Watch Trailer

Skyscraper (2018) Sinhala Subtitles | ගුවන් ගැඹේ මාරක වික්‍රමය! [සිංහල උපසිරැසි සමඟ]

පුරාතන ලෝකයේ පිරමීඩ හදන කාලේ ඉඳලා අද වෙනකම් තවමත් එක්තරා නොසංසිඳුණු ආශාවක් මිනිස් හිතේ තියෙනවා. ඒ තමයි, අහස සිඹින ගොඩනැගිල්ලක් ඉදිකරන එක. මෙච්චර කාලයක් තිස්සේ හීනයක් විදියට තිබ්බ මේ ආශාව, එක්තරා විදියකින් සම්පූර්ණ වුණා කියලා කියන්න පුළුවන්. ලෝකේ උසම ගොඩනැගිල්ල මොකක්ද? බර්ජ් කලීෆා ගොඩනැගිල්ලද? නැහැ.…

පුරාතන ලෝකයේ පිරමීඩ හදන කාලේ ඉඳලා අද වෙනකම් තවමත් එක්තරා නොසංසිඳුණු ආශාවක් මිනිස් හිතේ තියෙනවා. ඒ තමයි, අහස සිඹින ගොඩනැගිල්ලක් ඉදිකරන එක. මෙච්චර කාලයක් තිස්සේ හීනයක් විදියට තිබ්බ මේ ආශාව, එක්තරා විදියකින් සම්පූර්ණ වුණා කියලා කියන්න පුළුවන්.

ලෝකේ උසම ගොඩනැගිල්ල මොකක්ද? බර්ජ් කලීෆා ගොඩනැගිල්ලද? නැහැ. හොං-කොං හි පර්ල් කුළුණ! එම්පයර් ස්ටේට් කුළුණ අඩි 1250ක් උසයි. බර්ජ් කලීෆා කුළුණ අඩි 2717 ක් උසයි. දැන් මේ කියන්න යන පර්ල් කුළුණ අඩි 3500ක් උසයි. එම්පයර් ස්ටේට් කුළුණ වගේ තුන්ගුණකට පොඩ්ඩයි උසින් අඩු වෙන්නේ.

හොං-කොං හි පිහිටා තිබෙන ලොව උසම ගොඩනැගිල්ල වන මෙහි භාවිතා කෙරෙන්නෙ අති නවීනම තාක්ෂණය. විශේෂයෙන්ම, ගිණි නිවීම සඳහා මේ පර්ල් ගොඩනැගිල්ලේ භාවිතයට ගැනෙන්නේ, මේ ගොඩනැගිල්ලටම ආවේණික ආකාරයේ ස්වයං මුද්‍රා තැබෙන වාතාශ්‍ර පද්ධතියක්. ඒ වගේම, ශක්තිමත් ජල විදිනය වගේම, කාබන්ඩයොක්සයිට් දහරාව නිසා, බොහොම පොඩි වෙලාවකින් ඕනෑම ආකාරයේ ප්‍රබල ගින්නක් නිවලා දාන්න පුළුවන්කම තියෙනවා. ගොඩනැගිල්ලේ මේ හැමදෙයක්ම නිරීක්ෂණය කෙරෙන්නෙ හැතැප්මක් ඈතට වෙන්න පාලන පහසුකම් තියෙන තැනක ඉඳන්. තට්ටු 220කින් සමන්විත වෙන, ලොව හොඳම ආරක්ෂක ව්‍යුහය සහිත, ලොව උසම ස්ථානය තමයි මේ හොං-කොං හි පිහිටා තිබෙන පර්ල් කුළුණ. ඒත්, ඇත්තටම පර්ල් එක කියන්නේ වෙනම දෙයක්. කුළුණ මුදුනටම වෙන්න තියෙනවා අදහාගන්න බැරි ආකාරයේ ගෝලයක්. මේ ගෝලය සමන්විත වෙන්නේ චලන සංවේදී ප්‍රක්ෂේපණ පැනල් 317 කින්. ඒ වගේම, මේ ගෝලය සමන්විත වෙනවා, 8K මයික්‍රෝ කැමරා දෙපැත්තටම හයි කරපු, අල්ට්‍රා හයි ඩෙෆිනිෂන් පැනල් විසිපන්දාහකින් විතර. මේ හේතුව නිසාම මේ පර්ල් කුළුණ ලෝකේ අටවෙනි පුදුමය බවට පත්වෙනවා.

විල් සෝයර්! ඇමරිකානු මැරීන් බලකායේ රාජකාරි නියතු සෙබලෙක්. අවුරුදු හයක් පුරාවට ඇමරිකානු FBI ආයතනයේ රාජකාරි නියතු නියෝජිතයෙක්. අවුරුදු අටක් පුරාවට ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ කණ්ඩායමක සේවයේ නියතු සෙබලෙක්. හැබැයි, ඒ බොහොම කාලයකට ඉස්සර. අවසාන ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම නිමාවට පත්වුණේ මේ වීරෝදාර සෙබලාට සිය ජීවිත කාලයටම අමතක නොවන අන්දමේ මතකයන් රැසක් හිමිකර දෙමින්. බොහොම දරුණු විදියට තුවාල වෙච්ච මේ සෙබලා, අවසානයේ සිය ජීවිතය බේරගන්න සමත් වුණා. නමුත්, ඔහුගේ කකුලක් නම් ඉවත් කරන්න සිද්ධවුණා. මේ තමයි විල් සෝයර්ගේ හමුදා ජීවිතයේ අවසානය. අවුරුදු ගණනාවක් ගතවුණා. දැන් ඔහු දරුවන් දෙදෙනක් ඉන්න ආදරණීය පියෙක්. බොහොම සෙනෙහෙබර ස්වාමියෙක්. හමුදාවෙන් විශ්‍රාම ගත්ත දවසේ ඉඳලා තුවක්කුවක් අතින් වත් අල්ලලා නැහැ. නමුත්, සමහර දේවල් වලින් අපි කොච්චර ඈත් වෙලා ඉන්න හැදුවත්, ඒ දේවල් කොහොමහරි අපිව හොයාගෙන එනවා.

ඔබගේ පවුල ඔබට කොච්චර වටිනවද?
ඔබගේ පවුල වෙනුවෙන් ඔබ ඕනෙම දෙයක් කරනවද?
ඔබගේ පවුල වෙනුවෙන් ඔබට ඔබගේ ජීවිතය අවදානමේ දාගන්න වුනොත් ඔබ මොකද කරන්නේ?

සැකයක් නැහැ, ඔබගේ පවුල වෙනුවෙන් ඔබ ඕනෙම දෙයක් කරාවි. මොකද, ඔබගේ පවුල තමයි මේ ලෝකේ ඔබට තියෙන වටිනාම දේ. මොන දේ කැපකරලා හරි, ඒ දේ බේරගන්න තමයි මේ ලෝකේ ඕනෙම කෙනෙක් උත්සාහ කරන්නේ. ඒක තමයි ලෝක ධර්මතාවය. මේ ධර්මතාවට මිනිස්-සත්ව දෙගොල්ලොන්ටම පොදු ධර්මතාවයක්. ඒක මේ විල් සෝයර් නම් කකුලක් අහිමි වෙච්ච, වීරෝධාර සෙබළටත් පොදු ධර්මතාවයක්!

නවීන තාක්ෂනය එක්තැන් කරලා නිෂ්පාදනය කරපු අහස සිඹින පර්ල් කුළුනේ ආරක්ෂක උපදේශක තනතුර සඳහා මේ විශ්‍රාමික සෙබළ විල් සෝයර්ව බඳවා ගන්නවා. නමුත්, රැකියාව ලැබිලා පැය කීපයක් යන්න කලින් හැමදෙයක්ම කණපිට ගැහෙනවා. කිසිම විදියකින් ගිණි තියන්න බැහැ කියපු මේ විශ්වකර්ම නිර්මාණය බුර බුරා නැගෙන ගිණි ජාලාවක් බවට පත්වෙනවා. හයක් හතරක් නොතේරෙන දරු දෙන්නත් එක්ක, විල් සෝයර්ගේ බිරිඳ මේ ගිණි ජාලාවට මැදි වෙනවා. කොහොමද එක සැරේටම මෙහෙම වෙන්නේ? කිසිම විදියකින් ගිණි තියන්න බැහැ කියපු ලෝකේ අටවෙනි පුදුමය හිටි හැටියෙම මෙහෙම ගිණි ගන්නේ කොහොමද? කිසිම හේතුවක් නැතුවද? නැහැ, ලොව ප්‍රමුඛ පෙළේ අතිශය දරුණු අපරාධකරුවෙකු විසින් මෙහෙයවන්නා වූ කල්ලියක් මේ ගොඩනැගිල්ලට ඇතුල් වෙනවා. බොහොම සූක්ෂම විදියට සැලසුම් කරලා සිද්ධකරපු මේ ප්‍රහාරයෙන් අති විශාල ව්‍යසනයක් වෙන්නයි යන්නේ. ආබාධිත තාත්තා කෙනෙක් විදියට විල් සෝයර් මේ සියල්ල දිහා අසරණව බලාගෙන ඉන්නද? තමන්ගේ පවුල තම ඇස් පනාපිටම ගින්නෙන් පිච්චිලා යනවා බලාගෙන ඉන්න පුළුවන් මොන තාත්තා කෙනෙක්ටද?

Dwayne Johnson, එහෙමත් නැත්නම් කවුරුත් දන්න විදියට “රොක්” ප්‍රධාන රංගන දායකත්වය සපයන නවතම සිනමා සිත්තම තමයි ඔබ වෙතට මේ ආකාරයෙන් අරගෙන එන්නේ. 2018 වර්ෂය වෙනුවෙන් “රොක්” රංගනයෙන් දායක වන අවසාන චිත්‍රපටය බවට බොහෝදුරට මෙය පත්වේවි. Action, Adventure, Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, ජූලි 13 වෙනිදා තමයි මේ චිත්‍රපටය නිළ වශයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 125කට අධික දැවැන්ත පිරිවැයක් දරමින්, මේ වසරේ වැඩිම වියදමක් දරමින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපට ලැයිස්තුවට එකතු වෙන්නට මේ චිත්‍රපටයට හැකියාව ලැබෙනවා. මේ සටහන ලියවෙන මොහොත වනවිට, Imdb දර්ශකයේ 6.1 ක මනාප අගයක්ද, Rotten Tomatoes හි 48% ක මනාප ප්‍රතිශතයක් හිමිකර ගැනීමටද සමත්කම් දක්වමින්, ඇමරිකානු ඩොලර් මිලියන 280 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තමන් සන්තක කරගනිමින්, තවමත් සාර්ථක අයුරින් සිනමා ශාලා තුල තිරගත වෙමින් පවතිනවා. Dodgeball: A True Underdog Story (2004), We’re the Millers (2013), Central Intelligence (2016) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Rawson Marshall Thurber තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. විශේෂත්වයක් තියෙනවා, Comedy කැටගරියෙන් ඈත්වෙලා ප්‍රථම වතාවට තමයි Rawson Marshall Thurber මේ වගේ තනිකරම ක්‍රියාදාම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නේ. මෙච්චර කාලයක් තිස්සේ කොමඩි චිත්‍රපට අධ්‍යක්ෂණය කර කර ඉඳපු මනුස්සයට මේ චිත්‍රපටයත් එක්ක ක්‍රියාදාම චිත්‍රපට හිතට අල්ලලා ගිහිල්ලද මන්දා, ඔන්න Wonder Woman චිත්‍රපටය තුලින් අතිශය ජනාදරයට පත්වෙච්ච Gal Gadot එක්ක “රොක්” ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන Red Notice නම් ක්‍රියාදාම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නත් Rawson Marshall Thurber මේ දවස් වල ලහි ලහියේ ලෑස්ති වෙනවලු 😀

මේ සිනමා නිර්මාණය ගැන කතා කරනවා නම්, තිරගත වෙන්න පෙරාතුව පළමු පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමගම ඇතිවෙච්ච කැළඹීම නම් සුළු පටු නැහැ. මොකද, චිත්‍රපටයේ එක දර්ශනයක් තියෙනවා, “රොක්” පාලමක් දිගේ දුවගෙන ඇවිත් බොහොම ඈතින් තියෙන වෙනත් ගොඩනැගිල්ලකට පනිනවා. මෙන්න මේ පනින පිම්ම නිසා තමයි මේ චිත්‍රපටය ගොඩක් දෙනා අතර කතා බහට ලක්වුණේ. පහතින් ඔබට එම දර්ශනයේ ජායාරූපයක් බලාගන්න පුළුවන්.

මේ සිද්ධිය නිසා කොච්චර උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුනාද කියනවා නම්, ගණිතමය වශයෙන් මේ පිම්ම සිදුකරන්න බැහැ කියලා ඔප්පු කරන්න පවා සිනමාලෝලීන් උනන්දු වුණා. ඔවුන් පවසන විදියට “රොක්” මෙහිදී අනිත් ගොඩනැගිල්ලට පනින කෝණය අනුව ඔහුට කිසිසේත්ම අනිත් ගොඩනැගිල්ලේ තියෙන විවරයට පැනගන්න නොහැකි වෙනවා වගේම, මේ පිම්ම සිදුකරන්න නම්, පැයට සැතපුම් 28.4 ක වේගයක් සහිතව පාලම මතින් දුවගෙන පැමිණ, අදාළ පිම්ම පැනීමට සිදුවෙනවා. නමුත්, ලොව වේගවත්ම මිනිසා ලෙස අභිෂේක ලබා සිටින උසේන් බෝල්ට්ගේ පවා උපරිම වේගය ලෙස සැලකෙන්නේ පැයට සැතපුම් 27.4 ක වේගයක්. මේ නිසාම මේ පිම්ම, “සියවසේ ප්‍රෝඩාකාරීම/අතාත්විකම සිනමා දර්ශනය” විදියට පවා හඳුන්වා දෙන්න සිනමාලෝලීන් සහ විචාරකයින් අමතක කලේ නැහැ.

හැබැයි, විචාරකයෝ මොනවා කිව්වත්, චිත්‍රපටය බැලුවොත් ඔබටම තේරේවි, කොච්චර අතාත්වික වුනත් මේ පුදුමාකාර පිම්මත් එක්ක චිත්‍රපටයට කොච්චර නම් ආලෝකයක් එකතු වෙනවද කියලා. සිනමා ශාලාවක පුළුල් තිරයකින් මේ දර්ශනය නැරඹුවා නම් මං මේ කියන කාරණාව තව දුරටත් හොඳින්ම ඔබට තේරුම් යනවා ඇති. අතාත්වික දර්ශනයක් වුනත්, ඒකෙන් ප්‍රේක්ෂකයා පිනවන්න පුළුවන් නම්, ප්‍රේක්ෂකයා හට වින්දනයක් ලබාදෙන්න පුළුවන් නම්, ඒකෙ ඇති වරදක් නැහැ කියලයි මගේ නම් පෞද්ගලික මතය.

එහෙනම්, ඔබ “රොක්” ගේ සිනමා රසිකයෙක් නම්, ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන්නෙක් නම්, ඇඩ්වෙන්චර් චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන්නෙක් නම්, ඔබ සොයන්නේ කම්මැලි කමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටයක් නම්, දෙසැරයක් හිතන්නේ නැතුව අරගෙන බලන්නයි තියෙන්නේ. ලොව උසම ගොඩනැගිල්ල මත තම ජීවිතය පරදුවට තබමින් ආදරණීය පියෙකු විසින් සිදුකරන්නා වූ අතිශය භයංකාර, පුදුමාකාර, වික්‍රමාන්විත මෙහෙයුම ඔබව මොහොතකට පියවි ලෝකයෙන් ඈත්කර තබාවි. ඩොලර් මිලියන 125කට අධික මුදලක් වියපැහැදම් කරලා නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටය පුරාවටම තාක්ෂනය බොහොම ඉහලින් පාවිච්චි කරලා තියෙනවා. මගේ පෞද්ගලික අදහස නම්, රොක් රංගනයෙන් දායක වන ඇක්ෂන්, ඇඩ්වෙන්චර් චිත්‍රපට අතුරින්, මේ චිත්‍රපටය ඉහළම ස්ථානයක තියන්න පුළුවන් බය නැතුව. වගකීමෙන් කියනවා, හෝරා එක හමාරක් ගෙවිලා යනවා ඔබට දැනෙන එකක් වත් නැහැ. ඔබගේ ඇස් දෙක ලොකු කරවලා, ඔබව පුටුව උඩ ඉන්දවන්න තරම් ඇඟ හිරිවට්ටන ඇඩ්වෙන්චර් දර්ශන කීපයක්ම චිත්‍රපටයේදී ඔබට බලාගන්න හැකියාව ලැබේවි. මේ වර්ගයේ චිත්‍රපට නරඹන්නන් මගනොහැර ගත යුතුම චිත්‍රපටයක් විදියට ඉහලින්ම නිර්දේශ කරනවා.

ප. ලි. – මේ උපසිරැසි ලබාදීලා තියෙන්නේ HC-HDRip පිටපතක් සඳහා. පිටපත හොඳම තත්වයක තියෙනවා. ඒත් අවශ්‍ය අය විතරක් බලන්න. පිටපත් ගුණාත්මක භාවය ගැන මෙතන තියෙන පින්තූර වලින් බලාගන්න පුළුවන්. හොඳම තත්වයෙන් බලන්න ඕනේ අය වෙනුවෙන් හොඳ පිටපතක් ආපු සැණින් වෙනදා වගේම සුපුරුදු විදියට යාවත්කාලීන කිරීමක් අනිවාර්යයෙන්ම සිද්ධවෙනවා. 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා යාවත්කාලීන කරන ලදී.

43,587 downloadsDownload Skyscraper-2018-BR.zip119 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

43,587 downloadsDownload Subtitles119 KB

244 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  3. Damru Ravihara

    Tnx for sub

  4. jagath55

    Thanks

  5. subodha

    Thanks

  6. Prabodha Madhusankha Hettiarachchi

    Sisila bro supirima movie ekakth e wagema mee wicharayath niyamai. Godak sththui subtitle ekata jaya wewa....!

  7. chiro

    ela ela supiri wadak thnx sub ekata

  8. Ranjeewa K.Liyanage

    Thanks.

  9. AshanChathuranga1997

    Thanks for sub

  10. kasun3

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  11. ASH85

    Thanks bro, dawal baladdi sub tibune ne, english walin balanawa kiyala hithala eng sub ekakuth download karagena, nikamata wage aye awith balinnam menna badu

  12. Chinthakarr

    ala ala...maka dunnata tanxx

  13. Suresh Madhusanka

    උපසිසිරැසියට ෆට්ට තෑන්ක්ස් ප්‍රසාද් අයියා...( Kadaikutty Singam 2018) උපසිසිරැසි දෙන්නකෝ

  14. Kavishal Rasintha

    බොහොම ස්තූතියි සිසිල අයියේ.. නියම වැඩක්.. Gd luck

  15. nimanaka

    thanks machan. ikmanatama sub aka dunata.. good job..

  16. යුරාන් ධනුක

    බොහෝම ස්තූතියි සිසිල සහෝ...ජය !!

  17. Avindu Umesh Gunasinghe

    Tnx sub ekata !!

  18. Milind@

    Thanks saho

  19. Hemantha De Silva

    ස්තුතියි සිසිල...
    වටිනා විස්තරයක් එක්ක.

  20. sapumal123

    tnx sub akata

  21. Ravindu Dananjaya

    Sau eka enakan godak asawen hitiya meka balanna thanx for sub tawat me wage alutan ena hama movie ekaktama sub danna good luck

  22. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ....

  23. eranda94

    ela bro

  24. Kulanjana Maduranga

    niayamai…supiri filumak ne bassala thiyenne....thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. tharindu jayasekara

    thanx broooo man iye me sub eka hoyala gihin nethi nisa sub nethuwa ada beluwa......ayeth sub eka balanna ona .....good luck

  26. Subhash13

    සුපිරිම සිසිල අයියේ..තවත් සුපිරි ෆිලුමකින් හරි සීරිස් එකකින් හමු වෙමු. Patrick melroce වගේ සුපිරිම සීරිස් එකක සබ් එකක් වගේ

  27. Tharidu

    elaaa

  28. kelumchathuranga

    thanks

  29. kanish

    Thanx bro for the immediate action

  30. Thusitha Sampath

    thanx bm...ada download kala witharai..ude ....sub eka hewwa thibbe na...ela ela ikmanata sub eka dammata.....SIlence kiyala film ekak thiyenawa eekata sub eka naane thawama ,,,,puuwannam eeka dannako....

  31. gihan perera

    කියන්න වචන නැ මචෝ..නියමයි...බලන් හිටියේ මේකට උපසිරැසි දානකන්....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...තවත් උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  32. IndunilN

    thanks saho

  33. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  34. Ashan Kavinga

    thanx bro

  35. gayan215

    bohoma sthuthi saho...

  36. lakmal chathuranga

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…වටිනා විස්තරයක් එක්ක. ජයෙන් ජයම වේවා

  37. Chathukandy

    Thanks bro.

  38. pissu

    film eke torrent link eka kotanada tiyenne

  39. kasun-kavinda

    thanks.film akata.sub ela sup wadk

  40. sanuranjana

    thanks bro...super

  41. Nilush Angana

    Sub ekata thanx

  42. Kanchaka

    Thank u bro

  43. KH2130

    good job and keep it up.

  44. Suranjan

    Thanks machan......jayawewa......!

  45. Dmadhu

    thanx brooo.... poddak parakkui

    1. සිසිල ප්‍රසාද්

      මගේ දැනුමේ හැටියට නම් කිසිම පරක්කුවක් නැහැ සහෝ. HD පිටපත ඇවිත් දවස් කීපයක් වුනාට, ගූගල් ට්‍රාන්ස්ලේට් නොවන හොඳ ඉංග්‍රීසි උපසිරසියක් අන්තර්ජාලයට නිකුත් වුනේ ඉරිදා දවල් වෙද්දී. ඉතිං, ලයින් 1100 ක ෆිල්ම් එකක් දවස් එක හමාරෙන් දීලත් පරක්කුවක් නැහැ කියලයි මගේ මතය නම් :D

    2. MAALnath

      Zookeeper 2011,now is good 2012,miss you already ,movie valatath sub denna

    3. HeroSuji

      ow ithin eka payen karanna pulwan wadakkda sub hadadnawa kiyana eka thanx broo

  46. sachithra

    මේකෙ trailer එක ලොකු කැලඹීමක් කරා තමයි එළ ෆිලුමක්. bluray එකක් ආවම බලමු ලිපිය දැක්කම හිතුනා සිසිල සහෝ තමයි කියලා.තව එකකින් හමුවෙමු.ජය වේවා

  47. praneeth01

    balagenama hitapu eka dila. Thank You

  48. Mithusha Dinelka

    thankuuu bokkaaa

  49. kuma.lk

    bluray එකක් ආවම බලමු

  50. MAALnath

    Thanks ...............good luck ...................

Load more comments