ආයුබෝවන් හැමෝටම බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මගේ දෙවන උපසිරැසිය ගේන්න තමයි සූදානම් වෙන්නේ, මගේ පලවෙනි උපසිරැසිය The Girl With The Dragon Tatto (2011) පස්සේ මට මේ ෆිල්ම් එක හොයලා දුන්න සිසිල ප්‍රසාද් සහෝටත් බයිස්කෝප් පවුලේ සහොදර සහෝදරියන්ට මුලින්ම මම ගොඩක් ස්තුති කරනවා. උපසිරැසියේ අඩු පාඩු පෙන්නලා කොමෙන…

ආයුබෝවන් හැමෝටම බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මගේ දෙවන උපසිරැසිය ගේන්න තමයි සූදානම් වෙන්නේ, මගේ පලවෙනි උපසිරැසිය The Girl With The Dragon Tatto (2011) පස්සේ මට මේ ෆිල්ම් එක හොයලා දුන්න සිසිල ප්‍රසාද් සහෝටත් බයිස්කෝප් පවුලේ සහොදර සහෝදරියන්ට මුලින්ම මම ගොඩක් ස්තුති කරනවා. උපසිරැසියේ අඩු පාඩු පෙන්නලා කොමෙන්ටුවක් දාන්න කියලා මම ඔයලගෙන් ඉල්ලනවා.
1953 දී Ray Bradbury විසින් රචිත Fahrenheit 451 නම් ග්‍රන්ථය ඇසුරින් එනමින්ම 1996 දී චිත්‍රපටයක් නිර්මාණය වෙනවා. මේ එම සිත්තමේ Re-Make එකක්. මේක 4.9 ක IMDb අගයක් හා Rotten Tomato හී 35% ක් ලබාගෙන තියෙනවා. Drama/Sci-Fi/Thriller යන කාණ්ඩ වලට අයත් මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Ramin Bahrani . ඒ වගේම මෙම ග්‍රන්ථය රචනා කල Ray Bradbury සහය තිර රචකයෙක් ලෙස දායක වෙනවා.
අපි හැමෝම වගේ පොත් කියවන්න කැමති, ළමා කතන්දර, චිත්‍ර කතා, පත්තර, සඟරා , කොමික් , කෙටි කතා ආදී මෙකී නොකී කියවන්න පුලුවන් තව ගොඩක් දේවල් තියෙනවා. ඒත් අද වෙන විට අන්තර්ජාලය, මුහුණු පොත ආදී සයිබර් තාක්ෂණය නිසා අපෙන් ඒ පුරුද්ද ටිකෙන් ටික ඈත් වෙනවා. තව අවුරුදු 20කින් විතර ළමයෙක් පොත් කියන ජාතිය අදුර ගනීද මන්දා. මේ කතාවත් ඒ වගේ එකක් තමයි. ඒත් මේකේ පොත් කියවන එක නතර කරන්නේ ඇමරිකාවේ රජයෙන්ම තමයි. මොකද පොත් නිසා සිවිල් යුද්ධයක් පවා ඇති වෙලා තියෙනවා. පොත් නිසා යුද්ධයක් ඇති උනේ කොහොමද කියලා ඔයාලට මේක බලද්දී තේරෙයි. ඉතින් රජයෙන් ආපහු යුද්ධයක් ඇති වෙන එක වලක්ව ගන්න සියලු දෙනාට පොත් කියවන එක තහනම් කරලා තියෙන්නේ. කියවන්න පුලුවන් පොත් 3 ක් විතරයි, ඒ බයිබලය , “To the Lighthouse” සහ “Moby Dick”. ඒ නිසා ගොඩක් මිනිස්සු පොත් කියන දේ දැකලවත් නෑ. විශේෂයෙන්ම ළමයි හිතාගෙන ඉන්නේ පොත් කියන්නේ මහ භයානක දෙයක් කියලයි. පොත් වෙනුවට “යූසී ” කියන පරිගනක වැඩ සටහනෙන් තමයි හැමෝම තොරතුරු දැන ගන්නේ. පොත් කියවන්න තහනම් උනාට රහසින් ඒවා කියවන, ඒවා පන වගේ රකින පිරිසකුත් ඉන්නවා.එයාලට කියන්නේ “ඊල්ස්”ලා කියලා. ඉතින් මේ අයව පාලනය කරන්න ගිනි දෙපාර්තමේන්තුවක් තියෙනවා. එයාලා ගිනි නිවන අය නෙමෙ ගිනි තියන අය. මෙයාලා කරන්නේ පරණ පොත් හොයලා ඒවා ගිනි තියලා විනාශ කරලා දාන එකයි. “ගයි මොන්ටැග්” කියන්නේ ඔහියෝ වල ගිනි හමුදාවේ ප්‍රධාන නිළධාරියා, ඔහුගේ ප්‍රධානී කැප්ටන් බේටී විශ්‍රාම ගියාම කැප්ටන් වෙන්න ඉන්නේ මෙයා තමයි. දවසක් ඔවුන්ට ලැබුන ඔත්තුවක් අනුව විශාල පොත් ගබඩාවක් වැටලීමට මොවුන්ට සිදු වෙනවා. ඒ වැටලීම නිසා මොන්ටැග්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. පොත් කියන තරම් නරකද ? පොත් නිසා යුද්ධයක් ඇති උනේ කොහොමද ? ඊල්ස්ලා මේ ප්‍රශ්නෙට මොකක් කරයිද ? පොත් විනාශ කරන එක හොඳ විසඳුමක්ද ? ගිනි හමුදාව කියන්නේ ඇත්තටම මොකක්ද ? මේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න ඔයාලත් එහෙනම් මේක බලන්න.
Black Panther , Fantastic Four, Creed ආදී චිත්‍රපට වල රඟ පෑ Michael B. Jordan විසින් ගයි මොන්ටැග් ලෙසත්, Man of Steel, 12 Strong, Wolves චිත්‍රපට වල රඟ පෑ Michael Shannon කැප්ටන් බේටී ලෙසත් , The Mummy, Kingsman:The Secret Service චිත්‍රපට වලින් හමුවු Sofia Boutella ක්ලැරිස් මැක්ලෙන් ලෙසත් සම්බන්ධ වෙනවා. එහෙනම් ඔයාලත් ෆිල්ම් එක බලලා අදහස් කොමෙන්ට් කරන්න. ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් ආයෙත් හමුවෙනතුරු ජය වේවා!තෙරුවන් සරණයි !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
5,908 downloadsDownload Fahrenheit-451-2018.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
42 comments
Kantha_DLA
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක download කරන තිබ්බ...
දැන් සබ් එක්කම බලන්න පුළුවන්..THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයjagath55
Thanks
Suresh Madhusanka
බොහෝම ස්තූතියි ධනුක බ්‍රෝ.....ජයෙන් ජයම වේවා... ( The Unity Of Heroes 2018 )....( The miracle season 2018 ) උපසිසිරැසි දෙන්නකෝ.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
nishannw
Ela mcn thank u
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
good work keep it up..!
oshanda
thanx....sahoo..
kuma.lk
Thanks for sub
eagleeye
Thanks...............
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
සුපිරි ලිපියක් සහෝ.
ජයෙන් ජය.sasala
thanks
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි හැමෝටම ...ජය :D
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
AsithaDilruwan
Ela saho thanks
Subtitle file has many syntax error such as -> instead --> and also :followed by an additional space
RoCkeY
machan error eka fix karaganne kohomda. load wenne nhe ne.! (syntax error)
malith
Ela ela
nisala_d
Thank you bro…!!
weli
Capsule ෆිල්ම් එකට සබ් දෙන්ටකො plz.....
LimeGreenSoda
Thanks Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
toonmo
thx bro,
Rashmika dumidu
Thank you ජය වෙවා
යුරාන් ධනුක
බොහොම ස්තුතියි සහෝ
systemopersr01
Sub eke error ekak enawa. Lines awl. Eka hadala aye sub eka upload karanna puluwanda?
Nayana.dayawansa
Thank bro
Dewadithya
Thanks for Sub!
Luchnik
thanks bro..
kuma2lasa
sub eka hadala dunnata thanks. errors godak thiyenawa. hadala danna bro. mama nam hadagaththa.
Kingdomd
Thanks
Waruna Dasun
thanks.. wish u all the best.......
Mevandhanushka
Thanks
nish47
thanks bro
tharidu sagara
සිංහල උපසිරසියට ස්තුතියි.
ජය වේවා!!sublove
bohoma sthuthi me sub ekata
Shaggie
Thnks mchn
Sahan Gayantha
thanks a lot Yuran saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!