Watch Trailer

Frozen II (2019) Sinhala Subtitles | අද්භූත වනාන්තරය !!! [සිංහල උපසිරැසි සමඟ]

Togo ගෙනත් වැඩි කාලයක් යන්න කලින් තවත් ඔයාල බලන් හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් එකතු වෙන්න ලැබුනා. කොටින්ම මේක බලාපොරොත්තු නොවුන වෙලාවක තමයි කරන්න ලැබුනේ. මේ චිත්‍රපටයේ පළමුවැන්නට උපසිරසි දුන්නේ විමා උනත් මේ දවස් වල කාර්යබහුලත්වය නිසා කැමැත්තෙන්ම එහි දෙවැන්නේ සිංහල උපසිරසි කරන්න මම භාරගත්තා. ඉති…

Togo ගෙනත් වැඩි කාලයක් යන්න කලින් තවත් ඔයාල බලන් හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් එකතු වෙන්න ලැබුනා. කොටින්ම මේක බලාපොරොත්තු නොවුන වෙලාවක තමයි කරන්න ලැබුනේ. මේ චිත්‍රපටයේ පළමුවැන්නට උපසිරසි දුන්නේ විමා උනත් මේ දවස් වල කාර්යබහුලත්වය නිසා කැමැත්තෙන්ම එහි දෙවැන්නේ සිංහල උපසිරසි කරන්න මම භාරගත්තා. ඉතින් නියමාකාර උපසිරසකුත් නැති අතරේ දවසක් යන්න කලින් උපසිරස අරගෙන එන්න පුළුවන් උන එකත් ලොකු දෙයක්. මේ චිත්‍රපටය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ ෆ්‍රෝසන් කිව්වම ඔයාල දන්නවා අර අපූරු සොයුරියෝ දෙදෙනාගේ කතාව මොකද්ද කියල. ආනා සහ එල්සා කිව්වම ඒ ගැන නොදන්නා පොඩි දරුවෙක් නැති තරම්. ඒ බලපෑම කොයිතරම්ද කියනවා නම් ඒ වෙනුවෙන් කෙලි බාණ්ඩ, ඇඳුම්, පොත් පත් වගේ සැහෙන දේවල් වල ෆ්‍රෝසන් චරිත සහිත ඡායාරූප සමගින් උණු කැවුම් වගේ අදටත් විකිනෙනවා. කොටින්ම ඩිස්නි සමාගමට ෆ්‍රෝසන් පළමු චිත්‍රපටයේ පටන් මේ දක්වාම ආදායම් ගෙන්න සමත් උන දෙදෙනෙක් තමයි ආනා සහ එල්සා කියන්නේ. ඉතින් එවැනි පසුබිමක තමයි ඩිස්නි සමාගම එහි දෙවැන්න වෙනුවෙන් වැඩකටයුතු සූදානම් කරලා දෙවැන්න මේ විදිහට නොසිතු අවස්ථාවකට ඔබට මට මෙහෙම අන්තර්ජාලය හරහා බලන්න ලැබෙන්නේ. 

විශේෂයෙන් කියන්න ඕන මේ චිත්‍රපටය දැනටමත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ සම්මාන දෙකකට නාමයෝජනා සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා. මතක ඇතිනේ පළමුවැන්න ඔස්කාර් සම්මාන දෙකක් හිමිකරගත්තා කියලා. බොහෝදුරට ඔස්කාර් සම්මාන උළෙල තුලත් ෆ්‍රෝසන් දෙවැන්න ලොකු පෙරලියක් කරාවි කියන බලාපොරොත්තුව තිබෙනවා. දැනට හොඳම සජීවිකරණ චිත්‍රපටය සහ හොඳම ගීතය වෙනුවෙන්   “Into the Unknown” ගීතය යෝජනා වී තිබෙනවා. ඉතින් බොහෝදුරට ගෝල්ඩන් ග්ලෝබ් පමණක් නෙමේ ඔස්කාර් සම්මානයකට හිමිකම් කියන්නත් මේ චිත්‍රපටයට හැකියාව ලැබේවි. කලින් විදිහටම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය  Chris Buck, Jennifer Lee දෙදෙනා මෙවරත් ඒ කර්තව්‍ය බාරගෙන හොඳින් ඉටුකර තිබෙනවා.  හඬ කැවීම් දායකත්වයෙන්  Kristen Bell (ආනා), Idina Menzel (එල්සා), Josh Gad (ඔලාෆ්) සහ Jonathan Groff (ක්‍රිස්ටෝෆ්) ගේ චරිත සඳහාත් කලින් පිරිසම සහභාගී වී තිබෙනවා. දැනට මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.2 ක ලකුණු ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටය ලැබූ ආදායම ගැන විශේෂයෙන්. චිත්‍රපටය නිර්මානය කිරීමට වැයවූ ඩොලර් මිලියන 150   අද දින වනවිට ඩොලර් මිලියන 1233 ක ආදායමක්  කරගැනීමට ආනා සහ එල්සා නිවුන් සොයුරියෝ දෙදෙනා සමත් වී තිබෙනවා. පසුගිය නොවැම්බර් 20 තිරගතවීම ආරම්භ කල මේ චිත්‍රපටය මේ මොහොත වනවිටත් චිත්‍රපට ශාලා වල තිරගත වන අතර ලෝකයේ හොඳම ආදායම් ලැබූ චිත්‍රපට අතරින් 19 ස්ථානයත් හිමිකරගෙන තිබෙනවා. බොහෝ දුරට දෙවැන්න පළමුවැන්නට වඩා සාර්ථක විය හැකියි. මොකද පළමුවැන්න නතර උනේ ඩොලර් මිලියන 1274ක ආදායමකින්. එය අභිබවා යන්න තව කෙටිකලකින් දෙවැන්නට අවස්තාව උදා වේවි. 

එහෙනම් චිත්‍රපටය ගැන ටිකක් කියල මම අදට නතර වෙන්නම්. මම කලින් කිව්වා වගේම ඔයාල ආනා සහ එල්සා ගැන දන්නවනේ. මේ සහෝදරියන්ගෙන් කෙනෙක්ට විශේෂ මායා බලයක් තියෙනවා. ඒ බලය ලැබුණේ කොහොමද සහ එහි අතීතය අපිට දැනගන්න ලැබුණේ නැහැ පළමු චිත්‍රපටයේදී. පළමු චිත්‍රපටය තුල අපිට දැනගන්න ලැබුණේ එල්සාට කරන්න පුළුවන් දේවල් සහ ඇයට ඉතා විශාල බලයක් හිමිවෙලා තියෙනවා කියල. ඇය එය පාලනය කරගන්න බැරුව වෙනම අයිස් මාලිගාවක් නිර්මාණය කරගෙන හිටියා. එත් අවසානයේ සහෝදරියෝ දෙදෙනා නැවත එකතු වෙලා එයාලගේ රාජ්‍යය උන එරන්ඩල් නැවත හොඳින් පාලනය කරන්නට උනා. ඉතින් මේ අලුත් චිත්‍රපටය තුල කතා නායිකාව වෙන්නෙත් එල්සා. එල්සාට එක්තරා හඬක් ඇසෙන්න ගන්නවා. ඇය හිතන්නේ කවුරුන් හෝ ඇයට කතාකරනවා කියලා. හැමදාම මෙහෙම ඇයට විතරක් ඇහෙන මේ හඬ කොහෙන්ද එන්නේ ඇයි  ඇයට විතරක් ඒ හඬ ඇහෙන්න කියන එක එල්සට ලොකු ගැටළුවක්. ඉතින් මේ ගැටළුව එල්සගේ අම්මා සහ අප්පච්චිගේ අතීතයටත් සම්බන්ධයි. එල්සා දවසක් ඇයගේ මායා බලය යොදාගෙන මේ හඬ මොකද්ද කියල හොයන්න උත්සාහයක් අරගන්නවා. ඒ අවස්ථාවේදී තමයි එල්සට තේරුම් යන්නේ තමන් කල දේ ඇති බරපතල කම ගැන. ඉතින් මේ වැරැද්ද නිසා එරන්ඩල් වලට ලොකු බලපෑමක් වෙනවා වගේම එරන්ඩල් වල අනාගතය රැඳී තියෙන්නෙත් මේ සොයුරියෝ දෙදෙනා අතෙයි.  වෙනදා වගේම කතා කරන හිම මිනිහා ඔලාෆ්, ක්‍රිස්ටෝෆ් හෙවත් ආනාගේ පෙම්වතා සහ ස්වෙන් නමැති ක්‍රිස්ටෝෆ්ගේ පිණි මුවා මේ චිත්‍රපටයටත් එකතු වෙනවා මේ අලුත් වික්‍රමාන්විත ගමන යන්න.

එහෙනම් යන්න කලින් කියන්නම් මේ උපසිරසි නිර්මාණය කලේ සම්මාන උළෙලවල් සදහා නිකුත් කල පිටපතක් යොදාගෙනයි. DVD SCR කියල පිටපත නම් කරන්නේ අන්න ඒ නිසයි. 720p /1080p වගේ කොපි එකක් එක්ක කිසිම ගැටළුවක් නැතුව ඔයාලට මේ චිත්‍රපටය කිසිම බාධාවක් නැතුව බලන්න පුළුවන් කියල වගකීමෙන් කියනවා. එහෙම නැති නම් මාර්තු අග බාගය වත් වෙනකන් දරුණු ඝනයේ ඉවසීමක් කරන්න ලැස්ති වෙන්න බ්ලුරේ කොපියක් එක්ක බලන්න. ඒ වගේම ඔයාලට මේකේ Post Credit සීන් එකක් තියෙන බවත් මතක් කරන්න ඕන. ඒ සඳහාත් උපසිරසි නිර්මාණය කරලා තියෙන්නේ. ඒකත් බලන්න කියලා ආරාධනා කරන ගමන්  එහෙනම් ගිහින් එන්නම් ජයෙන් ජය!! 

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි  DVD / WEB /BR පිටපත් සඳහා  අදාළ වේ.

47,139 downloadsDownload Frozen-II-2019-BR.zip128 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

47,139 downloadsDownload Subtitles128 KB

97 comments

  1. උදයංග සම්පත් හතරසිංහ

    ආපු ගමන් දුන්න නේ.. ජය වේවා හසායිය.. බැලිල්ලක් තියෙන්නෙ ඉතිං ❤

    1. biscopeindika

      torrent link ekak danna.

  2. කවිශල් රසින්ත (කවී)

    ආව සැනින් දීලානේ... අම්මෝ.. එනකල් ඇගිළි ගැන ගැන හිටියේ.. බොහොම ස්තූතියි හසා අයියේ.. බ්ලුරේ එනකල් නම් ඉන්න බෑ. මේකම බලනවා

  3. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  5. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  6. yamee

    Thank you very much Twemoji2 2764.svg

  7. yamee

    මේ චිත්‍රපටිය බලන්න ආසාවෙන් හිටියේ. ගොඩක් ස්තූතියි

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. rockz2020

    තද තද සහෝ✌බ්ලූරේ හෝ වෙබ් තමයි ඉතින් ✌ ;)
    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)
    Hellboy Animated: Sword of Storms (2006)
    Hellboy Animated: Blood and Iron (2007)

    The Dark Crystal: Age of Resistance (2019)

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  11. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .

  12. Navodani Thilini Sasanika

    උපසිරසියට ‌බොහොම ස්තූතියි අයියේ!!

  13. Nilush Angana

    Sub ekata thanx

    1. 24272

      Lot of thankz

  14. biscopeindika

    torrent ekek dennooo

  15. Opal Pravishka

    බ්ලූරේ ආවම තමා සහෝ බලන්නේ..හෝල් එකේ බැලුවා..දෙවෙනි එක පලවෙනි එක තරම් නම් ලස්සන නෑ..ඒත් බ්ලූරේ වලට අප්ඩේට් එක දාපු ගමන් ආයෙත් බලනවා..තෑන්ක්ස් සහෝ සබ් එකට..❤️

  16. dhanukaakalanka

    Thanks for Sub...

    Enai Noki Paayum Thota (2019) ධනුෂ්ගෙ Tamil ෆිල්ම් එකට සබ් දෙන්න බ්‍රෝ..

  17. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. Gathsara Umesh

    සබ් එකට ගොඩාක් ස්තූතියි හාන්ට අයියේ...
    මේක එනකල් ඉදියේ......

  20. malithmadhushan45

    බොහොම ස්තුතියි හසන්ත අයියේ උපසිරසට

  21. Kavishna

    thnx bro..

  22. madhubashana bandara

    ජයවේවා සහෝ

  23. thilz

    thank youuuu

  24. Piumi vinodya

    Sub 1t tnx

  25. Chamindalakruwan

    ස්තුති සබ් එකට

  26. සහන් කෞෂල්‍යය

    thanks saho........................

  27. Laalitha Wanigasooriya

    thanks bro...

    1. Nethmi

      Thanks

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. prasanga sanjeewa

    thanks....

  31. Dilshan rajitha

    Thanks

  32. YasasPerera

    thanks bro

  33. veyran

    Thank you so much

  34. Eranga Mahesh Mapa

    Thank you

  35. nish47

    ස්තූතියි සහෝ

  36. gysandamal

    thank you very much bro!!!!!!!

  37. LB Roshan

    Sub ekata Thanks bro

  38. Gayan_madushanka_

    Thanks bro

  39. Prabhasoft

    Thank you...Jayawewa...!!!!

  40. Madhawab

    thank you bro!

  41. umesh bandara 6

    thank you very much

  42. sum

    thank you brother

  43. sashan

    Ela thanks bro , jaya weva

  44. arawindasunimal

    Thanks Update ekata

  45. Asitha.pramoth

    බොහොම sස්තූතියි

  46. subodha

    Thanks

  47. podda

    thanks mcn!!!

  48. ඒෂාන් කාංචන

    thanks

  49. TeshanB

    Jaya wewaa.. Godak sthuthii..

  50. BIMBISHA INDURUGALLA

    thank u for sub

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.