Watch Trailer

Sonic the Hedgehog 2 (2022) Sinhala Subtitles | රතු නිල් සටන [සිංහල උපසිරැසි]

ලෝකප්‍රසිද්ධ ක්‍රීඩා නිර්මාණයක් ආශ්‍රයෙන් බිහිවූ ලෝකප්‍රසිද්ධ සිනමා සිත්තමකට සිංහල වචන ගලපන්න බයිස්කෝප් ඇඩ්මින් විමාගෙ ආරාධනයෙන් මට අවසර ලැබුණා. තවමත් ඇතැම් සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන සොනික් චිත්‍රපටයේ පිටපතක් අන්තර්ජාලයට මේ තරම් ඉක්මනට එකතු වෙයි කියල නම් හිතුවෙ නෑ. මගේ 50 වෙනි කඩයිම වෙනුවෙන් තියා…

ලෝකප්‍රසිද්ධ ක්‍රීඩා නිර්මාණයක් ආශ්‍රයෙන් බිහිවූ ලෝකප්‍රසිද්ධ සිනමා සිත්තමකට සිංහල වචන ගලපන්න බයිස්කෝප් ඇඩ්මින් විමාගෙ ආරාධනයෙන් මට අවසර ලැබුණා. තවමත් ඇතැම් සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙන සොනික් චිත්‍රපටයේ පිටපතක් අන්තර්ජාලයට මේ තරම් ඉක්මනට එකතු වෙයි කියල නම් හිතුවෙ නෑ. මගේ 50 වෙනි කඩයිම වෙනුවෙන් තියාගෙන හිටියත් අන්තිමේදි ඊට කලින්, ඒ කියන්නේ මගේ 42 වෙනි උපසිරැසි නිර්මාණය විදිහට තමයි මේක දෙන්න සිද්ධ උනේ. කොහොමෙන් කොහොම හරි වැඩේ කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි.

මේ ලිපිය කියවන හැම දෙනෙක්ම වගේ සොනික් පළවෙනි චිතපටය ඒ කියන්නේ Sonic the Hedgehog (2020) මේ වෙනකොට බලලා ඇති. සොනික් පළවෙනි චිත්‍රපටයේ අවසානයට හොඳ ආරම්භයක් දෙන්න දෙවෙනි කොටස වශයෙන් නිර්මාණය වූ මේ Sonic the Hedgehog 2 (2022) චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා. ඒ රොබෝ ටික්කව (Jim Carrey) අතරමං කරපු හතු වලින් පිරිණු හුදෙකලා ලෝකයෙන්ම කතාව පටන් අරගෙන.

දවස් 243 ක් ජරා හතු කෝපි බිබී ජීවිතය ගැට ගහගෙන හිටපු රොබෝ ටික්කාගෙ අරුම පුදුම නිර්මාණයක ප්‍රතිඑලයක් විදිහට මිනිහාට වෙනත් ලෝකයකින් එන නකල්ස් (Idris Elba) කියන සටන්කාමී චරිතයක් අඳුන ගන්න ලැබෙනවා. නකල්ස් කියන්නෙත් සොනික්ගෙන් (Ben Schwartz) පලිගන්න පෙරුම් පුරාපු කෙනෙක්. ඒ බොහොම ඉස්සර නකල්ස්ගේ ලෝකයේ එකිඩ්නස් කියන රණශූර ගෝත්‍ර කණ්ඩායම් 7 ක් එයාලට අයිති මැණික් ගල් 7 ක් එකතු කරලා හදපු අති ප්‍රබල හරිත මැණික, සොනික්ගෙ ලෝකයේ නායිකාව වෙන ලෝන්ග් ක්ලෝ (Donna Jay Fulks) විසින් පැහැර ගෙන ගිය නිසයි. ඒකට හේතුව ඒ මැණික නරක අය අත තිබීම විශ්වයටම තර්ජනයක් වීමයි.

අරමුණු අතින් ගත්තම රොබෝ ටික්කාටයි නකල්ස්ටයි දෙන්නටම ඕන සොනික්ව ඉවර කරන්න. දෙන්නම එකතු වෙලා සොනික්ව විනාශ කරන්නයි ඒ වගේම හරිත මැණික අයිති කර ගන්නයි ගන්න උත්සාහය තමයි මේ කතාවෙන් කියැවෙන්නේ. තවත් දෙයක්; රොබෝ ටිකකට නකල්ස් සෙට් වෙනවා වගේම සොනික්ටත් ටේල්ස් (Colleen O’Shaughnessey) කියලා හුරතල් නරි යාළුවෙක් අඳුන ගන්න ලැබෙනවා. ටේල්ස්ව නම් ඔයාල සොනික් කාටුන් එකෙත් දැකලා තියනවනේ.

ඔය කියපු චරිත වලට අමතරව සොනික් පළවෙනි චිත්‍රපටයේ හිටපු ටොම් (James Marsden), මැඩී (Tika Sumpter), ඒජන්ට් ස්ටෝන් (Lee Majdoub) වගේම අලුත් චරිත කිහිපයකුත් දකින්න පුළුවන්. මේ හැම කෙනෙක්ම චිතපටයට හාස්‍ය රසය වගේම, හොඳ වටිනාකමක් එකතු කරලා තියනවා.

Jeff Fowler විසින් අධ්‍යක්ෂණය කරපු, Paramount Pictures නිෂ්පාදන සමගම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 110ක (ඒ කියන්නේ අපේ රටේ විදේශ සංචිත වගේ දෙගුණයක් විතර) වියදමින් බිහි වූ මේ චිත්‍රපටයේ වර්තමාන IMDb අගය 6.8 ක්. පැය දෙකකුත් විනාඩි දෙකකුත් දිව යන සහ Adventure / Comedy කාණ්ඩයට වැටෙන මේ චිත්‍රපටය පවුලේ හැමෝටම බලන්න පුළුවන් නිසා ඔයාලා හැමෝටම විනෝද වෙන්න පුළුවන් කියන එකට නම් කිසිම සැකයක් නෑ.

එහෙනම් උපසිරැසිය අරගෙන, චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරන ගමන් තාවකාලිකව සමු ගන්නවා. හැමෝටම ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

35,645 downloadsDownload Sonic-the-Hedgehog-2-2022-Blu-Ray.zip152 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

35,645 downloadsDownload Subtitles152 KB

34 comments

  1. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...❤

  2. Anonymous

    Web rip release wela sahenna kalayak wenawa habai. Anyway sub ekata Thanks!

  3. Anonymous

    සබ් එකට ස්තූතියි. the bad guys ෆිලුමටත් සබ දෙන්නකෝ

    1. Lehan

      ow bad guys ekt dennko...

  4. indika 75

    thanks..

  5. Anonymous

    ♥

  6. Lahiru Bandara

    සුපිරියක් තමා බ්‍රෝ. එනකම්ම බලන් හිටියේ එල එල තෑන්කුයි මචන්.

  7. Naveen

    උපසිරසියට තුති

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  10. wayantha

    godak sthuthi saho jaya wewa!!!

  11. Binidu sumal

    Thnx for sub

  12. Anonymous

    thanx bro

  13. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  15. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  16. Roshan

    Tnx bro...Great job...

  17. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  18. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ

  19. Sandeep

    Supiri macho.. enakam hitiye.tnx sub ekata..

  20. Shenal

    මම හැමදාම download කරන්නෙ ඔයාලගෙ subs...නියමයි...ලංකාවෙ හොදම subs තියෙන්නෙ මෙතන...Rock Dog 2 ටත් subs දෙන්නකො

  21. Udaya Fdo

    Thank you

  22. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි
    ජයවේවා.

  23. sahangayantha

    thanks a lot saho sub ekata

  24. supun

    tz sub ekata..

  25. kavi

    stranger things s4 walta sub denna puluwnada

  26. Malith samarawickrama

    Thanks saho sub ekata.

  27. Dewadithya

    Thanks for Sub!

  28. Anonymous

    tnx

  29. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  32. ishan

    thnx sub ekata

  33. Anonymous

    Elemental 2023 Movie එකට සිංහල subtitles දෙන්න පුලුවන්ද?