The Creator (2023) Sinhala Subtitles හෙලෝ හෙලෝ… යාළුවනේ ආයුබෝවන්. ඉතින් ඔන්න ආයෙත් කාලෙකට පස්සේ ඔයාලා හමුවට එන්නේ මගේ බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි ගමනේ දෙවැනි කඩයිම 100වෙනි උපසිරසත් අරගෙනයි. මේ වෙලාවෙ ලොකු ආදරයකින් මතක් කරන්න කිහිප දෙනෙක් ඉන්නවා. මුලින්ම මගේ දෙමාපියො. එයාලා මට මේ වැඩේට බාධා නොකර සපෝ…

හෙලෝ හෙලෝ… යාළුවනේ ආයුබෝවන්. ඉතින් ඔන්න ආයෙත් කාලෙකට පස්සේ ඔයාලා හමුවට එන්නේ මගේ බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි ගමනේ දෙවැනි කඩයිම 100වෙනි උපසිරසත් අරගෙනයි.
මේ වෙලාවෙ ලොකු ආදරයකින් මතක් කරන්න කිහිප දෙනෙක් ඉන්නවා. මුලින්ම මගේ දෙමාපියො. එයාලා මට මේ වැඩේට බාධා නොකර සපෝට් කරපු නිසා තමයි මේ ගමන මට මේ දක්වා එන්න ලැබුණේ. ඊළඟට මගේ සහෝදරයො දෙන්නවත් මතක් කරනවා.
ස්තුතියි කියන්න ඕණෙ අයනම් හිතාගන්න බැරි තරමට ඉන්නවා මේ වසර අට පුරාවට එකතු වුණු. ඒ අතරින් බොහොම ටික දෙනෙක් ගැන සඳහන් කිරීමක් කරන්නම්, නැත්නම් ඒක මම කරන අඩුවක් කියලා හිතෙනව. මුලින්ම අඩවියේ නිර්මාතෘ, පොතේ ගුරා නොහොත් ඉසිර ගුණතිලක මහත්මයාව ඉතාම ගෞරවයෙන් යුතුව මතක් කරනවා. ඊළඟට පළමු නිදහස් අන්තර්ජාල සිංහල උපසිරසකරණයේ හිමිකරු, තවමත් අඩවියේ වැඩිම උපසිරස ප්‍රමාණයේ වාර්තාවට හිමිකම් කියන, රොයිලි ප්‍රනාන්දු අයියා. ඊළඟට ඒ කාලේ ඉඳලා මම අඩවිය හරහා නිතර දැකපු, කිහිප දෙනෙක් තමයි, ගෝලයා, චමිදේවා, උදා, විකියා කියලා කියන්නේ.
ඊළඟට මතක් කරන්න සහ ස්තුති කරන්න ඕණේ බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයේ හිටපු සහ ඉන්න හැම කෙනෙක්ටම. මට පළවෙනි සබ් එක කරන්න අවසර දීලා තව සබ් බාර දීලා මාව කොටි වලිගය අල්ලලා දුන්නේ සමීර කරුණාරත්න අයියා. උපසිරස කරපු මුල්ම කාලේ මගේ උදව්වට හිටියේ වෛද්‍ය සමීර චතුරංග අයියා.
ඇඩ්මින් මණ්ඩලයේ අය ගැන මතක් කළොත්, මුලින්ම විමා නොහොත් අශාන් විමුක්ති. මෙන්න මේ හාදයා නිසා අතෑරෙන්න තිබ්බ කොටි වලිගය තව හයියට අල්ලගන්න හැකි වුණා. හිත හොඳ, හැබැයි කෙලින් චරිතයක්. විමාව නොදන්න සබ් කරන කෙනෙක් ඉන්නවානම් ඒ බොහොම අතලොස්සයි. මොකද සයිට වෙනුවෙන් තම හැකි පමණටත් වඩා දෙයක් දෙන කෙනෙක්. හැමෝ එක්කම බේදයක් නැතුව සුහදව කතා බහ කරලා ඉන්නවා. මොන දේ කරත් උපසිරැසිත් කරනවා, මං අගය කරන්නෙම ඒ දේ.
ඊට පස්සේ අසංක අයියාටත් ස්තුතියි සයිට් එකේ සිස්ටම් පැත්ත බොහොම පරිස්සමින් බලා කියාගන්නවට. හසන්ත අයියා, තිසර අයියා, චාමර අයියා, රවිඳු හේෂාන් වගේම මේ දවස්වල සයිට් එකේ සංස්කාරක වැඩ වෙනුවෙන් සෑහෙන මහන්සි වෙලා වැඩ කරන හිරාන් එරන්ද සහ සනුප රන්මෙත් වගේම රවිඳු නවීන් මල්ලිලාවත් ආදරෙන් මතක් කරනවා.
ඉතින් 50දි නම් සෑහෙන නම් ගොඩක් මතක් කළාට මේ සැරේ එහෙම කරන්න බලාපොරොත්තුවක් නෑ. මොකද ඒ ලැයිස්තුව සෑහෙනම දිගු වෙලා තියෙනවා මේ අවුරුදු 8 පුරාවට. ඉතින් ඔව් මේක බොහොම හෙමින් ඉබි ගමනේ ආපු චාරිකාවක්. ඒ නිසා සහෝදර උපසිරසකරුවෝ හැමදෙනෙක්වම මතක් කරනවා වගේම ස්තුති කරනවා ඔයාලා හැම දෙනෙක්ටම කරන කාර්යභාර්‍ය වෙනුවෙන්. කමෙන්ට් කරන ආදරණීය සහ කළගුණ දන්න ඔයාලව අමතක නෑ ඔයාලා නිසයි අද මගේ නමට උපසිරැසි 100ක්ම එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා මගේ සබ් 100 ඇතුළෙ කමෙන්ට් එකක් හරි දාපු හැම කෙනාටම ස්තුති කරනවා.

ඉතින් මේ අරගෙන එන්නේ නියම විද්‍යා ප්‍රබන්ධයක්. Artificial Intelligence එහෙම නැත්නම් කෘතිම බුද්ධිය කියන දේ ගැන මේ වෙද්දි පොඩි ළමයි පවා දන්නව. අපි අතේ තියෙන ස්මාට් ෆෝන් එකේ තියෙන Siri, Google Assistant කියන්නේ ඒ වගේ දියුණු කරමින් පවතින කෘතිම බුද්ධීන් දෙකක්. ChatGPT වගේ දේවල් ඉඳලා තව වඩා දියුණු කෘතිම බුද්ධීන් අපිට අද දැකගන්න පුලුවන්. ෆිල්ම් පැත්තට ආවොත් Avengers: Age of Ultron (2015) එකේදි දැකපු අල්ට්‍රෝන්ගේ වැඩ මතක ඇතිනෙ? ඒ වගේම The Mitchells vs. the Machines (2021) ඇනිමේෂන් ෆිල්ම් එකේ මිනිස් රොබෝ ගැටුමත් මතක ඇති. තව ගොඩක් තියෙනව ඉතින් ලිපිය දිග වැඩි වෙන නිසා ඔතනින් උදාහරණ ටික නවත්වන්නම්.
ඒත් හදිසියේ හරි කෘතිම බුද්ධිය මිනිස්සුන්ට වඩා දියුණු වුණොත්? කවදාහරි අපිව ඒ විසින් යටත් කරගන්න උත්සහ දැරුවොත්? අපිට ඔවුන් යුධ තර්ජන කළාත්? මොන වගේ තත්වයක් උදා වෙයිද? ඒක හිතාගන්නත් බැරි තත්වයක් වෙයි නේද? මොකද නිකමට හිතන්න ඔවුන්ට අපි තාක්ෂණය හරහා කරන හැමදේටම ලේසියෙන්ම පිවිසෙන්න පුලුවන්. යුධ හමුදා ස්ථාන ගැන, ආයුධ රහස් ඇතුලු හැමදේම ඔවුන් අතට පහසුවෙන් ලැබෙනවා. හරි හමං ආරක්ෂක ක්‍රියාමාර්ග ගත්තත් නැතත් ඒකේ භයානක කමක් තියෙනවා. මොකද අපියි තාක්ෂණයයි අතර තියෙන පරතරයට වඩා තාක්ෂණයයි තාක්ෂණයමයි අතර පරතරයක් නැහැ.The Creator (2023) Sinhala Subtitles
හරි The Creator (2023) චිත්‍රපටය ගොඩක් දෙනෙක් වගේම මමත් හරිම ආසාවෙන් එනකල් බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි. මේකේ ප්‍රධාන චරිතය ජොෂුවා විදිහට John David Washington රංගනයෙන් දායක වෙනවා. එයා ගැන ඉතින් කවුරුත් දන්නවා ඇතිනේ? ඔව් මේ තමයි TENET (2020) එකේ එහෙම හිටපු ඩයල් එක වගේම Denzel Washington මහතාගේ පුත්‍ර රත්නය.
මේ ච්ත්‍රපටයෙ කියවෙන කතාව බොහොම කෙටියෙන් කියන්නම්. නිර්මාටා, ඒ කියන්නේ නේපාල භාශාවෙන් නිර්මාතෘ නැත්නම් නිර්මාණකරු. මේ නිර්මාටා නමින් හඳුන්වන්නේ කවුරුත් දන්නේ නැති අභිරහස් A.I. ඒ කියන්නේ ගොඩක් දියුණු ආකාරයේ කෘතිම බුද්ධි නිර්මාණකරුවෙක්. ඔහු අලුතෙන්ම නිර්මාණය කරන තව දෙයක් තමයි සිමියුලන්ට් රොබෝවරු. ඒ කියන්නේ මිනිස් ස්වරූපය, මතකය සහ ගති ගුණ දීල හදන මිනිස්සුන්ට ඉතා ආසන්න රොබෝවරු වර්ගයක්.The Creator (2023) Sinhala Subtitles
හැබැයි එක දවසක් ලොස් ඇන්ජලීස්වලදි සිදු වෙන මහා න්‍යෂ්ටික පිපිරුමක් නිසා නිර්මාටාට ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙනවා. මේ පිපිරුම A.I. විසින් පුපුරවා හැරිය බවටයි මිනිස් හමුදා අංශ කියන්නේ. ඉතින් මේ නිසා A.I. තහනම් කරනවා. හැබැයි නව ආසියා ජනරජයේ ජනතාව ඇර. ඔව් නිර්මාටා ඉන්න ප්‍රදේශය පිහිටලා තියෙන තැන.The Creator (2023) Sinhala Subtitles
මේ යුද්ධය වෙනුවෙන් හමුදාව නෝමෑඩ් කියන ගුවනේ යානයක් විදිහට හදලා තිබෙන ප්‍රබල හමුදා ස්ථානය පාවිච්චි කරනවා. ඉතින් ගොඩක් බලවත් මිසයිල පිරුණු මේ හමුදා ස්ථානය ඔවුන් A.I. මුලිනුපුටා දැමීම වෙනුවෙන් සූදානම් කරනවා. හැබැයි මේ නිර්මාටා මේ හමුදා ස්ථාවය විනාශ කරන්න පුලුවන් ආයුධයක් මේ වන විටත් හදලා අවසන්. මේ ආයුධය මොකක්ද කියලා මම කියන්නේ නෑ ඒක ඔයාලා චිත්‍රපටයෙන්ම දකින එක වටිනවා.The Creator (2023) Sinhala Subtitles
ඉතින් හමුදාව ඔවුන් එක්ක ඒ කියන්නේ මිනිසුන් කෘතිම බුද්ධියට එරෙහිව කරන සටනත්, ආයුධය සොයා එය විනාශ කර, නිර්මාටා සොයාගෙන ඔහුව ඝාතනය කරන්න දරන උත්සහයත් මේ චිත්‍රපටයෙන් ඔයාලට දැක බලාගන්න පුලුවන්. මේ වෙනුවෙන් හමුදාව කෙනෙක්ව කෘතිම බුද්ධි රොබෝවරුන් සහ ඔවුන්ට සහය දෙන මිනිස්සු ගැන ඔත්තු හොයන්න යවනවා, ඒ තමයි සාජන් ජොෂුවා.The Creator (2023) Sinhala Subtitles
අපි බලමු සාජන් ජොෂුවා ඒක මොන විදිහට කරාවිද? ඔහු සාර්ථක වෙවිද? අවසානයේ මෙම යුද්ධයෙන් මොන පාර්ශවය ජයග්‍රහණය ලබාවිද කියලා…The Creator (2023) Sinhala Subtitles
ඉතින් දැන් භාරයි ඔබට දැක බලාගන්න මේ මිනිස් – කෘතිම බුද්ධි යුද්ධය… The Creator (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEB / Blu-Ray පිටපත් සඳහා ආදාළ වේ.
32,545 downloadsDownload The-Creator-2023.zip86 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Creator (2023) Sinhala Subtitles
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
- #2023
- #Box Office Hits
- #Editor's Pick
- #Gareth Edwards
- #Gemma Chan
- #John David Washington
- #Madeleine Yuna Voyles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #The Creator (2023)
- #The Creator (2023) Sinhala Subs
- #The Creator (2023) Sinhala Subtitles
- #උපසිරැසි
- #එල්. සී. දමැල්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
49 comments
Kaveen
Amalka
100 වෙනි සබ් එකට සුබ පැතුම් මලයො
විකියා
100 ට සුභ පැතුම්!
ජයෙන් ජය ~ !sahan malinga
thanks bossa
Sanupa Ranmeth
ශතකයට හදවතින්ම සුබ පැතුම් ලෂේන් අයියේ! මට නම් බයිස්කෝප් එක ගැන කිව්වාම නොකියම බැරි චරිත අතරින් එකක් තමයි අයිය. ඒවගේම උපසිරසිවල කොලිටිය ගැනත් කියන්න වචන නෑ.
එහෙනම් පෞද්ගලික ජීවිතයේ වැඩත් බැලන්ස් කරගෙන ඊළඟ කඩයිමටත් ඉක්මනින්ම ළඟා වෙන්න හැකි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. උපසිරසියටත් බොහොම ස්තුතියි! ජයෙන් ජය! ✌
indika
thanks
විමා
උණුසුම් සුබපැතුම් ලශේන් මලේ.
වෙබ් එකේ ඉන්න බොහොම නිහඬ චරිතයක්.
වෙබ් එකෙයි කලෙක්ෂන් පේජ්වල, ටීවී පේජ්වල, IMDB 250, ඔස්කා මුවි සෙට් එක,
වගේ දේවල් අප්ඩේට් වෙන්නේ ලශේන්ගේ මහන්සියෙන්.
නිහඬව ලොකු බරක් අදින කෙනෙක්.
හැම වෙලාවේම තමන් කරන සබ් එකට උපරිමය ලබාදෙන්න මහන්සි වෙන කෙනෙක්.
ඉතිං හැම දෙයක්ම බැලන්ස් අක්රගෙන උපසිරසි සියයක් අපිට ලබා දීම වෙනුවෙන් අනේකවාරයක් ස්තුතියි ලශේන්.
ඉදිරියටත් අපි එක්ක රැඳී සිටින්න, අපි නැති දවසක අපිටත් වඩා හොඳින් අපේ තැන පුරවන්න හැකියාව ලැබේවා. :)
ජයෙන් ජය මලේ.
හෝල් එකේ බැලුවට ආයේ බලනවා.ශසිත් සඳරුවන්
දෙවෙනි උපසිරැසි කඩඉම වෙනුවෙන් සුබපැතුම් සහෝ....
සද්ද නැතුව වැඩ පෙන්නන සයිට් එකේ ලොකු බරක් ඇදන් යන කෙනෙක්...
දිගටම සයිට් එකේ වැඩත් කරන ගමන් උපසිරැසි ලබා දෙන්න හැකියාව ලැබේවා!
ඒ වගේම පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක වේවා!
දිගටම සබ් දෙමු ආ...
ජය!baiscopelk ishu
සුභ පැතුම් කොල්ලා.. ශතකයක් ගහල මදි වගේ, ද්විත්ව ශතකයක්වත් ගහන්න ඕන හොදේ..
යුරාන් ධනුක (දනුවා)
100* වන උපසිරසියට උණුසුම් සුබ පැතුම් ලශේන් සහෝ!
අනෙකුත් වැඩත් එක්ක උපසිරැසි සීයක් කරනවා සෙල්ලමක් නෙමෙයි.
මේ වගේම ඉක්මනට අනිත් කඩයිම් වලට යන්න ලැබේවා.
උපසිරසියටත් බොහෝම ස්තූතියි.
ජයවේවා!මයුර
100වන උපසිරැසියට උණුසුම් සුබපැතුම් සහෝ.
ඒ වගේම සයිට් එක වෙනුවෙන් මේ කරන මෙහෙයටත් බොහොම ස්තූතියි.
කරන කියන හැම යහපත් වැඩකටයුත්තක්ම සාර්ථක වේවා...Hemal
Thank you Machan. Stay with us
Hemal
Patta bn Thank you. 100 ta wish you all the best.
Ubala nisa thamai api chill eke mewa balanneSahan Gayantha
supiriii.. thanks a lot saho sub ekata
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Hashan
Cingrtz for the 100 sub & Thank you....❤️
Buddhika Lakmal
100වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ... ඔයාලා හින්දා තමයි අපි ආතල් එකේ ෆිල්ම්එකක් උපරිමේට රසවිදින්නේ...
කරන කියන වැඩකටයුතු සාර්තක වේවා....
මේ සබටත් බොහෝම් ස්තූතියි බ්‍රෝ....Arawinda
thanks sub ekata
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Udara Damith
100 ට එල
Sahan Rajapaksha
Thank you !
Pavith Wijesooriya
100 වෙනි කඩයිමට මගෙනුත් උණුසුම් සුභ පැතුම් අයියෙ!!!
සබ් 100ක් කරනවා කියන්නෙ එසේමෙසේ වැඩක් නෙමෙයි. ලොකු කැපකිරීමක්. ඒකත් ගූගල් ට්‍රාන්ස්ලේට් කරන්නෙ නැතිව... ඉතින් උපසිරසියට ගොඩක් ස්තූතියි. ලිපිය කියෙව්වාම බලන්න හිතුනා. බලමු මේක කොහොමද කියල.
Bimsara Yashan(ඔලිව)
100 වෙනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභ පැතුම් ලශේන් අයියේ. වටිනා ලස්සන ෆිල්ම් සීරිස් වලට සබ් ගේන කෙනෙක් තමයි ඔයා. මේ ෆිල්ම් එකත් ඒ වගේම තමා අනිවා බලන්න ඉන්න එකක්. මින් ඉදිරියටත් මෙවැනි වටිනා නිර්මාණ වලට උපසිරැසි ගේන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා. ජයවේවා!
Kantha_DLA
100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි එල්.සී.දමැල් සොයුර .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Ishan Madusha
බොහෝම ස්තූතියි...
viraj
thanks...........
Mano
Bohoma sthuthi!! Jaya wewa.
Anushka Sanjuna
තෑන්ක් ඔයාලගෙ කාලය මහන්සිය වැයකරල අපිට සබ් හදල දෙනවට.. ඔයාල හින්ද තමයි ෆිල්ම් එකක් බලල හරියට රසවිදින්න පුලුවන් වෙලා තියෙන්නෙ.. ගොඩක් ස්තුතියි.. ගොඩක් පින්
lakshan
thanks ..................
Kavee
100 වෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම්
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Anonymous
Thanks bro...
Dill
thanks a lot....!
sanjaya
Thank You!!!!
Kesara Withanage
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
K. H. Shehan Kavishka
Thank you so much for your free sub brother. Anyway keep it up.... and congrats for your 100th sub.
Anonymous
superb
nithin
muchas gracias hermano
Anonymous
sub ekata godak thanks , pin .....
Roshan
Thnx bro.Great job.Good luck.
Hiran Ganepalla
100 වැනි උපසිරසිය වෙනුවෙන් උනුසුම් සුබපැතුම් ලශේන් අයියේ. ඊලග කඩයිමටත් ඉක්මනින් ලගාවීමට හැකියාව ලැබේවා කියලා වගේම පෞද්ගලික ජීවිතයේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. උපසිරසියටත් බොහොම ස්තූතියි. තවත් උපසිරසියකින් හමුවෙමු. ජයෙන් ජය!
දහරා මුතු අමා
සිය වෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් මල්ලි.
ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින් යන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
100 සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Anonymous
films eka downlord krann widihk nadda
Hiran Ganepalla
baiscopedownloads.co walin ganna puluwan
Dewadithya
Thanks for Sub!
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tq.