Watch Trailer

The Legend of Zorro (2005) with Sinhala Subtitles | අසිපත අතගත් අසරුවා [සිංහල උපසිරසි සමඟ]

අසි අසි අසි…. අසිපත අතගත් අසරුව සෝරෝ… සෝරෝ, සෝරෝ, සෝරෝ… සවිමත් බලවත් අසිපත් සෝරෝ… සෝරෝ, සෝරෝ, සෝරෝ… කොහොමද කස්ටියට ඉතින්. උඩින් කියලා තියෙන සින්දුව කස්ටිය අහලා ඇතිනෙ. ටයිටස් තොටවත්තයන් සිංහලෙන් හඬකවලා අපි පොඩි කාලෙදි ජාතිකරූපවාහිනියේ විකාශය වෙච්ච සෝරෝ කාටූන් එකේ තේමා ගීතයෙන් කොටසක් තමා මම උඩින් කිව…

Legend of Zorro (2005)

අසි අසි අසි….
අසිපත අතගත් අසරුව සෝරෝ… සෝරෝ, සෝරෝ, සෝරෝ…
සවිමත් බලවත් අසිපත් සෝරෝ… සෝරෝ, සෝරෝ, සෝරෝ…

කොහොමද කස්ටියට ඉතින්. උඩින් කියලා තියෙන සින්දුව කස්ටිය අහලා ඇතිනෙ. ටයිටස් තොටවත්තයන් සිංහලෙන් හඬකවලා අපි පොඩි කාලෙදි ජාතිකරූපවාහිනියේ විකාශය වෙච්ච සෝරෝ කාටූන් එකේ තේමා ගීතයෙන් කොටසක් තමා මම උඩින් කිවුවෙ.( මට මතක තිබ්බෙ ඔය කොටස විතරයි. ඔය කොටසෙත් වැරැද්දක් තියෙනවා නම් සමාවෙන්න කියලා ඉල්ලනවා. මොකද කාලය හුඟාක් ගෙවිලා ගිහින් නිසා පොඩි කාලෙ සමහර දේවල් හරියට මතක නෑ). ඉස්සර මතකයි ඉතින් අපිත් ඕක බලලා සෝරෝ වගේ ඇඳගෙන පිස්සු නැටුවා. මූණ බඳින්න තාත්තාගේ කළු කලිසමක් කපලා හොඳටම ගුටි කෑවා අද වගේ මතකයි. 😀 . ඔයාලටත් එහෙම අත්දැකීම් ඇති කියලා හිතනවා. පොඩි කාලෙ හරිම සුන්දරයි. හරි… එහෙම කිවුවට මේක කාටූන් එකක් නෙවෙයි. මම ඔයාලට 2013 නොවැම්බර් 11 වෙනිදා ගෙනාපු The Mask of Zorro කියන ෆිලුමේ දෙවනි එක තමා මේක. නම ඇවිල්ලා The Legend of Zorro. මුල් ෆිලුම බලපු නැති අයට ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. හැබැයි නොබැලුවා කියලා මේක බලන්න බාධාවක් වෙන්නෙ නෑ. මේකෙ ගලාගෙන යන්නෙ වෙනමම කතාවක්. මුල් එක සම්බන්ධ නෑ. ෆිලුම IMDb රේටින්ග්ස් වල 5.9ක අගයක් තමා අරගෙන තියෙන්නෙ. කස්ටිය ඉතින් දන්නවනෙ මේකෙ සෝරෝ, එහෙමත් නැත්නම් වංශාධිපති අලෙහැන්ද්‍රෝ ද ල වේගා කියන චරිතය රඟපාන්නෙ කවුද කියලා. වෙන කවුරුවත් නෙවෙයි ඉතින් අපේ Antonio Banderas අයියා. මේ අයියා Spy Kids 1, 2, 3 ෆිලුම් වලයි තව Desperado, Once upon A Time in Mexico වගේ ෆිලුම් වල රඟපානව දැකලා ඇතිනේ… ඒ වගේම ඊයෙ පෙරේදා ලීක් වෙච්ච Expendables 3 එකෙත් මෙයාගෙ රඟපෑම කොහොමද කියලා කස්ටිය දකින්න ඇතිනෙ. මේ අයියට දැන් වයස 53ක්. හෙ හේ……. මට පුදුම මොනා නැතත් මේ අයියට වෙරි මරගාතෙ ඉන්න තැන් නම් හොඳටම රඟපාන්න පුළුවන්. ඔයාලා මේකෙදි දකියි ඒක. ඉතින් සෝරෝගේ පෙම්වතිය, ඒ කියන්නෙ එලේනා( එහෙම කියන්නත් බෑ. දෙන්නා බැඳලා නිසා. ලස්සන නිසා මම එහෙම කියන්නම්) විදිහට රඟපාන්නේ Catherine Zeta -Jones අක්කා. අක්කා කිවුවට මෙයාට දැන් 44යි. Red 2, Side Effects, Broken City, Rock of Ages, වගේ ෆිලුම් වල මේ අක්කගෙ රඟපෑම දැකලා ඇතිනේ. Rufus Sewell. එයා තමයි ආමන්ඩ් විදිහට රඟපාන්නේ. Abraham Lincoln: Vampire Hunter, A nighte’s Tale වගේ ෆිලුම් වල මේ අයියාව දැකලා ඇතිනේ. ඒ වගේම ඉස්සරහදි එන්න තියෙන හර්කියුලිස් ෆිලුමෙත් මෙයා රඟපානවා කියලා ආරංචියි. දැන් එහෙනම් ඉතින් කතාව පැත්තට හැරෙමුකෝ…..

මේක සිද්දවෙන්නෙ කැලිෆෝනියාව ඇමෙරිකා එක්සත් ජනපදයට එකතුවෙන්න උත්සාහා දරන කාලයේ. සෝරෝ ඉතින් දැන් පවුල් වෙලානෙ ඉන්නෙ. ඉතින් දැන් සෝරෝට පුතෙකුත් ඉන්නවා. නම ඔඅකින්. මම හිතන්නෙ සෝරෝ එයාගෙ පුතාට ඒ නම දාලා තියෙන්නෙ සෝරෝගෙ මැරිච්ච සහෝදරයාව මතක්වෙන්න වෙන්න ඕනා. ඉතින් පවුල් වුණාම කොහොමද කියලා පවුල් වෙච්ච කස්ටිය දන්නව ඇතිනෙ ( ඔන්න අපි නම් තාම තනිකඩයි).ඉතින් සෝරෝගේ නෝනත් ඒ කියන්නෙ එලේනත් කියනවා සෝරෝට දැන් ඔය වැඩේ නවත්තන්න කාලය හරි කියලා. ඇවිල්ලා එයාගෙ පවුලත් එක්ක කාලය ගතකරන්න ඕන කියලා. කොහොම හරි සෝරෝ කියනවා තව ටික කාලයක් මට සෝරෝ විදිහට ඉන්න ඕන කියලා කැලිෆෝන්යාව ආරක්ෂා කරන්න. එතකොට ඉතින් වෙන දේ හිතාගන්න පුළුවන්නෙ. දෙන්නා වලි. සෝරෝට ගෙදර එන්න හම්බෙන්නෙත් නෑ. ඉතින් දෙන්නා දික්කසාද වෙනවා. හැබැයි දික්කසාදයට හේතුවෙන්නෙ ඒ රණ්ඩුව නෙවෙයි. හේතුව නොකියා ඉන්නම්. ඉතින් දික්කසාද වෙලා ඉවරවෙලා මාස තුනක් විතර ගියාට පස්සෙ සෝරෝට එලේනව එක සාදයකදි හම්බවෙනවා. හැබැයි ඒ ආමන්ඩ් කියල ප්‍රංශයේ ඉඳලා ආපු සිටුවරයෙක් එක්ක ඉන්නකොට. හැබයි මේ සිටුවරයා කැලිෆෝනියාවට ඇවිල්ලා ඉන්නෙ හොඳකට නම් නෙවෙයි…. එහෙනම් දික්කසාදයට හේතුව, සිටුවරයා ඇයි කැලිෆෝනියාවට ආවේ කියන ප්‍රශ්න වලට උත්තර ටික ඔයාලම බලලා හොයාගන්න. එහෙනම් තවත් ෆිලුමකින් හම්බවෙනකම් Baiscopelk එන හැමදෙනාටම බුදු සරණයි…!!!

යනගමන් කමෙන්ටුවක් කොටාගෙනම යන්න ඈ…. ටයිප් කොරලම ඇඟිලි ටික රිදෙනවා…

 

The Legend of Zorro (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Legend.of.Zorro.2005.1080p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,004 downloadsDownload Legend.of_.Zorro_.2005.baiscopelk.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

2,004 downloadsDownload Subtitles73 KB

35 comments

  1. tharindu

    thanks muchan

  2. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  3. කප්ටෝන්

    මරුද ??

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. udaya

    නියමයි මචං
    සබ් එකට නම් Thanks

  6. නලින්

    ස්තුතියි සමනා!!

    ජය වේවා!

  7. Naween

    උපසිරැසියට තෑන්ක්ස් සමන් සහෝ...

  8. SaDuN dAnUsHkA

    සුපිරිම සුපිරි. නියම චිත්‍රපටයක්

  9. ruwan

    elaz

  10. The_Necromancer

    Thanks for subtitles

  11. para

    ptta pta pta

  12. Tharindu Perera

    එලස් මචන්....
    මෙක බලලා නැහැ.....
    දැන්ම බාගන්නවා මේක........
    තැන්ක්ස් මචන් සබ් එකටහ්හ්හ්...

  13. Kulanjana Maduranga

    niyamai.subata thanks SAMAN saho.digatama ohoma ymu.jaya wewa......

  14. sanka

    thanks machan 1 baluwa mekath balannama wenawa

  15. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. බලලා තියෙන නියම චිත්‍රපටියක්. මතකය අලුත් වෙන්නත් එක්ක ආපහු සබ් එක්කම බානවා. ජය෴෴ :P :P

  16. Yenu

    Thank You brother.....................................

  17. Nimodh

    ela machan....thanx....

  18. වරුණ නිරෝෂණ

    ස්තුතියි සහෝ.....

  19. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,කලින් එකත් බැලුවා මේකත් බලන්න ඕනි, තව කතා දෙකක් තියෙනවා.
    The Mark of Zorro (1940) IMDb 7.6ක් සහ Zorro (I) (1975) IMDb 6.5ක්, දෙකටම ටොරන්ට් තියෙනවා, සමහරවිට හොඳ ඇති, දන්නේ නම් නැහැ, ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.

    1. දිමුතු තරංග ඉලුක්කුඹුර

      The Mark of Zorro (1940) එකට සබ් මම දෙන්නම්, ඔයාට පුලුවන්නම් අනිත් එකට සබ් දෙන්න, ජයවේවා.

  20. Shan Vimukthi

    අපේ කාණ්ඩයට සැට් වෙන තවත් එකක්
    නියමයි ඈ
    සබට බොහොම ස්තුතියි සමනෝ
    උබ ඉතින් අවුරුදු ගානක් තිස්සේ එක විභාගයක් මත්තෙම නැහෙන නිසා තව අරන් වරෙන් කියන්නේ නැතුව me අවුරුද්දෙවත් ඕක ඉවරයක් කරහන් ඊට පස්සේ ට්ව ගෙනෙන් :D

  21. “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

  22. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  23. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  24. earnga pathirage

    man lunch ganna ane promis

  25. P.K

    Thanx for the sub saho...

  26. Pasindu kushan

    Thank u for the sub broo

  27. Dilshan madusha

    Ela..... bro.. tnq... for subtitles....! Well.done..

  28. draco malfoy

    deela thiyenne (Legend.of.Zorro.2005.1080p.BrRip.x264.YIFY) ekane ,,,YIFY ekema 720p ekatath sub eka gelapeida?(Legend.of.Zorro.2005.720p.BrRip.x264.YIFY)

  29. Sandunprabath1230

    බොහොම ස්තූතියි සහෝ

  30. nihalpujitha

    thnks saho

  31. PahasaraDv

    Thankz saho...

  32. roshanst

    niyamai

  33. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  34. Charith Jayathissa

    The mask of zorro movie akata lipiye dila tiyenavlink aken giyama page not found kiyala snawa.aka fix karanawada?