Watch Trailer

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles | රුදුරු සාගරේ.. මා ඔබ ඈ [සිංහල උපසිරසි]

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles අවිවාදාත්මකව, 2023 වසරේදී ඉන්දියානු සිනමාවෙන් එළි බැහැපු හොඳම ආදර කතාව(ක්) ඔයා තවමත් බැලුවේ නැද්ද? එහෙනම් මුලින්ම ගිහින් Sapta Sagaradaache Ello – Side A (2023) බලලා එන්න. ඊට පස්සේ අපි කතා කරමු!! Sapta Sagaradaache Ello – Side B (2023) Sinha…

Sapta Sagaradaache Ello - Side B (2023) Sinhala Subtitles

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles

අවිවාදාත්මකව, 2023 වසරේදී ඉන්දියානු සිනමාවෙන් එළි බැහැපු හොඳම ආදර කතාව(ක්) ඔයා තවමත් බැලුවේ නැද්ද? එහෙනම් මුලින්ම ගිහින් Sapta Sagaradaache Ello – Side A (2023) බලලා එන්න. ඊට පස්සේ අපි කතා කරමු!!

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles

..01..

..02..

..03..

..04..

..05..

..06..

..07..

..08..

..09..

..10..

සුරභි..??

මනූ…

ඔයා මුහුදට ආසද??

……….

ඔයාට සින්දු කියන්න පුළුවන්ද?

මනූ…!

ඇයි ඔයා ඇස් වහන් හිටියේ?

ප්‍රියා…??

කල්පයක් වගේ වසර 10ක් ගෙවිලා ඉවර වෙලා තිබ්බා.
ඒ දවස උදා වෙලා තිබ්බා.
මනූ හිරෙන් නිදහස් වුණා.
ඉතින්…
ඊට පස්සේ???

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles

Sapta Sagaradaache Ello - Side B (2023) Sinhala Subtitles

බොහොමයක් දෙනා ආදරෙන් වැළඳගත්තු බොහොමයක් දෙනාගේ හදවත වේදනාවෙන් බර කරපු ඒ ආදර කතාව Sapta Sagaradaache Ello සිනමාපටයේ දෙවන දිගහැරුම තමයි මේ විදිහට අපි ඉදිරියට ඇවිත් තියෙන්නේ. පළමු සිනමාපටය නිකුත් වෙලා මසක් ඇතුළත දෙවන සිනමාපටය නිකුත් වෙන්නට නියමිතව තිබුණත් වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබීම නිසා තවත් සති දෙකක් පමණ ප්‍රමාද කර තමයි දෙවැනි කොටස එළි දැක්වුණේ. ඉතින් කවුරුත් නොඉවසුම්ව බලන් හිටියේ ඇත්තටම මනූ-ප්‍රියා ආදර කතාවට මොකක් වෙයිද කියලා. පළමු කොටසෙදි හමු වුණු ඒත් පිළිතුරු රහිත ප්‍රශ්න කිහිපයකුත් නැරඹු ප්‍රේක්ෂකයන්ගේ හිතේ ඉතිරි වෙලා තිබුණා.

නොවැම්බර් 17වෙනිදා Side B තිරගත වීමත් එක්කම අපේක්ෂිත විදිහට උණුසුම් ප්‍රතිචාර තමයි සිනමාපටයට හිමි වුණේ. සුපුරුදු විදිහට හිත වේදනාවෙන්න බර කරවන්න මේ දෙවැනි කොටසත් සමත් වෙලා තිබුණා. හේමන්ඒත්ගේ අධ්‍යක්ෂණය වෙනුවෙන් නරකක් කියූ කෙනෙක් නැති තරම්. වගේමයි රක්ෂිත්, රුක්මිනී විශේෂයෙන්ම චෛත්‍රාගේ රංගනයත් දැඩි පැසසුමට භාජනය වුණා. සංගීතය ගැන අමුතුවෙන් කියන්න දෙයක් තිබුණේ නැහැ. පළමු කොටසේ මෙන්ම දෙවන කොටසටත් ජීවනාලිය වෙලා තිබුණේ ඒ සංගීතයම තමයි. මේ හැමදේමත් එක්කම ජාත්‍යන්තර සිනමා දර්ශයකේ 8.3ක දැවැන්ත අගයක් ගන්න Sapta Sagaradaache Ello Side B සිනමාපටය හිමිකරගන්නවා. ලබපු අසීමිත ආදරය නිසාම හින්දි බසින් මේ සිනමාපටයන් දෙක ප්‍රති නිර්මාණය කිරීමට කරන් ජොහාර් සැරසෙනවා කියලා විවිධ ආරංචිත් පැතිරෙනවා. ඒ නිසා ඒ හින්දි ප්‍රතිනිර්මාණය ගැන තවත් කතා කිරීම බොරු වැඩක්.

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles

හරි,දැන් අවස්ථාව ඔයාට. පළමු කොටස නරඹලා නොඉවසුම්ව ඉන්න අයයි තාමත් පළමු කොටසවත් නරඹලා නැති අයයි දෙගොල්ලොන්ටම එකතු වෙන්න කියන ගමන් සහතික වෙනවා මේ සිනමා අත්දැකීම කාලයක් යනකම් ඔයාගේ හිතේ නොමැකී සටහන් වෙලා තියෙන බවට නම්. එහෙනම් ඒ සහතිකයත් එක්කම මං සමුගන්නවා.

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති SRT උපසිරසි HQ HD පිටපත් සඳහා ගැළපේ.

7,916 downloadsDownload Sapta-Sagaradaache-Ello-Side-B-2023-Sinhala-Subtitles.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Sapta Sagaradaache Ello – Side B (2023) Sinhala Subtitles

Subtitles by

PHOENIX

Subtitles

7,916 downloadsDownload Subtitles50 KB

11 comments

  1. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. Achintha Udayanga

    තුති වේවා..❤

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි PHOENIX සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    unu unuwema.........
    athath pichchuna kollo........
    onna bagaththa..danma balanawa.........

  4. H.Gayan

    copy awa dawasema baiscope eke mehem sub tynawa dakinawa kynnema ihe malak pipuna wage
    thanks bro..

  5. සනුප

    මෙච්චර ඉක්මනට නම් එයි කියල හිතුවේ නෑ..තෑන්ක්ස් බ්‍රදර් සබ් එක වෙනුවෙන්...

  6. Buddhika Lakmal

    සබට බොහෝම ස්තූතියි phonix සහෝ...

  7. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  8. baiscopelk ishu

    sub ekta thx

  9. Anonymous

    thanks broooo

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P