Watch Trailer

Shadaa (2019) Sinhala Subtitles | තනිකඩයා [සිංහල උපසිරසි සමඟ]

” සමහර මිනිස්සු හිතන්නේ විවාහය කියන්නේ හරිම වේදනාකාරී දෙයක් කියලා…, ඒත් ඒ අය දන්නේ නෑ විවාහය කියන්නේ කොච්චර ලස්සන හැගීමක්ද කියලා. විවාහය කියන්නේ ආත්ම දෙකක එකතු වීමට. සියලු බැදීම් ඇති කරන්නේ දෙවියන්. ඒත් මේ දේ දෙවියෝ අපිට ඉතුරු කරලා දීලා තියෙනවා. ඔහු අපිට අවස්තාවක් දීලා තියෙනවා අපිට ගැලපෙන ජීවන සහකර…

” සමහර මිනිස්සු හිතන්නේ විවාහය කියන්නේ හරිම වේදනාකාරී දෙයක් කියලා…, ඒත් ඒ අය දන්නේ නෑ විවාහය කියන්නේ කොච්චර ලස්සන හැගීමක්ද කියලා. විවාහය කියන්නේ ආත්ම දෙකක එකතු වීමට. සියලු බැදීම් ඇති කරන්නේ දෙවියන්. ඒත් මේ දේ දෙවියෝ අපිට ඉතුරු කරලා දීලා තියෙනවා. ඔහු අපිට අවස්තාවක් දීලා තියෙනවා අපිට ගැලපෙන ජීවන සහකරුවා හොයාගන්න.”

බයිස්කෝප්වාසී සෑම දෙනාටම ආයුබොවන්. මේ තමයි මම කරපු පලවෙනි උපසිරැසිය. ඒකට මම තෝරගත්තේ Shadaa ( The Bachelor / තනිකඩයා) කියන පන්ජාබි භාශාවෙන් නිමැවුන ෆිල්ම් එක. මම හිතන විදිහට Love Punjab වලින් පස්සේ මේ වෙබ් අඩවියේ පලවෙන පලවෙනි පන්ජාබි ෆිල්ම් එක (තව තියෙනවද දන්නේත් නෑ 🙄 ). ෆිල්ම් එක අයිති වෙන්නේ Romantic Comedy කියන ගණයට. විනාඩි 128ක් පුරාවට දිවෙන මේ ෆිල්ම් එක මුල්ම වරට තිර ගත කලේ මේ අවුරුද්දේ ජූනි 21 වෙනිදා. ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ DIljith Dosanjh සහ Neeru Bajwa. ඔයාල දැනටමත් Pollywood රසිකයො නම් මේ දෙන්නා රගපාන ෆිල්ම් එකක් බලන පළවෙනි වතාව මේක වෙන්න බෑ. Votes 441කින් මේ ෆිල්ම් එකට IMDb අගය 6.5ක් වෙන rating එකක් හම්බ වෙලා තියෙනවා. US ඩොලර් මිලියන 7.6 ක ආදායම් වාර්තාවක් එක්ක මේ ෆිල්ම් එකට පුලුවන් උනා මෙතෙක් release උන පන්ජාබි ෆිල්ම් අතරෙන් ඉහලම ආදායම් ලැබූ ෆිල්ම් අතර දෙවෙනි තැන ලබා ගන්න.

කතාව සිද්ද වෙන්නේ මෙන්න මෙහෙමයි. චඩ්තා කියන්නේ ඡායාරූප ශිල්පියෙක්. මොකක් හරි හේතුවක් හින්දා මෙයාට එන හැම විවාහ යෝජනාවක්ම ප්‍රතික්ශේප වෙනවා. ඒ හින්දා මෙයාට ගමේ අයගෙන් එක එක කතා අහගන්න උණා. ගෙදර අයගෙනුත් කරදරේ ඉක්මනින් විවාහයක් කරගන්න කියලා. ඔය අතරතුරේදි තමයි මෙයාට වංජ්ලී කියන තරුණියව හම්බ වෙන්නේ. චඩ්තාගේ හිතේ වංජ්ලී ගැන ආදරයක් ඇති වෙනවා. ගෙදර අයගේ කරදරෙයි, ගමේ අයගේ ඇණුම් පදයි හින්දා, චඩ්තා කියනවා මාස දෙකක් ඇතුලත විවාහයක් කරගන්නවා කියලා. ඒ වුනාට වංජ්ලී විවාහ වෙන්න කැමති නෑ. චඩ්තාට ඕනේ වෙන්නෙ වංජ්ලිව මේ විවාහයට කැමති කරගන්න. චඩ්තට වංජ්ලිව විවාහයට කැමති කරගන්න පුලුවන් වේවිද? 🤔ෆිල්ම් එක බලලම උත්තරේ හොයා ගන්න.

මුලින්ම කිව්වා වගේ මේක මගේ පලවෙනි උපසිරැසිය හින්දා ගොඩක් වැරදි තියෙන්න පුලුවන්. එවා කමෙන්ට් කරන්න😇. ඒ වගේම මේ උපසිරැසිය පලකරන්න මට අවස්තාව ලබා දුන් ඇඩ්මින් මණ්ඩලයටත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

තවත් උපසිරැසියකින් හමුවෙමු.. ජය වේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.

3,794 downloadsDownload Shadaa-2019.zip79 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PC3490” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PC3490

Subtitles

3,794 downloadsDownload Subtitles79 KB

28 comments

  1. Thilina Jayarathna

    The Animal (2001) [WEBRip] [1080p] [YTS.LT] menna mekta sub dipalla atal kotiyai

    1. para

      ow bn apitath ba bn eka down wagee

  2. Nuwan_Hero

    thanks for sub
    baiscopedownloads site ekata yanna bane bn mata

    1. gihan perera

      TORRENT files හොයාගෙන ගනින් බං කම්මැලි නැතුව.

    2. tharidu16

      කම්මැලිකම ගැන ප්‍රශ්නයක් නෙවෙයි බං. අපේ ඔෆිස්වලින් එහෙම ටොරන්ට් බ්ලක් කරලා තියෙන්නේ. අනික ස්පීඩ් එක එහෙම බැලුවා ටොරන්ට් කැලේ යාකො බයිස්කෝප් එකේ. දේයක් අහපුවාම උත්තරයක් දෙන්න දදන්නැත්තං කටවහගෙන පලයං පඩිවදන් නොදි.

    3. Asanka123456789

      Aththa bn tharindu

  3. gihan perera

    ස්තුතියි සහෝ....අඩුපාඩු නම් මොනාද සහෝ..උපසිරැසි දෙන්න දගලන මහන්සියට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  4. tharidu16

    මචංලා දන්නා කවුරුහරි කියපන් බයිස්කෝප් එකට මොකද වෙලා තියෙන්නේ. කියලා. අවුරුදු ගාණකින් ටොරන්ට් යූෂ් කරලාවත් නැති නිසා හොද සයිට් එකක්වත් මතක. බයිස්කෝප් එකට ඇඩිට් වෙලා

    1. para

      eka nam sira katha aaa.

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. arawindasunimal

    thanks PC sub ekata jayawewa

  7. ranga11112

    tnx PC brooo

  8. hatharasingha

    Supiri thanx

  9. 27ludara

    Bioscope download website එකට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා දන්න කෙනෙක් කියපන්කො

  10. joe

    baiscope download weda nthda?

    1. Udara Nilupul

      Arjun Patiala film එකේ සිංහල sub එක නැද්ද

  11. adanushka

    Baiscopedownload site aka weda nedda

  12. para

    adee bioscope site ekata mokada wela thiyanneee....

    1. Chami1990

      wada na neda ban mokak hari aulak

  13. wajira

    Thanks for sub

  14. Tsandesh

    Thanks for sinhala sub

    Cold lassi aur chicken masala (alt balaji)

    Plzzz me Hindi web series ekatat sinhala sub Denna

  15. sandarusri_r

    Anee broo.. Arjun patiala 2019 sub denna

  16. Pubudu@0909

    අම්බෝ..... සුප්පම filumak.... thanks සහෝ සබ් එකට.. සබත් සුප්පා ❤️❤️.... මේ වගේම punjabi සුප්පා film ටික්කට සබ කරන්න පුලුවන් වේවා!!!

  17. C lakmal

    super

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sampath n perera

    thanks

  20. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. Anonymous

    thanks for sub