බයිස්කෝප්වාසී සියලුම දෙනා වෙනුවෙන් මේ ගෙන එන්නේ මීට වසර 10කට පෙර ඒ කියන්නෙ 2009 වර්ෂයේ නිකුත් වුණ දමිළ සලරුවක්. ආදරය,ත්‍රාසය සපිරි මේ සිනමාපටය IMDB දර්ශකයේ 5.5 ක අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. Bella , Arrambam වගේ දැවැන්ත නිර්මාණ බිහි කරපු Vishnuvardhan මහතාගේ තවත් නිර්මාණයකි මෙය. දමිළ සිනමාවෙ ආ…

බයිස්කෝප්වාසී සියලුම දෙනා වෙනුවෙන් මේ ගෙන එන්නේ මීට වසර 10කට පෙර ඒ කියන්නෙ 2009 වර්ෂයේ නිකුත් වුණ දමිළ සලරුවක්. ආදරය,ත්‍රාසය සපිරි මේ සිනමාපටය IMDB දර්ශකයේ 5.5 ක අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. Bella , Arrambam වගේ දැවැන්ත නිර්මාණ බිහි කරපු Vishnuvardhan මහතාගේ තවත් නිර්මාණයකි මෙය. දමිළ සිනමාවෙ ආදරණීය චරිතයන් වන Arya කාර්තික් ලෙසත් Trisha Krishnan සන්ධ්‍යා ලෙසත් මෙහි ප්‍රධාන භූමිකාවන් රඟ දක්වනවා. ඒ වගේම නළුවෙක්, සංගීත ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක් වන J. D. Chakravarthy මෙහි තවත් ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. Yuvan Shankar Raja තමයි මේකෙ සියළු සංගීතයන් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.
Trisha Arya
මේ චිත්‍රපටය ප්‍රධාන වශයෙන් චරිත පහක් මූලික කරගෙන තමයි නිර්මාණය කරල තියෙන්නෙ. කාර්තික්, සන්ධ්‍යා, ඊෂ්වර්, නෞශාද් සහ ඉමාන් කියන චරිත පහ මේ කතාවෙ බහුලව දකින්නට ලැබෙනවා. ඒ වගේම එකිනෙකට වෙනස් වූ කතා දෙකක් මේකෙදි ගලාගෙන ගියත් චෙන්නායි වලදි සිද්ධ වෙන රිය අනතුරක් තුළින් මේ කතා වස්තූන් දෙක සම්බන්ධ වෙනවා.මේ කතාව ගැන මං වැඩිය විස්තර කරන්න ගියොත් ඒක රසවින්දනයට බාධාවක් වෙන්න පුලුවන් නිසා එහෙම නොකර ඉමු.
J. D. Chakravarthy
ඒ වගේම 2009 IPL ක්‍රිකට් තරඟාවලිය නිසා වරින් වර මේ සිනමාපටය තිරගත වීම කල් ගියත් 2009 මැයි 15 වන දින තිරගත වී රසිකයන් අතර හොඳ ජනප්‍රියත්වයක් දිනාගත්තා. ඒ නිසා වෙනසකටත් එක්ක මේක බලන්න.ඔබට ජය!

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා අදාළ වේ.
2,253 downloadsDownload Sarvam-2009.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිදු අවිශ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිදු අවිශ්ක
Subtitles
8 comments
Kantha_DLA
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
Rukshan37
ELa
Bandara76
Old is Gold..Thanks Bro
Lasantharathnasirirox
ස්තුතියි පවි නිර්මාණයට....ජයවේවා...!!
arawindasunimal
thanks pavidu awishka sub ekata....................jayawewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!