Watch Trailer

Thunivu (2023) Sinhala Subtitles | එන්න කිව්වෙ දෙවියෙකුට, ඒත් ආවේ යක්ෂයා [සිංහල උපසිරසි]

2023 වසරේ ඉන්දීය සිනමාවේ ප්‍රථම බ්ලොක්බස්ටර් චිත්‍රපටිය තමයි මේ විදියට අරගෙන ආවේ. මුලින්ම කතාවෙන් ටිකක් කියලා ඉන්නම්. චෙන්නායි යුවර් බැංකුවේ ප්‍රධාන ශාඛාවට කොල්ල කරුවන් පිරිසක් කඩා වදිනවා. බැංකුවේ දොරවල්වල බෝම්බ සවි කරලා, බැංකුව ඇතුලෙ හිටිය හැමෝම ප්‍රාණ ඇපයට ගන්නවා. ඇතුලේ තවත් අය ඉන්නවද කියලා පරීක…

 

2023 වසරේ ඉන්දීය සිනමාවේ ප්‍රථම බ්ලොක්බස්ටර් චිත්‍රපටිය තමයි මේ විදියට අරගෙන ආවේ. මුලින්ම කතාවෙන් ටිකක් කියලා ඉන්නම්.

චෙන්නායි යුවර් බැංකුවේ ප්‍රධාන ශාඛාවට කොල්ල කරුවන් පිරිසක් කඩා වදිනවා. බැංකුවේ දොරවල්වල බෝම්බ සවි කරලා, බැංකුව ඇතුලෙ හිටිය හැමෝම ප්‍රාණ ඇපයට ගන්නවා. ඇතුලේ තවත් අය ඉන්නවද කියලා පරීක්ෂා කරද්දි කොල්ලකරුවන්ට කෙනෙක්ව අතහැරිලා තිබුණා. කොල්ලකරුවෙක් එම පුද්ගලයාට යටත් වෙන්න කියා තර්ජනය කරනවා. මෙයා හිතාගන්න වත් කලින් පහර දීලා කොල්ලකරුවාගේ තුවක්කුව ඩැහැගෙන කොල්ලකරුවන්ගේ දෙසට උණ්ඩ විදින්න ගන්නවා. මෙයාව AK කියලා නම් කරමු. තුවක්කු හැසිරවීමේ අති දක්ෂයෙක් වුණ AK, කොල්ලකරුවන්ව තමන්ගේ යටතට ගන්නවා. බැංකුවේ පණ බයේ සිටි සාමාන්‍ය ජනතාව AKව වට කරගෙන ස්තූති කරා. AKගේ පිළිතුර වුණේ “මේ මංකොල්ලය මගේ” කියන එකයි. වීරයා බේරගන්න ආවා කියලා හිතුවට දුෂ්ඨයට අහුවුණා කියලා දැනගත්තම හිරවෙලා හිටිය මිනිස්සු ආයෙමත් බයෙන් ගැහෙන්න ගත්තා. AK, බැංකුවේ ආරක්ෂාවට හිටිය කොමාන්ඩෝ සෙබළුන්ටත් වෙඩි තබන්න ගත්තා. සියලුම කොමාන්ඩෝ සෙබලුන්ට වෙඩි වැදී තුවාල වුණා වගේම, ඔවුන්ව බැංකුවෙන් පිටතට ගෙනත් දැමුවා. දැන් මුළු බැංකුවේම පාලනය AKගේ අතට අරගෙන තියෙන්නෙ. බැංකුවේ අනතුරු ඇඟවීම ලැබිලා පොලිසිය එතැනට එද්දිත් ගොඩක් පරක්කු වෙලා. පොලිසිය බැංකුව ඇතුලෙ හිටිය AKට කෝල් කරලා එයාගේ ඉල්ලීම් ගැන අහනවා. මේ සංවාද අතරෙදි කොහොමහරි කරලා AKගේ කටහඬ රෙකෝඩ් කරගන්නවා. පොලිසිය ඒ රෙකෝඩ් එකේ හඬ පරීක්ෂා කර හඳුනාගැනීමට යවනවා. බැලින්නම් ඒ කටහඬ ලෝකප්‍රසිද්ධ ගායකයෙක්ගේ.(ගායකයෙක් විතරක්ම නෙවෙයි.) මේ Twist එක රූපවාහිනියේ ප්‍රවෘත්ති බලමින් හිටිය මිනිස්සුන්ට නම් හාස්‍යජනක එකක් වුණා. සමාජ මාධ්‍යවල පොලිසියව විහිළුවකට, උපහාසයට ලක් කරන්න ගත්තා. මීම්ස් පැතිරෙන්න ගත්තා. මේ යුවර් බැංකු ශාඛාවේ සල්ලි පෙට්ටියේ(Currency Chest) ඉන්දීය සංචිත බාංකුවේ අනුමැතියෙන් පිට කෝටි 500ක් තැන්පත් කරලා තිබුණා. ඒ කෝටි 500 තමයි කොල්ලකරුවන් බැංකුවෙන් කොල්ල කන්න සූදානම් වෙලා ඇවිත් වෙලා තිබුණේ. ඒත් AK කොල්ල කන්න ඇවිත් තියෙන්නෙ රු. කෝටි 5,000ක්. AK අනිත් කොල්ල කරුවන්ටත් එයා එක්ක එකතු වෙන්න කියනවා. බොහෝ දෙනෙක් කෝටි 5,000 කතාව විශ්වාස කරේ නැහැ. කොහොම වුණත් AK කොල්ලකරුවන්ට තුවක්කුව පෙන්වලා බය කරලා කැමති කරවගන්නවා. කොල්ලකරුවෝ සාමයේ බැංකුව කොල්ල කා විසිර යාවිද?

ධෛර්යය තිබේ නම්, ජයග්‍රහණය අප අතේයි.

මේ චිත්‍රපටයෙන් බැංකුකරණයේ වංචා, ඒවායේ නිෂ්පාදන, Credit Card(ණය පත්), පොලී අගය, අවම ශේෂය, ඉලක්ක ඉටුකර ගැනීමේ පීඩනය(බැංකු නියෝජිතයන්ගේ.), අන්‍යෝන්‍ය අරමුදල්(Mutual Funds), පෞද්ගලික ණය, රක්ෂණාවරණය වැනි දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. නොතේරුම් කමින් Debit Card(හර පත), අන්‍යෝන්‍ය අරමුල් ආදියේ තැන්පත් කිරීමෙන් මුදල් විනාශ වෙන අන්දමත්, Credit Card, ණය ලබා ගැනීමෙන් පොලී එකතු වී ණය බරින් මිරිකෙන ආකාරයත් කියා පානවා. සාමාන්‍ය පාන්තික සහ ඊට පහළ පාන්තිකයින් මුදල් තැන්පත් කරන්න ඕනේ මොන ආකරයේ තැන්පතු වලද, ඔවුන්ට කාඩ් පත් භාවිතයේ, ඇති අවශ්‍යතාවය මොකක්ද කියන එක ගැනත් චිත්‍රපටයේ උපදෙස්, ආදර්ශ ඉදිරිපත් කරනවා. චිත්‍රපටියේ තිබුණ ඇතැම් වැරදිත් මේ වගේ සමාජ ප්‍රශ්න ගැන සාකච්ඡාවට ගැනීම නිසා වසාගන්න පුළුවන් වුණා. චිත්‍රපටයේ අවසානය ගැන කණස්සල්ලක්, කලකිරීමක් ඇතිවෙන්න පුළුවන්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ රචනා කරන්නේ H. විනෝද්. අජිත් මීට පෙර රඟ පෑ Nerkonda Paarvai (2019),Valimai (2022) චිත්‍රපටි රචනා කර අධ්‍යක්ෂණය කරනු ලැබුවේද විනෝද් විසින්මයි. විනෝද් Sathuranga Vettai (2014), Theeran Adhigaaram Ondru (2017) වගේ විශිෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂණය කරා. ඒ වගේම එම චිත්‍රපට දෙකත් මේ චිත්‍රපටයත් නිෂ්පාදනය කරන්නේ බොනී කපූර් විසින්. තෙවන වරටත් මේ තිදෙනාගේ සහයෝගීත්වයෙන් තුනිවු නිර්මාණය කෙරෙනවා. තුනිවු චිත්‍රපටයෙන් ලැබූ ජයග්‍රහණය ඔවුන් තිදෙනාගේ Hat-trick ජයග්‍රහණයක්. තවත් විශේෂත්වයක් වෙන්නේ සංගීත අධ්‍යක්ෂක ගිබ්‍රාන් සංගීත අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වන 50 වන චිත්‍රපටය මේක. බොහොම ප්‍රසිද්ධ Ratchasan (2018) චිත්‍රපටයේ බියකරු සංගීත නාද නිර්මාණය වෙන්නේ ගිබ්‍රාන්ගේ අතින්. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන රැසක්ම හිමි වුණා. ඔහු තවත් චිත්‍රපට කිහිපයක සංගීතය වෙනුවෙන් ද සම්මාන හිමි කරගත්තා. දැවැන්ත චිත්‍රපටයක් වුණ Saaho (2019) චිත්‍රපටයේ පසුබිම් සංගීතය වෙනුවෙන් ගිබ්‍රාන්ව යොදා ගත්තා. ගිබ්‍රාන්ගේ පසුබිම් සංගීත නිර්මාණවල තිබුණ අද්විතීයත්වය නිසාම වලිමෛ චිත්‍රපටයට පසුබිම් සංගීතය සැපයීම ඔහුව වෙනුවෙන් සම්බන්ධ කරගන්නවා.

තුනිවු සහ වාරිසු චිත්‍රපට දෙක ජනවාරි 11 දා දින නියම කරගෙන තිරගත වීම ඇරඹුණත්, වාරිසු චිත්‍රපටය තෙලංගානා හා ආන්ද්‍රා වල තිරගත කිරීමට සිදු වුණේ 14 දායි. තෙළිඟු සිනමාවේ දැවැන්තයින් දෙදෙනෙක් වන චිරන්ජීවි හා බාලක්‍රිෂ්ණාගේ චිත්‍රපට සමඟ ගැටීම වැලැක්වීම තමයි මේකට හේතුව. Petta (2019) චිත්‍රපටයට මේ වගේම ප්‍රශ්නයක් ඇති වුණා. රජිණිගේ පේට්ට චිත්‍රපටය තෙළිඟු ප්‍රාන්තවල නිකුත් කිරීමට සූදානම් වෙද්දී, එම අවස්ථාවේදී දිල් රාජු(චිත්‍රපට නිෂ්පාදක) එයට විරුද්ධ වෙමින් සංක්‍රාන්තියට නිකුත් කෙරෙන තෙළිඟු චිත්‍රපටි සමඟින් ගැටීමට ඉඩ නොදී තෙළිඟු චිත්‍රපටවලට මූලිකත්වය දිය යුතු බව කීවා. කර්මය බූමරංගයක් කියන්න වගේ  2023 සංක්‍රාන්තියේදී වාරිසු චිත්‍රපටය එක්ක තෙළිඟු චිත්‍රපටි ගැටෙන්න දෙන්න ඒ චිත්‍රපටවල නිෂ්පාදකවරුන්(චිත්‍රපට දෙකේම නිෂ්පාදනය එක් ආයතනයක්.) කැමති වුණේ නැහැ. කලින් නම් වාරිසු චිත්‍රපටයේ නිෂ්පාදක දිල් රාජු තෙළිඟු ප්‍රාන්තවලත් 11 නිකුත් කරන බව තරයේම කිව්වා. කොහොම වුණත් අවසානයෙදි වාරසුඩු, Veerasimha Reddy හා Waltair Veerayya චිත්‍රපටවලට පසුව ජනවාරි 14 දා නිකුත් කිරීමට සිදු වුණා. තුනිවු චිත්‍රපටයේ බෙදාහැරීම සිදු කරේ උදයනිදි ස්ටාලින්ගෙ රෙඩ් ජයන්ට් එකෙන්. මේ නිසාම තමිල්නාඩුවේ වැඩිම සිනමාශාලා ප්‍රමාණයක් තුනිවු වෙනුවෙන් හිමි වීම නිසා වාරිසු වෙනුවෙන් තමිල්නාඩු සිනමාශාලා හිඟයක් ඇති වුණ අවස්ථාවේදී දිල් රාජු, උදයනිදි සමඟ සාකච්ඡා කර වාරිසු වෙනුවෙන් සිනමාශාලා කිහිපයක් ලබා ගන්නවා. ඒ වගේම තුනිවු වෙනුවෙන් දිල් රාජු ද තෙළිඟු ප්‍රාන්තවල සිනමාශාලා කිහිපයක් ලබා දෙනවා.

කොලිවුඩයේ පරපුරෙන් පරපුරට, නැත්නම් දශකයෙන් දශකයට තරඟකාරී නළුවන් දෙදෙනෙක් බිහි වීමක් දකින්න පුළුවන්. වර්ථමානයේ අජිත් සහ විජයි දෙදෙනාගේ තරඟය තමිල්නාඩුව විතරක් නෙවෙයි අහල පහල රටවල් වලටත් බෝ වෙලා තියෙනවා. තමිල්නාඩුවට පහලින් අඹ ඇටයක් හැඩේ රටේ මිනිස්සුත් මේ දෙන්නා වෙනුවෙන් මැරෙන්න හදනවා දකින්නත් ලැබුණා. මේ දෙන්නගේ තරඟය, පැරණි නළු ද්විත්වයන් අතර තරඟ එක්ක බලද්දි නම් අන්තම, විෂ පිරුණු, දූෂිත එකක්. ගොඩක් වෙලාවට කුණු ගොඩක් වගේ චිත්‍රපටයක් දීලා කෝටි ගණනින් ගාන කඩා ගන්න එක කරන්නේ. මෙතනින් කෙනෙක් නිෂ්පාදන ආයතන 3-4ක් පාඩු කරලා වහලම දැම්මා. මුල් කාලයේ මේ දෙන්නා හොඳ හොඳ චිත්‍රපටි දුන්නා කියන එක පිළිගන්න ඕන. ඒත් කාලයක් පහුවෙද්දි ‘උඹට වඩා ජරා චිත්‍රපටිය මම දෙනවා’ කියන අදහසින් වගේ රසිකයින්ව පවා කලකිරෙන චිත්‍රපටි දිගට හරහට දෙන්න ගත්තා. ඒවා කොහොම වුණත් සමාජ මාධ්‍ය, රූපවාහිනී වලින් මොවුන්ගේ රසිකයන් අතරේ ගැටුමක් ඇති කරමින්, පොළඹවමින් ඇවිළෙන ගින්නට පිදුරු එකතු කරනවා. මොකද මේ නළුවෝ දෙන්නව තරඟයක තියලා යැපෙන පාර්ශව බොහෝමයක් ඉන්නවා. මෑතක තිබුණ විජයි අජිත් චිත්‍රපට ගැටීම සිද්ද වුණේ 2014දි. ඒ වෙලාවෙදි සිද්ද වුණ ගැටීමෙදි නම් විජයිගේ පරාජයට පත් කර අජිත්ගේ Veeram (2014) ජයග්‍රහණය කරනවා. කොහොම හරි දිගු කාලයක් දෙදෙනාගේම චිත්‍රපට වෙන වෙනම දවස්වල නිකුත් වුණා. දෙමළ සිනමාවේ බොහෝ නිෂ්පාදන ආයතන චිත්‍රපටවල ආදායම් වාර්ථා නිල වශයෙන් නිකුත් නොකිරීම නිසා දෙපාර්ශවයේම රසිකයින් ඉන් අයුතු ප්‍රයෝජන ගන්නවා. සාමාන්‍යයෙන් Sarkar (2018) චිත්‍රපටයේ ප්‍රථම දින ආදායමට පොලියක් එකතු වෙනවා. විජයි රසිකයින් නොබිඳුණු සර්කාර් පලමු දින වාර්ථාව විදියට පොලිය සමඟ මුළු මුදල එකතු කරලා දික් කරනවා. කොහොම වුණත් විජයිගේ Bigil (2019) එක්ක Kaithi (2019), Beast (2022) එක්ක KGF Chapter 2 (2022) ගැටීමෙන් චිත්‍රපට දෙකම පාඩු ලැබුවා.

මේ පෝංගල්වල ගැටීමේදී, තමිල්නාඩුවෙන් එකතුකරගත් ආදායම් වාර්ථා අනුව තුනිවු ඉදිරියේ සිටිනවා. චිත්‍රපට බෙදාහරින්නන් හා සිනමාශාලා හිමියන්ගේ සංගමය ආදී විද්වතුන් චිත්‍රපට දෙකම සුළු වෙනස් කමක් සහිතව සමාන ප්‍රමාණයක ආදායම් ලබාගෙන තිබෙන බව සඳහන් කලා. නිෂ්පාදන ආයතන වල වාර්ථා කොහොම වුණත් තමිල්නාඩු සහ අනෙක් ප්‍රාන්තවලත්, විදෙස් රටවල් වලත් මේ චිත්‍රපට දෙකම ආදායම් වශයෙන් කරට කර තරඟයක සිටිනවා. වෙනදා ඇක්ෂන් චිත්‍රපට රඟපෑ විජයි මෙවර ෆැමිලි ඩ්‍රාමා චිත්‍රපටයකුත්, ෆැමිලි ඩ්‍රාමා රඟ පෑ අජිත් ඇක්ෂන් චිත්‍රපටයක් විදියට තමන්ගේ චිත්‍රපට ප්‍රභේදය මාරු කරගෙන තියෙනවා. වාරිසු, තුනිවු චිත්‍රපටි දෙකම සාමාන්‍ය මට්ටමේ විචාරක හා ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. කොහොම වුණත් වාරිසු චිත්‍රපටයට වඩා තුනිවු හොඳයි කියන මතය රැව් දෙන්න ගත්තා. ඒ නිසාම විජයි රසිකයින් ‘තලපති 67’ පැත්තට මාරු වෙලා තොරතුරක් ලැබෙනකල් බලාගෙන හිටියා. වාරිසු චිත්‍රපටයට යට කල වියදම එක්ක බලද්දි ලාභ සීමාවට එන්න නම් හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ අනුව කොලිවුඩයේ මේ වසරේ ජනවාරි මාසයේදී ඉ.රු. කෝටි 200 චිත්‍රපට දෙකක් බිහි කරනවා.(නිසි වාර්ථා අනුව.) සමස්ථයක් විදියට රජිණිකාන්ත් Endhiran,Kabaali,Kaala,2.0, Petta, Darbar , Annaatthe  විදියට චිත්‍රපට 7ක් හිමි කරගෙන ඉහලින්ම රැඳී ඉන්නවා. විජයි Beast, Bigil, Mersal, Varisu හා අජිත් Wiswasam , Valimai, Thunivu චිත්‍රපට වලින් ඉ.රු. කෝටි 200 කඩඉම පසුකරනු ලබනවා.

කොහොම වුණත් වයස අවුරුදු 12න් ඉහල සියල්ලන් සඳහාම නැරඹීමට අවසරය දෙන U/A සහතිකකරණය මීට ලැබුණා. උත්සව සමයන් වලදී පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් චිත්‍රපටි පෙන්වීමට සිනමා ශාලා හිමියන් පවා කැමැත්තක් දක්වනවා. මේ වගේ චිත්‍රපටි තමන්ගේ සිනමාශාලාවේ පෙන්වීමට මදිකමක් දක්වනවා. 2019 වර්ෂයේ පෝංගල් වලට පේට්ට හා විශ්වාසම් එකම දින නිකුත් වුණා. සමස්ථයක් වශයෙන් තමිල්නාඩුවේ වැඩිම ආදායමක් හිමි කරගත්තේ අජිත්ගේ විශ්වාසම් චිත්‍රපටයයි. මොකද විශ්වාසම් පවුලේ අය වෙනුවෙන් නිර්මාණය වුණ චිත්‍රපටයක්. මේ පවුලේ අය හැමෝම වෙනුවෙන් නිර්මාණය වෙන චිත්‍රපටි ඉන්දියාවේ උත්සව සමයන්(තෛපෝංගල්, සංක්‍රාන්ති, දීපාවලි) ඉලක්ක කරමින් තමයි නිකුත් කෙරෙන්නේ. රජිණිට පසුව තමිල්නාඩුවේ දෙවැනියට වැඩිම ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් අජිත් කුමාර් සතුයි. ඉන්දියාවේ අනෙත් ප්‍රාන්ත හා විදෙස් රටවල් වල නම් අජිත්ට එතරම් වෙළඳපලක් නැහැ. ඇමරිකාව, ප්‍රංශය, සිංගප්පූරුව වැනි විදෙස් රටවල්වලින් මීට ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඇමරිකාවේ වලිමෛ චිත්‍රපටය ලබාගත් මුළු ආදායම් ප්‍රමාණය තුනිවු චිත්‍රපටය දවස් තුනකින් පසු කර දමනවා. බොහෝ රටවල්, හා වෙනත් ප්‍රාන්තවල අජිත්ගේ වැඩිම ආදායම් හිමි කරගත්ත චිත්‍රපටය වගේම එම ප්‍රදේශවල ලාභ උපයා තිබෙනවා. කොහොම වුණත් තිරගත වෙලා දවස් 20ක් යන්නත් කලින් ෂාරුක්ගේ Pathan (2023) මේ චිත්‍රපට දෙකේම වාර්තා සුන්නදූලි කරලා දානවා. පතන් දවස් තුනක් වගේ කෙටි කාලයකින් ඉ.රු. කෝටි 300 ආදායම ඉක්මවූ ආදායමක් උපයා ගන්නවා.

චිත්‍රපටයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් වුණ “චිල්ලා චිල්ලා” ගීතය අජිත්ගේ රසිකයින් වෙනුවෙන් ලියැවුණ ගීතයක්. ගීතය ගායනය වෙනුවෙන් අනිරුද්ව සම්න්ධ කරගන්නවා. ප්‍රසිද්ධ ගායකයින් ගායනා නොකලත් අනෙත් ගීත දෙක ද අද්විතීය ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. චිත්‍රපටයේ එන “ගැන්ග්ස්ටා” ගීතයේ සමහර පද පේලි චිත්‍රපටයේ කතාව එක්ක සම්බන්ධයක් නැහැ. සමහරවිට අජිත්ගේ සැබෑ ජීවිතය සම්බන්ධ කරගෙන වෙනුවෙන් ලියැවුණ ගීතයක් වෙන්න පුළුවන්. “කාසිදාන් කඩවුලඩා” ගීතය ගායනයට මංජු වෝරියර් ද සම්බන්ධ වෙනවා. චිත්‍රපටය වෙනුවෙන් සැලකිය යුතු තරමේ ප්‍රචාරණ කටයුතු සිද්ද වුණේ නැහැ. සංගීත එලිදැක්වීම් හෝ වෙනත් ප්‍රචාරණ වැඩසටහන්, මාධ්‍ය හමුවීම් පවා පැවැත්වුවේ නැහැ. චිත්‍රපටයේ රංගනයට ප්‍රසිද්ධ යූ ටියුබ් කරුවන් යොදා ගත්තත් ඔවුන් හරහා උවද ප්‍රචාරණ කටයුතු සිදු කලේ නැහැ. ප්‍රේක්ෂකයින්ට කෙලින්ම සිනමා ශාලාවෙදීම පුදුමයට පත්වෙන්නට ඉඩහැර තිබුණා.

වලිමෛ චිත්‍රපටයට, ‘අජිත්ගේ මූණෙත් බඩ ඇවිල්ලා, නැටුමක් නටාගන්න බැහැ’ වගේ විචාර, අදහස් එල්ල වුණා. විශේෂයෙන්ම අජිත්ගේ ශරීරය පිළිබඳව බොහෝ සෘණාත්මක විචර එල්ල වුණා. ඒ සියල්ලටම කල්පනාකාරීව මේ චිත්‍රපටියට අවදානය යොමු කරලා ප්‍රතිඋත්තර දීලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේ වෙනුවෙන්ම අජිත් කුමාර් සිරුරේ බර අඩු කරගෙන, වෙහෙස වී පුහුණුවීම් කර නර්ථනය කරලා තියෙනවා. නිෂ්පාදන කණ්ඩායම මාධ්‍යවලට, සාකච්ඡා වලදී සඳහන් කරේ මේක Money Heist වගේ කතාවක් කියන එකයි. මොකද ඒ වෙනකොට පිටවෙලා තිබුණ First Look, Second Look දැකපු රසිකයින් මනස්ගාත ලෝකයක අතරමං වෙලා හිටියේ. තුනිවු අජිත්ගේ වන් මෑන් ෂෝ එකක් කිව්වොත් නිවැරදියි. අජිත්, දෙමළ සිනමාවේ ඉහළම ඉන්න නළුවන් අතරින් ප්‍රථම වතාවට Mankatha (2011) චිත්‍රපටයේ අංගසම්පූර්ණ ප්‍රතිවීර(Anti-Hero) චරිතයක් ඉදිරිපත් කරනවා. මන්කාතා චිත්‍රපටයේ ප්‍රතිවීර චරිතයට ආසන්න ගති ලක්ෂණ දැකිය හැකි චරිතයක් මෙහිදීත් ඉදිරිපත් කරනවා. ඒ වුණත් මන්කාතා වගේ විවිධ වාර්ථා බිහි කරපු විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් එක්ක මේ චිත්‍රපටය නම් සම කරන්න නම් බැහැ. අජිත්ගේ තවත් විශේෂත්වයක් වෙන්නේ ඉහළම නළුවන් අතර කෙනෙක් විදියට, මනි රත්නම් හෝ ශංකර් යන ඉහළ තළයේ අධ්‍යක්ෂකවරුන්ගේ චිත්‍රපටයක රඟපා නැහැ.

මලයාලම් සුපිරි නිළි මංජු වෝරියර් මෙහි සහය චරිතයක් ඉදිරිපත් කරනවා. විශ්වාස කරන්න බැරි වේවි, ඇයට මේ වෙද්දි අවුරුදු 44ක්. මෛපාට රඟපාන මෝහන සුන්දරම් ‘පට්ටිමන්ඩ්‍රම්'(Pattimandram) වැඩසටහනේ විවාද කථිකයෙක්. මේ වැඩසටහන සිනමාව සම්බන්ධ විනෝදාත්මක වැඩ සටහනක්. මේ පෝංගල් වලට තිබුණ පට්ටිමන්ඩ්‍රම් වැඩසටහන නෙට්ලිෆ්ලික්ස් ඔස්සේ විකාශනය කෙරුණා. ඒත් මෝහන සුන්දරම්ව විශාල වශයෙන් දැන හැඳින ගන්නේ මේ තුනිවු චිත්‍රපටයෙන්. කොටින්ම කිව්වොත් චිත්‍රපටයේ බොහෝ තැන් වල හාස්‍යජනක කොටස් තිබුණත් වැඩිම ලකුණු හිමිකර ගත්තේ මෝහන සුන්දරම්. ඒ වගේම ඔහු චිත්‍රපටයේ වඩාත් කැපී පෙනෙන චරිතයක් ඉදිරිපත් කරනවා.

වීරම් චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපෑ ජෝන් කොකන් වසර කිහිපයකට පසුව අජිත්ගේ එදිරිවාදි චරිතය රඟපාන්න අවස්ථාව මෙහිදී හිමි වෙනවා. ඒ වගේම ඔහුගේ චරිතය වෙනුවෙන් ඔහු විසින්ම දෙමළ බසින් හඬ කවනවා. සඳහන් වෙන විදියට ඔහු දකුණු ඉන්දීය චිත්‍රපටයකට හඬ කවන ප්‍රථම අවස්තාවද මෙයයි. Sarpatta Parambarai (2021) හි වේම්බුලි ලෙස ඔහුගේ රංගනය ගැන මහත් ප්‍රේක්ෂක පැසසුම් හිමි වුණා. ඒ වගේම තුනිවු චිත්‍රපටයේ සමුත්‍රකනීගේ චරිතය පිළිබඳවත් බොහෝ ප්‍රසංසා හිමි වුණා. සමුත්‍රකනී මෙහි පොලිස් කොමසාරිස් ලෙස “රවීන්දර්, මේක තමිල්නාඩුව. ඔයාගේ වැඩ මෙහේ තියාගන්න එපා.” කියන දෙබස වඩාත් ප්‍රසිද්ධ වුණා. මෙහි රඟන නළු වීරා මීට පෙර Rajathandhiram (2015) නම් කොල්ල කෑමක් පිළිබඳ චිත්‍රපටයක රඟපෑවා. බලලා නැත්නම් බලන්න. සරලයි, ඒත් පුදුම හිතෙන අත්දැකීමක් විඳින්න පුළුවන්. අජිත්ගේ මංකාතා පන්නයේම චිත්‍රපටයක්. Kanaa (2018), Thumbaa (2019) චිත්‍රපටවල රඟපෑ දර්ශන්ද මෙහි චරිතයකට ඇතුලත්. පොලිස් චරිතවල දැකලම හුරු ‘මහානදි’ ශංකර්, තෙළිඟු සිනමාවේ අජයි කුමාර් හා GM සුන්දර්, ප්‍රේම් කුමාර්, බගවති පෙරුමාල්, චිරාග් ජනි, බාල සරවණන්, ආදී නළු නිළියන් මීට සම්බන්ධ වෙනවා.

තුනිවු චිත්‍රපට ට්‍රේලරය පැය 24තුල නැරඹුම් වාර මිලියන 30 පසු කරනු ලැබුවා. දකුණු ඉන්දියාවේ වැඩිම නැරඹුම් වාර ගණනක් හිමි ට්‍රේලරය වන්නේ මෙයටයි. වාරිසු දෙමළ චිත්‍රපට ට්‍රේලරය සහ වාරසුඩු තෙළිඟු  චිත්‍රපට ට්‍රේලර පට දෙකම එකම දිනක් තුල නිකුත් කරනු ලැබුවා වගේම, එම ට්‍රේලර දෙකෙහි නැරඹුම්වාර සංඛ්‍යාවේ එකතුව මිලියන 32ක් විදියට නිළ වශයෙන් දක්වා තිබුණා.

තුනිවු අලුයම 1ටත්, වාරිසු අලුයම 4ටත් පෙන්වීමට වේලාව ලබා දී තිබුණා. චෙන්නායි හි තුනිවු ප්‍රථම දර්ශනවාරය නැරඹීමට ගිය අජිත් රසිකයන් විසින් චිත්‍රපටය නිකුත් වීම වෙනුවෙන් සැමරීමක් සිදු කරා. පිරිසක් වතුර බවුසරයක් උඩ නැග නටමින් සිටියදී, ඒ අතරින් කෙනෙක් බිම ඇද වැටී ජීවිතක්ෂයට පත් වුණා. තවත් ප්‍රදේශයක අජිත් රසිකයින් තුනිවු ප්‍රථම දර්ශනය නරඹන අතරතුරේදි විජයි රසිකයින්, එම සිනමා ශාලාව අවට සවිකර තිබූ තුනිවු චිත්‍රපටයේ බැනර්, කට්අවුට් වලට පහර දී හානිකර තිබුණා. ඊට ප්‍රතිචාර විදියට අජිත් රසිකයින්ද වාරිසු චිත්‍රපටයේ බැනර්, කට්අවුට් ආදියට හානි කරා. දෙගොල්ල අතර වූ රණ්ඩුවෙන් සිනමාශාලාවේ දේපල වලටද හානි වුණා. ඒ වගේම තවත් ප්‍රදේශයකින් තුනිවු චිත්‍රපටයේ ආකාරයට බැංකුවක් කොල්ල කෑමට ගිය පුද්ගලයෙකු ගැන පුවතක්ද දකින්න ලැබුණා. එම පුද්ගලයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. චිත්‍රපටයේ අදහස වුණේ අපරාධ කාරයින්ව දිරිමත් කිරීම නම් නෙවෙයි.

අජිත් කුමාර්ගේ මීලඟ චිත්‍රපටය, AK 62 අධ්‍යක්ෂණය විග්නේෂ් ශිවන් හෝ මගිල් තිරුමෙනි විය හැකියි. ඒ වුණත් AK 62 කියන ව්‍යාපෘති නම යටතේ ලයිකා ප්‍රඩක්ෂන් සමඟ විග්නේෂ්, අජිත් කුමාර් ගිවිසුමකට එළඹිලා තියෙනවා. තුනිවු චිත්‍රපටය ලංකාවේ බෙදාහැරීම සිද්ද කරන්නේ ලයිකා ප්‍රඩක්ෂන් ආයතනය තමන් විසින්මයි.

ආනන්ද විකටන් පුවත්පතෙන් තුනිවු වෙනුවෙන් ලකුණු 43/100ක ඉහළ ලකුණක් ලබා දී තිබුණා. 43 ඉහළ ලකුණක් කියන්නේ ආනන්ද විකටන් චිත්‍රපටයකට දුන් වැඩිම ලකුණ 62.5ක් වීම නිසයි. මේ චිත්‍රපටය වෙනුවෙන් ලැබුණු Imdb අගය කිරීම 8.5/10ක්. TOI විසින් 3/5ක්, India Today 3/5ක්, Pinkvilla විසින් 3/5ක් විදියට සාමාන්‍ය මට්ටමට ඉහළ අගය කිරීම් ලබා දීලා තියෙනවා. 2023 වසරේ පෙබරවාරි# මස 08දා Netlifix ඔස්සේ මේ චිත්‍රපටය OTT මාධ්‍යයෙන් විකාෂණය කෙරෙනවා.

ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. දිගටම ඉන්න බයිස්කෝප් එක්කම. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD සහ HC HD පිටපත් සඳහා අදාළ වේ.

30,065 downloadsDownload Thunivu-2023-HD-update.zip5.9 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

30,065 downloadsDownload Subtitles5.9 MB

68 comments

  1. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  2. Ravindu_Heshan

    thank you malli❤️❤️❤️

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ.

  3. oshanda

    අම්මටසිරි ආයෙත් කොල්ලගෙන් සුපිරි වැඩක්... එල එල ඔහොම්ම දෙමු.. ස්තූතියි මල්ලි...

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

  4. Booba

    Sub Ekata Thanks Brother

  5. Anonymous

    Original awillada bro

  6. Anonymous

    පට්ටයිනෙහ් ලොක්කා

  7. Kushan

    Sub akta thanks

  8. Milinda

    Me video eka hall copy eka newe neda original eka neda

    1. විමා

      ඔර්ජිනල් සහෝ.

  9. Naveen

    උපසිරසියට තුති

  10. Tikka

    බොහොම ස්තුතියි සහෝ
    HC නැතුව ඔරිජිනල්ම ආවම අප්ඩේට් කරමු
    හාද

  11. Samith

    Thanks brother

  12. Leo

    1080 p hdrip walata sub setda

  13. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  14. Dilshan

    ලිපියත් සුපිරියි
    සබත් ලෙසටම ඇති
    තැන්ක්ස් මචන්

  15. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  17. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    1. Naveen Mbr

      ස්තූතියි සහෝ.

  18. සරා

    පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ්හ් පිං

  19. Anonymous

    Thanks for sub

  20. Anonymous

    Thank you brothers.. Thank you brothers..

  21. dulan

    ස්තුතියි!

  22. Idunil Weerasinghe

    Thanks brother

  23. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  24. Anonymous

    ජය වේවා බයිස්කෝප්

  25. Charith

    thanks a lot

  26. Anonymous

    Sub Fil downlod karanna be na

  27. Kannada Fan

    Kannada film walatath sub dennko

  28. Neo

    Thanks brother
    Keep it up

  29. Anonymous

    තැන්ක්ස් වේවා

  30. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  31. Anonymous

    මලයාලම් වලටත් සබ් දෙන්ඩෝ
    මේකටත් තැන්ක්ස්

  32. Hesha

    Hc nowana copyath apuwma sub update krnna mcho

  33. Madusha

    THANKS brdh

  34. nisal

    logic left gobba story again and again

  35. Eranda

    Thanks brother

  36. Sheron

    Thanks brother

  37. Anonymous

    danna kenek kiyanawada me film banna web ekak. thanks bro sub ekata.

    1. Anonymous

      Baiscopedownloads

  38. Anonymous

    තැන්ක්ස් මචෝ

  39. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

    1. Naveen Mbr

      ස්තූතියි සහෝ!

  40. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  41. indika 75

    thanks..

  42. bhanu

    සබට තැන්ක්ස් බොසා

  43. Dulan

    Orginal awa update plz

    1. Naveen Mbr

      Update එක සයිට් එකට යවලා තියෙන්නෙ. එයාලා ඉක්මනින්ම දාවි. ;-)

    2. Anonymous

      Ela

    3. NFS

      Real winner kiyala demme varisu pongal winner kiyala venkateshwara creation demmata passe. Varisu world wide collection 300+ crores kiyala production team announce kara. Hebey thunivu productiom team thaama collection eka announce kare ne. Kohomath collection eka aduy thunivu ekata ekay egollo announce karannethuwa inne.

  44. සාරංග J ලියනගම

    Thanks

  45. NFS

    Varisu walata worldwide collection vediy. production ekenma pongal winner varisu kiyala announce karaa. Thunivu walata day 1 witharay collection eka wediyen thibbe.

    1. Naveen Mbr

      මේ ෆිල්ම් එකේ ප්‍රඩක්ෂන් ටීම් එකෙන්ම තමයි The Real Winner කියලා පෝස්ට් එකක් දාලා තියෙන්නෙ.

    2. NFS

      Real winner kiyala demme varisu pongal winner kiyala venkateshwara creation demmata passe. Varisu world wide collection 300+crores kiyala production team announce kara. Hebey thunivu productiom team thaama collection eka announce kare ne. Kohomath collection eka aduy thunivu ekata ekay egollo announce karannethuwa inne.

  46. Pramod

    Thanks bro sub ekata , jaya weva.

  47. Ravindra

    Thanks sub ekata

  48. Anonymous

    කන්නඩ ෆිල්ම් වලටත් සබ් දෙන්නකෝ

  49. logan paul

    mewa ai download krganna bari

    1. Raveen RRashmika

      නොදන්න මගුල් නොදා හිටය නම් එකක්. අන්නාතේ වලිමෙයි විස්වාසම් 200cr. බිගිල් සර්කාර් පාඩු ලැබුවාලු. දෙවෙනියට වැඩිම රසික සංඛ්‍යාවක් ඉන්නෙ අජිත් ට ලු. රෙදි උස්සගෙන වේසකමේ යනවා කියන්නෙ ඕකට.

    2. Naveen Mbr

      ලේනෙක්ද? ඇත්ත කිව්වම ඔහොම තමයි දැනෙන්නෙ. :-)

  50. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.