මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් දිනාගත් සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. අපරාධ ව්‍යාපාරයේ බලවත්ම පුද්ගලයකුගේ කතාවක් ලෙස “ඩොන්” ආරම්භ වන්නේ එහි මාතෘකාවට අනුව ය. ඉන්ටර්පෝල් හි “මොස්ට් වෝන්ටඩ්” ලැයිස්තුවේ සි…
මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් දිනාගත් සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. අපරාධ ව්‍යාපාරයේ බලවත්ම පුද්ගලයකුගේ කතාවක් ලෙස “ඩොන්” ආරම්භ වන්නේ එහි මාතෘකාවට අනුව ය. ඉන්ටර්පෝල් හි “මොස්ට් වෝන්ටඩ්” ලැයිස්තුවේ සිටියද, ඩොන් (අමිතාබ් බච්චන්) පොලිසියට ද අපැහැදිලි චරිතයකි. පොලිසියට අමතරව, ඩොන් තම සංවිධානය පවත්වාගෙන යාමේ අනුකම්පා විරහිත ක්‍රමය නිසා තවත් සතුරන් කිහිප දෙනෙකු ඇති කර ගනීයි. “රමේෂ්” මෙම කල්ලියෙන් ඉවත් වීමට තීරණය කළ විට ඩොන් රමේෂ්ව මරා දමයි. රමේෂ්ගේ පෙම්වතිය වන “කමණී” සහ රමේෂ්ගේ සහෝදරිය වන “රෝමා” ඩොන්ව රවටා ඔහුව පොලිසියට කොටු කර දීමට උත්සාහ කරයි. නමුත් ඩොන් බේරී පලා යයි.
වසර ගණනාවක් තිස්සේ ඩොන් අත්අඩංගුවට ගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක වුවත්, එක් අවස්තාවකදී පොලිසිය ඇති ඩොන් මිය යයි. පොලිස් පරීක්ෂක “ඩි. සිල්වා” පොලිසියට හොර රහසේ ඩොන්ගේ දේහය භූමදාන කරයි. ඒ නිසා ඩොන් ජීවතුන් අතර සිටින බව මිනිසුන් විශ්වාස කරයි. ඩොන්ගේ මරණය ගැන දන්නා එකම පුද්ගලයා ඩි සිල්වාය. ඔහුට මේ අතර ඩොන්ගේ මුහුණුවරට සමාන “විජේ” හමුවේ. විජය ඩොන් බවට පත් කිරීමේ සැලසුමක් ඩි සිල්වා විසින් දියත් කරන අතර එමඟින් ඔහු වෙනත් සැලසුමක් දියත් කරයි. ඩොන් එකළ සිටි පාතාල කල්ලිය තුළට විජේව යවයි. මෙතැන් සිට එම කල්ලිය තුළ ප්‍රශ්න රාශියක් පැන නගියි. අමිතාබ් භච්චන්, සීනත් අම්මාන් සහ ප්‍රාන් ක්‍රිෂන් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්”, “අසාද්” “තුම්සෙ අච්චා කෝන් හේ” “බොබී”, “ගවාර්” , “ගුම්රාහ්”, “ආනන්ද්” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන හතලිස් තුන්වෙනි සිංහල උපසිරසිකරණයයි. අන්තර්ජාලයේ Don {HD} – Amitabh Bachchan යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු හතලිස් හයයි, තත්පර විසිහයක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
1,427 downloadsDownload Don-1978.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
14 comments
Udaya Saman
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
නියමයි
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි.......
අමිතාබ් බච්චන් මා ප්‍රිය කරන නළුවෙක්. හැකිනම් Deewaar 1975, Kabhi Kabhie 1976, zanjeer 1973, Hum යන ෆිල්ම් වලටත් උපසිරැසි ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.
Anand 1971 සඳහාද රිෂි කපූර් ගේ bobby 1973 සඳහා ඔබ ලබාදුන් උපසිරැසි සඳහාද ස්තූතිවන්ත වෙමි. හැකිනම් රිෂි කපූර්ගේද මිතුන් චක්‍රබෝතිගේද පැරණි චිත්‍රපට කිහිපයක් සඳහා ද උපසිරැසි ලබාදෙන ලෙස ඉල්ලමි.isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !!
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
A r perera
මම බලන්න ආස ෆිල්ම් එකක් ස්තුතිය බ්‍රෝ .
Anonymous
Thanks jaya wewa!!!
සඳුන් ජීවන් කුමාර
අමිතාබ් බච්චන් ගෙ මම ආස Film වලින් එකක් තමයි මේ.
ස්තූතිය ප්‍රියන්ත සහෝ...මම මේ Film එකේ ආසම සින්දුවක් තමයි
jiska mujhe tha intezar..... කියන මේ සින්දුව.Udara Chinthaka
ගොඩක් ම ස්තූතියි මේවගේ ෆිල්ම් එකකට සබ් ගෙනාවට ඕල්ඩ් ඉස් ගෝල්ඩ්❤❤❤
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Advertisement
ඔබගේ වෙහෙසින් නිමවු මෙම පැරණි අගනා සිනමා උපසිරසියට මාගේ ස්තුතිය.පැරනි මේවැනි හින්දි සිනමා යලිත් අප මතකයෙ රදවනවට ඔබට බොහෙිම ස්තුතියි ...