ආයුබෝවේවා! තවත් හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසිය තිලිණ කරන්නයි මේ සූදානම. 2020 ජනවාරි 11 වෙනිදා Action Comedy කාණ්ඩයෙන් නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Anil Ravipudi විසින්. රංගණයෙන් සුපර් ස්ටාර් මහේෂ් බාබු සමගින් සුරූපී නිළි රෂ්මිකා මන්දනා දායක වී තිබෙනවා. සංගීතය…

ආයුබෝවේවා! තවත් හැමෝම ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසිය තිලිණ කරන්නයි මේ සූදානම. 2020 ජනවාරි 11 වෙනිදා Action Comedy කාණ්ඩයෙන් නිකුත් කෙරුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Anil Ravipudi විසින්. රංගණයෙන් සුපර් ස්ටාර් මහේෂ් බාබු සමගින් සුරූපී නිළි රෂ්මිකා මන්දනා දායක වී තිබෙනවා. සංගීතය දේවි ශ්‍රී ප්‍රසාද්ගෙන්.
අජේ ක්‍රිෂ්ණා (මහේෂ් බාබු) කියන්නේ හමුදාවේ මේජර් කෙනෙක්. අජේගේ රෙජිමන්ට් එකේ තවත් අජේ කියලා සොල්දාදුවෙක් ඉන්නවා. ඉතින් දවසක් මෙහෙයුමකදි ඒ සොල්දාදුවාට බරපතල තුවාල සිද්ද වෙනවා. මේ බව දැන් එයාගේ ගෙදරට කියන්නත් ඕන, හැබැයි එයාගේ නංගිගේ විවාහයත් අත ලඟටම ඇවිල්ලයි තියෙන්නේ. ඉතින් විවාහයට බාදාවක් නොවෙන විදිහට ගිහින් මේ බව දැනුම් දෙන්න කියලා මේජර් අජේටයි ඔහුගේ මිත්‍රයෙකුටයි පැවරෙනවා. ඒ යන අතරතුරේ කෝච්චියේදි තමයි සම්ස්කෘති (රෂ්මිකා මන්දනා) මුණගැහෙන්නේ. එතන වෙන සිද්දිය නම් කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්න. 😛
ඉතින් මේ දෙන්නා අජේගේ ගෙදරට යනකොට එතන කවුරුත් නෑ. ගෙදර හැම දෙයක්ම අවුස්සලා විනාශ කරලා. මොකද වෙලා තියෙන්නේ කියලා හොයනකොට දැනගන්නවා එයාලව විනාශ කරන්න කෙනෙක් ආපු නිසා පැනලා ගිහිල්ලා කියලා. ඉතින් ඒ රහස හොයන්න තමයි අජේ ක්‍රිෂ්ණාට සිද්ද වෙන්නේ. කතාව ඇති නෙහ්. 😛
දරුණුම සංක්‍රාන්ති සමයේ ගැටුම ඇති වුනේ මේ අවුරුද්දේ කිව්වොත් මං හරි ඇති කියලා හිතනවා. මොකද සුපිරි තරු දෙන්නෙක්ගේ චිත්‍රපට දවස් දෙකක් ඇතුලත රිලීස් කරපු නිසා. එක පැත්තකින් බ්ලොක්බස්ටර් නියඟයකින් පෙලුනු අල්ලු අර්ජුන්. අනෙක් පැත්තෙන් මොන චිත්‍රපටයක් දැම්මත් හිට් වෙන තරම් ඉන්දියාවේ උන්මාදයක් තියෙන මහේෂ් බාබු.

කලින් දවසේ රිලීස් වුනේ මහේෂ් බාබුගේ මේ චිත්‍රපටය. නිකුත් වුන දවසෙම වාර්තා තියාගෙනයි නිකුත් වුනේ. මහේශ් බාබුගේ චිත්‍රපටයක් පළමු දවසෙන් ලද වැඩිම ආදායම එනම් ඉන්දියානු රුපියල් කෝටි 67ක් ලබාගත්තා. ඒ වගේම තෙලුගු චිත්‍රපටයක්(එක භාෂාවකින් නිකුත් කර) ලද දෙවැනි වැඩිම ආදායම. (පළවෙනි එක වුනේ අල්ලුගේ Ala Vikunthapurramloo ) ඒ වගේම මේ චිත්‍රපට දෙකේ තරඟකාරිත්වය නිසාම 2020 ජනවාරි 11 සිට 18 දක්වා වන සතිය හැඳින්වෙන්නේ තෙලුගු සිනමාවේ වැඩිම අාදායම් ඉපයූ සතිය ලෙසයි. ඔය වගේ තවත් ප්‍රාන්ත මට්ටමින් පවා වාර්තා රැසක් බිඳ හෙලන්නට සමත් වුන චිත්‍රපටයක්. කෝටි 103 ක වියදමකින් නිම කල චිත්‍රපටය කෝටි 238.2 ක් ලබාගන්නට සමත්කම් දැක්වුවා. IMDb දර්ශකයේත් 7ක අගයක් හිමිවුනා.

හැබැයි තරඟයක් වුනාම අවසානයේ ජයග්‍රාහකයෙක් ඉන්න එපැයි. ඉතින් මේ ගැටුමෙන් අන්තිමේදි ජයග්‍රහණය ලැබුවේ අල්ලු අර්ජුන්ගේ Ala Vaikuntapuramlo චිත්‍රපටය. ආහ් තව එකක්. රෂ්මිකාට නටන්න බෑ කියපු උන්ටත් ටිකක් විතර රිදෙයි ඈ… 😛 මෙදා පොටේ නැටුම් පන්ති ගිහිල්ලද කොහෙද. ටිකක් විතර හදාගෙන තියෙනවා. 😛
එහෙනම් චිත්‍රපටය බලන්න හැමෝටම ආරාධනා කරනවා. අවසාන වශයෙන් කොටසක් කරමු කියපු ගමන් බෑ නොකියා එකතු වුනු චානක ඉඳුනිල් මලයාටත් බොහොම ස්තූතියි කියන ගමන් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.
50,868 downloadsDownload Sarileru-Neekevvaru-2020.zip90 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට සහ චානක ඉඳුනිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
40 comments
සනිඳු ලක්ඛිත
Kolitha
Thanx bro
Rumesh dhanushka
Thanks brother
Mayura
ahhhhhhhhhhh
මයුර
ජයවේවා සබට තුති
Sugala Deshani
thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!kavinda
බොහොම ස්තුතියි නියම වැඩක්
Gihan
Sub ekata Thanks Saho
Jaya Wewaisuru srinath sjs
දෙන්නටම බොහොම ස්තුතියි ..!!
Anonymous
ස්තුතියි සහෝ.... පට්ට මචන්.... මේක දෙනකන් බලන් හිටියේ.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි....ජය වේවා....
Gihan perera
ස්තුතියි සහෝ.... මේක දෙනකන් බලන් හිටියේ.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.... දෙවි පිහිටයි....
Nilush Angana
Sub ekata thanx
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
avishka360
Thanks
Isurusandeepa007
thanks sahoo
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ශසිත් සහෝ...ජයවේවා !"
Tharindu07
Thanks....!!!!
arawindasunimal
thanks sub ekata jayawewa.......................
Anonymous
Thanks bro
Gandhaka Indrajith
thanks for the subtitle
Anonymous
Thanks bro...
Asela sooriya bandara
ela bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thanks
Supun Srimal
Thnq sahoo
Shehan putha
Thanks brothers..
Jayasanka
ගොඩක් ස්තුතියි.
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!gayanprasangaswk
film 1 kohenda download karaganna puluwa?
Shasith Sandaruwan
baiscopedownloads. co
Anonymous
thank you
Vishvapriya Karunathilaka
බයිස්කෝප් eke okkotama gdk ස්තූතියිිි ....
prasa0987456
sub akata thank
Kushan samuditha
Thank you bro
MAXR
thankQQQQQQQQQQQQQQQQQQQQ wewaaaaaaaa.....
Ashan Nester
Film eka download karaganna link ekak nadda
MAALNATH
Thanks .................good luck ....................
Shaggy
Thank You saho
Himasha
thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූති සහෝ උපසිරසට..මේකේ සබ එනකම් තමා බලන් හිටියේ...ජය වේවා..බුදුසරණයි..!