Watch Trailer

Poltergeist (1982) Sinhala Subtitles | ආලෝකය සොයන ආත්මයන්. [සිංහල උපසිරැසි]

මේ 1982දි තිරගත වෙච්ච Poltergeist චිත්‍රපට මාලාවේ ප්‍රථම චිත්‍රපටයයි. මේ චිත්‍රපට මාලාවේ සාර්ථකම චිත්‍රපටියත් මේකම තමයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ස්ටීවන් ස්පිල්බර්ග් කියන ලෝ ප්‍රකට අධ්‍යක්ෂකවරයා විසින්. IMDB අගය 7.1ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම ටිකක් පරණ වුනත් හොඳ තත්වයේ VFX හා CGI පාවිච්චි…

මේ 1982දි තිරගත වෙච්ච Poltergeist චිත්‍රපට මාලාවේ ප්‍රථම චිත්‍රපටයයි. මේ චිත්‍රපට මාලාවේ සාර්ථකම චිත්‍රපටියත් මේකම තමයි. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ස්ටීවන් ස්පිල්බර්ග් කියන ලෝ ප්‍රකට අධ්‍යක්ෂකවරයා විසින්. IMDB අගය 7.1ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

ඒ වගේම ටිකක් පරණ වුනත් හොඳ තත්වයේ VFX හා CGI පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය ලෝකයේ බොහෝ කතාබහට ළක් වෙච්ච චිත්‍රපටියක්. ඒකට හේතුව තමයි චිත්‍රපටිය නිර්මාණය වීමෙන් පස්සේ චිත්‍රපටියේ කලාකරුවන්ට හා කාර්‍ය මණ්ඩලයට ශාපයක් වැදුනයි කියන කතාව. චිත්‍රපටියේ ප්‍රධාන චරිතයන්ගෙන් 3 දෙනෙක්ම මේ චිත්‍රපට මාලාවෙ චිත්‍රපට රූගත කිරීමෙන් පස්සේ හෘද්‍යාබාධා හා ඝාතන වලට ළක් වෙලා තියෙනවා.

ඒ චිත්‍රපටියේ එක්තරා දර්ශනයකට අදාල රූගත කිරීමකදි මේ චිත්‍රපටයේ විකට බෝනික්කා ප්‍රෝගෑම් කල ප්‍රමාණයටත් වඩා සක්‍රීය වෙලා දර්ශනයට අදාල දරුවගෙ බෙල්ල තදින් මිරිකීමකට ළක් කරලත් තියෙනවා. මේ සේරටම හේතුව චිත්‍රපටියට පාවිච්චි කරපු සත්‍ය මිනිස් ඇට සැකිලි නිසා කියලයි මත පල වෙන්නේ.

කතාවට හැරුණොත් (Spoiler Alert): එක්තරා පවුලක් පදිංචියකට අළුත් ගෙදරකට යනවා. ඒ ගෙදරට ගියපුවම මෙයාලට අමුතු සිදුවීම් වලට මූණ දෙන්න වෙනවා. ඒවා පටන් ගන්නේ මේ ගෙදර පොඩි දුව වෙන කැරොලෑන්ට ටී.වී එකෙන් ඇහෙන කතා කරන සද්ද වලින්. කතාව ගැන එතනින් එහා කියන්න අවශ්‍ය නෑ. Poltergeist කියන්නෙ මොකක්ද කියලා සරලව පැහැදිලි කරන්නම්. ගෙදරක පිඟන් බඩු, ඇඳුම්, ජනෙල්, දොරවල් ආදී හැම වස්තුවක්ම ජීවත් වෙන අයෙක්ගෙ බලපෑමක් නැතුව, චලනය වෙන විවිධ සිද්දි වලට වග කියන්න ඕනෙ මෙන්න මේ Poltergeist කියන අවතාර තමයි. ඒ වගේම මෙයාලා අඳුර මානයක ඉඳලා ආලෝකයට ගමන් කරන්න හදන කට්ටියක්. ඒ ගැන තව විස්තර චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්.

එතකොට “බිලොකේෂන්” කියන්නෙ මොකක්ද කියලත් යන්තම් පැහැදිලි කරන්නම්. ඒ කියන්නේ යම් ස්ථානයක ඇති සමාන්තර මානයන් දෙකක් අතර ඇති ඉඩ ප්‍රමාණයයි. ඒ මානයන් දෙකේ දොරටු පිහිටලා තියෙන්නෙත් බොහොම ළඟ පාතින්මයි. මේක විද්‍යාත්මකව හරියටම තහවුරු කරපු දෙයක් නෙවෙයි. චිත්‍රපටය එක් අවස්ථාවක මේ ගැන සඳහන් වෙන නිසයි පැහැදිලි කරේ. කතාව බලන්න කියලත් ආරාධනා කරනවා එහෙනම්.🤘

ජය වේවා…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත BR පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,689 downloadsDownload Poltergeist.1982.zip103 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,689 downloadsDownload Subtitles103 KB

8 comments

  1. Shamal Manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ චිත්‍රපට දෙකටත් උපසිරැසි දෙන්න.

    Poltergeist II : The Other Side - 1986
    Poltergeist III - 1988

    1. Buwanaka Nirmana

      ඒවටත් තව ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනවා.

  2. Rukshan

    ඊලඟට අපිට මේකෙ ඉතුරු ෆිල්ම් දෙකත් දෙන්න.
    තෑන්ක් යූ ❤️

  3. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dewadithya

    Thanks for Sub!

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.