මේ දවස් ටිකේ සුපිරි ෆිල්ම්ස් ටිකක් අන්තර්ජාලයට එකතු වුණා කියලා අපේ යාළුවෝ දන්නවනේ. ඊයේ දුන්නු Focus 2015 එකෙන් පස්සේ තවත් ෆිල්ම් එකක් අරගෙන අද ගොඩ වදින්නයි මේ සැරසෙන්නේ. අතිශය ජනප්‍රියත්වයට පත්වූ Taken ෆිල්ම්ස් සෙට් එකේ රඟන Liam Neeson තමයි මේකේ ඉන්නේ. නිකුත් වුනේ මාර්තු 13 වැනිදා. IMDb එකට අනුව 6.…

මේ දවස් ටිකේ සුපිරි ෆිල්ම්ස් ටිකක් අන්තර්ජාලයට එකතු වුණා කියලා අපේ යාළුවෝ දන්නවනේ. ඊයේ දුන්නු Focus 2015 එකෙන් පස්සේ තවත් ෆිල්ම් එකක් අරගෙන අද ගොඩ වදින්නයි මේ සැරසෙන්නේ. අතිශය ජනප්‍රියත්වයට පත්වූ Taken ෆිල්ම්ස් සෙට් එකේ රඟන Liam Neeson තමයි මේකේ ඉන්නේ. නිකුත් වුනේ මාර්තු 13 වැනිදා. IMDb එකට අනුව 6.9 ක අගයක් ලැබිලා තියෙනවා. Action, Crime ෆිල්ම් එකක්, පැය දෙකකට ආසන්න කාලයක් එක හැල්මේ බලන්න පුළුවන් ඔන්න. ක්‍රියාදාම වලින් අඩුවක් එහෙම නැහැ. ඇක්ෂන් ෆිල්ම්ස් බලන්න කැමති යාළුවෝ ගොඩක් කැමැති වේවි ඔන්න.
ෂෝන් මැග්වයර් සහ ජිමි කොන්ලන් කියන්නේ ගජ මිතුරෝ දෙන්නෙක්. තරුණ අවදියේ හමුදාවේ ඉඳන් පැවතගෙන එන මිතු දමක්. ජිමී තමයි ෂෝන්ගේ ඔක්කොම ජඩ වැඩ කරන්නේ. කියන ඕනෙම එකක් කරනවා. මේ නිසා මෙයාට තමන්ගේ පවුලේ අයගෙනුත් ඈත් වෙන්න සිදු වෙලා. ජිමි ගේ පුතා තමයි මයිකල් කොන්ලන්, බිරිඳ ගාබ්‍රියෙලා, කේලියන් සහ ලිලී දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. නමුත් ජිමි සහ මයිකල් අතරේ හොඳක් නැහැ. ඒ ජිමි ගේ මේ අසාධාරණ වැඩ නිසා. අඩුම ගානේ ගෙදරට ගෙන්න ගන්නෙත් නැහැ. මයිකල් ලිමොසින් එකක රියදුරෙක් විදියට තමයි වැඩ කරන්නේ. ඊට අමතරව බොක්සිං පුහුණු උපදේශකයෙකුත් වෙනවා.
ඩැනි කියන්නේ ෂෝන්ගේ පුතා. ඔහුත් නීතිවිරෝධී ජාවාරම් තමයි කරන්නේ. දවසක් එක් රාත්‍රියක මයිකල් ලිමොසින් එකෙන් ඩැනි ලඟට සේවාදායකයෙක් අරගෙන යනවා. එතැනදී ගැටුමක් ඇති වෙලා කිහිප දෙනෙක්ම මැරුම් කනවා. මේ ඝාතන ඩැනි කරනවා මයිකල් දැක්ක නිසා, මයිකල් ව මරණ්න ඩැනි උත්සාහ කරනවා. ඔන්න ඔතනදි තමයි වසර ගණනාවක ෂෝන් – ජිමි මිතුදම දෙදරා යන්නේ. ඒ දරුවන්ගේ නොමනා වැඩ නිසා. දැන් තමයි නියම ගැටුම පටන් ගන්නේ. ඔක්කොම කියාගෙන ගියොත් වැඩක් නැහැනේ, ඉතුරු ටික දැනගන්න බලන්නකෝ.
හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව, අඩුම තරමින් උපසිරැසිකරුවන් තම වටිනා කාලය වැය කරමින් ඔයාලා වෙනුවෙන් මේ කරන ව්‍යායාමය ට ස්තුතියි කියලා වත් කියලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක ඒ අයට ගොඩක් වටිනවා. ජය වේවා එහෙනම්. සුබ දවසක් හැමෝටම….!!!!
500 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න 9E4F6C7D343CB1B52C1F6655E870F855059F476C 814 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න 0BAB52816F1586CB2BADF444A649A8F01ED30D5C 1.84 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න 9D535CC988C98BBC45630F0CD2EAC7021EAEC303
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
15,347 downloadsDownload Run-All-Night-2015-BR-UPDATE.zip313 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/11076010_10152954008084843_721201266_n-e1427053921905.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
329 comments
tglmt
ඉසු ඩිපි (Isu DP)
පට්ට කතාවකින්ම ලිපිය ඉවර කරලා තියෙන්නේ. මමත් පොඩ්ඩක් පරක්කු උනා කොමෙටුවක් දාන්න.
කාලෙකට පස්සේ කොමෙන්ට් ගැටුමක් දැක්කා. එකෙත් පොඩි කික් එකක් තියෙනවා අප්පා. :-P
කොහොමහරි කොමෙන්ට් දාන්න අමතක වෙන සැට් එකට මතක් වෙන්නත් එක්ක හැමදාම ඔක මතක් කරත් කමක් නැ.
ලබන් නිවාඩුවටත් පට්ට 1ක් 2ක් දෙන්න කියලා ඉල්ලන ගමන් ඔන්න අපි ගියා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dnuwan
Thanks machan
Thanu
Thanku saho, patta
සසිනිකා
සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි
ජය!නලින්
අඩේ! ෆෝකස් එක බලා ඉවර කළා විතරයි තව පට්ට කතාවක් බස්සලනේ.
ස්තුතියි සැමි... එලස්ස් වේවා!
ජය වේවා!
roshan
ela
chinthaka
thank you
madusanka jayasooriya
නියමයි. සුප්පා. සබ් දෙනකන් බලන් හිටපු ෆිලිම් එකක්. ජය වේවා
Hirushan
super.............thanks
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සමීර අයියේ.
වෙඩි වගේ සබ් එක ගෙනල්ලා නේ.
ඒ කිව්වේ ඊයේ ෆෝකස් එක දුන්නා, අද මේක දීලා...
අප කවුරුත් දන්නවා ඉතින් ඔයාට තමා ඔය වේගෙන් සබ් කරන්න හැකියාවක් වගේම උනන්දුවයි කැපවීමයි තියෙන්නේ කියලා.
මේකත් අනිවා බලන ලිස්ට් එකට වැටෙනවා.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!
(අන්තිමට ලිපියේ කියලා තියෙන දෙ පරම සත්‍යයකි .)RUMESH
සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි
ජය!Jack
අඩේ පට්ටයි මචෝ.
Liam Neeson ඉන්නවා කියන්නේ එකෙන්ම බෑමක් තමා.
බොහෝම ස්තුතියි මචො සබට.
ජයවේවා!යශෝධ හේමාල්
Thx සමීරයො
Kenan Perera
Thanks machanla
Dimuthu
Thank you.
chathura madusanka
thanks ayya meka mama wenuwen karata godak pin
chathura
kollek kiyanne ela kiri patta kollek ban good luck salli denna puluwan unannam ammapa denawa ubata pattttttttta machannnn
thisal
Liam Neeson ඉන්නවා කියන්නේ එකෙන්ම බෑමක් තමා. but wait for BR tnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx elxx
Chamara Sampath
සබට ස්තුතියි ලොක්කා. සුපිරි වැඩක් ඈ....
prabath
thank u machan
udi
tnx bro
mul torrent eka poddak chek karannaDilum RaNDika
hammeh..film eka baala balan hitya sub eka denakan..thankuu wewaa..
Jila
Thanks My Brow..
naveen
සබට ස්තුතියි
S.K.Ruchiranga
thaz machoo sub ekata
Raveen Fernando
ela sub eka bro
Pasindu
උපසිරැසි බාගෙන ඇති පන්සීයගානක්වත්.. එකම එක කමෙන්ට් එකක් නොදාපු මම අද දානවා පලවෙනි කමෙන්ට් එක. මොකද මාත් එකක් බාරගත්තු නිසා දැනුනා ටිකක්. ;)
Kulanjana Maduranga
meka nm maxxa 1k ne....balannama ona filumak.thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
Ravindu Thenabadu
BluRay කොපියක් එනකල්ම ඉන්නව අයියෝ... බොහොම ස්තූතියි... මාත් මේක දෙනකල් බලන් උන්නෙ... bluRay එක ආවම update කරන්න... ජය වේවා!
nadun
tanks for sub
Mithila
580 MB (720p HD x265 HEVC) කොපිය nam wena movie 1k neda..?
kalum
thanks
kelum (kuwait)
thanks......
තාරක නුවන් දිල්හාර
අද දෙන්න බැරිවෙයි, අද දෙන්න බැරිවයි කියලා බොරුවටනේ අඬලා තියෙන්නේ.
ඔය දීලා තියෙන්නේ අපූරුවට
නිවාඩු දවස් දෙකම උපසිරැසි වෙනුවෙන් කැප කළා නේද..?
කරන වැඩ කටයුතු සියල්ල සාර්ථක වේවා..
තව තවන් උපසිරසි කොටන්න ශක්තිය ලැබේවා..
අන්තිමට කියලා තියන කතාවට නම් මසුරන් දෙන්න වටිනවා.. :P
ජය වේවා..isuru
thanks bro!
කැලුම් ගුණසේකර
බලන්න ම ඕන එකක් වගේ. ස්තුතියි මල්ලී උපසිරැසියට.
sathyajith
ස්තුති ඔබට
oshada
niyamai macho mm kamatima naluwek inn jaya wewa
sajee
Thanku saho
Tharindu
Ela Kiri...
rsgamagedara
patta thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz lot
tndniroshan
නියම වැඩක් යාළු.....T.V. සීරිස් එකක් තියනවා....සබ් දෙනවද????????
Hawaii Five වලටwaas
thanx dear.
Thelina
NIYAMAi yaluwana!!!!!!oyala makarana da hugak watinawa .digatama ma site aka theyagana yanna!thank you!!!!
ravinda
rowdy 2014 theligu film eke sub ekath dannako
Sisira Hegoda
"හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව " කියලා කියන්න එපා.
මේක හොර පොලක් නෙවෙයිනේ. අනික වේදනාවක් තියෙනවනම් මේ වැඩේ අත අරින්න. බය නැත්නම් කරන්න.
එන යන කාටවත් බනින්න එපා.
අපි හිතන්නෙ මේක පවුලක්. පවුලක එක එක්කෙනා වෙනස් උනාට එකතුයි නේ.
අපි නිතරම ඔයාලව දිරි මත් කරනවා.
නමුත් සමහරුන් ඇත්තටම දන්නෙ නැතව ඇති කොමෙන්ටු දාන්න. අපි හිතනව අනිත් අයත් අපි වගේ දන්න අය කියල.
නමුත් පේනවද unicord වලින් සිංහල යතුරු ලියන්න දන්න අයත් කීය ද ඉන්නෙ. ඉවසීමෙන් කරපු දේ ඉවසීම නැතුව වටිනාකම බස්ස ගන්න එපා. ස්තූතියි.ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
මාමේ, මේකයි සීන් එක...
මම දැකලා තියෙනවා ඔයානම් "ස්තුතියි" කියලා වගේ ගොඩක් දිග කමෙන්ට් දානවා...
ඒක හොදයි..
උපසිරැසි කරන අයට ඒකත් ලොකු හයියක්...
එහෙව් ඔයා නිකං අද මේ දාපු කෙටි කමෙන්ට් එකනම් හින්ට් එකක් ගැහුවා වගේ මට පේන්නේ..
මාමා අවුල් උනේ ඔය “හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව ” කිව එකටද?
කමෙන්ට් නොදාන ඈයොන්ට එහෙම කිව්වා හොද වැඩියි..
මාම කියනවා වේදනාවක් තියේනම් මේක අතාරින්නලු...
අනේ ඉතින් මෙව්වා දැක දැකත් සබ් කරන අයටයි ගහන්න ඕනේ...
අනික "ඉවසීමෙන් කරපු දේ ඉවසීම නැතුව වටිනාකම බස්ස ගන්න එපා." ලු.
ඉතිං මාමේ මේ ඉන්න එවුන් වටිනාකමක් නොදෙන නිසානේ වටිනාකම ඉල්ලලා හරි ගන්න හදන්නේ.
ඒ නිසා මාමේ වචන පරිස්සමින් පාවිච්චි කරන්න..
පොඩි දේටත් හිත රිදෙන අය ඉන්නේ..
ජය වේවා!!තාරක නුවන් දිල්හාර
යුනිකෝඩ් ටයිප් කරන්න දන්නේ නැති උනාට.
ඉන්ටනෙට් එන්න පුළුවන් ඕන ළදරුවෙක් අඩුම තරමේ Copy Paste කරන්න හරි දන්නවනේ.
කමෙන්ට් එකක් ලියන්න යුනිකෝඩ්ම ඕනද..?
"වේදනාවක් තියෙනවනම් මේ වැඩේ අත අරින්න. බය නැත්නම් කරන්න" කියලා කිව්වා නේද ඔයා
අපි නම් ණයත් නෑ බයත් නෑ...
අපිට මේකෙන් ලැබෙන එකම ලාභය හිතේ සතුට විතරයි..
මේකේ තමන්ගේ සබක් පල උනාම උදේ හවස ඇවිත් බලනවා කීයක් බාගෙනද, කීයක් කමෙන්ට්ස් වැටිලද කියලා.
එහෙම බලාගෙන යනකොට ''ස්තුතියි'' '' තෑන්ක්ස් මචං''
කියලා තියෙනවා දැක්කම හිතට දැනෙන සතුට කොච්චරද කියල සබ් කරන උන් හොඳටම දන්නවා.
මෙතනට එන විෂබීජ වලට ඒවා තේරෙන්නේ නෑ.
..
තව දෙයක්..
මෙතනට මිනිස්සු වර්ග කිහිපයක් එනවා.
එක සබ බාගෙන තමන්ට අවශ්‍ය වැඩේ කරගෙන කමෙන්ට් එකක් දාගෙන මෙතනින් සතුටින් එලියට යන අය.
දෙක වටපිට නොබලාම සබ බාගෙන කෙලින්ම උඩට ගිහින් Close බටන් එක ක්ලික් කරන අය
තුන මේකේ බාගත කිරීම් කියද, කමෙන්ට්ස් කීයද කියලා විතරක් බලලා ඉරිසියාවේ පැලී පැලී එලියට යන අය.
හතර මේකේ සබ අරගෙන අහවල් සයිට් එකේ දාන්න කියලා උස්සගෙන යන අය..
පහ මෙතනට ඇවිල්ලා සබ් එක බාගෙන කමෙන්ට්ස් ටික කියවලා,
මෙතනට පොඩි ආතල් එකක් දීගෙන යන්න ඕන කියලා හිතන අය.
තව වර්ග ඉන්නවා පස්සේ ඒ ගැන කතා කරමු ඈ..
.
අපි කතා කරන්නේ ඔය දෙවැනි වර්ගය ගැන. ඒ වර්ගයේ අය ඉන්නවනම් එයාලාට සමීර අයියා කිව්ව කතාව
නිකන්ම තේරෙන්න ඕන.. ඒක තේරිලා හැදුන අයත් ඉන්නවා පේනවා ඇතිනේ ඔයාට..
..
ඔයා හැමදාම මෙහෙ ඇවිත් කමෙන්ට් දාගෙන යනවා මම දැකලා තියෙනවා.
ඉතින් ඔයාට මේල අදාළ නෑ.ජය වේවා....දීර්ගායුෂ...!!
Sisira Hegoda
බෑනෝ දිග කොමෙන්ට් හරි කෙටි කොමෙන්ට් හරි මම දැම්මෙ ඔයාලව දිරිමත් කරන්නයි. ඔයාට ඒකත් වදයක් වගෙයි. කියන දේ නොතේරෙනකොට මම මොනවා කරන්නද කොමෙන්ට් නොදෙන ඈයොන්ට මොනවා කීවත් වැඩක් වෙයිද? වටිනාකම ඉල්ලලා හරි ගන්න පුලුවන්ද? වටිනාකම තියෙන්නෙ හිතේ බෑනෝ. ඒක බලෙන් ගන්න පුලුවන් දෙයක්ද? වටිනාකම තේරෙන අය තමයි තේරුම් ගන්නෙ ඒ වගේම වටිනාකම අගය කරන්නෙ. මාමගෙ වයසට ආවම ඒක තේරේවි. අනික පොඩි දේටත් හිත රිදෙනවනම් ඔයා තාම බාලාංශ පැටියෙක් නේ.
Shenal
Machang mama nam sisira uncle ge kathawata ekagai.horen awith horen yana ewun meke na.anika me karanne sewawak.ithin eka eka maanasika leda hadaganna one na comments gaana balalal.awankawama me wade karana kenekta ekkenek ge agaya kirimath maha merak tharam watinawa.anika konda pana tiyena aathma wishwasayak tiyenawa kenek wa agaya karath naththath thamnge wade karanawa mona de wunath.godak aya mekata enne thamanta ona de ikmanata aragena yanna.a athare comment ekak dagena yana ayath innawa.ehma comment ekak damme na kiyala a ayata nikan charter widiyata kathakarana eka bohoma kathai machang.sisira uncle api ubalata wada me loke gana danna kiyana kenek.athdakeem bahula kenek.ubalata apita wada samaje gana minissu gana danna kenek.ithin aduma tharame wayasatawath garu karala kathakarapalla.sub damma kiyala lokkek wenne na.thaman ge sathuta wenuwen thamange aathma thrupthiya wenuwen karana deyak meka.manasika leddu wennaepa machang.comments walata peretha kame me wade karanna epa.samaja sewayak kiyala hithala karapan.karana waden thaman sathutu weyan anith ewun monawa kiwwath.khomath issara tharam dan meke subs enne na.
anika comments mechchara godak tiyeddith mokakda bn ubalata thawa amaru? eka comment ekakwath natnam ohma kiyana sadaranai.a th mechchara comments tiyeddith comments walata peretha wena tharam manasika leddu wenna epa.danathmakawa hithapan.anika comments balaporoththuw wena eka waraddak nemei.comment ekak kiyawaddi danena sathuta nodannawa nemei.a th bn ohma charter wena ekanam kathai.kidenek kochchara agaya karala tiyenawada.therumganna molayak tiyena ekek terum ganiy man kiyapuwa.nikan comments higaman yadinna epa bn.SAM
so true
janaka
Sisira mame .oya nahinne nathuwa innawada .apita nikan dena deth nathi karanne nathuwa..
janaka
Sisira mame .oya nahinne nathuwa innawada .apita nikan dena deth nathi karanne nathuwa..
XmX
@Sisira Hegoda
Ane Aththata man dakala na oya ohoma comment daanawa. honda comment witharai dakke. ehew eke ai ada wedi wage sub dena porakata mehema kiwwe. hari oya mamaa sub dena aya bala anshe Mama sub denna baala anshe ayata nikang inna dila. ai ane api singlishwaling type karanna barida? sinhala witharada thiyenne? sub karana ayata mehema dhos kiyanna epa pleas! api mekeng witharai sub ganne.
තාරක නුවන් දිල්හාර kiwwa wage ඔයා හැමදාම මෙහෙ ඇවිත් කමෙන්ට් දාගෙන යනවා මම දැකලා තියෙනවා.
ඉතින් ඔයාට මේල අදාළ නෑ.ජය වේවා….දීර්ගායුෂ…!!
Shenal
Molayak nathi buddiyak nathi ewunta kochchara kiwwathwadak na uncle.kochchara agaya karah wadak na.comments walata peretha manasika leddu.therena ekekta therei.anith ewun udu burai.
Ayeshi
mamath sisira uncle kiyana de hari kiyala hithanawa :)
costa
ha ha, sirawata
costa
ubala nam niyamai bn......
niroshan
pattai wage aaaaaaaa thankz broooooooo
ishina rajapaksha
ඔයගොල්ලන් නැත්තම් අපි film එකක් බලලා හමාරයි.....keep it up boys!!!!!!!!!
asela jayath
Sisira Hegoda
2015 May 17 at 7:14 pm
“හොරෙන්ම ඇවිල්ලා උපසිරැසිය බාගත කරගෙන යන්නේ නැතුව ” කියලා කියන්න එපා.
මේක හොර පොලක් නෙවෙයිනේ. අනික වේදනාවක් තියෙනවනම් මේ වැඩේ අත අරින්න. බය නැත්නම් කරන්න.
එන යන කාටවත් බනින්න එපා.
අපි හිතන්නෙ මේක පවුලක්. පවුලක එක එක්කෙනා වෙනස් උනාට එකතුයි නේ.
අපි නිතරම ඔයාලව දිරි මත් කරනවා.
නමුත් සමහරුන් ඇත්තටම දන්නෙ නැතව ඇති කොමෙන්ටු දාන්න. අපි හිතනව අනිත් අයත් අපි වගේ දන්න අය කියල.
නමුත් පේනවද unicord වලින් සිංහල යතුරු ලියන්න දන්න අයත් කීය ද ඉන්නෙ. ඉවසීමෙන් කරපු දේ ඉවසීම නැතුව වටිනාකම බස්ස ගන්න එපා. ස්තූතියිmy frist comments loku line one na thamange wade witharak hariyata karamu nathnam nokara nikan imu saho ok..........................හසන්ත
ඔයාලා මහා ආත්මාර්ථකාමී කුහක මිනිස්සු. ඔයා කියන විදිහට ඔයාල එන්නේ කොමෙන්ට් කියවන්න නෙමේ නම්. මෙයාල මොකටද ඔයාල වගේ කිසි කෙලෙහි ගුණයක් නැති මිනිස්සුන්ට තමන්ගේ කාලේ නාස්ති කරගන්නේ? එක එක අයට එක එක හේතු තියෙනවා. කවුරු කොහොම කිව්වත් මේ උපසිරසි කරන අයට ලැබෙන එකම සතුට ලැබෙන කොමෙන්ට්. ඔයාල මෙයාලගෙන් දෙයක් ගන්නකොට ඒකට ස්තුතියි කිව්වම ආනන්තර්ය පාපකර්මයක් වෙන්නේ නැහැ. එත් ඒක අර සිසිර මහත්තයා කිව්වා වගේ හදවතින් හිතිලා වැටෙන්න ඕනේ. නැතුව බලහත්කාරෙන් ගන්න කොමෙන්ට් වලින් කිසි පලක් නැහැ. ඒ වගේම සිසිර මහත්තය කියපු තව දේකට මම එකඟ නැහැ "වේදනාවක් තියෙනවා නම් මේ වැඩේ අතාරින්න" කියන්නේ හැමෝම ඇතාරියොත් මේකේ කොමෙන්ට් කරන්න තියා සබ් එකක් බාගන්න වත් පෝස්ට් එකක් වැටෙන එකක් නැහැ. මේ දේවල් කිව්වට වැඩක් නැහැ හෝද හෝද මඩේ දානවා වගේ. මොකද ලංකාව කියන්නේ තමන්ගේ වැඩේ උනා නම් එතනින් එහාට උනේ කොහෙමද වෙන්නේ කොහොමද කියල හොයන ජාතියේ ඉන්න මිනිස්සු රටක් නෙමේ. ඔය කාරණාව නිසා පුද්ගලිකව මම කොමෙන්ට් ගැන අදහස අත්හැරලා ගොඩක් කල් :/ කිසි කෙනෙක්ට මේ ගැන කිසිම අගයක් නැත්තේ නිකන් දෙන නිසා. ඒකයි ප්‍රධාන හේතුව.ඒ අතරේ මේකේ අගය දන්නා කෙලෙහි ගුණ දන්න පිරිසක් ඉන්න එක ගැන අවංකවම සතුටුයි.
අසිත
@ හසන්ත අයියේ,සමීර අයියේ ඔයාල කරන කැපකිරීමට වචනයකින් දෙකකින් වත් ස්තුතියි කරලා යන්න බැරි ඈයෝ ඕන තරම් ඉන්නවා.හැමෝම දන්නේ නෑ සබක් කරන්න කොච්චර දුක් විදින්න ඕනද කියල.මමත් මේකට ඇවිත් සබ් අරන් යන එකයි කරන්නේ.මට තියෙන ප්‍රශ්න වගයක් නිසා කවදාවත් සබක් දීලා නෑ.මම ඒ ගැන ලජ්ජා වෙනවා.ඔය කව්රුවත් මාමලා අයියාලා කියන ඒවා ගණන් ගන්න එපා මචංලා.උබල කරගන්න පින කාටවත් නවත්ත්වන්න හෑල්ලු කරන්න බෑ...ජයෙන් ජය!!!
asela jayath
anika api methenta enne comments kiyawanna neweyne saho, films walata sub da ganna ok
ehenam oyagollo comments site ekakuth patan ganna chat karanna. okසමීර
අසේල ඔයාගේ කතාව නම් බොහොම වැරදී සහෝ... ඔයාල එන්නේ comment බලන්න නෙමේ වෙන්න පුළුවන්... එත් මේ sub දාන අය තමන්ගේ වටිනා කලේ වෙන් කරලා කරන කැප කිරීමට thanks කියන්නවත් මනුස්සකමක් තියෙන්න ඕනේ නේද? අපි මේ දාන comment කාටත් වඩා sub දාන අයට වටිනවා.. එයාලගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ අපේ ඒ comment වලින් කියන එක හොදට මතක තියාගන්න. පුලුවන්නම් දාන්න නැත්තන් නිකන් ඉන්න කියන්න ඔයා කවුද? ඔයා ඔය දාපු comment එක නොදා ගියානම් ඊට වඩා හොදයි...
සමීර
සිසිර මාමේ ඔයාගේ කතාව නම් බොහොම වැරදී සහෝ... ඔයාල එන්නේ comment බලන්න නෙමේ වෙන්න පුළුවන්... එත් මේ sub දාන අය තමන්ගේ වටිනා කලේ වෙන් කරලා කරන කැප කිරීමට thanks කියන්නවත් මනුස්සකමක් තියෙන්න ඕනේ නේද? අපි මේ දාන comment කාටත් වඩා sub දාන අයට වටිනවා.. එයාලගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ අපේ ඒ comment වලින් කියන එක හොදට මතක තියාගන්න. පුලුවන්නම් දාන්න නැත්තන් නිකන් ඉන්න කියන්න ඔයා කවුද? ඔයා ඔය දාපු comment එක නොදා ගියානම් ඊට වඩා හොදයි...
සමීර
සිසිර මාමේ ඔයාගේ කතාව නම් බොහොම වැරදී... ඔයාල එන්නේ comment බලන්න නෙමේ වෙන්න පුළුවන්... එත් මේ sub දාන අය තමන්ගේ වටිනා කලේ වෙන් කරලා කරන කැප කිරීමට thanks කියන්නවත් මනුස්සකමක් තියෙන්න ඕනේ නේද? අපි මේ දාන comment කාටත් වඩා sub දාන අයට වටිනවා.. එයාලගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ අපේ ඒ comment වලින් කියන එක හොදට මතක තියාගන්න. පුලුවන්නම් දාන්න නැත්තන් නිකන් ඉන්න කියන්න ඔයා කවුද? ඔයා ඔය දාපු comment එක නොදා ගියානම් ඊට වඩා හොදයි...
Udara
ochchara kuhaka wenna epa.
Rashmika Shaveen
Patta aha elaa kiri good luck
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thankx a lot