නිවුන්නු දෙන්නෙක් ….දරිද්‍රතාවයෙන් පෙලෙන පවුලක් …… …..එයින් ගොඩඒමට පුතෙක් දරණ වෑයමක් …. ….පොහොසත් වීමට මඟක් සොයන ව්‍යාපාරිකයෙක්….. ….පරණ තරහක් පිරිමසාගැනීමට බලාසිටින පොලිස් නිලධාරියෙක්…. …බුද්ධිය සහ තැනට සුදුසු නුවණ භාවිතයෙන් කෙරෙන ඉතිහාසගත වංචාවක්… ආයුබෝවන් හිතාදර බයිස්කෝප් රසික රසිකාවියනි ශ්‍රී ල…

නිවුන්නු දෙන්නෙක්
….දරිද්‍රතාවයෙන් පෙලෙන පවුලක් ……
…..එයින් ගොඩඒමට පුතෙක් දරණ වෑයමක් ….
….පොහොසත් වීමට මඟක් සොයන ව්‍යාපාරිකයෙක්…..
….පරණ තරහක් පිරිමසාගැනීමට බලාසිටින පොලිස් නිලධාරියෙක්….
…බුද්ධිය සහ තැනට සුදුසු නුවණ භාවිතයෙන් කෙරෙන ඉතිහාසගත වංචාවක්…
ආයුබෝවන් හිතාදර බයිස්කෝප් රසික රසිකාවියනි ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පලමු එක්දින තරඟය උණුසුම අතරේ අදත් ආවේ නිකුත් වෙලා ටික දවසක් ගතවුනු සිනමාපටයක් සිංහල උපසිරසියත් අරගෙනයි. හෙලෝ මිනී සීරියස් එකත් ඉවර කරලා ආතල් එකේ ඉන්නකොටම පසිඳු අයියා කතාකළා ධනුෂ්ගේ අළුත් ෆිල්ම් එකට සබ් එක කරමුද කියලා ඇහුවා, ඒත් මට එයා එක්ක ඒක කරන්න නම් ලැබුනේ නැහැ. කොහොමහරි දහරා අක්කත් එක්ක එකතුවෙලා ඒක කරලා තිබ්බා. මේක අහපු දවසේ රෑම අපේ ඇඩ්මින් සිසිල අයියා කතාකරලා, “මල්ලී අළුතෙන් ආපු හිට් එකක් තියනවා සබ් එක කරමුද” කියලා ඇහුවා. මමත් නම බලලා කවුද ඉන්නේ කියලා බැලුවා විතරයි. යකෝ පසුගිය 19 වෙනිදා 36වෙනි උපන්දිනේ සමරපු කාජල් අක්කා හිටියා.. අම්මෝ ඉතින් කතාව කෙසේවුනත් එයා ඉන්නවනේ කියලා භාරගත්තා. යකෝ කරන්න ගියාමයි දැක්කේ මේකේ ඉංග්‍රීසි සබ් එක ෆිල්ම් එකට කිසිම සම්බන්ධයක් නැති දෙබස් වලින් සහිතයි කියලා…. ඉතින් මගේ තෙලිඟු දැනුම අන්තිමයි…ඒක නිසා කුටු කුටු ගගා මේක කරලා ඉවරවෙනකොට අනිත් සයිට් වලින් නම් දීලත් ඉවරයි. ඒත් ඉතින් අපේ කොල්ලෝ කෙල්ලෝ ටික ඉන්නවනේ… එයාලව මතක් කරකර, දාන කමෙන්ට් මතක් කර කර පුළුවන් ඉක්මනට හැදුවා.
එහෙනම් ෆිල්ම් එක තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නේ මේ වසරේ මාර්තු 19 වෙනිදා කොරෝනා ජරමර අස්සේ ඉතින් බලන්න දෙයක් නැහැ ඉන්දියන් රුපියල් කෝටි 51ක වියදමින් හදපු මේක හොයාගෙන තියෙන්නේ ආසන්න වශයෙන් කෝටි 1.9යි . Jeffrey Gee Chin ගේ අධ්‍යක්ෂණයෙන් නිමවෙන මෙහි තිර රචනය, නිෂ්පාදනය වගේම ප්‍රධාන චරිතයටද දායක වෙන්නේ Vishnu Manchu. IMDb දර්ශකයේ 6.8ක අගයකුත් ගූගල් පරිශීලකයන්ගේ 80%ක ප්‍රසාදයකුත් හිමි මෙහි සෙසු චරිත සඳහා සුරූපී Kajal Aggarwal ද, ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකු, නිෂ්පාදකවරයෙකු වන Suniel Shetty ද Ruhi Singh, Navdeep, Naveen Chandra යන නළු නිලියන්ද දායක වෙනවා.
අර්ජුන්, අනූ අක්කයි මල්ලියි… ඉපදෙන්නෙම මුඩුක්කුවක දුප්පත් පවුලක…. මෙයා ලොකුවෙලා කෝල් සෙන්ටර් එකක වැඩට යනවා.. දවසක් කෝල් සෙන්ටර් එකේ මෙයා කරන වැඩක් අයිතිකාරයා අහුවෙනවා.. අයිතිකාරයා මෙයාට කතාකරලා පොඩි වැඩකට කතාකරනවා… අර්ජුන්ගේ තියුණු බුද්ධියේ බලයෙන් මේ පොඩි වැඩේ කොච්චර දුරදිග යනවද ඒවගේම මේකෙන් මෙයාලගේ ජීවිතයට වෙන බලපෑම නරඹන්න.. එන්න මේ පැයකුත් මිනිත්තු 25 ක් දිවෙන මේ සිනමාපටය නරඹන්න.. එහෙනම් අඩුපාඩු නම් ඇති ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න…
ඊළඟට මොනවගේ එකකින් මුනගැහෙයිද දන්නේ නෑ. සමහරවිට පරණ ඉංග්‍රීසි කාර් ගැන ෆිල්ම් එකක් හෝ අළුතෙන් ආපු ප්‍රංශ ටීවී සීරියස් එකක් මේ දෙකෙන් එකක් වෙයි ගොඩක් දුරට…
එහෙනම් අදට ගිහින් එන්නම්…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL / HDRip පිටපත් සඳහා අදාළ වේ.
27,529 downloadsDownload Mosagallu-2021.zip127 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
28 comments
Kavindu
Charuka Lakshitha
ade ow hello mini patta...
Hiroon
heloo mini demu
Anonymous
ඊලගට ප්‍රංශ එක දෙමු
පරන ඒවා නම් ඒපා ඕයි ඔය තියෙන්නෙ ඕන තරම්Anonymous
Too late bro
Ash
Thank you
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦ හොද ටීවී සීරිස් එහෙකට සබ් දෙමු මචං...
Pasindu Madumal
සබට තුති නිර්මාල් ✌️
Pahasara
Sub eka hugk thankz
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Shaggy
Thank you very much brthr
Lahiru
Ray hindi mini series eka dennako
EEpisode 4i neh thyenneth,ikmanta dennkoAnonymous
Nice
Sahan sasmika
Moonfall film eke sub one ikmanata
Hasindu Kavishan
Ayye kiss the ground documentary movie eke sinhala sub ekak denna puluvanda
mrbeast
Thank You For the effort Machan.
Anonymous
Thanks
D.Chamara
බොහොම ස්තූතියි .... !
tharidu16
kudi yedamaithe (2021) sub dennako
Isuru
Thank you
Sadeepa
Elaa
Nishan S Ariyarathna
thanks
Hashan Chamara
supiri fillm aka Thanks For Sub.
dhananjaya withthiy hewa
download kare kohomada? movie aka..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Udara Damith
elaaaaaaaaaaa
Advertisement
සහෝ හෙලෝ මිනි එක වගේ හින්දි සීරිස් එකක් දෙමුකෝ....
හෙට රිලීස් වෙනෝ Ray හින්දි සීරිස් එක,පට්ට සෙට් එකක් ඉන්නෝ,සබ් දෙමු සහෝ