈත් වෙලා තිබ්බ විදේශ කලා නිර්මාණ මේ රටේ මිනිස්සුන්ට බලන්න සැලැස්සුවේ උබලා <3
    අපි උබලට එක සතයක්වත් නොදී හැමදාම ෆිල්ම්ස්, සබ් හොයාගන්නවා මේ සයිට් එකෙන්. ❤❤❤❤
    අපි උබලට ආදරෙයි. පට්ටම ආදරෙයි. උබලා කරන සේවයට අපිට දෙන්න පුලුවන් ආදරේ විතරයි.

    1. Uvindu

      Anivaryayen

  31. PahasaraDv

    Thankz very much....

  32. Pathum Winchester

    උපසිරැසියට ස්තූතියි සහෝ

  33. Uvindu

    Thank you

  34. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!

  35. හසිදු දෙවින්ද

    Masterpiece ❤️
    Snyder cut එක රිලීස් වෙනවා කියලා කතාක් යනවා නේ මේ දවස් වල. සබ් එකට තැන්ක්ස් සහෝ ❤️

  36. podda

    thanks bro

  37. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  38. Dewadithya

    Thanks for sub!

  39. Anonymous

    ස්නයිඩර් කට් එක එන කං බලං ඉන්නෙ....
    පොඩි පොඩි නිවුස් යනව නෙ දෙනව කියලා

  40. Amila Mudalige

    Sub ekata Thanks

  41. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  42. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

    1. Pasindu Lakshan

      තෑන්ක්ස් මචන් සබ් එකට.දිගටම කරන් යමු.මටත් ආසවක් තියෙනවා සබ් කරන්න.බලමු ඉතින් ඉස්සරහට.කියලා දෙනවනම් කරන්නම්.

  43. Samuditha

    Snyder Cut eka 18 enwane kawada wtra weyida bn eke sub දාන්න

  44. Shaggy

    බොහොම ස්තූතියි

  45. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ... ජය වේවා...❤️❤️❤️

  46. Mr. B

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.