Watch Trailer

Kingsman : The Golden Circle (2017) Sinhala Subtitles | ඇරඹුමක අවසානය.. [සිංහල උපසිරැසි සමඟ]

“සිරිත් විරිත්… හොද මිනිහෙක්ව… නිර්මාණය කරනවා…” ඔය වාක්‍ය කැල්ල ඇහුනත් ඇති ඕනෙම කෙනෙක් දන්නවා. නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවනම් ඔත්තු කරුවන්ගේ රජ දැක්ම නොහොත් Kingsman: The Secret Service (2014) මුලින් බලලම ඉන්නකෝ. මං දන්නවා ඉතින් මුල් චිත්‍රපටය බලපු කෙනෙක් මේකේ අලුත්ම චිත්‍ර…

 

“සිරිත් විරිත්… හොද මිනිහෙක්ව… නිර්මාණය කරනවා…”

ඔය වාක්‍ය කැල්ල ඇහුනත් ඇති ඕනෙම කෙනෙක් දන්නවා. නොදන්නා කෙනෙක් ඉන්න විදිහක් නැහැ. එහෙම කෙනෙක් ඉන්නවනම් ඔත්තු කරුවන්ගේ රජ දැක්ම නොහොත් Kingsman: The Secret Service (2014) මුලින් බලලම ඉන්නකෝ. මං දන්නවා ඉතින් මුල් චිත්‍රපටය බලපු කෙනෙක් මේකේ අලුත්ම චිත්‍රපටය නිකුත් වෙනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තේ. මොකද මමත් ඔයාලා වගේම පූර්ව ප්‍රචාරක පටය බලලා පිස්සෙක් පිස්සෙක් වුන කෙනෙක්. ඔයාලාට මුල් චිත්‍රපටය ගෙනාපු රවින්ද්‍ර හංසක සහෝදරයා නම් නෙවෙයි ගේන්නේ. හරිනම් මේ දෙවැනි චිත්‍රපටයත් ගේන්න තිබුනේ එයා. ඒත් හදිසියේ එයාට කරන්න බැරි වීම නිසාවෙන් මටම ආයේ මේක කැරකිලා ආවේ. මට මේක බාර දීම වෙනුවෙන් හසන්ත අයියට වගේම ඉරිදා උදේ වෙබ් පිටපතක් ඇවිත් කියලා මේක කරන්න පටන් ගනින් කියලා මතක් කරපු විමාටත් හුගක් ස්තුතියි. කිංග්ස්මන්ලගේ කතාව අමුතුවෙන් කියන්න ඕන නෑනේ එච්චර හොදට පැය දෙකක් පුරාවටම බලලා රස විදින්න පුලුවන් කමක් තියෙද්දී. අද කතා කරමුකෝ අලුත්ම එක ගැන.

කතාව පටන් ගන්නෙම එග්සි දන්න කෙනෙක්ගෙන්. චාර්ලි හෙස්කෙත් කියලා කිංග්ස්මන්ලා තුලින් ප්‍රතික්ෂේප වුන කෙනෙක්ව. මුල් චිත්‍රපටය අවාසනයේ චාර්ලියි එග්සියි අතර සිද්දවුන සටන අවසානයේදී සිදුවුණ අනතුරින් චාර්ලිට කතා කරන්න බැරිව ගිහින් වගේම එයාට එයාගේ අතක් පවා නැති වෙලා තියෙනවා. පස්සේ රොබෝ අතක් නම් දාගෙන. කතා කරන්නත් පුලුවන් හැකියාවත් නැවත ලැබිලා. හදිසියේම එයා අතරමගදී එග්සිට කඩා වදිනවා. එතනදී එයාගෙන් ගැලවිලා යන්න අවස්ථාවක් ලැබුණු නිසා එග්සි හිතන්නේ හැමදේම ඉවරයි කියලා. ඒත් එග්සිගේ නොසැලිකිලිමත් කම නිසාවෙන් කිංග්ස්මන්ලා අනතුරට ලක් වෙලා එයාලගේ මුලස්ඨානයට වගේම හැම කිංග්ස්මන් කෙනෙකුගේම නිවාස වලට ප්‍රහාර එල්ල වෙලා අපි හුගක් ආදරය කරපු චරිත මේ චිත්‍රපටයෙන් මුලදීම සමු ගන්න පටන් ගැම්මක් වෙනවා. එග්සිගේ වාසනාවට එයාගේ ගෙදර විනාශ වෙද්දී එයා නම් ගෙදර හිටියේ නැහැ. එයා හිටියේ එයාගේ පෙම්වතිය ටීල්ඩිගේ දෙමව්පියන්ව මුණගැහෙන්න රෑ කෑමකට එයාලගේ මන්දිරයට ගිහිල්ලයි. හැමදේම නැති වුනු එග්සිටයි මර්ලින්ටයි තමන්ගේ මිත්‍ර පාර්ශවයක් හොයාගෙන එක්සත් ජනපදයට යන්න චෙනවා. මෙතනදී තමන්ගේ අනන්‍යතාවය මේ අයට පැහැදිලි කරන්න ගිහින් සෑහෙන්න ලොකු දුෂ්කරතා වලට මුහුණ දෙන්නත් සිද්දවෙනවා.එතකොට තමයි දැනගන්න වෙන්නේ මේ අයගේ ලොකුම සතුරා වෙච්චි “ගෝල්ඩන් සර්කල්” නොහොත් රන් කවය ලොකු විනාශකාරී වැඩ වගයක් කරගෙන යනවා කියලා.

පුංචි සාරාංශයක් දුන්නා මිසක් කතාව මුළුමනින්ම කියලා විනාශ කලේ නැහැ. අඩුම තරමේ අපිට පුර්ව ප්‍රචාරක පටන් දීපු ඉගිය ගැන නම් කිව්වේ නැහැ. Action, Adventure, Comedy කියන කාණ්ඩ නියෝජනය කරමින් 2017 සැප්තැම්බර් මාසයේ 22 දින ලොව පුරා තිරගත වීම ආරම්භ කරන මේ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් නිර්මාණය කරගෙන මේ වෙද්දී ඇමරිකානු ඩොලර් 394 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් පිහිටුවන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම IMDb දර්ශකය තුල 7.2/10 අගයක් පලබාගන්නත් හැකියාවක් ලැබිලා තියෙනවා. මුල් චිත්‍රපටය නිකුත් වීමෙන් පසුව අවුරුදු තුනකට පස්සේ එළිදැක්වුණ නිසාවෙන් මං Rotten Tomatoes වගේ දර්ශක ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද එක් හේතුවක් තමයි පරණ චිත්‍රපට වලට සලකන විදිහට නෙවෙයි ඒ අඩවිය තුලින් අලුත් චිත්‍රපට වලට සලකන්නේ. පැය 2 කුත් විනාඩි 21 පුරාවටම ධාවනය බවට සටහන් වීමක් වෙනවා. සුපුරුදු පරිදි KIck Ass පළමුවැන්න හා වගේම දෙවැන්නත්, X-Men: First Class (2011), X-Men: Days of Future Past (2014) වගේම Kingsman: The Secret Service (2014) චිත්‍රපටි නිර්මාණයට දායක වුනු Matthew Vaughn තමයි මෙදාපාරත් මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙත්. ඔය කලින් සදහන් කරපු චිත්‍රපට බිහිවෙන්න පවා දායක වුනු Matthew Vaughn, Matthew Vaughn දෙන්නා තමයි තමයි මේ සලරුවේ තිරපිටපත් වල වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒවගේම තමයි මේ චිත්‍රපට දෙකම පදනම් වුනේ 2012 – 2013 කාලයේ නිකුත් වුන “The Secret Service” කියන කොමික් චිත්‍රකතා ඇසුරින්. මුල් චිත්‍රපටය තුලදී අපිට මුණගැහුණු මුහුණු අය වෙච්චි Taron Egerton, Edward Holcroft, Mark Strong, Hanna Alström වගේ හුගක් චරිත මේ චිත්‍රපටය තුලිනුත් දැකගන්න අවස්ථාවක් ලැබෙනවා.

එහෙනම් ඉතින් චිත්‍රපටය නිකුත් වෙලා දවස් දෙකකින් වගේ කාලයක් ඇතුලත දුන්න එකේ උණු උණුවෙම සබත් දුන්න එකේ අරගෙනම බලන්නකෝ කොහොමද තත්වේ කියලා. එහෙනම් ඉතින් මිලග උපසිරැසිය තුලින් හමුවෙමු. ගිහින් එන්නම්. ජයෙන් ජය!

7.1

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL/ Bluray  පිටපත් සඳහා ගැලපේ.

58,595 downloadsDownload Kingsman-The-Golden-Circle-2017-BR.zip137 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

58,595 downloadsDownload Subtitles137 KB

170 comments

  1. Pradharaka Maheeshan

    මෙක දෙනකන් සති ගානක් බලන් හිටියා
    සබ් එකට ගොඩාක් ස්තුතියි ...

  2. Dhanushka

    Thank you...!

  3. pcvenom

    patta wadak sthuthii

  4. කවිශ්ක

    thenks a lot

  5. losaka

    Thank you bro

  6. Pradeep Anuruddha Dissanayake

    හම්මේ මේකේ සබ දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.තැන්ක්ස් ෆ්‍රෙන්.මච් ලව්

  7. johnnysand

    තැනකූ මචං සබට..

  8. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. Gathsara Umesh Kumara

    Chamara ayyaa....
    Niyamyinee..
    Bhooooooooooooooooooooooooooom
    Sthuthiyi ayyee....

  11. Sandheep

    Supirima saho

  12. sam

    thank you

  13. thisal

    ස්තුතියි

  14. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  15. Bhanuka

    දෙනකන් මග බලන් හිටියේ ...,ස්තුතියි සහෝ ...!!

  16. anujaya

    elama dowload karan balan hitiye, thanks

  17. KAVINDA GAMAGE

    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  18. විමා

    සබට තුති මචං
    අනිවා බැලිල්ලක්
    බාගෙන බලන් හිටියා
    අද හවස බලන්න ඕන :D

  19. Asanka

    හම්මෙි ඇති.දැන් තමා ඇගට ලේ ටිකක් අවේ

  20. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  21. shasith sandaruwan

    අම්මෝ යකෝව් මේක දෙනකල් හිටියේ.
    පළවෙනි එක වගේම සුපිරියට ඇති කියලා හිතනවා.
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  22. vihanga

    supirima wedak bro meka
    sub hadana siyalu denatama owunge diviya sarthaka wewa
    supiri jaya

  23. sanjeewa

    machan movie aka download karaganna link aka dannako

    1. Chämàrá Sâmpáth

      ඔය දීලා තියෙන උපසිරැසියෙ නම කොපි කරලා ගූගල්වල සෙවුමක් කරන තැන පේස්ට් කරලා බලන්න. ඕන තරම් පිටපත් හොයාගන්න පුලුවන්. එහෙම නැත්තම් torrentz2(ඩොට්)eu වලට ගිහින් කෙලින්ම සර්ච් කරන්න.

    2. විමා

      Kingsman : The Golden Circle (2017) 720p torrent
      ඔය විදියට සර්ච් කළාම ටොරන්ට් සයිට් ටිකක් ඒවි, නැත්නම් බයිස්කෝප්ඩව්න්ලෝඩ්ස් සයිට් එකේ බලන්න

  24. Induvara

    Thank you mch nivadu kale mavalous ehnm

  25. dana

    Thanks Macho Sub Ekata. Niyma Wedak. Jaya Wewa!!!!

  26. shan

    thanks saho ikmanatama sub eka dunnata...

  27. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!

  28. Hesh

    Thanks bro

  29. අවන්ත එරා

    ස්තුතියි සහෝ

  30. Devinda

    Ty malli....Gdk Pin.....

  31. Udara Damith B/K

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    කවදා දෙනකල් ඩ කියලා බලාගෙන හිටියේ
    නිකමට වගේ ඊයේ ඩවුන්ලෝඩ් කරගත්තා
    මේ මේකේ තව එකක් දෙන ලයින් එකක් නැතිවෙයිද
    එහෙම අවොත් නම් නියමයි

  32. Udara Damith B/K

    Marvels-Runaways-
    මේකත් පුලුවන්නම් කට හරි බාra දෙනවද
    තැන්ක්ස්

  33. Mahesh

    Sub ekata thanx

  34. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  35. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  36. Dulanga

    Thanks

  37. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! මේකනම් 1080p BR එකකින් බලන්න ඕනි සහෝ. ඒ තරම් පට්ට. BR ආවා ගමන් අනිව බැලිල්ලක් තමයි.. ජය වේවා!

  38. Nipun Dilshan

    meknum fattahma wadak broh. thanks...!

  39. lakmal

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! මේකනම් 1080p BR එකකින් බලන්න ඕනි සහෝ. ඒ තරම් පට්ට. BR ආවා ගමන් අනිව බැලිල්ලක් තමයි.. ජය වේවා!

  40. Pasindu Mendis

    Thanx brooo...!!!

  41. Thamoth Kavinda

    බෝහෝම ස්තුතියි සාහෝ
    උපසිරැසට ජය වේවා....

  42. Kavi KH

    ane please midnight texas eke episode7 idn sub tka dennakoooo please

  43. Sanjaya

    බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  44. kelum chathuganga abeysekara

    thanks

  45. lahiru sandaruwan

    thank you so much saho.. enakan balagena hitiye...

  46. නවින් නිසල්

    ස්තුතියි..

  47. Viraj tharuka

    Sub akata thanks bro!!eth sub aka ganna ba soyagatha nohaka kiyala wena page akakata yanawa!eka hadala dannako

  48. D.Chamara

    bohoma sthuthi sahoooo

  49. Hemal

    supiri... totally surprised

  50. නිවන්දක සුබසිංහ

    ඉවසිල්ලක් නැතුව හිටියේ.තැන්ක්ස්

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.