කොහොමද යාලුවනේ. ඔන්න jakob’s wife ෆිල්ම් එකෙන් පස්සෙ තවත් හොල්මන් ෆිල්ම් එකක් අරගෙන ආව. හැබැයි මේක නම් අනිත් හොල්ම ෆිල්ම් වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් ජාතියේ ෆිල්ම් එකක්. පටන් ගත්ත වෙලේ ඉඳන් හොල්මන් පෙන්නන බය හිතෙන ජාතියේ එකක් නෙවෙයි. මේකෙ හොල්මන ඉන්නෙ මේකෙ කතා නායිකාවගේ මනස ඇතුලෙ. ඒ නිසා ඔයාල ට්‍රේ…

කොහොමද යාලුවනේ. ඔන්න jakob’s wife ෆිල්ම් එකෙන් පස්සෙ තවත් හොල්මන් ෆිල්ම් එකක් අරගෙන ආව. හැබැයි මේක නම් අනිත් හොල්ම ෆිල්ම් වලට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් ජාතියේ ෆිල්ම් එකක්. පටන් ගත්ත වෙලේ ඉඳන් හොල්මන් පෙන්නන බය හිතෙන ජාතියේ එකක් නෙවෙයි. මේකෙ හොල්මන ඉන්නෙ මේකෙ කතා නායිකාවගේ මනස ඇතුලෙ. ඒ නිසා ඔයාල ට්‍රේලර් එක එහෙම බලල මේක බාගන්නව නම් ගොඩක් හොඳයි. මගෙ කලින් සබ් එකකට කොමන්ටුවක් දාල තිබ්බ සහෝ කෙනෙක් හොල්මන් ෆිල්ම් ලිස්ට් එකක්. එතනින් එකක් තමා කලින් ඔයාලට ගෙනාව jakob’s wife. මේකත් ඒ ලිස්ට් එකේම එකක් තමා. පුළුවන් විදියට අනිත් ඒවටත් සබ් අරන් එන්නම්. ඒ සහෝටත් ස්තූති කරන ගමන් මගෙ සබ් වලට කොමන්ටු දාන හැමෝටම මම වෙලාවෙ ස්තූති කරනව. ඔයාලගෙ කොමන්ටුවකින් තමා ඉතින් අපිට මේක කරන්න හයිය එන්නෙ.
හරි අපි කතාව පැත්තට හැරෙමු. මෝඩ් කියන්නෙ සාත්තු සේවිකාවක්. ඒ කියන්නෙ නර්ස් කෙනෙක්. එයා වැඩ කරන්නෙ පුද්ගලික අංශයක. ඒ කියන්නෙ අර ගෙවල්වල නැවතිලා රෝගීන්ට උපස්ථාන කරන කෙනෙක්. මෝඩ් ඇවිල්ල දෙවියන් වහන්සේව තදින්ම විශ්වාස කරන කෙනෙක්. කොච්චර තදින් ඒක විශ්වාස කරනවද කියල ඔයාලට ෆිල්ම් එක බලද්දි තේරෙයි. මෝඩ් කලින් වැඩ කරපු තැන රෝගියා අවාසනාවන්ත විදියට මිය යනව. ෆිල්ම් එකේ පෙන්නුවේ නැති උනත් ඒක වෙන්නෙ මොඩ් ගෙ අතින්. ඉන් පස්සෙ තවත් තැනක රෝගියෙක් බලාගන්න රැකියාවක් මෝඩ් ට ලැබෙනව. ඒ ගෙදර ඉන්නෙ ඇමන්ඩා කියල නර්ථන ශිල්පිනියක්ව ඉඳල දැන් දරුණු පිළිකාවකින් දුක් විඳින කෙනෙක්. එයාව බලාගන්න එක තාම මෝඩ් ට බාර වෙන්නෙ. මෝඩ් ඒක හරියට කරයිද? මෝඩ් ගෙ මනසට මොකද වෙලා තියෙන්නෙ? ඒ ඔක්කොම ෆිල්ම් එක බලලම දැනගන්න.
මේක අධ්‍යක්ෂණය කරන්නෙ Rose Glass අධ්‍යක්ෂවරිය විසින්. මේක එයාගෙ කුළුදුල් නිර්මාණය. කුළුදුල් උනාට මේකට ලැබුන ප්‍රතිචාර සුළුපටු නෑ. රංගනයෙන් Morfydd Clark සහ Jennifer Anne යන දෙපල ප්‍රධාන චරිත විදියට දායක වෙනවා. Horror/Psychological horror කාණ්ඩයට වැටෙන ෆිලුම IMDB අගය මනාප 27k වඩා වැඩි ප්‍රමාණයකින් 6.7/10 අගයකුත් කුණු තක්කාලි අගය 92%ක් ලබාගන්නත් හැකි වෙලා තියනවා. මං කලිනුත් කිව්ව වගේ මේක හැමෝටම සෙට් වෙන්නෙ නැති වෙයි. මොකද මේක ටිකක් මානසික රෝගයක් වගේ සීන් එකක් තියෙන්නෙ. ඒ නිසා ට්‍රේලර් එක බලලම ෆිල්ම් එක බාගන්න. එහෙනම් දැනට මෙතනින් නවතින්නම්. තව ෆිලුමකින් සෙට් වෙමු ආයෙ. හැමෝම පරිස්සමින් ඉන්නෝ..!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,992 downloadsDownload Saint.Maud_.2019.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
17 comments
Anonymous
Anonymous
Tick Tick Boom එකටත් සබ් එක දෙන්න
Anonymous
Thanks jayawewa.....!
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
දිගටම හොඳම Horror ෆිල්ම්ස් සබ් දෙන්න.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Eolll
Meka gedera ayath ekka baluwata kamak nadda.
Ara Jakobs wife ekanm bane. Meka awlk naddaAnonymous
18+ kiyala thynwne bn..thawath monada ithin..
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Neon Dia
Devil's triangle 2021 ෆිල්ම් එකෙත් Sub දාන්න සගො...
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Naughty Gethmina
Fantasy Magician sinhala subtiles denn berid ham website ekkm beluwa kawuruth dala naneh plzz puluwnnm ikmnt dennkooo Fantasy Magician sinhala subtitle 720p video ekk thiyenn ekt galpenna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Viraj
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Tick Tick Boom එකටත් සබ් එක ඕන මචන්