Watch Trailer

Scooby-Doo and the Witch’s Ghost (1999) with Sinhala Subtitles | ඕක්හේවන්’ හි මායාකාරිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිව්ව වගේම ස්කුබි ඩූ ෆිල්ම් එකක් අරන් ආවා. හැබැයි මේක මම ගේන්න හිටපු එක නම් නෙමෙයි. අවාසනාවට ව‍ගේ ඒ ගේන්න හිටපු ස්කුබී ෆිල්ම් එකට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලයේ හොයාගන්න නෑ. එකම එකක් මට හම්බුනා. ෆිල්ම් එකේ දෙබස් එක්දාස් ගාණක් තියෙනවා. උපසිරැසියෙ තියෙන්නෙ දෙබස් තුන්සිය ගාණයි. ඉතින් ක…

ඔන්න කිව්ව වගේම ස්කුබි ඩූ ෆිල්ම් එකක් අරන් ආවා. හැබැයි මේක මම ගේන්න හිටපු එක නම් නෙමෙයි. අවාසනාවට ව‍ගේ ඒ ගේන්න හිටපු ස්කුබී ෆිල්ම් එකට නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලයේ හොයාගන්න නෑ. එකම එකක් මට හම්බුනා. ෆිල්ම් එකේ දෙබස් එක්දාස් ගාණක් තියෙනවා. උපසිරැසියෙ තියෙන්නෙ දෙබස් තුන්සිය ගාණයි. ඉතින් කොහොමද සබ් එක හදන්නේ.. අසා ලිවීමක් කරන්න නම් පුළුවන් ඒත් ස්කුබී යාළුවො සෙට් එක කියවන කියවිල්ලෙ හැටියට ඒක එසේ මෙසේ වැඩක් නම් නෙමෙයි. ඒ හින්දා ඒක අතඇරලා තව ටිකක් පරණ එකක් බැලුවා. ඒකත් එහෙමයි. නිවැරදි ඉංග්‍රීසි උපසිරැසියක් නෑ. අන්තිමේදි මේක තෝරගත්තා. මේ ෆිල්ම් එක IMDB අගය 7.2 හිමි කරගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනි මේක මම මීට කලින් උපසිරැසි ගන්වපු  ස්කූබී ඩූ සහ සොම්බි දූපත චිත්‍රපටිය වගේ සාම්ප්‍රදායෙන් පිට පැනපු එකක්.

මොකද මේකෙත් ඒ ෆිල්ම් එකේ වගේම බොරු වෙස්මූණූ දාපු මිනිස්සු වෙනුවට ඇත්තම හොල්මනක් ඉන්නවා. ඒ වගේම ගොඩක් ලස්සන වෙනස්ම කතාවක්.  කතාව ගැන ටිකක් කියනව නම් කට්ටිය කෞතුකාගාරෙක හොල්මන් කරපු දෙන්නෙක්ව අල්ලන්න ගිහින් බෙන් රේවන්ක්‍රොෆ්ට් කියලා ප්‍රසිද්ධ නවකතාකාරයෙක්ව මුණ ගැහෙනවා. වෙල්මා එයාගෙ ලොකු රසිකාවියක්. ඉතින් කොහොමහරි බෙන්ගෙ ගම වෙන ඕක්හේවන් ගම බලන්න යන්න බෙන් මෙයාලට ආරාධනා කරනවා. කට්ටිය ගමට ගියාම දැනගන්නවා ඒ ගමේ ඉස්සර හිටපු මායාකාරියක් වන සේරා රේවන්ක්‍රොෆ්ට්ගෙ භූතාත්මය සැරින් සැරේ මතු වෙලා මිනිස්සුන්ව බය කරනවා කියලා. සේරා කියන්නේ බෙන්ගේ ලේ නෑයෙක්. ගමේ අය කිව්වට සේරා කියන්නෙ මායාකාරියක් කියලා බෙන් නම් කියන්නේ සේරා කියන්නෙ විකන් කෙනෙක් කියලයි. ඒ කියන්නෙ සොබාදහමේ ශක්තිය උකහාගෙන ඒ බලයෙන් මිනිස්සුන්ගෙ ලෙඩ හොඳ කරන්න පුළුවන් කට්ටියක්ලු. වැඩි විස්තර දැනගන්න කැමති අය මෙතනින් බලන්න. ඉතින් කොහොමහරි මේ සේරගේ අතේ නිතරම ජර්නල් එකක් තිබුනලු. ඒක හොයාගන්න බෙන්ට පුදුම උවමනාවක් තියෙන්නේ. කොහොම කොහොමහරි කතාව අන්තිමට පෙරලෙන්නේ නම් කවුරුවත්ම නොහිතන වෙනස්ම පැත්තකට. ඉතින් ඒ හින්දා ඔයාලට කුතුහලේ ඉතුරු කරලා මම වෙන මුකුත් කතාව ගැන නොකිය ඉන්නම්. ආ මේක නම් කියන්නම ඕනි. අද කතාවේ ෆ්‍රෙඩ් ඩැෆ්නිට මං ඔයාට ආදරෙයි කියලා කියන්නයි හදන්නේ. බලන්නකෝ ෆ්‍රෙඩ්ට ඒක කියාගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම මේ ස්කුබි ඩූ චිත්‍රපට මාලාවේ සමහර කතාවලදී ඔයාලට හමුවෙන හෙක්ස් ගර්ල්ස්ලව මුලින්ම හඳුන්වලා දීලා තියෙන්නෙ මේ ෆිල්ම් එකේදි. 

ඒ වගේම මේකෙ කියවෙනවා  ”  Salem witch trials ” කියන සිද්ධිය ගැන. එක්දාස් හයසිය ගණන්වලදි මැසචුසෙට්ස් ප්‍රාන්තයේ සේලම් කියන ගමේ හිටපු අමුතු හැසිරීම් තිබුන, ඒ කිව්වෙ නිකන් අද්භූත බලයන් එක්ක වැඩ කරපු තරුණ ගැහැනු කට්ටියක්ව යක්ෂයත් එක්ක එකතු වෙලා වැඩ කරනවා කියලා විශේෂ අධිකරණයක් මඟින් චෝදනා කරලා වද දීලා මරලා දැම්මලු. ඊටපස්සෙ දිගින් දිගටම මේක අවස්ථා කිහිපයකදිම සිද්ධවෙලා තියෙනවා. වැඩි විස්තර ඕනි අයට මෙතනින් බලන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් ස්කුබි ඩූ චිත්‍රපට බොහොම සීමිත ගාණක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. දැන් c.r. ජයලත් සහෝදරයත් සෙට් වෙලා ඉන්න හින්දා ඒ ඉතුරු ෆිල්ම් ටිකේ උපසිරැසි ටිකත් ඉක්මනට ලැබෙයි. ආයෙ ලබන මාසෙ අග වෙනකම් සබ් එකක් කරන්න නම් බැරිවෙයි අධ්‍යාපන වැඩ වගේක හිරවෙන්න සිද්ධ වෙලා තියෙන හින්දා. වෙනද වගේම එහෙනම් සබ් එක ගැන අදහසකුත් කියාගෙනම යන්න. මම සබ් එක හදද්දි ( විශේෂයෙන්ම ස්කුබි ඩූ ෆිල්ම් වලට) යොදාගන්න භාෂාවට ඔයාලා කැමතිද කියලත් දැනගන්න කැමතියි. 

එහෙනම් ආයෙත් හමුවෙනකම් ඔයාලා හැමෝටමත් බයිස්කෝප් අඩවියටත් ජය වේවා!

Scooby-Doo and the Witch's Ghost (1999) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Scooby Doo and the Witchs Ghost DVDRip Xvid ReourceRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,150 downloadsDownload Scooby-Doo-and-the-Witchs-Ghost.zip197 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

3,150 downloadsDownload Subtitles197 KB

18 comments

  1. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    නියමයි
    එල
    සුපිරියි

  2. ඉෂාන් මදූෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  3. C. R. ජයලත්

    Niyamai Sohan Aiye Jaya Wewa!!!!!!

  4. kumara

    7.2 තියෙනවා කියන්නෙ පට්ටම එකක් වගේ. බොහෝම පිං සහෝ සබ් එකට. ගොඩාක් ස්තූතියි.

  5. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  6. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  7. අසිත

    elama saho thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  10. හෙයාන් රත්නායක.

    සබ් එක අවුලක් නෑ. තව ටිකක් ජෝගි උනා නම් පට්ට. TV එකේ වගේ.

  11. Sasanka Madhumal

    Ela ela. Mata mathaka widiyata meka tv eke giyada koheda.. e unata kamak na. Thawath me wage scooby films walata sub hadanna

  12. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  15. D Galahad

    Me Movie 1 ganda puluwan Torrent link 1k kiyanawada?

    1. D Galahad

      Torrent Link 1 ganda puluwan site 1k...

  16. සම්පත් ජයවර්ධන

    සබ් එක බා ගන්න බෑ, page can't found කියලා කියන්නේ. Error 404 කියලා වැටෙනවා. අනේ ඇඩ්මින්ලා මේක ඉක්මනින් හදලා දෙන්න.

    1. Sanupa Ranmeth

      Fixed :)