කොරියන් ෆිල්ම්වලට කැමති ගොඩක් කට්ටිය මේ වෙනකොට baiscope අඩවිය නිසා බිහිවෙලා ඇති. ඒ වගේම මේ ෆිල්ම් එක බෞද්ධ චිත්‍රපටයක් කියල කිව්වත් වරදක් නැහැ. කොහොමත් පට්ට අදහසක් කියන්න උත්සහ කරන ඉහල ගණයේ ෆිල්ම් එකක්. ඒ නිසාම වෙන්න ඇති IMDB ratings වල 8.1 ක අගයක් වාර්තා වෙලා තියෙන්නෙ. කතාව ගැන කිව්වොත්, හුදකලා වි…

කොරියන් ෆිල්ම්වලට කැමති ගොඩක් කට්ටිය මේ වෙනකොට baiscope අඩවිය නිසා බිහිවෙලා ඇති. ඒ වගේම මේ ෆිල්ම් එක බෞද්ධ චිත්‍රපටයක් කියල කිව්වත් වරදක් නැහැ. කොහොමත් පට්ට අදහසක් කියන්න උත්සහ කරන ඉහල ගණයේ ෆිල්ම් එකක්. ඒ නිසාම වෙන්න ඇති IMDB ratings වල 8.1 ක අගයක් වාර්තා වෙලා තියෙන්නෙ.
කතාව ගැන කිව්වොත්, හුදකලා විලක පාවෙන පන්සලක ඉන්න හාමුදුරු නමක් සහ සාමනේර නමක් වටා ගෙතිලා තියෙන්නෙ. ඍතුවල නම් වලින් ෆිල්ම් එකේ නම තියෙනවා වගේම ඍතුවල නම් වලින් chapters වෙන් කරලා තියෙනවා. තරුණ සාමනේර නම කරන වැරදි සහ ඒවාට ලොකු හමුදුරෝවො ප්‍රතිචාර දක්වන විදිහ පුදුම සහගතයි. ඍතු ගෙවිල යද්දී ජීවිතය වෙනස් වෙනස් වෙන හැටි මේකෙන් හොඳට පෙන්නල දෙන ගමන්ම ආධ්‍යාත්මික පණිවිඩයකුත් ගැබ් වෙලා තියෙනවා.
“සංකාරා” චිත්‍රපටය බලපු, ඒකට කැමති අයට මේකත් සිරාම මූවී එකක් වෙනව.
ලිපිය – Roxxxer (කසුන් චර්ය)

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ප්‍රියංකර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/04
Subtitles by
සඳුන් ප්‍රියංකර
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
67 comments
uda
Priyantha De Silva
ෂා.. නියම movie එකක් අපේ වෙනත් භාෂා වලින් චිත්‍රපටි බලන්න කැමති කට්ටියට මේ දීල තියෙන්නේ. මමත් ඔන්න බාන්න දැම්මා. වෙලාවක් ආපු ගමන් ම බලන්න ඕනේ ඉක්මනටම.
M.D.A Pradeep (අමිල මනනදේව)
balama balamu.tnx sahoo..
chamith
tawama bawa na balama balmu machan ala kiri
miky
balama balamu.tnx sahoo..
shagg
macho kim ki duk direct karpu ekeke neda?
කේ. යූ. ජී. උදාර
thanks saho.
Tharanga Darshana Ekanayaka
බැවෙන්න දැම්මා...
නියම Film එකක් කියලා හිතෙනවා......
බොහෝම ස්තුතියි..................Nilantha
Thank you.....
Pahan Tharaka
උදේ ඉදන් ඔට්ටු වෙලා දැනුයි සයිට් එකට log උනේ.
ඇයි මෙහෙම වෙන්නේ ලගකදි ඉදන්?chap
කලින් බලලා තියෙනවා..වැඩි කථාබහක් නැති වෙනස්ම විදියේ ෆිල්ම් එකක්..
chamila
thanks......
Shashi Fernando
ow me wage baiskope tama ona, habai sinhala sub tibbanam tama watinne itin tawat godaak. any way thanx
Anonymous
Wenas matrukawak pattai
සමන් කලුබෝවිල
hema dama ekama widihee movies balala ,,, ethi wela hitiye..... meka nam lassanai wage
thankx... mamath banawa.... jaya....:Ddeeps
Was not able to come to the site during the day time. so, just gonna start the download. Thanks for giving us movies that are really worth looking at. Keep up the good work!
Ameera..
Apith kamathi wenasakata.....
Jayan Chamal
pattai mama koiyan film ekak enakan balan hitiye classic valin passe hoda ekak avema nane sinhala sub nathi eka tama lokuma du paduva e laga ekata sinhala sub ona vadiyen koiyan Japan film valata sinhala sun dala denna
Anonymous
Elama kiri....... Sinhala sub denna puluwan nam godak pin. Mokada oya language eka therenne ne ne.
රාම් රාජ්
thanks
Dushantha
ඒලකිරි ෙකාල්ෙලක් ස්තුතියි
me
Thanks
AL1717
NIyamai Onna Apith Banawaaaaaaaaaaa
Thanks Machan
anu
ගොඩක් ස්තුතී මේ වගෙ ෆිල්ම්ස් අපිට ඩෙනවට. මම මෙක බාගන්නව.ඔබතුමාලට පුලුවන්නම් අපිට හොද සටන් තියෙන බඉස්කෝප් ටිකක් ඩෙන්නකො.
lishan
meka maxa film akak... life 1ka gana hoda therumak denawa.... hamonma wela aran balanna ... thnx machan... n maxa wadak.... keep it up
Edgar
Me wage eva dena eka wenasakatath ekka hondai.Thanks bro.
Sandun Priyankara Vithanage
Me wede nam niyamai..kim ki duk kiyanne ada lokaye wishishtayek..suba pethum!!!!
LAL
sinhala sub dammanam niyamai
thanksDilshan
Tnx
alexis senarath
Thanks I'll see it later
ලොවි ගහ
මේ මූවි එක සිංහල දෙන්න බැයිද
ලොවි ගහ සිංහල
මේ මූවි එක සිංහල දෙන්න බැයිද
Please.............
Please.............
Please.............
Please.............
ලොවි ගහ සිංහල
මේ මූවි එක සිංහල දෙන්න බැයිද
Please………….
Please………….
Please………….
Please………….
මේ මූවි එක සිංහල දෙන්න බැයිද
Please………….
Please………….
Please………….
Please………….
Sinhala Dennako Aneeeeeeeeeee.........
ලොවි ගහ
වොන්ඩ ෆුල්………තව තව කොරියන් ලව්ස්ටෝරි……… තව කොරියන් ලව්ස්ටෝරි එකක් දානවනම් හොදයි……..මම ආස ඒවට………….
එකක් නෙමෙයි ...... සීයක් දැම්මත් කමක් නෑ.......
මම ලොවි ගහ
Roxxxer
මචංලා මම මේ දවස් වල exam එකක් නිසා සිංහල sub වලට අත ගැහුවෙ නැහැ.very sorry.
නොවැම්බරයේ sub එක්ක කොරියන් ෆිල්ම් එකක් දෙනවා.Uraj Deemantha
English සබ් එකත් තියෙන නිසා, මේකත් අත අරින්නේ නෑ..... බානවා..... :)
k2abey
niyamai aasawe be goda dawasakin aawe
dinnu
godak kalekkata passe awe.onna mamath dl wenna danawa.jayawewa
Nishshanka
Real Film ekak .. mage Editing Courese ekede Concept editing walata meka study kala. patta idea ekak deela thiyana film ekak. niyamai.
නිලන්ති
ගොඩක් ආදාවෙන් බලපු movie එකක්. සංකාරත් බලලා තියෙනවා.පුළුවන්නම් The road home movie එකත් දාන්න. ගොඩක් පරණයි. එත් ගොඩක් ලස්සනයි. ගුරැ ගීතය කියවලා තියෙවනවා නම් මේකට අනිවාර්යෙයන් කැමති වේවි.
ඇඩ්මින්
බයිස්කෝප් මිතුරු මිතුරියනි,
මෙය මගේ දෙවැනි සිංහල උප සිරැසි යෙදීමයි.මෙම සිනමා නිර්මාණයේ දෙබස් අඩුවෙන් ඇති නිසා පෙරට වඩා මෙය මදක් පහසු වුණා කීවොත් නිවැරදියි.මෙම නිර්මාණයත් මීට පෙර මෙම අඩවියේ පළ වූ 3 Iron සිනමාපටය නිපද වූ දකුණු කොරියානු සිනමා අධ්‍යක්ෂක කිම් කි ඩුක් ගේම නිර්මාණයක්.අන්තර්ජාල සිනමා දත්ත පදනම (IMDb)තුල ඇගයීම් (Ratings) 8.1 ලබා ගෙන ඇති මෙය 2003 වසරේ නිකුත් වූවක්.ජාත්‍යන්තර සිනමා උළෙලවල් 14 ක සම්මාන සඳහා නම නිර්දේශිත වූ අතර,ඉන් 8 කදීම සම්මාන හිමි කරගෙන තිබීම විශේෂත්වයක්.මේ නිර්මාණය තුල කිම් කි ඩුක් විසින් අධ්යක්ෂණයට,තිර පිටපත ලිවීමට අමතරව රංගනයෙන් ද දායක වූ අයුරු දැක ගැනීමට හැකියි.ඒ සිරගතව සිට පැමිණ පූජ්‍යස්ථානය බාර ගන්නා හිමිනමගේ චරිතය තුලින්.
ආසියාතික අපට වඩාත් සමීප ආගමික පරිසරයක් අපට මෙහි දී මුණ ගැසෙනවා.මෙකී නිර්මාණයේ කතා වස්තුව විස්තර කිරීමට මා පෙළඹෙන්නේ නැහැ.මා නැරඹූ විශිෂ්ට ගණයේ නිමැවුමක් බව පමණක් පවසන්නම්.කිම් කි ඩුක් ගේ සිනමා භාවිතය සහ මෙම සිනමා නිර්මාණය පිළිබඳව සිනමා විචාරක, ලේඛක එරික් ඉලයප්ආරච්චි මහතාගේ ලිපි වලින් උපුටා ගත් සංක්ෂිප්ත අදහස් කිහිපයක් පහත දැක්වේ.....හොලිවුඩ්,බොලිවුඩ් ආදී සිනමාවන් ප්‍රධාන ධාරාවේ සිනමා නිර්මාණ කරන ස්ථාන ලෙස දැක්විය හැකි අතර ඊට අමතරව විශේෂත්වයෙන් යුත් නිර්මාණ ලොවට දායාද කරන ප්රවර්ගයන් ද විකල්ප ලෙස බිහිව ඇත.ඒවා විශේෂයෙන් කලාත්මක සිනමාව,නිදහස් සිනමාව,රැඩිකල් සිනමාව,දේශපාලන සිනමාව,වම් ඉවුරේ සිනමාව යන නම් වලින් හැදින්වේ.එමගින් හොලිවුඩ් සිනමාවේ බහුපාර්ශිය හවුල්කාරීත්වයට එරෙහිව සිනමා අධ්‍යක්ෂකවරයාගේ පුද්ගලික නිර්මාණ ප්‍රතිභාව,සිනමා දැක්ම සහ ශෛලිය අවධාරණය කරනු ලැබේ.
මෙකී ධාරාවේ ප්‍රබල නව පරපුරේ නියෝජිතයෙක් ලෙස කිම් කි ඩුක් නම් කළ හැකිය.දිනපතා අප ඉදිරියේ දිගහැරෙන දේවල් සතු ද්‍රව්‍යමය සීමා ඉක්මවා යන ආකාරයට කටයුතු කිරීම කිම් කි ඩුක් ගේ සිනමා භාවිතයේ එක් ලක්ෂණයකි........
මගේ අරමුණත් එකී වෙනස් ධාරාවේ සිනමා නිර්මාණ සිංහල උපසිරැසි යෙදීම තුලින් ඔබට වඩාත් සමීප කරවීමයි.සියළු දෙනාට ජය!
සඳුන් ප්‍රියංකර විතානගේsujeewa
Real Film ekak .. Sinhala subwalata thanks saho
විකියා
පට්ට...බොහොමත්ම ඉස්තූතියි..මේ වගේ කතා තේමාවන් යටතේ...සුපිරි
බයිස්කොප් සිංහල උපසිරසත් එක්ක ලබා දෙන එක ගැන..ඉස්සරහටත් සිංහල උපසිරස එක්ක බයිස්කොප් දෙන්නට ශක්තිය ලබේවා..!ජයෙන් ජය~!
theekshanax
අපි වෙනුවෙන් කැපකල කාලයට ගොඩාක් ස්තුති සහෝ
චරිත පොල්ගස්දෙණිය
elaazzzzzzzzzzzzzzzz
jayawewaShashi Fernando
aniva, gindara film ekak, e wagema durlaba topic ekak,. menna me wage ewwata wadi wadiyen obata sub danna shaktiya labenawa. niyamai. thanx karanna wachana naha....
chap
කලින් බලලා තියෙනවා..මේ ෆිල්ම් එකට නම් සබ් දාන්න දෙයකුත් නැති තරම්.. වැඩිය දෙබස් නැති නිසා.. :)
තව හොද කොරියන් ෆිල්ම් දාපන් මචන්..Mahesh Silva
බලන්න ආසයි. ටොරන්ට් file එක බාන්න බෑ මචං . මට mail කරන්න පුලුවන්ද ? Please……මචං
jana
thanks you
jana
ayyo film eka DL karanna behene. likn eka weda karanne neheneeeeee
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මරේ මරු මචං; නියම කොල්ලෙක්!
මේ වගේ බයිස්කෝප් එකට "හිඟ" ඒව දෙනවට ගොඩාක් පින්!