Watch Trailer

Milap (1955) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගම්බද අහිංසක තරුණයෙක් වූ රාජේන්ද්‍රට හදිසියේම විශාල ධනයකට හිමිකමක් ලැබෙයි. ඒ මියගිය අයෙකුගේ අන්තිම කැමති පත්‍රය…

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ, ගම්බද අහිංසක තරුණයෙක් වූ රාජේන්ද්‍රට හදිසියේම විශාල ධනයකට හිමිකමක් ලැබෙයි. ඒ මියගිය අයෙකුගේ අන්තිම කැමති පත්‍රයක් අනුවය. එහෙත් මෙහි නීතිමය කටයුතු කළ තැනැත්තා විසින් ප්‍රයෝගකාරී ලෙස මෙම ධනය තමා සතුකර ගැනීමට විවිධ සැලසුම් යොදයි. ඒ සඳහා යොදා ගන්නේ ආශා නමැති තරුණියයි. එහෙත් මෙම තරුණිය සහ රාජේන්ද්‍ර අතර ආදර සම්බන්ධතාවයකට මුල පිරෙයි. එහෙත් ආශාට භාරදුන් කාර්යය ඉටුකරන ලෙස නීතිඥයා බලකර සිටියි. ඒ නිසා ආශා විසින් රාජේන්ද්‍ර ලවා අත්සන් කරවා ගත් හිස් චෙක් පතක් නීතිඥයාට ලබා දෙයි. මෙතැන් සිට ඇයට ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. දේව් ආනන්ද් සහ ගීතා බාලි ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන තිස්වෙනි සිංහල උපසිරසිකරණයයි. පැය දෙකයි, මිනිත්තු නමයයි, තත්පර තිහක ධාවන කාලයක් සහිත වීඩියෝවක් මෙම සිංහල උපසිරැසිය සඳහා ගැළපෙන බව සලකන්න. එමෙන්ම මෙය මා විසින් ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කළ මෙගා බයිට් 891 ක වීඩියෝවකි. එම වීඩියෝව පමණක් මෙම උපසිරසියට ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

963 downloadsDownload Milap-1955.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

963 downloadsDownload Subtitles44 KB

15 comments

  1. widuranga

    thanx for sub

  2. hegoda

    ඔබගේ සේවයට මාගේ හද පිරි ප්‍රනාමය.

  3. Bandara 1976

    Old Is Gold. Thanks bro...

  4. imeshmadhusahank

    RAm charan ge new film tikk a sub dennko

  5. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. Udara Damith Dissanayaka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි ...............................

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  10. nirushd

    thanks saho.......

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Udaya Saman

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  14. udayaudaya

    saaya 2003 hindi movei eke sinhala sub eka denna ko plz

  15. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.