Watch Trailer

Space Dogs: Tropical Adventure (2020) AKA Space Dogs: Return to Earth Sinhala Subtitles | අභ්‍යාවකාශ සුනඛයෝ : නැවත පෘථිවියට [සිංහල උපසිරසි]

හරි ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම දන්න කියන කතාවක තුන්වෙනි දිග හැරුම. ඉතින් මේ ෆිල්ම් එක ඔයා පලවෙනි පාර නම් බලන්නේ මේ කතාවේ 1 කොටසයි 2 කොටසයි බලන්න අමතක කරන්න එපා. ඉතින් මම ආවේ 3 කොටස එක්කනේ, දැන් මම කියන්නම් කතාව කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවනේ බෙල්කායි ස්ට්‍රෙල්කායි ගැන.…

හරි ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම දන්න කියන කතාවක තුන්වෙනි දිග හැරුම. ඉතින් මේ ෆිල්ම් එක ඔයා පලවෙනි පාර නම් බලන්නේ මේ කතාවේ 1 කොටසයි 2 කොටසයි බලන්න අමතක කරන්න එපා. ඉතින් මම ආවේ 3 කොටස එක්කනේ, දැන් මම කියන්නම් කතාව කොහොමද හැදිලා තියෙන්නේ කියලා.

ඉතින් ඔයාලා දැනටමත් දන්නවනේ බෙල්කායි ස්ට්‍රෙල්කායි ගැන. ඔයාලා දන්නේ නැත්නම් ඉතින් ලොවෙත් කතාව බලපු නැති කෙනෙක්ම තමයි. කොහොම හරි බෙල්කායි ස්ට්‍රෙල්කායි කියන්නේ කරදර වල අඩුවක් නැති දෙන්නෙක්. ඉතින් මෙයාලගේ හිතුවක්කාර තීරණ නිසා තමයි සමහර වෙලාවට මෙයාලා කරදරේ වැටෙන්නේ. අනික බෙල්කායි ස්ට්‍රෙල්කායි හැමතිස්සෙම වාද කර කර නේ ඉන්නේ. දෙන්නා කොහොම හරි දෙන්නටම ඕන දේවල් කරනවා. අනිත් කෙනා ගැන ගානක්වත් නෑ. ඉතින් ඔය වගේ වැඩ කරන්න ගිහින් මේ කතාව පටන් ගන්නකොටම මෙයාලා කරදරයක වැටෙනවා.

ඉතින් අපි දන්නවනේ බෙල්කායි ස්ට්‍රෙල්කායි කියන්නේ ලෝකේ ප්‍රසිද්ධ අජටාගාමියෝ දෙන්නෙක් කියලා. ඉතින් ඒ නිසා මේ පාරත් එයාලව යවනවා වෙනමම ලෝකෙකට. කතාව පටන් ගන්නේ එතනින්. අන්න ඒ ලෝකේ අමුතු බඩුවක් තියෙනවා. ඒ මොකද්ද කියලා දැනගන්නම ඕනේ නම් ඉතින් කතාව බලන්නම වෙනවා ඈ! ඉතින් ඒ හම්බවුන සුපිරි භාන්ඩේ සාම්පල් ටිකක් ගන්න තමයි මේ දෙන්නා වෙන ග්‍රහලෝකෙකට එන්නේ. එන්නේ නම් මම හිතන්නේ සෙනසුරු වලට වෙන්න ඕනේ. මොකද ඒකේ දුවිලි වළල්ලක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ඒ සෙනසුරු වෙන්න පුළුවන්. කතාවේ ග්‍රහ්ලෝකේ නම හරියටම කියන්නේ නෑ. ඉතින් එහෙම කිව්වා නම් ඔයාට මේ හෑල්ල කියවන්න ඕනේ නෑ නේ. කෙලින්ම නම ලියනවනේ. 🙂

දැන් හැරෙමු මේ ෆිල්ම් එක අරන් තියෙන රේටින්ග්ස් දිහාවට. 5.5/10 ක් අරන් තියෙනවා. ඉතින් මේක කොච්චර හොඳ ෆිල්ම් එකක්ද කියලා තේරෙනවනේ? අනික මේකේ කලින් ෆිල්ම් දෙක බලපු අයට නම් මේ ෆිල්ම් එක හොඳයි කියලා කියන්න Ratings ඕනෙත් නෑ. හරි එහෙනම්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් කරන්න කම්මැලියි වගේ නම්, හිස් ඉඩක් හරි කමෙන්ට් කරන්න. එකත් වටිනවා. හරි එහෙනම්.

දවස සුභ වේවා, ඔබට ජය වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

2,055 downloadsDownload Space-Dogs-Tropical-Adventure-2020.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් චිරත් ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දේශාන් චිරත් ලියනගේ

Subtitles

2,055 downloadsDownload Subtitles43 KB

13 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. Supun Kaushalya

    මේකෙ පලවෙනි ෆිල්ම් එකටත් ඔහොමම සබ් දෙන්නකො සහෝ

  3. Sachintha Benat

    Thanks brother

  4. Nilush Angana

    Sub ekata thanx

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. thilina

    meke 1 mokda bn.
    Space Dogs Adventure To The Moon (2016) [YTS.AG] meka neda 1

  7. Anonymous

    මචං තෑන්ක්යූ වස්තුව....ගොබ්බ සිංහල ෆිල්ම් විතරක් බලන්න වෙන අපිට ලෝකයේ තියෙන හොඳම ෆිල්ම් බලන්න උදව් කරනවට...උඔල නිකම්ම මිනිස්සු නෙවෙයි දේව දරුවන් මචං.... කොහොම හරි ආපහු තෑන්ක්ස් කොල්ලො

  8. tt

    tutyhty

  9. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  10. Anonymous

    meke 1 weni eka mokakda 2 weni eka mokakda name plz

  11. Dulan C. Silva

    meke 1 weni eka mokakda 2 weni eka mokakda name plz

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!