Watch Trailer

Sadako 3D 2 (2013) | සදාකොගේ ශාපය..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කිව විදිහටම Sadako 3D දෙවැනි කොටස ගෙනාවා ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. දැන් ඔන්න දෙවැනි කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. මේකේ වෙන්නේ මෙහෙමයි ..ඔයාලට මතක ඇතිනේ “කෂිවාඩා” දශක ගාණකට කලින් මැරිච්ච “සදාකෝ” කියන කෙල්ලගේ ආත්මෙට පණ දෙන්න කරපු දේවල් ටික. ඔහු ශාපලත් වීඩියෝව නිර්මාණය කරා කාන්තාවන් පැහැරග…

Sadako 3D 2 (2013)

ඔන්න ඉතින් කිව විදිහටම Sadako 3D දෙවැනි කොටස ගෙනාවා ඔයාලා කලින් කොටස බලන්න ඇතිනේ. දැන් ඔන්න දෙවැනි කොටස ගැන පොඩ්ඩක් කියන්නම්.

මේකේ වෙන්නේ මෙහෙමයි ..ඔයාලට මතක ඇතිනේ “කෂිවාඩා” දශක ගාණකට කලින් මැරිච්ච “සදාකෝ” කියන කෙල්ලගේ ආත්මෙට පණ දෙන්න කරපු දේවල් ටික. ඔහු ශාපලත් වීඩියෝව නිර්මාණය කරා කාන්තාවන් පැහැරගෙන පණපිටින් ලිදකට දැම්මා. ශාපලත් වීඩියෝව සැහෙන්න පිරිසක් මැරුවා. කොහොම හරි අන්තිමට මම කලින් කොටසේදී කිවා වගේ ශාපලත් වීඩියෝව “අකානේව” හොයා ගත්තා. ඒක වෙච්ච විදිහ ඔයාලා බලන්න ඇතිනේ.

මේකෙදි වෙන්නේ මාරම සිද්ධියක්. ඔයාලා දකින්න ඇතිනේ පළවෙනි එකේ අන්තිමට “සදාකෝ” අකානෙගේ ශරීරෙට ඇතුළු වෙනවා. එහෙම කරන්නේ අකානෙගේ සිරුර පාවිච්චි කරලා නැවත මේ ලෝකෙට එන්න. එත් “අකානෙට” තියන ආධ්‍යාත්මික බලය නිසා ඇය කොහොම හරි සදාකොව තමන්ගේ සිරුර ඇතුළේ සිර කරගෙන ඉන්නවා. කොහොම හරි අන්තිමට “අකානේටයි, ටකනොරිටයි” ළමයෙක් හම්බ වෙනවා. කෙල්ලෙක් “නාගි” කියලා. හැබැයි නාගි දන්නේ ඇගේ අම්මා මැරිලා කියලා. ඇයව බලා ගන්නේ ටකනොරිගේ නෑදෑ වෙන කෙල්ලෙක් ඇගේ මවත් ශාපලත් වීඩියෝව නිසා මැරිච්ච කෙනෙක්. මේ කතාව ගොඩ නැගෙන්නේ “නාගි” වටා ඇය වටේට ඉන්න හැමෝම හිතන්නේ ඇයට කුමක් හෝ බලයක් තියනවා කියලා. එහෙම හිතන්නේ ඇයට රිදවන්න හිතන හරි ඇය කාට හරි අකමැතිනම් හරි. ඒ අය මහා දරුණු විදිහට මිය යනවා වගේම ඔවුන් මිය යන විදිහ නාගි කලින්ම චිත්‍රයට නගනවා. තව හැමෝම හිතාගෙන හිටියේ කෂිවාඩා මැරුණා කියලනේ එත් ඔහු මැරිලා නැ ඔහුව එල්ලා මරන්න තීරණය කරනවා. අර මිනීමැරුම් සම්බන්ධව තව “නාගි” හිතාගෙන ඉන්නේ ඇගේ මව අකානේ මැරුණා කියලනේ ඇයත් ජිවත් වෙනවා. හැබැයි කවුරුත් දන්නේ නැ කොහෙද කියලා. කතාව ඇතිනේ ඔයාලම බලන්නකෝ කොහොමද කියලා.

“සදාකෝ” ට නැවත මේ ලෝකෙට එන්න පුළුවන් වෙයිද.?ඇත්තටම නාගි කියන්නේ කගේ දුවද ..? අකානේ කොහෙද ජිවත් වෙන්නේ ..?ඇත්තටම මේකේ නාගිගේ බලයෙන්ද මිනිස්සු මැරෙන්නේ..? එහෙම නැත්තං කවුද මේ මිනිස්සු මරන්නේ.? නාගිට ඇගේ අම්මව හොයා ගන්න පුළුවන් වෙයිද .? මේකෙත් ප්‍රශ්න කෝටියයි නේ ඔයාලම බලන්නකෝ කොහොමද කියලා ඔන්න එහෙනම් මම ගියා.

Sadako 2 3D (2013) on IMDb

 

 

607 MB කොපිය මෙතනින් බාගන්න

D21D4E0EE3BDBEE29D94D386F8D13EF1F46D11BF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,104 downloadsDownload Sadako.3D.2.2013.baiscopelk.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

1,104 downloadsDownload Subtitles17 KB

26 comments

  1. KproX

    එල එල දෙනකම් හිටියෙ, ඔන්න එහෙනම් බෑව. තෑන්ක්ස් හොඳේ. :D

    1. KproX

      අම්මටුහුඩු! ජිවිතේ පලවෙනිපාරට මන් මේ බයිස්කෝප් එකකට පළවෙනි කොමෙන්ට් එක දැම්මේ. බොහොම සන්තෝසයි! :D

  2. Sanjaya

    Thankszz Saho... Me wage film walata man Godak kematiy... thanks Agen

  3. chandima

    නියමයි 2ත්දුන්න තුති දිගටම කරගෙන යමු මරු වැඩක් හොද හොල්මන්.... තැන්ස්

  4. හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි කිව්වා වගේම දීලා තියෙන්නෙ :P
    ස්තුතියි සහො :D ජය

  5. pradeep

    thanx machan onna bewa...kalin ekath baluwa...hoda ekatha...

  6. uda

    මම ආපහු වතාවක් කමෙන්ට් නොදා ඉන්නයි හිතාගෙන උන්නෙනම්. ඒ වුණත් ගයාන් රූකාන්ත සහෝ පොඩි දෙයක් කියන්න තියෙනවා...

    මම හිතනවා මතක ඇති Ring ඉංග්‍රීසි චිත්‍රපට 2 ගැන. මේ අද ඔයා දීලා තියෙන්නේ අන්න ඒ Ring චිත්‍රපට 2කට පදනම වුණු ජපන් Ringu චිත්‍රපට මාලාවට අයත් 6 වැනි එක. මේ Sadako නමින් තියෙන චිත්‍රපටි 2 සෘජුවම Ringu මාලාවට සම්බන්ධ නෑ. Ringu මාලාවේ Original 4යි තියෙන්නෙ. Sadako චිත්‍රපටි 2 Ringu වල Rasen කියන අමතක වී ගිය Sequel එකට හදාපු තවත් Sequel 2ක් බවයි සඳහන් වෙන්නේ. මේ සේරම එකට ගැටගහන චරිතය තමයි "Sadako" කියන්නෙ. ඒ චරිතයේ සම්බන්ධය මේ චිත්‍රපට 6 පුරාම තිබෙන එකක්.

    මම හිතනවා හොඳ ආරම්භයක් වෙයි මේක දිගටම ගෙනිහින් Ringu චිත්‍රපට සේරම සබ් කරන්න. ඔරිජිනල් ජපන් චිත්‍රපටි ටික සේරම දෙන්න උත්සාහයක් ගන්න!

    ජපන් Ring (Ringu) චිත්‍රපට 6ක් තියෙනවා. ඒ ටික පිළිවෙළින් මෙහෙමයි..,
    Original Ringu චිත්‍රපට
    Ring (1998)
    Ring 2 (1999) - Sequel 2
    Ring 0: Birthday (2000) - Prequel

    Rasen චිත්‍රපට
    Rasen (aka Spiral, 1998) - Ringu Sequel 1
    Sadako 3D (2012) - Rasen Sequel 1
    Sadako 3D 2 (2013) - Rasen Sequel 2

    මේ ජපාන චිත්‍රපට මත පදනම් වෙලා කරපු කොරියන් සහ ඇමෙරිකන් Remakes තියෙනවා...
    මෙතනින් ඒ විස්තර බලන්න:
    http://en.wikipedia.org/wiki/Ring_(film)#Sequels_and_remakes
    http://www.themoviedb.org/collection/14563-the-ring-collect…

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      දැනුවත් කලාට හුගක් ස්තුතියි උදා සහෝ
      හැකි විදිහට අනිත් ටිකත් කරන්නම්

  7. නලින්

    ස්තුතියි ගයාන් සහෝ

    එවගේම උදාගේ විස්තරයටත්

    ස්තුතියි

    ජය වේවා!

  8. “චූටී මල්ලි”

    කිව්ව වගෙම 2ත් දුන්න එහෙනම්
    එල එල ගයා
    සබට තුති
    ඔබට ජය.......

  9. චතුර මදුසංක

    ela thanks

  10. kp

    බලමුකෝ...... හොදද කියලා.... බුදු සරණයි.....

  11. Tharindu Perera

    fatta macahnnn.....thanks sub ekatahhh....

  12. dinidu madushanka

    ela ela macho 2 dunna jaya wewa

  13. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  14. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Supun Udayanga

    තෑන්ක්ස් සහෝ....

  16. rumesh sanka

    film 2ma patta thanks bro uda kiwwa wage anith film walatath sub damu neda

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    කොටස් දෙකම දුන්න එකනම් සුපිරි දැන් කොටස් දෙකම එකට බලන්න පුළුවන්,ජයවේවා.

  18. දමිත්

    නියම විස්තරයක් කමෙන්ට් වලත් තියනවා. ස්තුතිය සහේ

  19. kesara

    පළවෙනි කොටස බැලුවා . සුපිරි චිත්‍රපටියක් .මේකත් එහෙම ඇති නේ ...බොහොම තුති සහෝ ! ................. :P :P

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      මෙතෙක් අදහස් දක්වපු හැමෝටම
      තුති ෴:)

  20. deleepa

    THE OTHERS 2001 SUB KARALA DENNAKO BROTHER

  21. Kasun

    නියමයි !!!!

  22. Kasun

    නියමයි !!!! ෴

  23. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍