Watch Trailer

Sound of Freedom (2023) Sinhala Subtitles | නිදහසේ හඬ… [සිංහල උපසිරැසි] [BLURAY UPDATE]

Sound of Freedom (2023) Sinhala Subtitles “මෙය සත්‍යය කතාවක්ද මත පදනම් වී ඇත” එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් “Based on a True Story” කියල ෆිල්ම් එකක් පටන් ගන්නකොටම වැටෙනව කියන්නේ ආයේ ඉතිං ඒ ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නැති බව ඔයාල දන්නවනේ? මේ අරගෙන ආවේ නිකම්ම නිකම් ෆිල්ම් එකක් නෙමෙයි “අදහාගත නො…

Sound of Freedom (2023) Sinhala Subtitles

Sound of Freedom (2023) Sinhala Subtitles

“මෙය සත්‍යය කතාවක්ද මත පදනම් වී ඇත” එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් “Based on a True Story” කියල ෆිල්ම් එකක් පටන් ගන්නකොටම වැටෙනව කියන්නේ ආයේ ඉතිං ඒ ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නැති බව ඔයාල දන්නවනේ? මේ අරගෙන ආවේ නිකම්ම නිකම් ෆිල්ම් එකක් නෙමෙයි “අදහාගත නොහැකි සත්‍යය කතාවක්” මත පදනම් වූ ෆිල්ම් එකක්.

මේක හරිම මානුෂීය සිනමාපටයක්. අනේමන්දා, හරියට බැලුවොත් මානුෂීයමද කියලත් හිතෙනවා. ඔයාල දන්නවද ලෝකේ වයල් සේවය නිත්‍යානුකුල වෙලා තිබුණු කාලෙටත් වැඩියෙන් වහල් සේවය තියෙන්නේ වර්තමානයේ බව? ඒ වහල් ශ්‍රමිකයින්ගෙන් මිලියන ගණනාවක් ඉන්නේ ළමුන් විධියට සලකන අය බව ඔයාල දන්නවද? මේ අන්න ඒ මාතෘකාවේ ජුගුප්සාජනකම පැතිකඩක් හෙළිදරව් කරන කතාවක්.

මේ සිනමාපටය වෙනුවෙන් මේ ලිපිය ලියන මොහොත වෙනකොට ජන්ද පනස් හයදහසක් ප්‍රකාශ වෙලා තියෙනව. ඒ 7.8ක් වගේ ඉහළතම අගයකට imdb මීටරය කරකවමින්. විචාරකයින් විසින් ලබාදෙන TOMATOMETER එකේ 60%ක අගයක් ලැබුනත් ෆිල්ම් එක බලපු ප්‍රේක්ෂකයින් ලබාදෙන AUDIENCE SCORE අගය 99%කට රඳවාගෙන සුපිරිම තැනක ඉන්න මේ ෆිල්ම් එක සමත් වෙනවා. මේ ඕඩියන්ස් ස්කෝර් එක සාධාරණ අගයක් කියන්න තියෙන සාක්ෂිය තමයි මේ සිනමාපටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කරලා දවස් දෙකක් ඇතුලත මෙහි වියදමටත් වඩා ආදායමක් ලැබීම. ඉතිං මේ සුපිරි සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ . ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් දායක වෙන්නේ Jim Caviezel විසින්. ඩොලර් මිලියන 14.5 මුදලක් යොදවා නිර්මාණය කරන මේ සිනමාපටය Box office හි ඩොලර් මිලියන 234.4 ක මුදලක් ඉපයීමට සමත් වූ අතර විනාඩි 131 ක ධාවන කාලයකින් සමන්විතයි. 

ඔහු ප්‍රකාශ කරලා තියෙනවා The Passion of the Christ 2004 සිනමාපටයේ ජේසුගේ චරිතය රඟපෑවට පස්සේ තමන් රඟපාන වැදගත්ම චරිතය වෙන්නේ මේ චරිතය කියල. ඇත්තටම මේ සිනමාපටය වැඩ අවසන් කෙරෙන්නේ 2018. හැබැයි ඩිස්නිලා ෆොක්ස් ආයතනය මිලට ගැනීමත් එක්ක මේ සිනමාපටයේ ගිවිසුම් ගැන අවුලක් ඇවිල්ලා බෙදාහරින්නෙකු නොමැති කමින් ප්‍රදර්ශනය කිරීම කල් යනවා. ඒ නිසා මේක කලඑළි බහින්නේ 2023 වසරේදී. මේ සිනමාපටය ඩොලර් මිලියන 14ක වියදමකින් ඩොලර් මිලියන 200+ ආදායමක් ලබාගනිමින් 2023 වසරේ ආදායම අතින් සාර්ථකම සිනමාපටයක් බවට පත්වෙලා තියෙනව මේ වෙනකොට.

ඉතිං මොකක් ගැනද මේ කතාව එතකොට? Tim Ballard කියන්නේ ඇමරිකානු Homeland Security Investigations (HSI) නියෝජිතයෙක්. එයා තීරණය කරනවා රැකියාවෙන් ඉවත් වෙන්න. ඉවත් වෙලා එයා Vigilante කෙනෙක් වෙන්න තීරණය කරනවා. vigilante කෙනෙක් කියන්නේ රැකවලෙක් කියන අදහස එන වචනයක්. ඒ වචනයට හරියටම ගැලපෙන සිංහල වචනයක් නිර්මාණය වෙලා නැහැ. උදාහරණයකට කිව්වොත් බැට්මෑන්, ඇරෝ වගේ කෙනෙක් Vigilante කෙනෙක්.

Tim Ballard ගන්න ඒ තීරණය නිසා ලිංගික ශ්‍රමිකයින් වෙන්න හිටිය කුඩා දරුවන්, විවිධ වූ අපයෝජනයන්ට ලක් වෙන්න ඉඩ තිබුණු ළමුන් 3800+ මේ වෙනකොට බේරිලා තියෙනව. ඒ කොහොමද? මේ ලෝකේ මොන තරම් අධම තැනක්ද? එහෙව් අධම ලෝකයක ටිම් වගේ මිනිස්සු නිසා සුන්දර වෙන හැටි බලන්න පුළුවන් ඔයාලට. එහෙනම් තවත් දවසක උපසිරසියක් එක්ක මුණගැහෙමු අපි. 

Director : Alejandro Monteverde

Writers : Rod Barr, Alejandro Monteverde

Stars : Jim Caviezel, Mira Sorvino, Bill Camp

IMDB : 7.8 (Oct 12, 2023 )

Release date : July 4, 2023

Rotten Tomatoes : TOMATOMETER 60%  &  AUDIENCE SCORE 99%

Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කිරීම:- සනුක අක්නාත්

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

 

9,905 downloadsDownload Sound.of_.Freedom.2023-BluRay.zip62 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Sound of Freedom (2023) Sinhala Subtitles, Sound of Freedom, Sound of Freedom Sinhala Subtitles, True Story

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

9,905 downloadsDownload Subtitles62 KB

25 comments

  1. H. Subasinghe

    බලාගන හිටපු සබ් එකක්. Thank You Bossa!

  2. Anonymous

    Thank you sub ekata..waiting for this..

  3. Anonymous

    Thanks jayawewa.....!

  4. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට තුති විමා. ඔයා දෙනවා කිව්ව නිසාම ඩවුන්ලෝඩ් කරන් තියාගත්තා.

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි විමා ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    meka nam anivaaryenma balanawa ......

  6. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි විමා අයියේ. සබ් එක දෙනකල් හිටියෙ ෆිල්ම් එක බලන්න. ජයවේවා!

  7. සියන්ත

    මම මෙක ඩව්ලොඩ් කරල තිබ්බෙ...
    Subtitles එක best කෙනෙකුගෙන් එයි කියල හිතුවෙ නැ ...තැන්ක්ස් මචන් ❤️‍

  8. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

    1. Kasun

      තෑන්ක්ස් බ්රෝ.දානකන් මග බලන් හටපු සබ් එකක්.

  9. Hemal

    thanks machan

  10. indika

    thanks

  11. Rohan Damith

    Expendebles 4 ෆිල්ම් එකටත් සබ් එක දෙන්න

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    අනිවා බැලිල්ලක් තමයි ඉතින්......

  13. Amila Pradeep

    සුපිරියක් තමයි.ස්තුතියි සහෝ සබට
    ජය වේවා

  14. Sanjeewa2010

    Pattaaaaaaaaaaaa

  15. Udaya Fdo

    Thank you

  16. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  17. baiscopelk ishu

    sub ekata thx vima

  18. Nishakya

    Thanks brother

  19. Dewadithya

    Thanks for Sub!

  20. විජයදේව

    අතිශය වැදගත් චිත්‍රපටයක් යමෙක් මෙය නොබැලුවේනම් එම දෑස් කුමකටද උපසිරැසි සැපයූ ශාන් විමුක්ති ඔබටත් තව තවත් මෙවැනි සත්කාර්යයන් කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා

  21. lakshan

    thanks ....................

  22. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  23. Nishan

    Thanx bro

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P