සුබ දවසක් ඔබ සැමට. වැම්පයර්! වැම්පයර්ල කිව්වම ඉතින් කවුරුත් නොදන්න දෙයක් නෙමේනෙ. හැබැයි ඉතින් ගොඩාක් දෙනෙක් මේක වැම්පයර් කියනවට වඩා දන්නෙ ඩ්‍රැකියුලා කිව්වම තමා. මේ ඩ්‍රැකියුලා කියන්නෙ ඇත්තටම ග්‍රීක මිත්‍යාවක්. නමුත් සිනාමා නිෂ්පාදකයන් රචකයන් මේක ගොඩක් දුරට මිනිස්සු අතරට ගෙනල්ලා තියනව විවිධ වූ සිනම…

සුබ දවසක් ඔබ සැමට. වැම්පයර්! වැම්පයර්ල කිව්වම ඉතින් කවුරුත් නොදන්න දෙයක් නෙමේනෙ. හැබැයි ඉතින් ගොඩාක් දෙනෙක් මේක වැම්පයර් කියනවට වඩා දන්නෙ ඩ්‍රැකියුලා කිව්වම තමා. මේ ඩ්‍රැකියුලා කියන්නෙ ඇත්තටම ග්‍රීක මිත්‍යාවක්. නමුත් සිනාමා නිෂ්පාදකයන් රචකයන් මේක ගොඩක් දුරට මිනිස්සු අතරට ගෙනල්ලා තියනව විවිධ වූ සිනමා කෘතිවලින්. ඉතින් ඩ්‍රැකියුලා කියන්නෙ වැම්පයර් පිලිබඳ නිර්මානය වෙච්ච ගොඩක් ජනප්‍රිය සිනමා නිර්මාණ කිහිපයක්. Dracula Untold (2014) කියන්නෙ මෑත කාලයේදි ජනප්‍රිය වෙච්ච වැම්පයර් චිත්‍රපටයක්. ඒ වගේම රූපවාහිනි කතාමාලා මගින්ද මෙම වැම්පයර් පිළිබඳ පිළිඹිබු කරල තියනව. The Vampire Diaries කියන්නෙ එහෙම නිර්මානය වෙච්ච රූපවාහිනී කතාමාලාවක්. ස්කූබී නිෂ්පාදකයෝත් වැම්පයර්ල ගැන චිත්‍රපටි නිර්මාණය කරන්න පෙළඹෙනවා. Scooby Doo Legend Of Vampire කියන්නෙ එසේ නිර්මානය කරපු සිනමා නිර්මාණයක්. ඉතින් මේ ලෑස්තිවෙන්නෙ ඒකට උපසිරැසි අරන් එන්නයි.
කතාව පැත්තට හැරෙමු දැන්. මේ පාරත් ඉතින් ස්කූබි කට්ටිය ට්‍රිප් එකක් යනවා. හැබැයි ඒ යන්නෙ වැම්පයර් රජදහනක් වෙච්ච ඔස්ට්‍රේලියාවට. මේ ගියාට පස්සෙ වැම්පයර් රොක් සංගීත ප්‍රසංගයට මේ අය සහභාගි වෙනව. ඔය සහභාගි උනාට පස්සෙ අබිරහස් විසඳන් මේ අයට සිද්ධවෙනවා. සංගීත ප්‍රසංගයේ තරගකරුවන් පැහැරගන්නව. ඒ පැහැරගැනීම වෙන්නෙ ඔස්ට්‍රේලියාවෙ වැම්පයර් පුරාවෘත්තයක් වෙච්ච යොවී යාහූගේ පුරාවෘත්තය පදනම් කරගෙනයි. ඉතින් කොහොමින් කොහොමහරි තරගකරුවන් පැහැරගැනීමත් සමග අන්තිමේ එක් කණ්ඩායමක් ඉතුරු වෙනවා. ඒ අයත් ඒ අයගෙ ප්‍රසංගයෙ දවසෙ පැහැරගෙන යනව. පැහැරගැනීමෙන් අනතුරුව ස්කූබි අබිරහස් කණ්ඩායම මේ අබිරහස විසඳන්න පටන්ගන්නව. මං අබිරහස විසඳන හැටි කියන්නෙ නෑ. මොකද එතකොට මුළු කතාවම මේ ලිපියෙ තියනවනේ. ඔයාලා ඒ ටික බලන්නකෝ.
කාලෙකින් තමා මම මෙහෙම උපසිරැසියක් අරන් එන්නෙ. කාර්යබහුල වීම නිසා උපසිරැසිකරණයට කාලය නැතුව ගියා. කොහොම කොහොමහරි අරගෙන ආවනෙ දැන්.
චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියන්නම් මං. කතාව ගැන කිව්වට මේක අනෙකුත් තොරතුරුත් කියන්න එපැයි. මුලින්ම මේක එලිදැක්වුනේ 2003 මාර්තු 4වෙනිදා. විනාඩි 72ක කාලයක් තියන මේ සිනමා නිර්මාණය ඇමරිකා එක්සත් ජනපදයේ නිර්මාණය කරන ලද්දක්. මේ චිත්‍රපටි 2D එහෙම නැත්නම් ද්වීමාන තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දක්. Scott Jeraldsගේ අධ්‍යක්ෂණයකින් යුතුව Warner Bros. Animation, Warner Bros. Family Entertainment ආයතන මගින් නිෂ්පාදනය කර Warner Home Video ආයතනය මගින් බෙදාහැරීමකට ලක්කරල තියනවා. Animation ගණයට අයත් මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ කටුව 10න් 6.6 දක්වා කරකවලා දීලා තියනවා. ගූගල් පරිශීලකයන් 95%ක් පමණ මේ චිත්‍රපටයට කැමැත්තක් දක්වලා තියනවා.
හැමදාම වගේ මට මේක බාරදුන්න ඇඩ්මින් මඩුල්ලටත් සබ් එක ඩවුන්ලෝඩ් කරල කමෙන්ට් එකක් දාන කට්ටියත් ස්තූතිවන්ත වෙනවා. ගමන් මම නවතිනවා. කාලෙකින් සබ් එකක් කරපු හින්ද අඩුපාඩු එහෙම තියනවනම් ඒවත් කමෙන්ට් කරල ගියාට වරදක් නෑ.
!!!!! ජය වේවා !!!!!
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
C. R. ජයලත්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
22 comments
ravin rishmantha
geeganagamage
බොහොම ස්තුතියි
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ස්කූබි ඩූ කියන්නේ ඉතිං පොඩි කාලේ ඉදන් අදටත් ආසම කාර්ටූන් එක. ෆිල්ම් එකක් උනත් මගහරින්නේ නැතුව අනිවාර්යයෙන් බලනවා. මේකත් බලමු.. බුදුසරණයි..!
tharindu_madhawa
thank you bro
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
saduhiru1
උපසිරැසියට බොහෝම ස්තුතියි ..................
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
geeganagamage
thank you
D.Chamara
bohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela saho thanks
AsithaDilruwan
ela saho thankss
Udara Damith Dissanayaka
ස්කුබි ඩු නම් මොනවත් කමක් නෑ .
තව මේ වගේ ස්කුබියගේ මිස් වුන ඒවා තියෙනවනෙම් දෙන්ඩ
මන් ගොඩ කාලෙකට කලින් dvd එකක ස්කුබියා ගේ ෆිල්ම් 4 ක් බැ ලුවා
ඒවගේ නම් මතක නී නේ
අර සුපර් නැචුරල් අන්තිම සීසන් එකේ 16 කොටසේද කොහෙද කියනව වගේ
ස්කුබි වෙනුවෙන් ඕන දෙයක් කරනවා.Viraj
sub ekata thanks saho.. jaya wewa!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Sandeepmadushan
Maru saho
Dinushalakshan
Niyamayi, Thanks sub ekata
sublove
sthuthi saho me sub ekata. supiri
Kalindu jayathilaka
Sub ekata num thanks bro puluwannam Scooby doo 1987 boo brothers meet
film ekatath sub ekak hadannasacheee35
උපසිරැසි වලට ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thamath adarei scooby doo ta patta bn budusarny