ඉතින් දින කීපයක් පහුවෙලා වුනත්, මුලින්ම කියන්න කැමතියි අවුරුදු 9 ක උපන්දිනය සමරන බයිස්කෝප් අඩවියට සුභ උපන්දිනයක් වේවා කියලා. ඒ වගේම පුරා අවුරුදු නවයක කාලයක් පුරාවටම ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයන්ට සිංහල උපසිරසි නොමිලේ ලබාදුන්න බයිස්කෝප් සහෝදර සහෝදරියන්ටත්, තිරය පිටුපස ඉදන් අසීමිත කැපකිරීමක නියැලෙන ඇඩ්මින…
ඉතින් දින කීපයක් පහුවෙලා වුනත්, මුලින්ම කියන්න කැමතියි අවුරුදු 9 ක උපන්දිනය සමරන බයිස්කෝප් අඩවියට සුභ උපන්දිනයක් වේවා කියලා. ඒ වගේම පුරා අවුරුදු නවයක කාලයක් පුරාවටම ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයන්ට සිංහල උපසිරසි නොමිලේ ලබාදුන්න බයිස්කෝප් සහෝදර සහෝදරියන්ටත්, තිරය පිටුපස ඉදන් අසීමිත කැපකිරීමක නියැලෙන ඇඩ්මින් මඩුල්ලටත් මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුදකර සිටිනවා.
ඉතින් චිත්‍රපටිය ගැන කියනවා නම් මේක මගේ ඇස ගැටුනේ අන්තර්ජාලයේ සැරිසරද්දී අහබු ලෙස. මොකද මේක ජර්මන් රුපවාහිනී කතාවක් හින්දා වැඩිය කරලියේ තිබ්බ චිත්‍රපටියක් නෙමෙයි. ඒ හින්දම හොද ගුණාත්මක බවින් යුක්ත පිටපතක් හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න සිද්ද වුනා. ඉතින් 1945 වෙනකොට නාසි ජර්මනිය ප්‍රධාන වශයෙන් යුද්ධ දෙකකින් බැට කන්නට සිද්ද වුනා. ඒ නැගෙනහිරින් රුසියාව සහ බටහිරින් මිත්‍ර හමුදා ආක්‍රමණ යන එව්වාගෙන්. ඉතින් 1941 අවසානයේදී Operation Barbarossa කියලා හදුන්වපු රුසියානු ආක්‍රමණ මෙහෙයුම ජර්මනිය සම්පුර්ණයෙන්ම පරාජයට පත් වුනා. ඒ හින්දා ගොඩක් යුධ නායකයොන්ට හිට්ලර් ගැන තිබිච්ච විශ්වාසය පලුදු වෙලා තිබ්බේ. ඒ හිට්ලර්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හින්දා. ඉතින් හිට්ලර්ව බලයෙන් පහ කරන්න කර්නල්. ක්ලවුස් වොන් ස්ටැෆෙන්බර්ග්ගේ (Col. Claus von Stauffenberg) ප්‍රධානත්වයෙන් රහසේම කුමන්ත්‍රණයක් සංවිධානය වෙනවා. Valkyrie (2008) චිත්‍රපටිය බැලුවනම් මේ කුමන්ත්‍රණය ගැන හොදින් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එයාලා පලවෙනියටම කරන්නේ හිට්ලර් ගැන කලකිරිලා ඉන්න නායකයෝ එකතු කරගන්න එක. එතකොට තමයි එයාලට හම්බවෙන්නේ සමස්ථ ජර්මන් ඉතිහාසයේ වගේම ලෝක ඉතිහාසයේත් එදා මෙදා කාලය තුල බිහි විච්ච කීර්තිමත්ම හමුදා නිලධාරියා. ඒ ෆීල්ඩ් මාර්ශල් අර්වින් රොමෙල් (Field Marshal Erwin Rommel). ෆීල්ඩ් මාර්ශල් අර්වින් රොමෙල් කියන්නේ නාසි ජර්මනියේ යුධ බල කණුවක්. රොමෙල් උතුරු අප්‍රිකානු යුද සංග්‍රාමයේදී බ්‍රිතාන්‍ය ඇතුළු මිත්‍ර හමුදා පරාජය කරලා ලබන විශිෂ්ඨ ජයග්‍රහණය හින්දා රොමෙල්ව හදුන්වන්නේ කාන්තාර නරියා (Desert Fox) කියලා. ඉතින් රොමෙල් කියන්නේ හිට්ලර්ගේ විශ්වාසවන්තම නිලධාරීන්ගෙන් එක්කෙනෙක්. ඒ වගේම රොමෙල් මහජනතාව අතර වගේම සමස්ථ ජර්මන් හමුදාව අතරෙම ඉතා නිහතමානි නායකයෙක් ලෙස ගෞරවයට ලක් වුන කෙනෙක්. ඉතින් මේ කුමන්ත්‍රණකාරයෝ බලන්නේ රොමෙල් මාර්ගයෙන් ජනතාව අතරට යන්න. රොමෙල්ගේ දක්ෂකම් සලකලා හිට්ලර් එයාට බටහිර අත්ලාන්තික් මායිම බාර දෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 2000 කට වැඩි සීමාවක්. ඒත් රොමෙල්ට ඕනි විදිහට වැඩ කරන් යන්න එයාට ඉහලින් ඉන්න අය ඉඩ දෙන්නේ නෑ. ඉතින් මේක හිට්ලර්ට කිව්වත් සතුටුදායක උත්තරයක් එයාට හම්බවෙන්නේ නෑ. මොකද හිට්ලර් ඒ ගැන බරපතලවට හිතන්නේ නෑ. ඒ වගේම හිට්ලර් යුදෙව්වන්ට සලකන විදිහ ගැනත් රොමෙල් හිට්ලර් ගැන කල කිරිලා ඉන්නේ. ඉතින් මේ කුමන්ත්‍රණකාරයෝ හිතනවා මේක තමයි හොදම අවස්තාව කියලා රොමෙල් එයාලගේ කණ්ඩායමට එකතු කරගන්න. හැබැයි රොමෙල් කියන්නේ හිට්ලර්ට අසීමිත ලෙස ගෞරව කරන කෙනෙක්. ඉතින් ඉස්සරහට මොනවා වෙයිද ?
මේ චිත්‍රපටිය ෆීල්ඩ් මාර්ශල් අර්වින් රොමෙල්ගේ සැබෑ ජිවිත කතාව ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේක ජර්මන් චිත්‍රපටියක්. මුළු චිත්‍රපටිය පුරාවටම ජර්මන් භාෂාව තමයි තියෙන්න. IMDb දර්ශකයේ 6.5/10 මේ චිත්‍රපටියට ලැබිල තියනවා. මේක Niki Stein කියන ජර්මන් ජාතික අධ්‍යක්‍ෂවරයාගේ නිර්මාණයක්. චිත්‍රපටියේ ෆීල්ඩ් මාර්ශල් අර්වින් රොමෙල්ගේ චරිතයට රගපාන්නේ කීර්තිමත් ජර්මන් නළු Ulrich Tukur විසින්.

අර්වින් රොමෙල් 1941 දී
“Sweat saves blood, blood saves lives, but brains saves both.” – Erwin Rommel
“දහදිය රුධිරය ආරක්ෂා කරයි, රුධිරය ජිවිත ආරක්ෂා කරයි, නමුත් මොලය විසින් ඒ දෙකම ආරක්ෂා කරයි.” – අර්වින් රොමෙල්
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,817 downloadsDownload Rommel-2012.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
20 comments
mmkasun
Udara Damith Dissanayaka
elas
happy birth dayKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
RUKA
Tnx bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....
පුලුවන්නම් දිගටම මේ වගේ මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් වලට සබ් දෙන්න.
ඔන්න බාන්න දැම්මා........
ඔබට ජය.......thusithaltr
විශ්ව සිනමාවේ අපූර්ව නිර්මාණ උපසිරැසි ගැන්වීම වෙනුවෙන් බෙහෙවින් ම තුති.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
චාමර වීරසේකර
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
ජයෙන් ජය.Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!jagath55
Thanks
bhasu92
eka deyak atta....loke bihiwechcha dakshathama field marshelwaraya....eka atta....rommel gana film ekak kara 1951 ekak...anna ekatat subuk denna balapan machan....
Nishanfernando
Thanx bro
තිළිණ
සබ් එක ගන්න බැහැනෙ යාලු.. Pls Help..
PLAYE THE GAME
Hw to download the movie tell me plz ,
Ravindu Heshan - Admin
දැං වැඩ කරනවා
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanx