මේ මගේ දෙවැනි උපසිරසියයි. පළමුවෙන්ම කියන්න ඕනේ. මගේ පළමු උපසිරසියට(Bommarillu) ගොඩක් අය අදහස් දක්වල තිබුණ, සුබ පතල තිබුණ. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. අදහස් දක්වපු හැමෝටමත්, මට සුබ පතපු හැමටෝමත්, මගේ උපසිරසිය රසවිඳපු හැමෝටමත් මම මේ වෙලාවේ ස්තුති කියල කියන්න ඕනේ, ඒ වගේම කණගාටු වෙනවා දෙවැනි උපසිරැසිය…

මේ මගේ දෙවැනි උපසිරසියයි. පළමුවෙන්ම කියන්න ඕනේ. මගේ පළමු උපසිරසියට(Bommarillu) ගොඩක් අය අදහස් දක්වල තිබුණ, සුබ පතල තිබුණ. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. අදහස් දක්වපු හැමෝටමත්, මට සුබ පතපු හැමටෝමත්, මගේ උපසිරසිය රසවිඳපු හැමෝටමත් මම මේ වෙලාවේ ස්තුති කියල කියන්න ඕනේ, ඒ වගේම කණගාටු වෙනවා දෙවැනි උපසිරැසිය ගේන්න ගොඩක් කල් ගිය එක ගැනත්..ඒ වෙනුවෙන් සමාවත් ඉල්ලනවා. මගේ දෙවැනි උපසිරැසිය විදිහට මම අරන් ආවේ Thailand ෆිල්ම් එකක්. බයිස්කෝප් යහළුවන්ට Thailand ෆිල්ම්ස් අලුත් දෙයක් නෙමේ කියල මම හිතනවා. මොකද මිට පෙර Thailand ෆිල්ම්ස් කීපයක්ම බයිස්කෝප් එකෙන් දීලා තිබුණ නිසා.
මේ ෆිල්ම් එක ගැන කියනවා නම් 2011දී තමයි මේක තිරගත උණේ. imdb දර්ශකයේත් 7.5ක අගයක් ලැබිල තියෙනවා. ඇත්තටම කිව්වොත් ලස්සන ෆිල්ම් එකක්. ෆිල්ම් එක ගැන කියනවා නම් මේ කතාවට තේමා වෙලා තියෙන්නේ තාරුණ්‍යයේ සිහින,මිත්‍රත්වය,ආදරය, සිනහව,සංගීතය යන සියල්ලම. චිත්‍රපටිය පුරාවටම සින්දු වලින් නම් අඩුවක් නෑ. මේ කථාවේ ප්‍රධාන චරිත කිහිපයක් තියෙනවා, ඒ අතරින් Ped කියන්නේ ඉතා නිහතමානී,ලැජ්ජාශීලි පිරිමි ළමයෙක්.මෙයාගේ හොඳම යාළුවා තමයි Khung. මෙයා නම් Pedට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. මෙයාට කිසිම දෙයක් දිගු කාලයක් කරගෙන යන්න බෑ, ඒ කියන්නේ හැම දෙයක්ම මගදී නවත්තනවා..හැබැයි ඉතින් මෙයාගේ මේ විකාර වැඩ වලට උදව් කරන්නෙත් මෙයාගේ නිහතමානී යාළුවා Pedම තමයි. .ඒ වගේම Khungට ඉන්නවා නිවුන් සහෝදරයෙක්. එයා Khungට වඩා වෙනස්, එයා තමයි Kae. Kaeට තියෙනවා සංගීත කණ්ඩායමක්. එයාගෙ දක්ෂකම නිසාම ගැහැණු ළමයි එයාට කැමති, ඉතින් දැන් මෙයාගේ පිස්සු නිවුන් සහෝදරයාටත් හිතෙනවා, ගෑනු ළමයි අල්ල ගන්න සංගීත කණ්ඩායමක් දාන්න,ඒත් වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නම් නෑ. ඔයා අතරේදී තමයි, මේ දෙන්නගෙම පුංචි කාලේ යාළුවෙක් වන Earn, කියන ගෑනු ළමය මේ පාසලට එන්නේ. ලස්සන ගැහැණු ළමයෙක්. එයත් එකතු වෙනවා මේ පිස්සු කොල්ලන්ගේ බෑන්ඩ් එකට. ඊට පස්සේ කල් යද්දී, Ped, Khung දෙන්නම ආදරේ කරන්න ගන්නවා Earnට, කොහොම උණත් දෙන්නටම සිද්ධ වෙනවා, යහළුකමයි, ආදරයයි අතරින් එකක් තොර ගන්න..මේ දෙන්නගෙම තේරීම ෆිල්ම් එක බැලුවම ඔයාලට දැන ගන්න පුළුවන් වෙයි.
ඒ වගේම කියන්න ඕනේ Thailand කියල අහක දාන්න නම් එපා. ලස්සනම ලස්සන ෆිල්ම් එකක් කියල නැවතත් මතක් කරන්න ඕනේ. හොඳට හිනා වේවි බලන්නත් පුළුවන්…එහෙම නම් ඔයාල මේ ෆිල්ම් එක ගැන හිතන දේත් කියන්න. මගේ තුන් වැනි උපසිරසියෙන් නැවතත් හමුවෙමු……..
1.37 GB කොපිය මෙතනින් බාගන්න 262d43e0277ebdc33983ebd24838bdc9b02ff3bb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
794 downloadsDownload SuckSeed.2011.baiscopelk.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Gayesha-Sathsarani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයේෂා සත්සරණි
Subtitles
36 comments
ජයනි චතුප්‍රභා
dimuthu video
tnz nangio
Ishara
he he
thanks... and welcome to baiscopelk...HimEshCrEeD
bohoma thuthi
sabata pin
digatama demuතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Tharindu Perera
එලස් අහ්හ්හ්...
ඔයා කියන නිසාම ඔන්න බාගන්නවා....
පට්ට කතාවක් වගේ.......
තැන්ක්ස් නංගි සබ් එකට............
:) :) :) :) :) :) :)ගයාන් රූකාන්ත (ජෝනා)
දන්නෙත් නැනේ යකු තවත් කාන්තා පාර්ශවයක් එකතු වෙලානේ
අපිත් එක්ක.කෝ අනේ පොඩි කොපිය :( :( කමක් නැ හිමිට බාගමුකෝ
සබට තුති (නංගි/අක්කා) ඉක්මනටම තවත් උපසිරසියක් ගේමු නේද. ජය.!! :) :).Kulanjana Maduranga
ammo loku copyak.podi torrent 1k naddo.kamak na ida thiyana welawaka banna ona.subata thanks GAYESHA sis.digatama sub denn.jaya wewa.......
me
Thanks
Naween
නියමයි සහෝ.හැබැයි පොඩි කොපියකුත් තිබ්බනම් එළ. උපසිරැසියට බොහොම ස්තූතියි...!
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් නංගී ඔන්න එහෙනම් ඔයා කියන නිසා බානවා ජය වොවා
Gayan V.&.M.C
Patiyo, 700MB wage torrent ekakuth denna mitapasse hode.. uthsahaya agaya karanawa..
රොයිලි
බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
jayanandana
onna ehenam gaththa sahodarii, godak sthutiyi
Praveen
Thank you very much for your Subtitle.... And Wish You All The Best...........
Shaggy
Thanks for ur hard work.
ලක්ෂාන් නිලංක
හොද ෆිල්මක් වගේ...දෙවෙනි නිර්මාණයට සුබ පැතුම්...දිගටම සබ්දෙන්න...ජය වේවා...!
Hiruni
බොහොම ස්තූතියි ගයේශා උපසිරැසියට.,
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Sanduni.....
Thank you so much much, dear friend. . . . . . . . . . . . . . .
Suraj
Thank you Nangi sub ekata.........
Malli
Sub ekata thanks akkkee...
Sonali..
Niyamai akkeeeee maru maru maru maru........
Me oyage dewani sub eka ne.....
I wish for your 3rd sub ..........
Thnx for giving us, , beautiful subs like this.Thisal
thanx hode, mita wada adu copyk nadda?
Thisara buddhika
mama blpu supiri film walin ekak
thank you !!!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සොයුරිය,ජයවේවා.
bee
patta tnx wewa
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරිය.. :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි ගයේෂා :P ජය
“චූටී මල්ලි”
එල එල
තායිලන්ඩ් එව්වා නම්
එච්චර බලලා නෑඅහ් පොටො කෑල්ලකුත් දලා තියෙන්නෙ අද
හරි හැඩයි නොවැ :Dසබට තුති
ඔබට ජය...........gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Menu
Thank you :)
sujith
thankss nangooooo.... :D :D
amila-kandy
thank you yaalu.. comment box eka udata dannako.
P.K
Thanx for the sub siz...
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Keys to the heart (2018) korean movie ekata sub dennako
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you Gayesha