The Moon AKA Deo Mun (2023) Sinhala Subtitles අද මම ඔයාලා හමුවට එන්නේ 400 වෙනි උපසිරැසියෙන්. උපසිරැසි 400ක් සම්පූර්ණ කරන්න ලැබීම ඇත්තටම ගොඩක් ලොකු සතුටක් වගේම එක විදිහක පුදුමයකුත් වෙනවා. ආසාවට පලවෙනි උපසිරැසිය කරද්දි මේ තරම් දුර එන්න පුලුවන් වෙයි කියල නම් හිතුනෙම නැහැ. මේ උපසිරැසි හාරසීයේ හැම පේලි…

The Moon AKA Deo Mun (2023) Sinhala Subtitles
අද මම ඔයාලා හමුවට එන්නේ 400 වෙනි උපසිරැසියෙන්. උපසිරැසි 400ක් සම්පූර්ණ කරන්න ලැබීම ඇත්තටම ගොඩක් ලොකු සතුටක් වගේම එක විදිහක පුදුමයකුත් වෙනවා. ආසාවට පලවෙනි උපසිරැසිය කරද්දි මේ තරම් දුර එන්න පුලුවන් වෙයි කියල නම් හිතුනෙම නැහැ. මේ උපසිරැසි හාරසීයේ හැම පේලියක්ම හැම වචනයක්ම නිර්මාණය බලන ඔයාලට තේරුම් ගන්න පුලුවන් තරමට පැහැදිලි කරන්න ගොඩක් උත්සහ ගත්තත් ඒවා නොගැලපුන නොතේරෙන තැන් ඕන තරම් තියෙන්න ඇති. ඒ හැම අඩුපාඩුවක් එක්කම උපසිරැසි අරගෙන අඩුපාඩු කියපු, අගය කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ වගේම පලවෙනි උපසිරැසියෙ ඉඳන්ම අද වෙනකල්ම මට අවස්ථාව දුන්න බයිස්කෝප් අඩවියටත් එහි ඇඩ්මින් මඩුල්ලටත් මම අවංකවම ස්තූති වෙනවා.

එහෙනම් අපි බලමු අද කතාව මොකක්ද කියලා.
The Moon – මිනිත්තු 129 ක් පුරාවට දිවෙන චිත්‍රපටයක්. එහි කියවෙන්නෙ කොරියානු පලමු සඳ ගමන අසාර්ථක වුනාට පස්සෙ බොහොම බලාපොරොත්තු ඇතුව සිදු කරන දෙවෙනි සඳ ගමන සාර්ථක කරගන්න හැටි ගැන. කතාව විස්තර කලොත් වැඩක් නැහැනෙ නේද.. ඒ නිසා ඔයාලා ඒක බලලම රසවිඳින්න. මේක විද්‍යා ප්‍රබන්ධයක් වගේ නිසා විද්‍යාවට අදාල වචන ගොඩක් තියෙනවා. පුලුවන් විදිහට හොයල මම ඒවා තේරුම් කරගත්තා. වැරැද්දක් තිබුනොත් ඉතිං සමාවෙන්න.
400 වෙනි උපසිරැසියත් බලල එහෙනම් වෙනද වගේම අඩුපාඩු කියාගෙන යන්න.
හැමෝටම සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
10,722 downloadsDownload The-Moon-2023-Sinhala-Subtitles-Baiscopelk.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Moon, The Moon (2023) Sinhala Subtitles,
The Moon AKA Deo Mun (2023) Sinhala SubtitlesSubtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
28 comments
Kantha_DLA
baiscopelk ishu
හිතාගන්නවත් බැරි කඩඉමක්.. නියමයි සිස්.. සුභ පැතුම්
Agent 47
bohoma sthuthi Sis me karana sub walata. ❤︎❤︎❤︎❤︎❤︎❤︎
Buddhika Lakmal
400වෙනි උපසිරැසියට සුබ පැතුම් සිස්...
අපි මේ වගේ මූවිස් ටීවී සීරිස් ආතල් එකේ බලන්නේ ඹයාලා වගේ උපසිරැසිකරැයව් හින්ද තමයි ඉතිං....
බොහෝම ස්තූතියි ඒ කැපකිරීමට...
කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා....
මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි.....එල්. සී. දමැල්
400වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් කනිෂ්කා අක්කේ! :)
එහෙ බලලා මෙහෙ බලද්දි සබ් කරන වේගවත් කෙනෙක් තමයි ඉතින්! ❤️
දිගටම මේ වේගෙන්ම යමු.
450ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
සබ් එකටත් ස්තුතියි.
ජය ✌Achintha Udayanga
400 වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සහෝදරි!
කොරියන් පැත්ත පුළුවන් විදිහට අල්ලගෙන යනව ඒ වෙනුවෙන් බොහොම ස්තුතියි
තව දිගටම ඕන අක්කගෙන් සබ් හොඳේ..අක්කගෙ පෞද්ගලික වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ජය ����❤Ishan Madusha
බොහෝම ස්තූතියි...
Anonymous
THANK YOU
Sanupa Ranmeth
400 වෙනි උපසිරසි ගැන්වුම වෙනුවෙන් සුබපැතුම් අක්කේ!
මේ සබ් 400 ඇතුළේ තියෙන කැපවීම යම් තරමකින් හෝ හිතාගන්න නම් එක සබ් එකක් හරි තනියම කරල තියෙන්න ඕනේ.
450 ටත් ඉක්මනින්ම ළඟා වෙන්න හැකිවෙන්න කියල හදවතින්ම සුබපතනවා. සබට තුති. ජය වේවා! ✌️Udara Damith
5
400 යට සුබ පැතුමSanuk
Good Luck for 400 sub..
thank you very much for the grate joboshanda
400 weni sub ekata unusum suba pethum sis....
Udara Damith
එල
නුවන්
හිතාගන්න අමාරුයි මේ තරම් වේගෙන් ඒත් සුපිරි තත්ත්වයෙන් උපසිරැසි කරන්නේ කොහොමද කියල. විශේෂයෙන් කොරියන් tv සීරීස් වල තියෙන ලයින් ප්‍රමානේ බොහොම වැඩි කොට ඒවා කරන්න කොච්චර කාලයක් මහන්සි වෙන්න ඕන ද කියල හිතන කොටත් හිත අධෛර්ය වෙනවා. ඒත් ඒ අභියෝගයට අභියෝග කරන කෙනෙක් අගය නොකර බැහැ. ස්තුතියි ඒ කැප කිරීම් වලට. Good Luck!
Anonymous
super work.... thanks
samir
Congratulation.....
Thanks Nangiya.....මයුර
මේ කඩ ඉමට උණුසුම් සුබ පැතුම් අක්කේ.
තව තව උපසිරැසි සිය ගණනක් කරන්න ශක්තිය ලැබේවා.
කරන කියන හැම යහපත් වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා..!!!Hashan
Thanx for the sub & Good luck!!!!!!!
Hiran Ganepalla
400 වැනි උපසිරසිය වෙනුවෙන් උනුසුම් සුබපැතුම් කණිශ්කා අක්කේ. ඊලග කඩයිමටත් ඉක්මනින් ලගාවීමට හැකියාව ලැබේවා කියලා වගේම පෞද්ගලික ජීවිතයේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. උපසිරසියටත් බොහොම ස්තූතියි. තවත් උපසිරසියකින් හමුවෙමු. ජයෙන් ජය!
ශසිත් සඳරුවන්
400 වෙනි උපසිරැසි නිර්මාණ කඩඉම වෙනුවෙන් සුබපැතුම් අක්කේ...
තව තවත් සබ් කරන්න හැකියාව ලැබේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!දහරා මුතු අමා
කඩයිමට උනුසුම් සුබ පැතුම් අක්කේ. ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින්ම යන්න හැකියාව ලැබේවා කීයලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
400 සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Hashan Indunil
බොහොම ස්තූතියි අක්කෙ ඔයාට.වැඩ කන්දරාවක් තියාගෙන මේ කරන සේවයට. Baiscope ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තූතියි.
විමා
400 වැනි උපසිරැසිය වෙනුවෙන් සුබපැතුම් වගේම හාරසිය වාරයක් බොහොම ස්තුතියි අක්කේ. සුබපැතුම් එකතු කරන්න පමා වීම සම්බන්ධව සමාවෙන්න ඕනා. අක්ක නිසා සෑහෙන කොරියන් කතා ටිකක් අපි රස වින්දා, තාමත් රස විඳිනවා. ගුගල් ට්‍රාන්ස්ලේට් කරලා උපසිරසි දෙන යුගයක, අවුරුදු ගානක් පුරාවටම මේ වෙන වෙහෙස මහන්සිය වෙනුවෙන් කොච්චර ස්තුති කලත් මදි. තව චිරාත් කාලයක් අපට අක්කාගෙන් කොරියානු නිර්මාණ රසවිඳින්න ඉඩ හසර ලැබෙන්න ඕනා! ජය වේවා!
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Akila Dilhara
❤ සිංහල උපසිරැසි ලබාදීම ගැන ස්තුතියි, ඔබට ජය ❤
Anonymous
Superb
Advertisement

400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!
ගොඩක්ම ස්තූතියි කනිෂ්කා සොයුරිය ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
film eka download karala sub nethuwa balanna hiteye..
Dan balanawa sub ekka...
me kepakireematata godakma pin.....!!
Niduk nirogi wewa....!!