හැමෝටම සුබ දවසක්…!! මේ පාරත් මම ඔයාලට ගෙනාවේ සුපිරි කොරියන් ෆිල්ම් එකක්. මේක මුලින්ම නිකුත් වෙලා තියෙන්නේ 2013 අගෝස්තු 1 දකුණු කොරියාවෙදී. ඊට පස්සේ 2014 ජූනි 27 ඇමරිකාවේදී ඉංග්‍රීසි බසින් නැවත නිකුත් වෙලා තියනවා. මේකට පාදක වෙලා තියෙන්නේ “Le Transperceneige” කියන ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රකතා මා…

හැමෝටම සුබ දවසක්…!!
මේ පාරත් මම ඔයාලට ගෙනාවේ සුපිරි කොරියන් ෆිල්ම් එකක්. මේක මුලින්ම නිකුත් වෙලා තියෙන්නේ 2013 අගෝස්තු 1 දකුණු කොරියාවෙදී. ඊට පස්සේ 2014 ජූනි 27 ඇමරිකාවේදී ඉංග්‍රීසි බසින් නැවත නිකුත් වෙලා තියනවා. මේකට පාදක වෙලා තියෙන්නේ “Le Transperceneige” කියන ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රකතා මාලවක්. කොරියන් කිව්වට මේ ෆිල්ම් එකේ 80% ආසන්න ප්‍රමාණයක් රූගතකරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපිට නම් කිසිම වෙනසක් තේරෙන්නේ නෑ සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වගේ තමයි. කොරියානු නිකුතුවේදී සහ ඇමරිකානු නිකුතුවේදී පිළිවෙලින් ඇ.ඩො. මිලියන 80.2ක් සහ 171,187ක් උපයාගැනීමට මේ සුපිරි චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා. ඒ වගේම IMDB වල 7.0ක සහ Rotten Tomatoes වල 95%ක ඉහළම අගයන් ගන්නත් හැකිවෙලා තියනවා.
ඊළඟට මේකෙ හොඳ කොපියක් ආවෙ 2014 අප්‍රේල් වලදී වගේ තමයි මට මතක. ඒ කාලෙදිම මේකට සබ් එක කරන්න ඇහුවත් අදහස් හුවමාරුවේ ගැටලු නිසා හරියටම ස්ථිර වුණේ අගෝස්තු අගදි. මේක ටිකක් පරක්කු උණේ අන්න ඒ නිසයි. හැබැයි ඒ වෙනකොට මම හදාගෙන ගිය සබ් එක ඉවර කරලා තමයි මේක හැදුවේ. මේ ටිකේ පොඩි නිවාඩුවක ඉන්න නිසා මේක දවස් දෙක තුනකින් ඉවරකරන්න පුළුවන් උණා.
මේකෙ කතාව යන්නේ මෙහෙමයි.. ගෝලීය උණුසුම නවත්තන්න විසඳූමක් විදිහට රටවල් 79ක් විසින් CW-7 කියලා කෘතිම සිසිලන රසායන ද්‍රව්‍යක් ඉහළ වායුගෝලයට මුදාහරිනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මුලු ලෝකෙම හිමෙන් වැහිලා ගිහින් හැමදෙයක්ම විනාශවෙලා යනවා. මේකෙන් බේරුණ ටික දෙනෙක් අරුම පුදුම, සුපිරි කෝච්චියක වැසියන් බවට පත්වෙනවා. මේ කෝච්චිය තමයි “Snowpiercer” කියලා කියන්නේ. මේ කෝච්චියේ ඉදිරි කොටසේ ඉන්න අය ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන නමුත් කෙළවර කොටසේ ඉන්න අය ඉතාම දුක්බර ජීවිතයක් ගතකරනවා. මේ නිසා කෙළවර කොටසේ සිටින කර්ටිස් කියලා කෙනෙක් අනිත් අයගේ සහයෝගය ඇතිව කෝච්චියේ ඉදිරියට යන්න හදනවා. එයා හදන්නේ මේ කෝච්චියේ අයිතිකාර විල්ෆ්‍රඩ් කියන කෙනාව මුණගැසීමටයි.
ඉතින් මේ අයට ඉදිරියට යන්න පුළුවන් වෙයිද? මේ කෝච්චිය සුපිරියි කියන්නේ ඇයි? ඉස්සරහදී මොකද වෙන්නේ? මේවට උත්තර හොයාගන්න මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. මේක පවුලේ හැමෝටම බලන්න පුළුවන් ෆිල්ම් එකක්, වල් කෑලි මොනවත්ම නෑ. 😀 උත්සාහය අගේ කරලා මේක බාගන්න අය පොඩි වෙලාවක් අරන් Comment එකක් දාලා යන්න බලන්න, ඒක ගොඩක් වටිනවා.
එහෙනම් තවත් සිංහල උපසිරසියක් එක්ක ආයෙත් හම්බවෙමු. ජයවේවා..!!
16,808 downloadsDownload Snowpiercer.2013.baiscopelk.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුරංග උස්වත්ත
Subtitles
82 comments
චන්දිම අමරසිංහ
නලින්
ස්තුතියි චතුරංග සහෝ..! මාත් මෙක බැලුවා.. හොද කථාවක් කියන්න පුළුවන්..
ස්තුතියි සබට..
ජය වේවා!
indika
thnq :)
kkg
Tnx bro tnx
Chanuka
Hodai hodai
වරුණ රංගජිත් (වරූ)
niyamai sahoo
niyamai
jayama wewa...!!!sanjeewa
god job!
all the bestSajith Lab
Thank Uuuuuuuuuuuuuuuuuuuuuuu!!!!!!
dev
me katawata sub danna kiyala onna mn nm baiscop ekata mail kara.msg kara.den tikak kal appa... :D
kohoma hari onna den awit tiyanawa sub ekkama.
bohoma stuti saho... .Kulanjana Maduranga
meka sub nathuwa baluwa...niyamai...dn subth ekka banna puluwan.onn sub gatta.thanks CHATHURANGA saho.keep it up.jaya wewa...........
Nishantha
bohoma sthuthi................!!!!!!!!!!!!!!!!
Global
Movie Ekanam Balala Godak Kal.
Kohomaunath Subata Godak Sthuthi..!nuwan
supiri film ekak wage thank you .................!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)dammika
thanka aiye jayawewa
ඉසු ඩිපි (Isu DP)
නියමයි චතුරංග සහෝ.. :-P
Captain America හාදයත් ඉන්න නිසා බලන්න ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!ela buwa
thankssssssssss...........
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Janith
නියම කථාවක්. ගොඩක් ස්තූතී සහෝ...............
නුවන්ත දුලාන්
බොහොම තුති සහෝ....!!!
Lasiru
Thanx...!!!
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
sampath
supiri film ekak wage thank you ……………..!
vihanga
Thank you bro...
yashan
thanx brov patta..
අදිත ප්‍රවින්
බොහොම ස්තුතියි උපසිරැසියට !
කතාව නම් පට්ට වගේ .
මේක හොය හොය හිටියේ .
දිගටම සබ් දෙන්න .
සුභ පතනවා .I.W.M.S Ilangakoon
ELAZZZ machoooo,,,,
meka korian kiyala danne dan,,
hituwe English flim ekak kiyala,,,,
digatama demu,,
ela,,,,,,,චතුරංග උස්වත්ත
අදහස් දැක්වූ හැම දෙනාටම ස්තූතියි..!! :)
wiki
Thanks.....
රොයිලි
බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madhawa
godak thanks macho....digatama ohoma sub karanna..ela :D
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල එල,ජයවේවා.
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය....................sahan chamod
me movie ekanam patta. next rooftop prince sieries eka dennako
chamith
maxxa film eka ...niyamai
VIRAJ
thanks bro..
#YasmikaSH
මම බලපු සුපිරිම චිත්‍රපටි වලින් එකක් තමයි මේක. අනික ඔයා සබ් එක නියමෙටම කරලත් තියෙනවා. බොහෝම ස්තූතියි සහෝ ඔයාගේ උපසිරසියට ජය෴
ashan
wowww thnxxx brow.. man azama krana film ekka sub ekak thnxxxxxxxxxxxx
චතුරංග උස්වත්ත
හැමෝටම ස්තූතියි..!!
shereef
thanks
Ruchira
සබට බොහොම ස්තුතියි
nidi
film eka gena kiyanna wachana nehe. subs tika geneth kiyanna thiyenne ekamai. niyama wedak. Chathuranga, jaya wewa, thawa subs godak apata denna wasanawa oyata lebewa!
අසිත
bohoma pin,jaya wewa!!
ravindu
thankz aiye....patta film eka
Shadow
Thanks
දුෂාන්
සුපිරිම සුපිරි පිලුමක් මචං. සබත් පට්ට ඈ. තෑන්ක්ස් මචං
Mahesh
Sub ekata thanx
ranindu wickramanayake
thanks brother
Mahesh ruwan
bohoma sthuthi sub ekata
umesh@55
thanks sub ekata, godak pin , jaya weewa .....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyamai saho superi akka waga thaz subapatum..