යන්තම් පණ ගහලා නැගිටගෙන එද්දී මිනිස්සු කකුලෙන් අදින එක සාමාන්‍යයයි නෙහ්. මගෙන් ඇහුවොත් එහෙම බොහොම අමාරුවෙන් ඉස්සරහට යන්න හදන දේ මොකක්ද කියලා මං නම් එක හුස්මටම කියන්නේ ඒ DC කොමික් යුනිවර්ස් එක කියලා. ඒ මොකද කියලා කියන්න ඕන නෑනේ. ලස්සන කෙල්ලෙක් දාපු පලියට ලස්සන ෆීමේල් ඔරිජින් ස්ටොරියක් වෙන්නෙත් නෑ සම…

යන්තම් පණ ගහලා නැගිටගෙන එද්දී මිනිස්සු කකුලෙන් අදින එක සාමාන්‍යයයි නෙහ්. මගෙන් ඇහුවොත් එහෙම බොහොම අමාරුවෙන් ඉස්සරහට යන්න හදන දේ මොකක්ද කියලා මං නම් එක හුස්මටම කියන්නේ ඒ DC කොමික් යුනිවර්ස් එක කියලා. ඒ මොකද කියලා කියන්න ඕන නෑනේ. ලස්සන කෙල්ලෙක් දාපු පලියට ලස්සන ෆීමේල් ඔරිජින් ස්ටොරියක් වෙන්නෙත් නෑ සමහරක් ඔය 2019දී වෙයි කියලා හිතාන හිටියට. ඒකට පින තියෙන්නත් ඕන. කොහොමහරි කමක් නෑ ඔන්න එහෙනම් DC කොමික් රසිකයන් මේ සිනමාපටය එනකන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලා ඉන්න ඇතියි කියලා හිතනවා. මොකද මං නම් එහෙමයි. හැබැයි දැනට බලන්න පුලුවන් කොපියක් තමයි ඇවිත් තියෙන්නේ. මේ වගේ රස එව්වා නම් ඉතින් අනිවාර්යෙන්ම බ්ලුරේ 1080p එකක්ම අරන් බලන්න වටින ඒවා.ඒත් ඉතින් ඉවසන්න බැරි උදවියට බයිස්කෝප් සිංහලෙන් හරහා ඒ අවසථාව ලබා දෙන්නයි හදන්නේ.
2013 වසරේ පටන් ගත්ත අපේ අසහාය අධ්‍යක්ෂකවරයා Zack Snyder විසින් අධ්‍යක්ෂණය කරපු Man of Steel චිත්‍රපටයෙන් පසුව, BvS (2016), Suicide Squad (2016) චිත්‍රපට වලට පසුව මේ වසරේ නිකුත්වුන පළමු සිනමාපටය තමයි Wonder Woman කියන්නේ වගේම මේක තමයි යුනිවර්ස් එකේ දෙවැනි ඔරිජින් ස්ටොරිය වෙන්නෙත්. BvS තුලින් දැක්ක වොන්ඩර් වුමන්ව අමතක වෙනවනම් ඔය ඇස්වල ලෙඩක්. දැනට කතා හතරක් උනාට කතා එකිනෙකට පොඩි හරි සම්බන්ධ වීමක් තියෙනවා. මුලදී මෙට්‍රෝ පොලිස් වලට තර්ජනයක් විදිහට සලකපු සුපී, එතකොට සුපීව මරාගන්න දගලපු බැටා වගේම අන්තිමට ඒ චිත්‍රපටයට එකතු වුන වොන්ඩර් වුමන්. මේ වෙන මොකටවත් නෙවෙයි ලෑස්තිය මේ අවුරුද්දේ අන්තිම සෙට් එක ලෑස්ති කරගන්න. නුදුරේදී හුගක් ඔරිජින් ස්ටෝරි නම් බලාගන්නත් පුලුවන් වේවි.
ඈත අතීතයේ සාගරයට මැදිවුණු සැගවුණු නගරයක් තියෙනවා “තෙමිස්කිරා” කියලා. මේකට පැරඩයිස් කියන නමිනුත් හදුන්වලා තියෙනවා. මේකේ වාසය කලේ ග්‍රීක දෙවිවරු කොට්ටාශයක්. හිපොල්යාටා රැජින හා ඇතිනා දෙවඟන මැටියෙන් දරුවෙක් නිර්මාණය කරලා ඒ දරුවට ජිවය ලබා දීමක් කරනවා. මව්වරු දෙදෙනෙක්ට හිමිකම් කියන ඩයෑනාට දෙවිවරු හය දෙනෙක්ගේ බලයද ලැබෙනවා. හිපොල්යාටා රැජින නිර්මාණය කරපු මැටි රූපයට පණ දීපු ඇතිනා දෙවඟන විසින් බුද්ධිය හා ධෛර්යයද, ආර්ටිම්ස් විසින් සත්වයන් තේරුම් ගැනීමට අවශ්‍ය ශක්තියද, ඩේමෝටර් විසින් ශක්තියද, හර්මස් විසින් සුපිරි වේගයක් (වේගය දකින්න ඇතිනේ BvS එකේ ඩූම්ස්ඩේ සටනෙදි), හෙස්ටියා විසින් ගින්දර පාලනය කිරීමට අවශ්‍ය ශක්තියද වගේම අවසාන වශයෙන් අපරෝඩියෙට් දෙවියන් විසින් සියළු දෙනාගේ සිත් ඇදගන්න කදිම රූප සොබාවක්ද දායාද වෙනවා. මේ සියළු දේවල් වලට හිමිකම් කියලා තමයි පුංචි ඩයෑනා උපදින්නේ. ඉතින් ඊටපස්සේ තමයි හරි කාලයත් එක්කම එයාට කඩු ශිල්පය, දුනු ශිල්පය, විසිකර පහර දීමේ ශිල්පය හුගක් දෑ ඉගෙන ගන්නවා. තෙමිස්කාරාහි සටන් කිරීම්වල නිරත වෙමින් හිටියත් එක්තරා මොහොතක් වෙනකන්ම එයා දන්නෙත් නැහැ එයාට තියෙන බලයන් මොනවාද කියලා. ඒ වගේ දවසකින්ම තමයි එයාගේ ජීවිතේ තවත් වෙනසක් සිද්දවෙන්නේ. ඉතින් මෙතෙක් කාලයක් බලාන හිටපු එකේ ඔන්න එහෙනම් දැන් සිංහල උපසිරැසි එක්කම බලාගන්න පුළුවන් වේවි ඩයෑනා කොහොමද අමානුෂික යුද්ධයක් එක්ක කරට කර සටන් කරලා ලෝකය බේරගන්නේ කියලා.
DC යුනිවර්ස් එකේ තරුණියකගේ ඔරිජින් ස්ටොරියක් තවත් තරුණියක් විසින් අධ්‍යක්ෂණය කරලා තරුණියක්ම උපසිරැසි කරපු ඉතිහාසේ පලවෙනි වතාව මේක වෙන්න ඕන. ඔව් මෙදාපාර චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කෙරුනේ “Patty Jenkins” විසින් තමයි. රංගනයෙන් දායක වෙන චරිත කිහිපයක් ගැන කියනවනම් “තරුණ ඩයෑනා කුමරියගේ” චරිතයට රංගනයෙන් දායක වෙන්නේ සුරූපී නිලි “Gal Gadot.” Star Strek චිත්‍රපට පෙලින්ම ජේම්ස්ගේ චරිතයට රංගයෙන් දායක වූ Chris Pine මේ සලරුවේ “ස්ටීව් ට්‍රෙවර්” හැටියටත්, “Connie Nielsen” හිපොල්යාටා රැජින ලෙසටත්, “Robin Wright, Danny Huston, David Thewlis” ඔය වගේ හුගාක් ලොකු පිරිසක් මේකට දායක වෙලා තියෙනවා. කතාව ලියලා තියෙන්නේ “Allan Heinberg.” ඔයාලගේ සුපුරුදු හිතවතා “Zack Snyder” තමයි තිර රචනය කරලා තියෙන්නේ. ධාවන කතා කාලය පැය 2 කුත් විනාඩි 22 කුත් හැටියට සටහන් වෙනවා. Action, Adventure, Fantasy ගණයට තමයි මේක අයත් වෙන්නේ.
IMDb තුළ 8.0/10 ක අගයක් ලබා ගනිමින් පළමු වතාවට කුණු තක්කාලි දර්ශකය කවුරුවත් හිතුවේ නැති විදිහට වෙනස් කරමින් රෝටන් රෝමටෝ දර්ශකයේ 92% ද, විචාරක පැසසුම 91% ක අගයක්ද ලබාගෙන තියෙනවා. ලෝගන් චිත්‍රපටියට පසුව පැමිණි චිත්‍රපටි අතරින් වැඩි දෙනෙක්ගේ අවධානයට ලක් වෙලා අධික ප්‍රේක්ෂක පිරිසක් ආග්‍රහණය කරගත්තු මං දන්න එකම චිත්‍රපටිය තමයි මේක. ඒ ගැන ඉතින් ලැබුණු ජයග්‍රහණයයෙන් කියන්න පුළුවන්. ඇමරිකානු ඩොලර් 149,000,000 ක් වගේ පොඩි මුදලක් වැය කරලා නිර්මාණය කරපු මේ චිත්‍රපටය මේ වෙද්දී බොක්ස් ඔෆිස් තුල (2017 ජුනි 30 වන දිනට ) ඇමරිකානු මිලියන 708, 444, 475 ක මුදලක් උපයාගෙන අවසනයි. හැමපාරම වගේ සුපිරි තේමාගීතයක් එකතු වෙනවාමනේ. ඉතින් මේ පාර ප්‍රධාන තේමාගීතය වුණේ “Sia” ගායනය කරන “To Be human” කියන ගීතයයි.ඒකත් අහලා බලන්න. ඉතින් මේ ලැබූ ජයග්‍රහණ එක්ක මේ වෙද්දීත් වොන්ඩර් වුමන් චිත්‍රපට පෙලෙහි දෙවැන්නක් එන බව දැනටමත් සදහන් කරලා අහවරයි.
2009 දී නිකුත්වුන ඇනිමෙටඩ් චිත්‍රපටයට එහා ගියපු හොද කොමික් අනුසාරයක් ගොඩනගපු හොද තත්වයේ චිත්‍රපටයක් කියලා දැකගන්න පුළුවන් වේවි කියලා හිතනවා මේක නරඹලා අවසන් වෙද්දී. අනික කොමික් එක්ක පටලවගන්න නම් එපා. ඒකමයි කතාවවත් නොකිව්වේ. වගකීමෙන් කියන්න පුළුවන් කිසිම ස්පොයිල් කිරීමක් වුණේ නැහැ කියලා. මෙච්චර කාලයක් චිත්‍රපට එකිනෙකට සම්බන්ධ වීමක් වුණේ කොහොමද කියලා දැක්කනේ. මේකෙදිත් ඔයාලට දැකගන්න පුළුවන් වොන්ඩර් වුමන් චිත්‍රපටය කොහොමද අනික් චිත්‍රපට හා සම්බන්ධවීමක් වෙන්නේ කියලා. ඒ නිසා කතාවේ මුල ඉදන් අග වෙනකන් හොද සිහියෙන් බලන්න. BvS එකවත් හරියට නොබලා කෑ ගහන උදවිය තාමත් නැතුව නෙවෙයි. අනේ මට නම් සැහෙන්න වටින ඇතැම් අයට අකුරු දෙකේ සමාගම කියන නමට විතරක් සිමා වුන ඩීසි කොමික් විශ්වයේ ඊලග පියවර වන Justice League (2017) චිත්‍රපටය මෙවර නොවැම්බර් මාසයේ 17 දී තිරගත වීමට නියමිතයි. එහෙනම් ඉතින් ඊලග නැවතුමේදී හමුවෙන තෙක්, අදට සමු ගන්නවා. ගිහින් එන්නම්. ජය!
-Justice Begins with Her-
-ලිපිය චාමර සම්පත්-
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HC Rip, WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.
66,914 downloadsDownload Wonder-Woman-2017-Web.zip102 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/NirmaniWijesingheNew-e1486163283128.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
159 comments
Snake RAJ
TháRàñga Ñ ÐaRshánà
මේක නම් අල්ලන්නේ නැහැ BR කොපියක් එනකන්. බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට.. දිගටම වැඩේ කරගෙන යමු සහෝ. ජය !
TháRàñga Ñ ÐaRshánà
සොරි සහෝ කිව්වට :D සහෝදරිය :D ;D
lakshan
බොහොම ස්තූතියි සබ් එකට
prabodha
Bohoma sthuthi sub ekata...
Bimsara
BR එනකම් ඉවසන්ඩ බෑ...දැන්ම බලන්න ඕනි
Ayesh
Thank you
the fate of the furious film eke br rip ekata sub update karannakoSajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා..!!kavindu
thnku wewaaa akke
Brrip ek enkm iwasillak na dnUdara Damith B/K
උපසිරසට ස්තුතියි
හොද කොපියක් ආවම බලනවා
daන් එහෙනම් ඔක්කොම තරුනියන්ටම ගියානේ
....
හි ................................Ishan
Thanx sis
Kulanjana Maduranga
niayamai…enakm balan hitiye...eth ithin hoda copyak enakm innwa...thanks NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa……
Imesh
Me sub eka hc web rip ektath mach wenwda?
Supun Dilshan
Thanx sis for sub....
nirodha uthpala
Subata thx sis brrip eanakan meka allanne na kiyala hituwata hita hadaganna amarui fast baluwa vage mekath baluwa. .....digatama denna labeva keya hadavatinma partana karanava sis
janith parasanga perera
Yts akta apuvama sub update krnna sis .thnkx sub akta
සචින් කෙවින්
බුදාම්මෝඕ..... හම්මේහ් ඉටිම් ඩයනා. මගෙ යාලුවයි මායි පිස්සො දෙන්නෙක් පිස්සො දෙන්නෙක් වගේ එනකල් බලන් ඉඳලා පිස්සො දෙන්නෙක් පිස්සො දෙන්නෙක් වගේ ගිහින් කොල්ලුපිටිය ස්කූප් එකේ කට ඇරන් මුල සිට අගට ලොවෙත් බලපු ගින්දර සළරුව තමයි මේ ඇවිත් තියෙන්නෙ බැබලි බැබලි.
මේවා ආයෙ බලන්නෙ බී ආර් ටෙන් එයිටි පී බාලා තමයි අනිවා.
වොන්ඩර් වුමන් එක කාන්තා පාර්ශවයටම ගිය කතාවක්.
මේන් රෝල් එක කාන්තාවක්.
ඩිරෙක්ටර් කාන්තාවක්.
සිංහල උපසිරැසියත් කාන්තාවකගෙන්. එලම එලම...... උපසිරැසියට බොහොම ස්තුතියි සිස්. දිගටම කරගෙන යමු. එල.Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසට:::::::
අම්මෝ මේක එනකම් අර කියුවා වගේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලන් හිටියේ..! කෝ අප්පා අර DC එක පතුරු ඇරපු මහත්තුරු ටික. ඒ කට්ටියට කනට ගැහුවා වගේ තමයි... මෙතෙක් මම දැකපු හොදම ඔරිජින් ස්ටෝරි එක. මේ තරම් හොදට අනිත් සමාගමටනම් ලගා වෙන්න බැරි උනා..අදායමෙන් විතරක් නෙමෙයි,රේටින්ග්ස් වලිනුත් ඒ දේ හොදට පැහැදිලි වෙනවා. Gal මේ චරිතෙට ගැලපෙන්නේ නෑ කියලා කියපු උදවියටත් හොද පිලිතුරක් ඇය දීලා තියේ.මීට වඩා හොද ඩයනා කෙනෙක් වෙන කොහෙද..! කාන්තාවක් අධ්‍යක්ෂණය කරලා වැඩිම අදායමක් ලබපු චිත්‍රපටය ලෙස වාර්තාව පොත් අතරටත් එක් වෙලා ඉවරයි.. ඩයනා හොද ආරම්භයක් දුන්නා.. දැන් ඉතිං JL එනකම් ඉවසීමක් තමයි තියෙන්නෙ..! නිර්මාණි අක්කගේ උපසිරැසටත්,චාමර සහෝගේ ලිපියටත් නැවත වතාවක් බොහොම ස්තුතියි!
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::kelum chathuganga abeysekara
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jundaa
escape the night tv-series එකට සබ් දෙන්නකෝ...
jundaa
sub ekata thanks sis..
Chamith Mihiranga
Ela. Ela. Thanks sis..
kevin D...
thankss...
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි නිර්මාණි අක්කෙ උපසිරසට...
ලිපියට ස්තුතියි චාමරට...
කිව්වත් වගේ මේක කාන්තාවක් අතින්ම උපසිරසත් ගැන්නුව නිසා බොහොම විශේෂයි...
BR ආපු ගමන් බලනවා...
එහෙමනම් තවත් උපසිරසකින් හමුවෙමු...Rana
free download Movies
FreeFilmz .com
Lankawe ekakmindika
Thanks !!!!!!!!!!!!!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Eranga Deshapriya
Thankw sis .
rock
thanx dear. 1080 awama balanawa.
KAVINDA GAMAGE
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා.Malith Rubasinghe
උපසිරැසියට බොහෝම, බෝහෝම, බෝහෝම ස්තුතියි නිර්මාණි අක්කෙ.. බෝහෝම ස්තූතියි ලිපිය ටත් චාමර සහෝ.. ❤️
shasith sandaruwan
බොහොම ස්තූතියි උපසිරැසියට...
කවුරුහරි බාලා ගේනකල් ඉඳලා බලන්න ඕන. අංගිරිසි නම් ටිකක් බැලෙනවා අඩුයි. :P
දිගටම සබ් දෙමු ආ.... ලිපියත් මරු චාමර අයියේ...
ඔබට ජය!Nowa
download link ekak nadda?
Lushan Kuruppu
thank you!
ධනංජය
මමත් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලාගෙන ඉදියෙ මේක එනකන්. තවත් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ බලාගෙන ඉන්නවා Blu Ray එනකන්. උපසිරසිට ස්තුති...
Roshan
Thank you
Ravin Laksitha
ඔන්න ගත්තා මාත්...තැන්කු කිවා හොදේ......
Sasitha Asaranga
Suggestion: eka page ekakata adala baiscopedownloads eke link eka me page ekata demma nam hodai
Bhagya
Thanks.......!
Asiri
ආපු ගමන්ම සබ් ගත්තට දැන් තමා කමෙන්ට් එකක් දාන්නේ.සීරියස් DC ෆෑන් කෙනෙක් වෙච්ච මට මේකේ Br එකක් එනකන් ඉන්න පුලුවන්ද පිස්සු කතා කරනවා. වොන්ඩර් වුමන්ට ගැල් අක්කව නම් පට්ටෙට සෙට් වෙනවා.ෆිල්මුව නම් ගින්දර.sub දාපු නිර්මානි අක්කටත් බොහොම ස්තූතියි.
Bhashith U.
Sub ekata oyatath, lipiata Chamara bro.tath thanKzZz... :cool: ;)
Hima Benaragama
bohoma sthuthi akke...
LSM HUSKAA
thanks akke sub akata br apuwn ikmnta update kranna .
The Lost City of Z 2016,0kja 2017 me2ta puluwannam kawru hri sub dennako.
Sandun
thankZ wewa
Damii
thanks. baganna site ekak nethi eka thamai awla
Hiroon Salgado
thanks. bohoma pin. jayawewa. budusaranai
pasindu
Thank you
sanjaya
thanks
ලක්ෂාන් පියුමන්ත
ශා DC කොමික්ස් වලට පිස්සු වැටිලා ඉන්න ගෑනු ළමයෙක් දැක්කමයි ...
sub ඒකට නම් ගොඩක් ස්තුතියි....
ඒවගේම කියන්න ඕනේ මේකේ ප්‍රධාන චරිතෙත් නිලියක් ,direct කරෙත් ගැහැණු කෙනෙක් ,ඒවගේම sub එකත් ගැහැණු කෙනෙක් wow කියලා වැඩක් නෑ ....ෆිල්ම් එක නම් cinema එකේ බැලුවා...මොකද ඉවසන් ඉන්න බැරිම නිසා gal gadot ගේ වැඩ කිඩ ආයෙත් වතාවක් බලන්න ...ඒවගේම DC වලට පට්ට ආසයි...ඔයාට ආයෙත් ස්තුතියි සබ් එක කරාට yify එකෙන් 1080p එකක් දාන කන් බලන්නේ නෑ ....කතාව නම් සුපිරියි ඒවගේම අක්කේ ඔයාගේ ලිපියත් එළකිරි...
තව සබ් කරන්න ශක්තිය ලැබෙන්න කියලා wish කරනවා...Amanda
Torrents now got good copies of this movie. I downloaded one.
sajana
i want torrent link please
ලක්ෂාන් පියුමන්ත
I can't even wait for this ...as well as you guys ..to watch it again and again......
I'll put a link for those who want a good copy..
But I'm waiting for the yify copy..Cause they provide the best quality with best sound for free..so anyway thanks for the information...this means alot
Amanda
This is my favourite movie already. Love Wonder Woman so much. Thank you very much for subtitles.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නිර්මාණි අක්කගේ සබක් නොබල ඉන්නෙ කොහොමෙයි!
ඔන්න ගත්ත..
බොහෝම ස්තූතී සබ් එකට අක්කේ :D