ආයුබෝවන් බයිස්කෝප්වාසීන් හැමෝටම. ලොක්ඩවුන් සමයේදී සිනමාවත් පොඩ්ඩක් පොඩ්ඩක් හිරවෙලා තියෙන වෙලාවක අලුත් සිනමා නිර්මාණයක් දකිනවා කියන්නේ ඉතියෝපියාවට පාන් දැම්මා වගේ වැඩක් නේද? ඔව් මේ දවස් වල ලෝකේ පුරාම සිනමාව ලොකු අර්බුධයකට මුහුණපාලා තියෙනවා. ඉන්දියානු සිනමාව ගත්තම ඉන්දියානු ආර්ථිකයට ලොකු දායකත්වයක් ස…

ආයුබෝවන් බයිස්කෝප්වාසීන් හැමෝටම. ලොක්ඩවුන් සමයේදී සිනමාවත් පොඩ්ඩක් පොඩ්ඩක් හිරවෙලා තියෙන වෙලාවක අලුත් සිනමා නිර්මාණයක් දකිනවා කියන්නේ ඉතියෝපියාවට පාන් දැම්මා වගේ වැඩක් නේද? ඔව් මේ දවස් වල ලෝකේ පුරාම සිනමාව ලොකු අර්බුධයකට මුහුණපාලා තියෙනවා. ඉන්දියානු සිනමාව ගත්තම ඉන්දියානු ආර්ථිකයට ලොකු දායකත්වයක් සපයන කර්මාන්තයක් තමයි සිනමා කර්මාන්තය කියන්නේ. සිනමා කර්මාන්තයේ කඩා වැටීමක් ඉන්දියානු ආර්ථිකයට වුවද සෘජුවම බලපාන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කාල සමය තුල ලෝකේ හැම තැනකටම වගේ බලපාල තියෙන කොරෝනා වෛරස තත්වය නිසාවෙන් මේ දිනවල ඉන්දියානු සිනමා කර්මාන්තය එක තැනම ඇනහිටලයි තියෙන්නේ. නිෂ්පාදකවරුන්ට තමන් නිෂ්පාදනය කල චිත්‍රපටි නිකුත් කර ගැනීමට නොහැකිව හැම වැඩක්ම අතරමග නතර වෙලා තියෙන වෙලාවක OTT Platform එහෙමත් නැත්නම් over-the-top (OTT) media service එක තමයි ගෙවල් වල හිටපු මින්ස්සුන්ට සිනමානාත්මක අද්දැකීමක් ගන්න ඉතිරිව තිබුණු එකම අවස්තාව උනේ. මෙය ලෝකයට හඳුන්වා දීමේදී යම් යම් මතභේදයට තුඩු දුන් කාරණා තිබුනත්, පසුගිය මාස දෙක තුන තුල මෙම සේවාවට මිනිසුන් කොතරම් පෙළඹුනාද යන්න සහ මෙම තාක්ෂණය මොනතරම් ජනප්‍රියත්වයට පත්වුවාද කියා සිනමාව අතපත ගාන ඔබ හොඳින්ම දන්නවා ඇති. ඉතින් මෙම සේවාව කෙරෙහි සිනමා රසිකයින්ගේ නැඹුරුවත් සමග ලෝකයේ මේ වනවිට ඇතිවී ඇති තත්වය හේතුවෙන් වැඩ අවසන් වූ චිත්‍රපට රැසක්ම මෙම සේවාව හරහා කෙලින්ම නිකුත් කරන්නට චිත්‍රපට නිෂ්පාදකවරුන් රැසක් තීරණය කර සිටිනවා. ජාත්‍යන්තර සිනමාවට මෙය අලුත් දෙයක් නොවුනත් භාරත සිනමාවට මෙය අලුත් දෙයක් නිසා මේ ගැන පහුගිය දින වලදී වැඩි වශයෙන් කතාබහට ලක්වුනා. ඒ අනුව කොරෝනා බලපෑම හේතුවෙන් සිනමාහල්වල ප්‍රදර්ශනය නොකොට කෙලින්ම OTT Platform හරහා නිකුත් වන මුල්ම චිත්‍රපට ගොන්නෙන් එකක් තමයි අද මේ අරගෙන එන්නේ. මේ චිත්‍රපටයත් සමග ජෝතිකාගේ Ponmagal Vandhal චිත්‍රපටයද මෙයට සමගාමීව OTT Platform හරහා පසුගියදා මුදා හැරුනා.

AHA වීඩියෝ හරහා මුදා හැරුණු RUN චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Lakshmikanth Chenna විසින්. Navdeep, Pujita Ponnada, Venkat, Amit Tiwari යන රංගන ශිල්පීන්ගේ රංගනයෙන් හැඩවුණු මේ චිත්‍රපටය psychological thriller චිත්‍රපටයක් ලෙසින් හැඳින්විය හැකියි. ආදරෙන් කුරුළු ජෝඩුවක් වගේ හිටපු සන්දීප් නම් තරුණයාගේ පවුලට හදිසියේම සිද්ධ වෙන ඇබැද්දියක් නිසා සන්දීප්ගේ මුළු ජීවිතයම කණපිට පෙරළෙනවා. ඇත්තටම ඒ සිද්ධිය පිටිපස්සේ තියෙන කාරණය මොකද්ද? කියන ප්‍රශ්නය වටා මිනිත්තු 90ක් පුරා දිවෙන කුතුහලය දනවන කතාවක් සමගින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. බලන්න කියලා ආරාධනා කරනවා. සුපිරිම සුපිරියක් කියල කියන්නෙ නැහැ. ට්‍රේලර් එක නරඹලා අරගන්න කියල ආරාධනා කරනවා.

චිත්‍රපටය නැරඹීමෙන් පසු ඔබට දැකගන්නට ලැබේවි මේ චිත්‍රපටයේ එක මානසික රෝගයක් ගැන සඳහන් වෙනවා. ඒ ගැන පැහැදිලි විස්තරයක් ඔබට දැනගන්නට අවශ්‍ය නම් Awe 2018 චිත්‍රපටයේ ලිපියේ පහල කොටසේ සඳහන් විස්තරය කියවන්න. එයින් ඔබට ලොකු අවබෝධයක් ලබාගන්නට හැකි වේවි.

එහෙනම් අදට සමුගෙන යන්න අවසරයි. මේකට උපසිරැසි ගන්වන්න අවස්තාව ලබාදුන් මා මිත්‍ර විමා සහෝටත් ස්තුතිය පුද කර සිටිනවා. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මේ දිනවල ඇති වී තිබෙන ව්‍යසනකාරී වසංගත තත්වය අතරේ ඔබත් නිවසේ රැඳී සිටින හෝ වැඩ රාජකාරිවල යෙදෙන අයෙක් වෙන්නට පුළුවන්. ඒ කෙසේ නමුත් තමාගේ සෞඛ්‍යය රැක ගනිමින් සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇති පරිදි ක්‍රියා කරමින් ප්‍රවේසමෙන් කාලය ගත කරන මෙන් ඉල්ලා සිටිනවා. හැමෝටම කිසිම ලෙඩක් දුකක් නැතුව නීරෝගීමත්ව ඉන්න ලැබෙන්න කියල පාර්ථනා කරන ගමන් අපි විසිවෙනවා. ජයෙන් ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB DL පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

19 comments

  1. Amila Jayasena

    මේවගේ හිතන්න පුළුවන් පිල්ම්ස් බලන්න වටිනවා. හොද වැඩක්...

    1. Sachi

      torrent ekenda gathtghe? link eka denna plwnd bro?

  2. Sachi

    torrent link ekak ndda bro?

  3. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....තෙලුගු නොබලා බැ.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.....ජය වේවා... දෙවි පිහිටයි....

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Anonymous

    " Awe " මතක් කරලා ෆිලුම spoil වුනෙ එහෙම නැතුව ඇතිනේ bro....
    ජය වේවා!!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Anonymous

    Thank you very much.

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Anonymous

    thanks machan

  10. isuru srinath sjs

    ස්තුතියි සහො උපසිරැසියට !!

  11. Ayesh

    උපසිරසියට ස්තුතියි

  12. indika75

    thanks..

  13. Sohan Jayasooriya

    ස්තූතියි අයියේ

  14. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  15. mithnil1986

    Thanks Bro...Jaya

  16. සමේෂ්

    ඇයි යකෝ awe ගැන කිව්වේ
    ෆිලුමේ කුතුහලේ සම්පූර්නයෙන් නැති කරා

  17. sahancharuka

    thank you

  18. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    ඉතියෝපියාවට දාපු පාන් කෑල්ල ගන්න එන්න ටිකක් පමා වුනා... :P
    රන් එකට සබ් දුන්නු ඔය රන් වන් දෑතට දෙවි පිහිටයි...
    දිගටම සබ් දෙමු ආ... ජය!