Watch Trailer

Savyasachi (2018) Sinhala Subtitles | දෑතේ හයිය [සිංහල උපසිරැසි සමඟ]

අද උපසිරැසි අරගෙන ආවේ Action කාණ්ඩයට වැටෙන තෙලුගු සලරුවකට. කවුරුත් දන්නා හඳුනන Naga Chaitanya තමයි ප්‍රධාන චරිතයට දායක වෙලා තියෙන්නේ. ප්‍රධාන නිළියගේ චරිතයට දායකත්වය දක්වන්නේ Munna Michael හින්දි චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ Nidhhi Agerwal. ඒ වගේම සුපිරි දමිළ නළු නිළියන් යුවලක් වන R. Madhavan සහ Bh…

අද උපසිරැසි අරගෙන ආවේ Action කාණ්ඩයට වැටෙන තෙලුගු සලරුවකට. කවුරුත් දන්නා හඳුනන Naga Chaitanya තමයි ප්‍රධාන චරිතයට දායක වෙලා තියෙන්නේ. ප්‍රධාන නිළියගේ චරිතයට දායකත්වය දක්වන්නේ Munna Michael හින්දි චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ Nidhhi Agerwal. ඒ වගේම සුපිරි දමිළ නළු නිළියන් යුවලක් වන R. Madhavan සහ Bhumika Chawla ද රංගණයෙන් දායකත්වය දක්වා තිබෙනවා. Madhavan තෙලුගු සලරුවක ප්‍රධාන චරිතයකට පණ පොවන පළමු අවස්තාව වන මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Chandoo Mondeti විසින්. 2018 නොවැම්බර් 2 නිකුත් කෙරුණු මේ සලරුවට IMDb දර්ශකයේ මේ වන විට 6.6 ක අගයක් තමයි ලැබිලා තිබෙන්නේ.

වික්‍රම් ආදිත්‍යා කියන්නේ සාමාන්‍ය පෙනුමක් තිබ්බට අසාමාන්‍යය පිහිටීමක් තියෙන කෙනෙක්. ඒක සිද්ධ වෙලා තියෙන්නේ එයා අම්මගේ කුසේ වැඩෙද්දී සිදු වුන සිදුවීමකින්. ඒකට කියන්නේ “වැනිෂින් ට්වින් සින්ඩ්‍රෝම්” කියලා. ඒ කියන්නේ නිවුන් දරු උපතක් සිදු වීමට කළල දෙකක් බිහි වුනත් පෝෂණ පධාර්ථ නොමැති වීම නිසාවෙන් එක කළලයක් විසින් අනෙක අවශෝෂණය කරගන්නවා. මේ වගේ අවස්ථා වලදී බොහෝ විට ළමයින් අත් දෙකක් ඇතිව, කකුල් හතරක් ඇතිව, හිස් දෙකක් ඇතිව ආදි වශයෙන් උපදිනවා. නමුත් වික්‍රම් ආදිත්‍යාගේ තත්වය ටිකක් වෙනස්. තනි පුද්ගලයෙක් විදිහට ඉපදුනත් අර අනෙක් නිවුන් දරුවාට සම්බන්ධ නියුරෝන ඔහුගේ මොළයේ ඉතිරිව තිබෙනවා. එ්කට සම්බන්ධ වෙලා තියෙන්නේ ඔහුගේ වම් අත විතරයි. ඒ නිසා ඔහුට ප්‍රතිචාර දක්වන්න පුලුවන් වෙන්නෙත් වම් අත හරහා පමණයි. වෛද්‍යවරයා කියන විදිහට මෙයාට ලොකු දුකක් හෝ සතුටක් දැනුනොත් එයාගේ වම් අත ක්‍රියාත්මක වෙනවා. කෙටියෙන්ම කිව්වොත් එක ශරීරයක් පාවිච්චි කරන දෙන්නෙක් තමයි ඉපදිලා තියෙන්නේ. වෛද්‍ය මතය අනුව මේ නිසා ඔහු එක්කෝ අසමර්ථ කෙනෙක් වෙන්න පුලුවන්, නැත්නම් දෑතම ශක්තිමත්ව පාවිච්චි කරන්න පුලුවන් ශක්තිවන්තයෙක් වෙන්න පුලුවන්. ඔන්න එහෙනම් ප්‍රධාන චරිතයේ ස්වභාවය ගැන කිව්වා. කතාව ගැන කියන්න යන්නේ නෑ. කතාවේ සෙසු චරිත මේකට සම්බන්ධ වෙන විදිහ ගැනත් පාදක වෙන කතාව ගැනත් බලලම රස විඳින්න කියලා ආරාධනා කරනවා.

ප.ලි : චානක ඉඳුනිල් සහෝදරයත් එක්ක එකතු වෙලා තමයි මෙතරම් ඉක්මනින් උපසිරැසිය අරන් ආවේ. ඇත්තටම කිව්වොත් මට වැඩ වැඩි වුන නිසා චානක සහෝදරයා තමයි වැඩි කොටසකට දායකත්වය දැක්වුවේ. කියපු ගමන් වැඩේ පටන්ගෙන ඉක්මනට ඉවර කරපු ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් අදට සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු.

ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

21,924 downloadsDownload Savyasachi-2018.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට හා “චානක ඉඳුනිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

21,924 downloadsDownload Subtitles72 KB

86 comments

  1. pansilu2014

    thanks bro

  2. vasana22

    Supiri naluvek thama. Thanks bro.

  3. Kaveeshdiyashan

    Film eka ne nee

  4. sakraya

    supiri machan.thanx sub ek ikmnta dunnata

  5. පැතුම් ඉෂාර

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!... තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!...බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!

  6. Thilina Chamara

    Thank you

  7. Moksha

    Sub ekata Thnx bro......

  8. Nirodhya Dilshan

    thanks for sub.............

  9. Navod Hansajith Fonseka

    ela..tnks

  10. Dhanush Narangoda

    තෑන්ක්ස් මචං.....

  11. Nuwan-milinda

    Sub ekata Thanks bro

  12. sameeradananjaya

    thx machan,,,,ela

  13. [email protected]

    ela ela thanks brola iye elluva viitharai ada vadedila niyamai bro sube ekata thanks digatama sube danna thavath supiri filumak ona jayawewa......

  14. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata . Jaya wewa..!

  15. supun priyanath

    Ela
    Thank you

  16. ranga12

    denkam sub eka balan hitiye

  17. nisala_d

    thank you bro..!!!

  18. Nilush Angana

    Sub ekata thanx

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  20. OshankaNW

    දෙනකන් බලාගෙන හිටියෙ උපසිරැසියට බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාටම ....
    ජයවේවා ......

  21. darshana100

    thanks yalu

  22. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...

  23. nimeshjeewantha

    elaaaa

  24. sashan

    Thanks sho sub ekata jaya weva.

  25. oshanda

    දෙන්නමටම ගොඩක් ස්තූතියි ..ඉක්මනටම දීලා ..ඔහොම යමු

  26. God of film

    Sho puluwan nam meyagema sailaja reddy alludu film akata sub dennaKo tamilrokers ake hdrip aka avith tiyenne loku deyak puluwan nam akatath sub dennako

  27. Mayura

    මේ දවස් වල තෙලිගු ටිකක් බැලෙනවා. ඕව බලද්දී ඉතින් අනිවා සසියගේ නම තියෙනවම තමා. මේකත් නොබලා බෑ වගේ. දෑතේ සක්තියනේ. සබට තුති බන්. චානකටත් තුති :)

  28. rangika Kariyawasam

    නියම වැඩක් සහෝ.ජය වේවා දෙන්නටම

  29. @Rumesh

    Vunnadhi Okate Zindagi meket sub denna puluwan nam

    niyama wadak patta film eka

  30. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම සබ් එක දුන්නට

  31. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝල දෙන්නටම ජයෙන් ජය !!

  32. kapillama

    how to download the movie can anybody suggest?

  33. kelumchathuranga

    thanks

  34. gihan perera

    ස්තුතියි සහෝ...පට්ට ෆිලුමක් කාලෙකින්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  35. superlahiru5678

    tanx bro

  36. ravindu kannangara

    සුපිරි film එක...
    Sub එකට thanks bro...ජය වේවා

  37. Sajiya99

    Thanks sahola sub ekata

  38. Kulanjana Maduranga

    niyamai...bamak thama..subata thanks sahola...keep it up....

  39. Ayesh Prashan

    Thank You..Thank You

  40. gayan215

    bohoma sthuthi sahodarayani....

  41. ushan

    tnq

  42. lahirulg

    මේකේ විස්තරේ කියවගෙන යනකොටම ෆිල්ම් එකට ආස හිතුනා.... බොහොම ස්තූතියි ශසිත් සඳරුවන් ,චානක ඉඳුනිල් සහෝදරවරුන්ට. ජයවේවා.

  43. Bandarajbandara

    ELa thanks droo

  44. apa

    thanks su ekata.

  45. gayankavinda@

    thanks bro sub ekata.ikkmanatama hamba una.jaya wewa!!!puluwan nam Yuddam Saranam 2018 Film ekath denawada.

  46. NuwanK

    Thank u bros..

  47. sahandinuka

    thnx brow

  48. Ekruwan

    නියමයි ස්තූතියි

  49. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  50. Indunil kavindu

    Thanx mchn....puluwan nam yuddham sharanam film eke sub eka diyanko

Load more comments