ඔන්න යාලුවනේ හම්බවුණා ලස්සනම දුක හිතෙන ආදර කතාවක්. චිත්‍රපටය අල්ලල ගිය නිසා ඔයාලටත් බලන්න උපසිරැසිය කරල දෙන්න හිතුවා. නළුවා Geethan Britto අලුත් වුණාට එයාගෙ රගපෑම නම් අති විශිෂ්ටයි කියන්න පුලුවන්.නිළිය නම් Vetrivel (2106), Ivan Yaarendru Therikirathaa (2017), Yaanum Theeyavan (2017), Kalyanam (2017…

ඔන්න යාලුවනේ හම්බවුණා ලස්සනම දුක හිතෙන ආදර කතාවක්. චිත්‍රපටය අල්ලල ගිය නිසා ඔයාලටත් බලන්න උපසිරැසිය කරල දෙන්න හිතුවා. නළුවා Geethan Britto අලුත් වුණාට එයාගෙ රගපෑම නම් අති විශිෂ්ටයි කියන්න පුලුවන්.නිළිය නම් Vetrivel (2106), Ivan Yaarendru Therikirathaa (2017), Yaanum Theeyavan (2017), Kalyanam (2017), Mandharam (2018), 96 (2018) වගේ චිත්‍රපට කීපයකටම දායක වෙලා තියෙන Varsha Bollamma. Romance ගණයට වැටන මෙම චිත්‍රපටය 2018 වසරේදී නිකුත් වෙලා තියෙන්නෙ. ගමක් වටා නිර්මාණය වෙලා තියෙන චිත්‍රපටයේ ලස්සන අහිංසක ආදර කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.
මුරුගේසන්,මාරි,මරුදු හොද යාලුවෝ තුන් දෙනා. ගමේ ආදරේ කරන්නෙ කවුද එයාලට ගමෙන් පැනල යන්න මේ තුන් දෙනා තමයි කැප වෙලා උදව් කරන්නෙ. මේ ගැන එයාලගෙ දෙමව්පියන් ගම් සභාවට කරන පැමිණිලි වලට මෙයාල අනන්තවත් ගම්සභාව ඉස්සරහට ගෙනෙහින් ඇති. ඒ හැම වතාවකම බේරගන්න එන්නෙ මරුදුගේ අම්මා. දවසක් පොලීසියෙන් එයාලව හොයාගෙන ගමට ආවට පස්සේ පොලීස් කාරයෝ දෙන්නටම ගම වටේ දුවන්න වැඩ සිද්ද කරා. ඔහොම කෙලි දෙලෙන් කාලෙ ගෙවීගෙන ඉන්නකොට අල්ලපු ගමේ පූර්ණී කියල ගෑණු ළමයෙක් කොලේජ් එකට ඉගෙන ගන්න ඕනෙ කියල එයාගෙ දෙමාපියන්ට කිව්වත් එයාල අකමැති වුණ හන්දා අඬාගෙන ඉන්නකොට එයාගෙ මාමා ඇවිත් විස්තර අහනකොට පූර්ණී කියනවා එයාට කොලේජ් එකට යන්න ඕනෙ කියල. මාමා ගිහින් එයාගෙ දෙමව්පියන්ගෙ කැමැත්ත අරන් පූර්ණිව කොලේජ් එකට යවනවා. යන දවසෙම බස් එකේ ඉන්න පූර්ණිව දැකලා මරුදුට ආදරයක් ඇතිවෙනව. ඒ නිසාම මරුදුත් කොලේජ් යන්න පටන් ගන්නව. ගිහින් කොයි වෙලේ බැලුවත් පූර්ණිගෙ පස්සෙමයි. කොහොම හරි පූර්ණි එක්ක හිතවත් වෙලා පූර්ණිට ආදරේ කිව්වට එයා ආදරේ පිළිගන්නෙ නැතුව හිතවත්කම විතරක් තියාගමු කියනව. පූර්ණිගෙ තාත්තා මනියාර්, ගමේ වාරිමාර්ග දෙපාර්තමේන්තු කමිටුවේ ප්‍රධානියා. 5 සැරයක්ම දිගටම ඉදලා මේ වතාවේ පැවැත්වෙන ජන්දයටත් ඉදිරිපත් කරමු කියල යෝජනා කරද්දි ඊට එක්කෙනෙක් විරුද්ද වෙලා එයත් ජන්දයට ඉදිරිපත් වෙනව කියනව. එතනදි වෙච්ච අපහාසය දැනගන්න මනියාර්ගෙ බිරිදගෙ මල්ලි, පූර්ණිගෙ මාමා ගිහින් අර විරුද්දව කතා කරපු එකාට හොදටම නෙලල එනව. ඔය සිද්දි ඔහොම වෙනකොට පූර්ණි පංති ආව වෙලාවක කතා කරන්න කියල එන මරුදුට 3 දෙනෙක් ඇවිල්ල හොදටම ගහනවා. මේක දකින පූර්ණී බේරගන්න දුවගෙන එනව. මරුදු කියනව ඔයා මට ආදරේ කරනව කියල කියන්න කිය කිය. මරුදු ගුටි කනව බලන් ඉන්න බැරිම තැන පූර්ණී ආදරෙයි කියල කියනව. මරුදුගෙ යාලුවෝ ඇවිල්ලා එයාව එතනින් බේරගෙන ගිහින් බෙහෙත් දාල ගෙදර එක්ක යනව. පූර්ණිගෙ මාමාට තාමත් කසාදය කෙරිල නැති හන්දා අම්මා උදේම බැන්න කියල මාමා ගිහින් යාලුවෝ එක්ක අඩියක් ගහන ගමන් යාලුවො කියනව වෙන මනාලියක් හොයන්නෙ මොකටද ගෙදරම ඉන්නෙ ඔයාගෙ අක්කගෙ දුව බැදගන්න කියල. මේ ගැන කල්පනා කරපු මාමා අක්කගෙ මහත්තයා (මාමා) ගාවට ගිහින් දුව (පූර්ණි) ව කසාද බදින්න ඉල්ලනවා. මෙතනින් වෙච්ච කතා බහ දුරදිග ගිහින් පූර්ණිගෙ තාත්තා සෙරෙප්පුවෙන් ගහනව එයාගෙ බිරිදගෙ මල්ලිට. මේ සිද්දිය දකිනව එදා පූර්ණිගෙ මාම ගිහින් හොදට නෙලල ආවෙ කිව්වෙ, අන්න එයා. එයත් පළිගන්නනෙ බලාගෙන හිටියෙ. එහෙනම් ඔය සිද්දිත් එක්ක ඒ කියන්නෙ පූර්ණිගේ ආදරේ මරුදුට ලැබෙයිද නැද්ද ?, මාමාට ගහපු සෙරෙප්පු පාරට එයා මොනවගෙ දෙයක් කරයිද ? පූර්ණිව මාමට බදින්න ලැබෙයිද ?, මාමගෙන් ගුටිකාපු කෙනා මොනවගේ දෙයක් කරයිද ?, ඔය ඔක්කෝටම විසදුම චිත්‍රපටිය බලලම හොයාගන්න කියල ආරාධනා කරමින්,
හැමෝටම තෙරුවන් සරණයි

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDRip පිටපත සඳහා අදාළ වේ.
3,469 downloadsDownload Seemathurai-2018.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
13 comments
Kantha_DLA
yukthi123
Udaya Saman
උපසිරසියට බොහොම තුති සහෝ....ලස්සන කතාවක් වගේ ..නියමයි.. ඉදිරියේදිත් මෙවැනි සිනමාපට සදහා උපසිරසි ලබා දෙන්න ශක්තිය ,ධෛර්යය ලැබේවා.
hatharasingha
Thankz sahooo
Ruwan199
thanks machan. ....
arawindasunimal
thanks sub ekata - oshada dananjaya - jayawewa................
Amara Marasinhage
ela
D.Chamara
bohoma sthuthi sahooo
palithadesilva
thankyou...
Thanujark
bro Chalakkudikkaran Changathi 2018 sinhala sub dendako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Nuwan
Mandharam malayalam movie eke sinhala subtitles dennoooooo,,,,,,,,pls
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!