සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට, අද ඔබ හමුවට එන්නේ පැරණි හින්දි චිත්‍රපටයක් එක්කයි. ඒ සුජාතා 1959 චිත්‍රපටයයි. මම කලින් උපසිරැසි ලබාදුන්න Sachaa Juthaa චිත්‍රපටියට හා බර්සාත් චිත්‍රපටියට ලැබුණු හොඳ ප්‍රතිචාර තමයි මේ තුන් වන පැරණි හින්දි උපසිරැසි නිර්මාණය කරන්නට මාව පෙළඹෙව්වේ. මේ චිත්‍රපටය…

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන්ට,

අද ඔබ හමුවට එන්නේ පැරණි හින්දි චිත්‍රපටයක් එක්කයි. ඒ සුජාතා 1959 චිත්‍රපටයයි. මම කලින් උපසිරැසි ලබාදුන්න Sachaa Juthaa චිත්‍රපටියට හා බර්සාත් චිත්‍රපටියට ලැබුණු හොඳ ප්‍රතිචාර තමයි මේ තුන් වන පැරණි හින්දි උපසිරැසි නිර්මාණය කරන්නට මාව පෙළඹෙව්වේ. මේ චිත්‍රපටය ගැන මාව දැනුවත් කරලා අවශ්‍ය කරන වීඩියෝ පිටපත පවා මට හොයලා දුන්න ප්‍රියන්ත දයාකීර්ති අයියාවත් මතක් කරන්න ඕන. එහෙනම් චිත්‍රපටයේ විස්තර ටිකක් දැනගෙනම කතාව පැත්තට හැරෙමු නේද.

මේ චිත්‍රපටය සඳහා හිමිවෙලා තියන imdb අගය 7.3 ක් වගේ ලොකු අගයක්. ඒ වගේම මේ කතාව අයත් වෙන්නේ නාට්‍යමය හා ආදරණීය කියන වර්ගීකරණයටයි. රඟපාන නළු නිළි කැල ගැන කිව්වොත් Nutan හා Sunil Dutt යන අය ප්‍රධාන චරිත විදිහට රංගනයෙන් දායක වෙනවා. අනිත් චරිත විදිහට ශශිකලා, ලලිතා පාවර්, තරුන් බෝසේ, සුලෝචනා යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂණය කර ඇත්තේ බිමල් රෝයි විසිනුයි. දෝ බිගා සමීන්, මධුමතී හරහා නමක් දිනාගෙන හිටිය බිමල් රෝයි අධ්‍යක්ෂකවරයාගේ මීළග සිනමාපටය වුණේ මේ සුජාතා චිත්‍රපටයයි. ඉතින් ආරම්භයේ ඉදන්ම යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත්ත සුජාතා චිත්‍රපටය සිනමා උළෙලවල් වලදී සම්මාන රැසකට පාත්‍ර වුණා. ඒ අතරින්,

* ෆිල්ම් ෆෙයාර් උළෙලේ හොඳම සිනමාපටය ලෙස සුජාතා 1959 ත්,
* ෆිල්ම් ෆෙයාර් උළෙලේ හොඳම නිළිය සඳහා Nutan සම්මාන ලැබීමත්,
* ෆිල්ම් ෆෙයාර් උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය බිමල් රෝයි හිමි කර ගැනීමත්,
* ෆිල්ම් ෆෙයාර් උළෙලේ හොඳම තිර රචනයට හිමි සමානය සුජාතා චිත්‍රපටය වෙනුවෙන් සුබෝධ් ගෝශ් ලබා ගැනීමත්,
* ෆිල්ම් ෆෙයාර් උළෙලේම හොඳම ගායකයාට හිමි සම්මානය තලත් මොහොමඩ් සුජාතා වෙනුවෙන් ලබා ගැනීමත් සුවිශේෂී ජයග්‍රහණ වෙනවා.

එහෙනම් කතාවේ ගුණාත්මකභාවය ගැන තව දුරටත් විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. උඩින් දක්වලා තියන සම්මානයන්ම කතාවේ ගුණාත්මකභාවය ගැන ඔබට කියාවි. දැන් කෙටියෙන් කතාව ගැන විස්තරයක් කරන්නම්.

විසිවෙනි ශතවර්ෂයේ මැද භාගය වෙද්දි කාර්මීකරණය එක්ක ඉන්දියාවේ සමාජ සැකැස්මේ වෙනස්කමක් දකින්නට ලැබුණා. මෙතෙක් කල් කුලය පදනම් කරගෙන බෙදිලා තිබුණ සමාජයේ දැන උගතුන් බිහි වීමත් එක්කම ඔවුන් කුලය කියන සාධකය පහත් කොට දකින්න පුරුදු වුණා. විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ හා හින්දු ආගමේ හරය යම් තරමකට හෝ තේරුම් ගත් අය කුලය කියන පහත් බෙදීමෙන් ඈත් වෙන්න පටන් ගත්තා. ඒත් මේ වෙනස්වීම දරාගන්නට බැරි වුණ පිරිසක් හිටියා. ඒ ආගම ගැන හරි අවබෝධයකින් තොරව ඔහේ දොඩවන පිරිස් හා සමාජයේ වංශවත් ප්‍රභූ පවුල්. තමන් මෙතුවක් කල් රැකගෙන ආපු ඉහළ ස්ථානය නැති කරගන්නට ඇතිවුණු භීතිය මත මොවුන් මේ කුල ක්‍රමය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු යැයි මතයක් ගොඩ නගා ගත්තා. ඒත් ප්‍රභූන් තුළින්ම කුලය නොරිස්සන පිරිසක් බිහිවෙන්නට පටන් ගත්තා. ඒ ඔස්සේ සමාජ විපර්‍යාසයක් ඇතිවීම වළක්වන්නට බැරිවුණා. පරම්පරා අතර පරතරය ගව් ගාණක් ඈත් වෙන්නට වුණා. තවමත් ඉන්දියාවේ සමහර ප්‍රාන්තයන්හි මේ කුල ක්‍රමය බහුලව දකින්න ලැබෙනවා. ඉන්දියාවේ පමණක්ම නෙමෙයි. ශ්‍රී ලංකාව තුළත් තවමත් මේ කුල ක්‍රමය පවතිනවා.

ඉතින් කුල ක්‍රමය ඉහේ තබාගෙන චිත්‍රපටය නරඹන්නට පැමිණෙන කෙනෙක්ගේ හුදු මවාගත් ඉහළ සමාජ ස්ථරය සර්ව සම්පූර්ණයෙන්ම බිඳ දැමීමට තරම් ශක්තිමත් පණිවිඩයක් මේ සිනමා සිතුවම තුළින් සපයන බව නම් නොරහසක්. අපි අතරත් එහෙම පිරිස් ඇති. නමුත් ඒ සියලුම බෙදීම් අමතක කරලා එක් මනුස්ස ප්‍රජාවක් විදිහට හිතන්නට මෙය ඔබට හුරු කරාවි. ලස්සන මතකයක් ඉතුරු කරාවි. විඳගන්නට ඉඩ සළසමින් වෙන් වෙන්නම්, ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුව ඇතිව.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි baiscopedownloads.co සහ යූටියුබ් හි 02.25.25 ක ධාවන කාලයකින් යුතු Sujata Full Hindi Movie | Best Bollywood Films | Nutan, Sunil Dutt, Lalita Pawar, Popular Old Movie නම් පිටපත සඳහා පමණක් අදාළ වේ.

594 downloadsDownload Sujatha-1959-1.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

බේනුක නිම්හාන් සේනාධීර

Subtitles

594 downloadsDownload Subtitles58 KB

8 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බේනුක සහෝ.
    ජයෙන් ජයම වේවා!
    මේ වගේ පරණ ලස්සන චිත්‍රපටවලට උපසිරැසි
    දෙන එකටනම් දහස් වාරයක් ස්තුති කරලත් මදි.

  5. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    මලයට පරණ ෆිල්ම් ටික අල්ලලා ගිහිල්ලා වගේ.. :P
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  6. Priyantha Dayakeerthi

    බේනුක නිම්හාන් සොයුර,
    මම ඉතාමත් කැමති පැරණි හින්දි සිනමාපටයකට ඔබ මේ සිංහල උපසිරසි ලබාදී තිබෙන්නේ. ඔබ විසින් මීට පෙර උපසිරසි ලබාදුන් Sachaa Juthaa, Barsaat යන පැරණි හින්දි සිනමාපට මම ඉතාමත් කැමැත්තෙන් නැරඹුවා. හැකිනම් 1971 වර්ෂයේ තිරගත වූ Main sundar Hoon හින්දි සිනමාපටයට උපසිරසි ලබාදෙන්න. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ ප්‍රණාමය සහ ස්තුතිය පුද කරමි, ඔබට ජය!!!

  7. Dilan_Lahiru

    ස්තූති .කරුණාකර ambapali 1966 උපසිරැසි ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P