Watch Trailer

Silent House (2011) Sinhala Subtitles | පාළුවට ගිය අඳුරු නිවසක්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද ඉතින් ඔයාලට, හොඳින් ඉන්නව නේද? ඔන්න අද අරන් ආවේ තවත් හොරර් චිත්‍රපටයක්. මේක 2010 වසරේදී නිර්මාණය කරන ලද La casa muda නැමති උරුගුවේ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මෙහි ඇතුලත් සිදුවීම් මාලාව 1940 දශකයේ උරුගුවේ ගමක සිද්ද උන සත්‍ය සිදු වීම් පෙලක් ලෙස සැලකෙනවා. මෙම චිත්‍රපටය ප්‍රථම වරට 2011 වසරේදී…

කොහොමද ඉතින් ඔයාලට, හොඳින් ඉන්නව නේද? ඔන්න අද අරන් ආවේ තවත් හොරර් චිත්‍රපටයක්. මේක 2010 වසරේදී නිර්මාණය කරන ලද La casa muda නැමති උරුගුවේ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක්. මෙහි ඇතුලත් සිදුවීම් මාලාව 1940 දශකයේ උරුගුවේ ගමක සිද්ද උන සත්‍ය සිදු වීම් පෙලක් ලෙස සැලකෙනවා. මෙම චිත්‍රපටය ප්‍රථම වරට 2011 වසරේදී Sundance Film Festival හිදී ප්‍රදර්ශණය කර ඇති අතර පසුව Universal Pictures සහ Open Road Films විසින් ලොව පුරා බෙදා හැරීම සිදු කරල තියෙනවා. 2012 වසරේදී මුල් වරට ඇමරිකා එක්සත් ජනපදයේ සිනමාහල් වල ප්‍රදර්ශණය කිරීමෙන් පළමු සතිය තුල ඩොලර් මිලියන 6.6ක අදායමක් උපයා ගැනීමට මෙන්ම Box Office ලැයිස්තුවේ 5 වෙනි ස්ථානයට පැමිණීමටද සමත් වෙලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 2ක වගේ වියදමකින් නිපදවා ඇති මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශණය කිරීමෙන් ඩොලර් මිලියන 16.5ක අදායමක් ද උපයාගෙන තියෙනවා.

චිත්‍රපටය අයත් වෙන්නේ Drama|Horror|Mystery යන කාණ්ඩ වලට. විනාඩි 86ක ධාවන කාලයක් සහිත මේ චිත්‍රපටයට Imdb දර්ශකයේ 5.2 අගයක් සහ Google පරිශීලකයන් 72% මනාපයක් ලබාදීල තිබෙනවා. මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරල තියෙන්නෙ 2003 වසරේදි නිකුත් වූ Open Water අධ්‍යක්ෂණයක කරපු Chris Kentis සහ Laura Lau විසින්. මෙහි ප්‍රධාන චරිතය වන සාරාගේ චරිතය සඳහා රඟනයෙන් දයක වන්නේ Avengers සහ Captain America චිත්‍රපට මාලාවන්හි Scarlet Witch ගේ චරිතයට පණ පොවන Elizabeth Olsen විසින්. මෙහි රඟපෑම වෙනුවෙන් ඇය Chainsaw Award චිත්‍රපට උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානයද දිනා ගැනීමට සමත් වී තිබෙනවා. සෙසු චරිත සඳහා Adam Trese සහ Eric Sheffer Stevens දායක වෙලා තියෙනවා.

සාරා එයාගේ තාත්තයි මාමයි එක්ක එයාලගෙ පවුලට අයිති පරණ නිවසක් විකිණීම සඳහා අළුත්වැඩියා කිරීම් කටයුතු කරමින් ඉන්නෙ. ගොඩ කාලෙකින් කවුරුත් පදිංචි වෙලා හිටියෙ නැති නිසා මේ නිවසේ විදුලිය විසන්ධි වෙලා තියෙන්නෙ. ඉතින් මෙයාල කළුවරේ විදුලි පන්දම් ආධාරයෙන් තමයි මේ අළුත්වැඩියා කටයුතු සිදු කරමින් ඉන්නෙ. මේ අතරේ සාරාව හම්බෙන්න සොෆියා කියල එයාගෙ කුඩා කාලෙ යාළුවෙක් ඇවිල්ල යනවා. ඒත් සාරට එයා ගැන හරි හැටි මතකයක් නෑ. කොහොම හරි අමුතු අමුතු සිදුවීම් ටිකක් එක්ක අවසානෙට අපි නොහිතන දේවල් තමයි චිරත්‍රපටයේ වෙන්නේ. මං ඔයාලට වැඩිදුර කතාව කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්නකො මොකද අවසානෙට සිද්ද වෙන්නෙ කියල.

හරි එහෙනම් මං ගිහිල්ල එන්නම්. නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!

https://www.youtube.com/watch?v=VD88EFBFuos

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

2,897 downloadsDownload Silent-House-2011.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,897 downloadsDownload Subtitles20 KB

14 comments

  1. Sohan Jayasooriya

    ස්තූතියි සහෝ

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. Shamal manojan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට......

    Candyman 2 හා 3 ෆිල්ම් දෙකටත්, Ju-On ඉතුරු ෆිල්ම් ටිකටත් සබ් දෙනවද සහෝ. Hannibal 1 හා 2 ෆිල්ම් ගැන්ත සලකා බලනවද?

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Suranjan

    Thanks jayawewa.....!

  7. Shamal manojan

    මෙම උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    මෙම චිත්‍රපට කිහිපය සඳහාද උපසිරැසි ලබාදීම පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලමි. බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.

    Candyman 2 - 1995
    Candyman 3 - 1999
    Ju - On ඉතිරි ෆිල්ම් ටික
    Gerry 2002
    Last Days 2005
    Murder 1930
    M 1931
    Hannibal 2001
    Hannibal Rising 2007
    Pulse 2001

  8. raviz

    Thank You........!

  9. Dewadithya

    Thanks for sub!

  10. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  11. YasasPerera

    thanks bro..

  12. suranuwan

    thanks...

  13. indika75

    thanks..

  14. Anonymous

    House of gucci sinhala subtitles please

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.