ආයුබෝවන් යාළුවනේ, ගොඩක් දවසකට කලින් බාර ගත්ත එකක් දවස් ගානක්ම පරක්කු වුණා, ඉතින් කණගාටුව ප්‍රකාශ කරමින් ඔන්න අරගෙන ආවා තවත් අලුතෙන්ම සිනමාහල් වල් තිරගත වුණ චිත්‍රපටයක්. Richard Rishi තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ, ඊට අමතරව Gautham Vasudev Menon, Dharsha Gupta, Radha Ravi ඇතුළු නළු නිළියන් රැසක්…

ආයුබෝවන් යාළුවනේ, ගොඩක් දවසකට කලින් බාර ගත්ත එකක් දවස් ගානක්ම පරක්කු වුණා, ඉතින් කණගාටුව ප්‍රකාශ කරමින් ඔන්න අරගෙන ආවා තවත් අලුතෙන්ම සිනමාහල් වල් තිරගත වුණ චිත්‍රපටයක්. Richard Rishi තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ, ඊට අමතරව Gautham Vasudev Menon, Dharsha Gupta, Radha Ravi ඇතුළු නළු නිළියන් රැසක් දායක වෙනවා. IMDb අගය ගත්තාම 6.3ක් වගේ සැලකිය යුතු මට්ටමක අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 කුත් විනාඩි 45 ක් වෙලා තියෙනවා. ඔක්තෝබර් පළමු වැනිදා තමයි සිනමාහල්වලට නිකුත් වෙලා තියෙන්නෙ. Action, Drama වර්ගීකරණය යටතේ තමයි පෙළගැස්සිල තියෙන්නෙ. මම කලින් Richard Rishi ගේ චිත්‍රපටයක් ගෙනාවා මතක ඇති Draupadi(2020) ඒකෙත් කුල බේද ගැන කියවෙන එකක්.වැඩි කතාවක් නැතුවම චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියන්නම්.
මම ඉපදිලා හැදී වැඩුණේ ධර්මපුරි පැත්තේ පුංචි ගමක, නම කාරියමංගලම්.මගේ තාත්තා සටන් කියාදෙන කලා ගුරුවරයෙක්. ගොඩක් විනයගරුකව හා ප්‍රතිපත්තිගරුකව ජීවත් වුණ කෙනෙක්. අපේ ගමේ මුල්ම වතාවට ඉන්පෙක්ටර් කෙනෙක් වුණේ….මමයි. අවුරුදු හතක් සේලම් වල සේවය කළා. වරාහි එක්ක මගේ විවාහය සිද්දවුණා. ඊට පස්සේ අවුරුදු දෙකක් ටී. නගර් වල පොලිස් ස්ථානයේ සේවය කළා. ඩී.සී. දවසක් මාත් එක්ක පුද්ගලිකව කතා කරන්න ඕනෙ කියල කතා කළා. පෞද්ගලික පබ් එකකදී කෙල්ලෙක්ට වෙච්ච අසාධාරණය ගැන මට විස්තරාත්මකව කිව්වා. එතනින් පටන් ගන්න මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ව අල්ලන වැඩේ දිගටම කරගෙන ගියා. මේ ගැන පැහැදුණ ස්වදේශ කටයුතු ඇමති රුද්‍රන්ව මාරු කරනවා N4 ධීවර වරායේ පොලිස් ස්ථානයට, එහෙ ඉන්ස්පෙක්ටර් විදියට වැඩ බාර අරන් වැරදි කරන කාට වුණත් නීතියට අනුව කටයුතු කරන්න රුද්‍රන් පැකිළුණෙ නෑ. ඔහොම වැඩ කරගෙන යද්දි තමයි දවසක් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කෝල් එකක් එන්නෙ ස්කෝලෙ යන වයසෙ කොල්ලො දෙන්නෙක් මාකට් එකේ ගංජා විකුණනව කියල. වහාම ක්‍රියාත්මක වන රුද්‍රන් එයාලව අල්ලන්න ජෝශප් සර් එක්ක මාකට් එකට යනවා. එහෙදි ඒ කොල්ලො දෙන්නා අල්ලගෙන රුද්‍රන් සර්ව කෑම කන්න යන අතරතුර ජෝශප් සර් වත් තල්ලු කරගෙන පැනල යන්න හදනව එයාලගෙ බයික් එකෙන්, මේක දකින රුද්‍රන් වහාම බයික් එක පස්සෙන් පන්නන්න ගන්නව. ගැබිණි කාන්තාවකුත් හැප්පෙන්න ගිහින් පැනල යන නිසා කේන්ති යන රුද්‍රන් අර කොල්ලො දෙන්නව පන්නගෙන ගිහින් බයික් එකට පයින් ගහල දෙන්නව වට්ටල කොහොම හරි අල්ලගන්නව. ඒ වැටුණ වෙලාවේ මාරන්ගෙ ඔලුව වැදිලා මැහුම් 13ක් ගහන්න සිද්දවෙනවා. දොස්තර මහත්තයත් කියනව වතුර ගිහින් ආසාදනයක් වෙන්නෙ නැතිවෙන්න බලාගන්න කියල. දෙමාපියන් පොලීසියට කැදවන රුද්‍රන්, ඔවුන්ට තම ළමුන්ව හරියට බලාගන්නා ලෙස අවවාද කර ගංජා නඩුවක් නැතුව ප්‍රසිද්ධියේ දුම් බිව්ව එකට දඩයත් තමන්ම ගෙවල ඔවුන්ව පිටත් කරල හරිනවා. සතියකට පස්සේ හදිස්සියේම උදේක මාරන් වලිප්පුව හැදිලා ඉස්පිරිතාලෙට ඇතුළත් කරද්දි මිය යනවා. එතනින් තමයි ප්‍රශ්නෙ පටන් ගන්නෙ. එහෙනම් ඔයාලටයි මේ ආරාධනය.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
6,665 downloadsDownload Rudra-Thandavam-2021.zip103 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
34 comments
Anonymous
Kushan
Sub akta thanks
gimha
ela
Naveen Mbr
කතාවම කිව්වා වගේ. ස්තූතියි මම නම් මේක බලන්නෙ නැහැ. කමෙන්ට් එකක් දාන්න ආවා.
Anonymous
Patta
Naveen
උපසිරසියට තුති
Anonymous
වෙන සයිට් වලට කලින් ඉන්දියන් එකක් බයිස්කෝප් එකේ වැටුනේ කාලෙකට පස්සේ
oshanda
ඇත්ත සහෝ... දැන් හැමෝම කාර්යය බහුලයි
Eranda
Thanks brother
Gihan Lakmal
Tkanks sub ekata
WEB-DL Ekath Awith thiyenne macho...Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
බොබී
සබ් එක නේපාලේ , ෆිල්ම් එක ඉස්රයාලේ ... තව තැනක වොයිස් නෑ සබ යනව කොහේ තියෙන ඩයලොග්ද මන්ද ,
දැන් ඉතින් කියන්න එපා හරි ෆෝමැට් එක නෙමෙයි කියල , ඩවුන් කරලා තියෙන්නේ එක්සැට්ලී සබ එකේ තියෙන නමම තියෙන වීඩියෝ එක , උබ කරන්නම් වාලෙට සබ් නොකර චුට්ටක් තමන් මහන්සියෙන් කරපු වැඩේ ආපහු ප්ලේ කරලා බලන්නේ නැද්ද බන් අප්ලෝඩ් කරන්න කලින් ?? ටොරන්ට් වලින් බෑවොත් සබ් එකේ මොකක් හරි නොගැලපීමක් වෙයි කියල හිතෙන නිසාම යුසද්‍රයිවු එකේ තියෙන ඒ ෆයිල් එකම තෝරලා ඩවුන් කරලත් අන්තිමට බලද්දී විකාරයක් , වෙන මොකුත් අවුලක් නෑ එකම අවුල කාලය , අපි ඉන්නේ වෙන රටවල් වල , ලංකාවේ වගේ ලෝකේ වැඩිම නිවාඩු තියෙන කැලැන්ඩරේ කප් ගහල නෙමෙයි ඉන්නේ අපි , යමෙක් සහ යම් බ්‍රෑන්ඩ් නේම් එකක් පිළිබද විශ්වාසයෙන් අපේ වටිනා කාලය අපතේ යැවෙදිදී දුකයි මේ යකා මෙච්චර වගකීම් විරහිතවද වැඩ කරලා තියෙන්නෙ ඒ වගේ එකෙක්ද වැඩක් වෙනුවෙන්ද මගේ කාලය වය වුනේ කියල දැනෙද්දී කලකිරෙනවා බයිස්කෝප් කියන බ්‍රෑන්ඩ් නේම් එක ගැන.oshanda
බොබි... ස්තූතියි සහෝදරයා.. සුදු කොලේ කළු තිතක් දැක්කට...
Anonymous
බොරුවට බුරන්න එපා බන් නිකන්ම බල්ලා වෙනෝ එතකොට,ලැජ්ජයිනෙ
Anonymous
සබ් එක නේපාලේ , ෆිල්ම් එක ඉස්රයාලේ … උබ ඉන්නෙ කසකස්ථානේ නෙ
හරිනේ බන් මූ බල්ලෙක් තමයි නමත් බොබි නෙ
ඉජු ඉජු බොබි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Harvey O'brien
උපසිරසියේ තිබු ගැටලුව නිරාකරණය කර ඇත.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!මයිකි
Thanks බං සබ් එකට. කලින් දෙන එකට ගොඩක් තැන්ක්ස් , එක එකා මොනවා කිව්වත් ගනන් ගන්න එපා.
oshanda
ස්තූතියි සහෝ....
Ratta
Thanks brother
Anonymous
Enemy -2021 sub plz
බොබී
#ඕෂධ ,
සබ් එක හරි දැන් , ස්තුතියි ,
කමෙන්ට් කීපයක් දැක්ක "එක එකා මොනව කිවත් ගනන් ගන්න එපා" කියලා , එහෙම නෙමෙයි , හැමදේටම වටේ ඉදන් හරි හරි කියන උන්ව ගණන් ගන්න එපා දෙයක් වැරද්දක් දැක්කම කෙලින් කියන එකා ගණන් ගනින් , කීබෝඩ් වලින් සහ කමෙන්ට් වලින් මිනිස්සු මනින්න එපා , එහෙම මනිනවානම් අද මම උබට සහ මෙතන අකුරු හරබ පෙන්නන ගොඩක් දෙනා ඉස්සරහ මෙහෙම නෙමෙයි හැසිරෙන්නේ. එහෙම බටර් කාරයන්ගෙන් පරිස්සම් වෙයන් සමාජේ තේරෙනව කියල හිතනවා.
මම බල්ලෙක් වගේ බිරුව නෙමෙයි , උබලගෙන් කියෙන් කි දෙනෙක් මම (අපි) මෙහෙ ගෙවන ජිවිතේ ගෙවනවද දන් නෑ , ඒ ජිවිතේ ගෙවන එකෙක් කාලයේ වටිනාකම දන්නව සහ අපි උබල ගැන යම් විශ්වාසයක් තියාගෙනයි මෙතනට එන්නේ කියන්න අමතක කරන්න එපා.
උබ සබ් කරන්න සයිට් එකට ජොයින් වෙන්න කලින් සමහරවිට මම සයිට් එකේ ෆෑන් කෙනෙක් වෙන්න පුළුවන්. උබ සයිට් එකේ සබ් කරන්න ජොයින් වෙද්දි ඊට කලින් සයිට් එකට සබ් කරලා අද වෙද්දි දුර ඉදන් සයිට් එක දිහා බලාගෙන ඉන්න උන් මගෙ පුද්ගලික මට්ටමේ යාළුවො වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔය බටර් කමන්ට් දාන අකුරු විරුවො කවුරුත් ඒ කලේ හිටියෙ නෑ වෙන්නත් පුළුවන්. ඒ කාලේ තිබ්බේ අපිට සුම් එකයි බයිස්කෝප් එකයි විතරයි සහ ඒ දෙකෙන් දෙන්න පුළුවන් උපරිම ගුණාත්මකභාවයෙන් ඒ වැඩේ කළා. ඉතින් ඒ විශ්වාසය නිසයි අද වෙද්දී පැදුරු ගානේ සබ සයිට් තිබ්බත් නොයා , අලුත් ෆිල්ම් එක නෙට් එකේ පෙනී පෙනී තියෙද්දිත් ඩවුන් නොකර උබලගෙන් කවුරු හරි ඒක දෙයි විශ්වාසයෙන් කල් මරන්නේ.
අන්න ඒක පලුදු වෙන විදියේ අලුත් සබ් මේකර් කෙනෙක් වගේ වගකීම් විරහිත ලෙස වැඩ කරන්න එපා කියලයි කිවේ. මොකද උබ නොදන්නව උනාට උබ සම්පුර්ණයෙන් දාපු සබ් වලින් 95% කට වැඩිය මම බලල තියෙනවා. මොකද 2017 / 2018 කියන්නේ අලුත් බයිස්කෝප්වාසින්ට ලොකු දුරක් උනාට ඒ කාලේ ඉදල යුසර් නේම් පාස්වර්ඩ් නැතුව , ටොරන්ට් ලින්ක් එකත් සබ් එකට යටින්ම දුන්න කාලේ , බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් නොතිබිච්ච , බයිස්කෝප් ෆේස්බුක් පිටු නොතිබිච්ච කාලේ ඉදන් සයිට් එකත් එක්ක හිටිය එවුන්ට ඒක මහලොකු කාලයක් නොවේ.
අලුත් සබ් කරන එකෙක්ටනම් මම මෙහෙම කමෙන්ට් එකකටවත් කාලේ නාස්ති කරන්නේ නෑ , නමුත් මම දන්නව උබ කවුද උබේ පටන් ගැන්ම කොතනද කොච්චරක් හොද දේවල් දුන්නද සහ මම ඒවයින් කොච්චරක් බලල තියෙනවද කියන්න. උබේ වටේ කීබෝඩ් කාරයෝ කිව වගේ බිරුවනම් නෙමෙයි මචං "දුක" කිවේ , මේ ජිවිත නොදන්නා ලින්මැඩි මානසිකත්වයෙන් දෙමවුපියන්ගෙන් ඩේට වලට ගෙවන උන්ට සමහරුන්ගෙ ජිවිත වල තියෙන කාලයේ වටිනාකම ගැන තාම හරිහැටි අවබෝධයක් නෑ.
කමෙන්ට් එකෙන් පස්සේ මේක අන්පබ්ලිෂ් කරලා ආපහු පබ්ලිෂ් කරලා තිබ්බ, මම හිතන්නේ මම කියපු දේ නිසා වෙන්න ඇති , අවුල හදල ආපහු දාල තිබ්බේ. ඒක වෙනම කතාවක්. හැබැයි උබේ හිතින් උබම හිතපන් කෙලින්ම අවුල කියපු එකාද හරි නැත්නම් පාඩුවේ ඩවුන් කරලා බලල හිතින් උබේ දෙමවුපියන්ටත් එක්ක බනින එකාද හරි කියල. වටේ පිටේ එවුන්නම් අදාල නෑ වැඩකුත් නෑ මාව දන්නෝ දනිති නොදන්නෝ දනගාති යෝ යෝ ..
ස්තුතියි !!
oshanda
ඔයා කියන දේ මම පිළිගන්නව සහෝ... මම ඔයාට කලින්ම ස්තූති කළේ ඒකයි. අපිත් කාර්යය බහුල ජීවිත ගත කරන ගමන් තමයි සබ් එකක් ලියන්නෙ... මේකෙ සබ් එකත් මම කොපියට කරන්න පටන් ගත්තෙ. කීපයක් කරල තමයි අවසානෙට හොද HD කොපියක් ආවම එකට සබ් එක අඩුපාඩු හදල දෙන්නෙ. ඉතින් සබ් එක හදල ඔක්කොම කරල ඉවර වුණාට පස්සෙ මේල් වෙලා තියෙන්නෙ කලින් හද හද හිටපු එකක්. ඉතින් ඒකෙන් වුණ අසාධාරණයට මම බයිස්කෝප් මිතුරන්ගෙන් සමාව ඉල්ලනවා. වැරදි අඩුපාඩු හැමෝම අතින් වෙනවා.. හුගක් අය ස්තූතියි කියන්නවත් නෑ හැබැයි අඩුපාඩුවක් දැක්කාම පලු යන්න බනින්න දන්නවා. මගේ ඩේටා කැපුණා..මගේ කාලෙ අපරාදෙ කියල..කොහොමහරි වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට යමු.
Anonymous
ඕෂධ සහෝගේ සබ් වලින් 95% කට වැඩිය බලල තියෙන උබ එක සබ් එකක් අවුල් වුන පලියට ඔච්චර බුරන්නේ අනිවා බල්ලෙක්ම තමයි...
සබ් අරන් යද්දි(සබ් වලින් 95% කට වැඩිය බලලා තියේ කිව්වා නෙහ්) අඩුතරමේ thanks කියන අකුරු හතර කොටන්න බැරි උබලට සබ් එකක් අවුල් ගියාම නම් සබ් කරන එකාට වැඩෙත් එපාවෙන්න හෑලි ගහන්න නම් වෙලාව තියෙනෝ... තුහ් නෙදකින්
අනික උබ වගේම ජොබ් එක කරන ගමන් ලැබෙන ෆ්‍රී ටයිම් එකේ ෆිල්ම් බලන අය තමයි මෙහෙත් ඉන්නෝ,උන්ගෙත් කාලය උබේ වගේම තමයි, ඒනිසා වැරද්දක් තියේනම් කමෙන්ට් එකක් දාලා කියපන් එතකන් ටිකක් ඉවසපන් මුන් හදනකන්,මොකද සතපහක ලාබයක් නැතුව මුන් මේ කරන වැඩේට ඔයිට වඩා ගරුකරන්න ඉගෙනගනින්බොබී
#Oshada ..
බොබී
.
Neo
Thanks brother
Keep it upIdunil Weerasinghe
Thanks brother
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Arawinda Sunimal
thanks oshada dananjaya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Dan nam baiscope eka track eke inne. Thanx broo