Watch Trailer

Enga Amma Rani (2017) Sinhala Subtitles | අම්මෙකුගෙ ආදරේ ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් යාලුවනේ පරක්කු නොකරම වෙලාව තියෙන විදියට මම ආයෙත් දෙමල ෆිලුමකට අත ගැහැව්වා මගේ 19 වෙනි උපසිරැසි නිර්මාණය විදියට.ඇත්තෙන්ම කියනව නම් අම්මෙක් තම දරුවන්ට තියෙන ආදරේ කොච්චරද කියල පෙන්වන තවත් උදාහරණයක්. IMDB දර්ශකය 6.2 වෙන Action ගණයට අයත් වන 2017 මැයි මස 05 වන දින තිරගත වීම ආරම්භ කරන ලදි.නිවුන…

ඔන්න ඉතින් යාලුවනේ පරක්කු නොකරම වෙලාව තියෙන විදියට මම ආයෙත් දෙමල ෆිලුමකට අත ගැහැව්වා මගේ 19 වෙනි උපසිරැසි නිර්මාණය විදියට.ඇත්තෙන්ම කියනව නම් අම්මෙක් තම දරුවන්ට තියෙන ආදරේ කොච්චරද කියල පෙන්වන තවත් උදාහරණයක්. IMDB දර්ශකය 6.2 වෙන Action ගණයට අයත් වන 2017 මැයි මස 05 වන දින තිරගත වීම ආරම්භ කරන ලදි.නිවුන් දරුවන් දෙදෙනෙකුගෙ අම්මා ලෙස “තුලසි” “සායි දන්ශිකා” චරිතවත් කරනවා. Kaala Koothu (2018), Kaathadi (2018), Vizhithiru(2017), Solo (2017), Uru (2017) යන මෑතකදි තිරගත වූ සිනමා කීපයකට දායක වී තිබෙනවා.

දෙමව්පියන්ගෙ විරුද්ධත්වය නිසා හොරෙන්ම දෙදෙනාම මැලේසියාවෙදි විවාහ වෙලා නිවුන් දරුවන් දෙදෙනෙක් බිහිකරනවා.තුලසිගෙ සැමියා වැඩකරන සමාගමෙන් කාම්බෝදියාවට පිටත් කර හැරියත් පසුව ඔහු ගැන තොරතුරක් ලැබෙන්නෙ නැහැ.තුලසි කොතරම් මහන්සියෙන් සමාගමට කීප වතාවක් ගියත් ඇයට සැමියා ගැන තොරතුරක් ලබා ගැනීමට නොහැකි වෙනවා. තානාපති කාර්යාලයට ගිහිල්ල බැලුවත් එයාලට කරන්න දෙයක් නැහැ කියල කියනව. කොහොම වුණත් එහෙම දින ගෙවීගෙන යනකොට තුලසි රස්සාවක් හොයාගන්නවා.ඔහොම වැඩ කරගෙන යන අතරතුර තුලසිගෙ මාමා හදිසියේ අන්ත්‍රා වෙලා ගෙදරින් එන්න කිව්වත් තුලසිට යන්න වෙන්නෙ නෑ එයාගෙ පස්පෝර්ට් ප්‍රශ්නය නිසා.

ඒ ප්‍රශ්නත් මැද්දෙ තුලසි දරුවන් දෙදෙනා සතුටින් තියන්න උපරිම උත්සාහය දරනව.ඒ වගේම දරු දෙදෙනත් අම්මව සතුටින් තියන්න තමයි උත්සාහ කරන්නෙ.දිනක් මව්වරුන්ගෙ දිනය යෙදුන දවසක මීරයි,තාරයි එකතුවෙලා ගෙදර සරසල අම්මව පුදුම කරල පොඩි පාටියකුත් දානව.එදා දවසෙ හදිස්සියෙම තාරා අසනීප වෙලා රෝහල් ගත කරනවා.දොක්ටර් බයවෙන්න දෙයක් නැහැ කියල තුලසිවයි මීරවයි ගෙදර පිටත් කරනව.ඒත් පහුවදා සිද්දවෙන්නෙ හිතාගන්නවත් බැරි දෙයක්.තාරා කිසිම රෝග ලක්ෂණයක් නැතුවම අම්මවයි,තම නිවුන් සොහොයුරියවයි දලා මෙලොවින් තුරන් වෙලා ගිහින්.මොනව කියල කරන්නද තුලසි තාරාගෙ අවසන් කටයුතු මැලේසියාවෙදිම කරන්න කටයුතු කරන අතරතුර ඉන්දියාවේ තුලසිගෙ ගෙදර අයට තුලසිගෙ සැමියගෙ ගෙදර අයගෙන් ප්‍රශ්න එනව.අනේ ඉතින් තුලසි මොනා කරන්නද ?.. එයාගෙ අවසන් කටයුතු කරල ටික දවසකින් දැනගන්න ලැබෙනව මේ අසනීපයම මීරාටත් වැලදෙන්න හැකියාවක් තියෙනව කියල.

අනේ අසරන තුලසි මීරාව බෙරගන්න ඕනෙ නිසා එයාව එක්ක යනව මැලේසියාවෙ කැමරන් උස් බිම් වලට,මොකද මීරාව ශීතල දේශගුණේක තියන්න ඕනෙ නිසා. තුලසි මීරාත් එක්ක කැමරන් උස් බිම් වලට ගියට පස්සෙ ගෙදරක් අරන් නවතිනව. ඔන්න ඉතින් කරදරේකින් බේරෙන්න ආවට පස්සෙ අලි කරදරේක තුලසි වැටෙනවා.නැවතුන ගෙදර ඉන්න ආත්මයක් මීරාගේ ශරීරයට ඇතුල් වෙනවා…හ්ම් ..ඉතින් ආත්මයක් ශරීරයකට ඇතුල් වෙන්නෙ මොකටද කියල කියන්න ඕනෙ නෑනෙ.. පළිගැනීමේ අරමුනින් ඉන්න ආත්ම තමයි කෙනෙක්ගෙ ශරීරයට ඇතුලුවෙලා එයාලගෙ පළිගැනීමේ චේතනාව ඉෂ්ට කරගන්නෙ… ෆිලුම බලන්නකො කාගෙ පළිගැනීමේ උවමනාවන්ද ඉෂ්ට කරගන්නෙ කියල…. හ්ම්ම් එහෙනම් ඉතුරු ටික බලන්න. මීරාගෙ ශරීරයට ඇවිත් මේ පලිගන්න හදන්නෙ කා වෙනුවෙන්ද ? අවසානෙදි තුලසි තම ජීවිතයෙන් කරන කැප කිරීම. බලන්න..ලස්සන කතාවක් …

එහෙනම් තවත් ලස්සන ෆිලුමකින් හම්බවෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD පිටපත් සඳහා අදාළ වේ.

2,834 downloadsDownload Enga-Amma-Rani-2017.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඔෂධ ධනංජය

Subtitles

2,834 downloadsDownload Subtitles40 KB

23 comments

  1. kavinuweerakkody

    බොහොම ස්තූතියි ඔෂද අයියේ...

  2. Ruwan chinthaka 1

    Thank you. ....

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. gihan perera

    ස්තුතියි සහෝ...නියමයි...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  5. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata...

  6. Supun Tharaka

    thanks bro

  7. rock_kolla

    Ela

  8. Sajiya99

    Thanks bro sub ekata

  9. Kulanjana Maduranga

    niyamai...bamak thama....subata thanks saho...keep it up..

  10. Kanchaka

    Thanks bro

  11. Danaya

    ගොඩක් ස්තුතියි සබ් එකට. මූවි එකෙ ටොරන්ට් සයිට් එකකුත් පුලුවන්නම් දාන්නකො

  12. Tharaka

    THANKS.......................................

  13. ushan

    tnq godaak oyata

  14. Kantha_DLA

    movie size very big Bro...
    small size plz..

  15. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  16. N_R

    Thanks.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. snak

    jayawewa thanks sub ekata

  19. supun priyanath

    Ela
    Thank you

  20. sapsara

    me film eka baiscope download eken download karanna bane.download karanna puluwan link ekak dennako..

  21. walakul

    thank you

  22. liyanage

    Thanks .... ජය වේවා!......

  23. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!